සමූ­ප­කා­රය යළි පණ ගසයි | සිළුමිණ

සමූ­ප­කා­රය යළි පණ ගසයි

අන්ත­ර්ජා­තික සමූ­ප­කාර දින සමරු උත්ස­ව­යේදී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් විසින් ජ්‍යෙෂ්ඨ සමූ­ප­කා­ර­ක­ය­කුට සමූ­ප­කාර ක්ෂේත්‍රය වෙනු­වෙන් කළ සේවය වෙනු­වෙන් උප­හාර සම්මා­න­යක් පිරි­නැමූ අව­ස්ථාව. සමූ­ප­කාර රාජ්‍ය ඇමැති  ලසන්ත අල­ගි­ය­වන්න ද මෙහි සිටී.
අන්ත­ර්ජා­තික සමූ­ප­කාර දින සමරු උත්ස­ව­යේදී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් විසින් ජ්‍යෙෂ්ඨ සමූ­ප­කා­ර­ක­ය­කුට සමූ­ප­කාර ක්ෂේත්‍රය වෙනු­වෙන් කළ සේවය වෙනු­වෙන් උප­හාර සම්මා­න­යක් පිරි­නැමූ අව­ස්ථාව. සමූ­ප­කාර රාජ්‍ය ඇමැති ලසන්ත අල­ගි­ය­වන්න ද මෙහි සිටී.

ලෝක සමුපකාර ව්‍යාපාරයට දිගු ඉතිහාසයක් ඇත. වර්ෂ 1844 දී එනම්, මීට වර්ෂ 174 කට පෙර එංගලන්තයේ රොච්ඩේල් නගරය කේන්ද්‍ර කරගෙන සාධාරණත්වයේ පුරෝගාමී සමාජය විසින් සමූපකාරය විධිමත්ව ආරම්භ කරන ලද බවත්, එයට නිර්මාතෘත්වය දුන්නේ රොබට් ඕවන් බවත් සමූපකාර ඉතිහාසයේ සඳහන් වී තිබේ. අනතුරුව සමූපකාර ව්‍යාපාරය බටහිර යුරෝපීය හා ඇමරිකානු කලාප ඔස්සේ ආසියාව වෙත පිවිසි අතර ශ්‍රී ලාංකීය සමූපකාර ව්‍යාපාරයේ ඉතිහාසය ද වසර 112 ක් තරම් අතීතයට විහිදී යයි.

 

දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම අරමුණු කර ගනිමින් 1904 වසරේදී ලංකා කෘෂිකාර්මික සංගමය පිහිටවූ අතර එම සංගමය ආරම්භ දෙකක පමණ කාලයක් යන විට ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක අවශ්‍යතාව පිළිබඳව අදහස් ඉදිරිපත් විය. එලෙස ඉදිරිපත් වූ අදහස් හා යෝජනාහි ප්‍රතිඵලයක් ලෙස 1906 වසරේ දී කෘෂිකාර්මික සංගමයේ දුම්බර ශාඛාව මඟින් ග්‍රාමීය ජනතාවට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම සඳහා තෙල්දෙණියේ දී සමිතියක් ආරම්භ කළ අතර එලෙස පිහිටුවා ගත් එම සමිතිය ශ්‍රී ලංකාවේ ණය දෙන සමූපකාර ව්‍යාපාරයේ ආරම්භය ලෙස සටහන් වී තිබේ.

1906 වසරෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් මෙරට සමූපකාර සමිති සංඛ්‍යාව වර්ධනය වුණු අතර එම සමිති විධිමත්ව අධීක්ෂණය කරමින් ඒවාට නිසි මඟ පෙන්වීමක් ලබා දීම සඳහා නීතිරීති මාලාවක්ද අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ 1911 අංක 7 දරන සමූපකාර සමිති ආඥා පනත ලියාපදිංචි වීම වන අතර 1912 වසරේ නොවැම්බර් මාසයේ දී එවකට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙසින් කටයුතු කරන ලද පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ මැදිහත්වීම මත පළමු වරට සමූපකාර සමිතියක් ලියාපදිංචි කිරීම සිදු කරන ලදී. 1916 වසරේ දී ආරම්භ කරන ලද ප්‍රාදේශිය ණය සහ සංවර්ධන අරමුදල මඟින් එම සමිතිවලට අවශ්‍ය ණය මුදල් සපයනු ලැබීය. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සමූපකාර ක්‍රමයේ මූලික අදියරේ දී ආරම්භ කරන ලද ණය දෙන සමිති මඟින් පසුව නිෂ්පාදන අවශ්‍යතා සැපයීම ද ආරම්භ කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1921 වසරේ දී ද්විතීය සමිති ලියාපදිංචි කිරීමට හැකිවන අයුරින් සමූපකාර ආඥා පනතද සංශෝධනය කරන ලදී. 1911-1926 කාල සමය තුළ ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ ප්‍රගතිය ඉතාම සතුටුදායක මට්ටමක පැවති බව එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා නිකුත් කළ පාලන වාර්තාවන් හීද සටහන්ව තිබේ. මේ කියන කාල සීමාව තුළ මෙරට ක්‍රියාත්මක වූ සමූපකාර සමිති 315න් 290ක්ම කෘෂිකාර්මික සමිති වීමද විශේෂත්වයක් වූ අතර එලෙස සාර්ථකව ඉදිරියට ගිය සමූපකාර ව්‍යාපාරය තවත් ශක්තිමත් කිරීම උදෙසා 1926 වසරේ දී එච්. කේ. කැම්බල් මහතාව සම රෙජිස්ට්‍රාර් තනතුරට පත්කරන ලදී.

