චුලන් සමිත්‍ර තාරපති (38) හුණුමුල්ල (ඉංජිනේරු)
මගේ තාත්තයි, බිරියයි දෙන්නම ගුරුවරු නිසා දරුවන්ට උගන්නන්න දරන කැපවීම මම අත්දැකීමෙන්ම දන්නවා. වෙනදා වගේ පාසල් නොගොස් ගෙදර හිටියට උදේ සිට රෑ වන තුරු දරුවන් වෙනුවෙන් කැප වෙනවා. මේ තාක් කාලෙකට ගුරුවරු උද්ඝෝෂණය කළේ නැහැ. ගුරුවරුන්ට හිමි වැටුප මෙතෙක් නොලැබුණු නිසා තමයි බැරිම තැනයි මේ පියවර ගත්තේ. හැමදාමත් කවුරුත් ගුරුවරුන්ට කියන්නේ ගෙදරට වෙලා නිකන් ඉඳගෙන කනවා කියලා. දරුවන් ඉන්න ගුරුවරයකුගේ ගෙදර ලැප්ටොප් හරි ජංගම දුරකතන හරි දෙකක් තියෙන්න ඕනෑ. ගුරුවරුන්ගේ දරුවන්ටත් ඔන්ලයින් උගන්වද්දි, ශිෂ්‍යයන්ට උගන්වන්න එකම වෙලාවෙ බෑනේ. සමහර ගුරුවරුන්ට තාක්ෂණික දැනුම මදි නිසා එයාලටත් සහයෝගය දෙමින් තමයි සමහර ගුරුවරු සිසුන්ට උගන්වන්නේ. ඒ නිසා ගුරුවරුන්ගේ පැත්ත ගැනත් හිතන්න වෙනවා.
අසංක විජයන්ත විජේරත්න (43) කුරුණෑගල (ව්‍යාපාරික)
පාසල් යන දරුවන් ගැන බලද්දි අන් අයට වඩා දරුවන් ගැන වගකීමක් ගුරුවරුන්ට තිබිය යුතුයි. පොදුවේ බලද්දි කොයි කාටත් ප්‍රශ්න තියෙනවා. නමුත් මේ වගේ වෙලාවක සමහර ගුරුවරු පඩි වැඩි කරන්න කියා ඉල්ලීම් කිරීම, සිසුන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැර වීම කිසිසේත් අනුමත කරන්න බෑ. ගුරුවරුන්ට ආණ්ඩුවෙන් පඩියක් ගෙවනවනේ. අනික ගුරුවරු කියන්නේ විශේෂ පිරිසක්. මේ වෙලාවෙ කාටත් තියන ලොකුම ප්රශ්නය කොරෝනා. මේ ප්‍රශ්න පැනනගිද්දි රජයට තියෙන්නේ ජාතික නාළිකා මගින් පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය ආවරණය කරන්නයි.
නිහාල් රත්නායක (58)ගාල්ල
ඇත්තටම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. විටින් විට සිග්නල් නැතුව යනවා. එතකොට කියන දේ කැඩි කැඩී ඇහෙන්නේ. ළමයින්ට කියන දේ තේරුම් ගන්න අමාරුයි. ගෙවල්වල විදුලිය ඇණහිටියාම ඒ ටිකත් නැතුව යනවා. මේ නිසා නිරන්තරයන්ම අසීරුතාවයට පත්වෙන්නේ පාසල් දරුවන්. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ හැම විභාගයකට දරුවන්ට ලියන්න වෙලා තියෙන්නෙ පූර්ණ අධ්‍යාපනයකින් තොරව. ගුරුවරුන් ස්ට්‍රයික් කරන්නේ එයාලගේ පැත්තෙන් සාධාරණ ඉල්ලීම් නිසා වෙන්න ඇති. ඔන්ලයින් අධ්‍යාපනය දෙමාපියන්ට අමතර වියදමක්. කෑවත් නැතත් ජංගම දුරකථන, ඩේටා කාඩ් අරන් දිය යුතුයි.