මෙරට සමූපකාර ව්‍යාපාරයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ ඉතාම වැදගත් වසරක් ලෙස 1930 වසර හඳුන්වා දීම නිවැරදිය.1930 වසරේ ඔක්තෝබර් 01 වැනිදා සමූපකාර දෙපාර්තමේන්තුව ස්ථාපනය කෙරුණු අතර මෙරට සමූපකාර ව්‍යාපාරය නැවුම් දිසාවක් වෙත හැරවීමේ පළමු ගෞරවය දිනා ගත් එච්. කේ. කැම්බල් මහතාව ඒ දෙපාර්තමේන්තුවේ මුල්ම සමූපකාර රෙජිස්ට්‍රාර්වරයා වශයෙන් පත් කරන ලදී.

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් ලෙස ආරම්භ කරන ලද "කඩ සමිති ව්‍යාපාරය"ද මෙරට සමූපකාර ව්‍යාපාරයේ ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස අවිවාදයෙන් තොරව හඳුන්වා දිය හැකියි.

1957 වසර ද මෙරට සමූපකාර ව්‍යාපාරයේ ඉතාම සංධිස්ථානයක් සටහන් කළ තවත් කඩඉම් වර්ෂයක් ලෙස හඳුන්වා දීම නිවැරදිය.සමූපකාර කඩ සමිති සහ වෙනත් අරමුණු වෙනුවෙන් පිහිටවා තිබුණු සමිති ඒකාබද්ධ කරමින් විවිධ සේවා සමූපකාර සමිති පිහිටුවීම ආරම්භ කරන ලද්දේ එම වසරේදී වන අතර එලෙස ආරම්භ කළ විවිධ සේවා සමූපකාර සමිති රැසක් අදටත් රට පුරා දකින්නට ලැබේ.

මෙරට සමූපකාර සංවර්ධන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වත්මන් රජය යම් ක්‍රමානුකූල සැලසුමකට හා දර්ශනයකට අනුව කැපවී කටයුතු කරන බව පැහැදිලි අතර 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සිදු කරන ලද කතාවේදී ද ඒ බව තවදුරටත් පැහැදිලිව පෙන්නුම් කෙරුණි. ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩ කොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බවත්, ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන සාධාරණ ලාභයක්ද තබා ගනිමින් සහන මිලකට පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම සඳහා සමූපකාරයට මැදිහත් විය හැකි බවත් එහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එමගින් විවෘත ආර්ථිකයත් සමඟ කඩා වැටුණු මෙරට සමූපකාර ව්‍යාපාරය යළි නඟා සිටුවීමටත්, ආපදා අවස්ථාවලදී විශාල සාමාජයීය කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි යාන්ත්‍රණයක් මෙම සමූපකාර ව්‍යාපාරය හරහා ගොඩනැඟීමට හැකියාව ලැබී ඇති බවත් සඳහන් කළේය.මෙරට සමූපකාර සමිති ව්‍යාපාරය තවත් අලුත් දිසාවක් වෙත යොමු කරමින් මේ වන විට රජය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ජාතික වැඩසටහන සඳහාත්, සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහාත් සමූපකාර ක්ෂේත්‍රයේ ශක්තිය හා ජවය උපරිමයෙන්ම යොදා ගන්නා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මෙහිදී සමූපකාර සංවර්ධන ක්ෂේත්‍රයේ වත්මන් නියමුවන් වෙත උපදෙස්ද ලබා දුන්නේය.

Comments