ෆෙරෝසා සීනත්තු මාලිගාකන්ද
ගුරුවරු ගෙදර හිටියට රජයෙන් වැටුපක් ගෙවනවා. රටේ ප්‍රශ්න හුඟාක් තියෙන වෙලාවෙ ගුරුවරුන් මේ විදිහට වැටුප් ඉල්ලන එක සාධාරණ නැහැ. ගෙදර ඉන්නකොට පාසල් යන එන ප්‍රවාහන ගාස්තු නෑ. හුඟාක් නිවාඩු තියෙනවා එයාලට. පහුගිය කාලය පුරාවටම දරුවන්ගේ අධ්‍යාපනයම එක දිගටම ඇණහිටියා. ඒ අතර තමයි ඔන්ලයින් පටන්ගත්තේ. එක ගෙදර ළමයි 3 දෙනෙක් ඉන්නව නම් ඔන්ලයින් කරද්දි දෙමවුපියන් අපහසුතාවට පත්වෙනවා; එකම වෙලාවට පන්ති පැවැත්වුවොත්. රූපවාහිනී චැනල් එකක් මගින් ඉගැන්වීම තමයි හුඟාක් වටින්නේ. ගුරුවරුන්ට වැටුප් ප්‍රශ්න තියෙනව නම් ඒවා වෙන අවස්ථාවක විසඳගන්න හැකිනේ.
රාමසීතා ලෙච්චමී (43) කොළඹ
මේ කොරෝනා අස්සේ ගුරුවරුන් වැඩි පඩි ඉල්ලලා ස්ට්‍රයික් කිරීම අන්තිම අසාධාරණයි. අනිත් රැකියා සමඟ බලද්දි වැඩිපුරම නිවාඩු සහන භුක්ති විඳින්නේ ගුරුවරු. වැඩ කරන දිනවල වුණත් සතියේ කලින් ගෙදර යන්න හැක්කේ ගුරුවරුන්ට පමණයි. ඉස්කෝලෙ නිවාඩුවටත් ගෙදර වුණත් පඩි ගෙවනවා රජයෙන්. ඉස්සර කාලේ ගුරුවරු කවදාවත් මේ විදිහට සල්ලි පස්සෙ දිව්වෙ නෑ. දැන් සමහර පාසල් ගුරුවරුන් ටියුෂන් කරනවා සල්ලිවලට. අනික අවුරුදු දෙකක් විතර පාසල් ළමයින්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඇණහිටලා තියෙන්නේ. ඔන්ලයින් හින්දා ටිකක් හරි ඇදගෙන යනවා. ඒකත් අහිමි කරන එක මොනතරම් අසාධාරණ ද?
රවීන්ද්‍ර දිසානායක (45) කුලියාපිටිය
ඔන්ලයින් අධ්‍යාපනය කරළියට ආවෙ කොරෝනාත් සමඟ. එය එකම විසඳුම පමණක් නොවෙයි. කිසිවක් නොකර සිටිනවාට වඩා කුමක් හෝ කිරීම වැදගත්. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයට ගුරු සිසු දෙපාර්ශ්වයේම කැපවීම එකසේ වැදගත්. නමුත් සම්පත් බෙදීයාමේ විෂමතාවයක් තියන නිසා තවත් සිසුන් පිරිසක් අතහැරෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය 200m වලින් පමණක් නෙමෙයි දුරස්ථ ක්‍රමවේද, අලුත් ශිල්ප ක්‍රම බද්ධ කර නව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. කොරෝනා සමයේ කිසිවක් නොකර සිටිනවාට වඩා යමක් කිරීම හොඳ නිසා ගුරුවරුන්ගේ කාර්භාරය අගය කළ යුතුයි. එක් අතකින් මෙවැනි වැඩවර්ජන නිසා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා විකල්ප හොයන්නත් බලධාරීන්ගේ ඇස් ඇරෙනවා.