ළමා අප­යෝ­ජ­නය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

ළමා අප­යෝ­ජ­නය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 මේ සඳහා හේතු සාධක ගණනාවක් බලපාලා තියනවා. විශේෂයෙන් දිළිඳුකම නිසා දෙමාපියන් මෙහෙකාරකමට දරුවන් යැවීම සිදු වෙනවා. නමුත් විශේෂයෙන් අපි රැකියාවක යෙදවිය හැකි වයස අවුරුදු 16 දක්වා වැඩි කළා අවුරුදු 14 සිට. කම්කරු දෙපාර්තමේන්තුව පැත්තෙන් අපි අවම වයස් සීමාව දැනට වයස 16 වැඩි කිරීමෙන් මැදපෙරදිග මෙහෙකාර සේවයේ හො වෙනත් කිසිදු සේවාවක යොදා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් දැන් අපි මේ සිදුවීම් වීමට පෙර ගෘහස්ථ සේවකයන්ගේ වයස් සිමාව වයස අවුරුදු 18විය යුතුයි කියන නීතියක් අපි සකස් කර නීති සම්පාදකයන් වෙත යවලා තියෙනවා. අන්තරාදායක රැකියා ගනයට අපි ගෘහ සේවයත් ඇතුළත් කරලා තියෙනවා. අන්තරාදායක රැකියා ලෙස නම් කරන ලද ගනයේ රැකියා විස්සත් ඇතුළත් කිරීම නිසා වයස අවුරුදු 18 වඩා වැඩි අය පමණයි ගෘහසේවය සඳහා යොදවා ගැනීමට හැකියාව තියෙන්නේ. විශේෂයෙන් මේ පිළිබඳව රටේ තියන සියලු ආයතන කැඳවලා ළමා කාන්තා ආරක්ෂක අධිකාරිය ඇතුළත්ව අදාළ සියලු ආයතන කැඳවලා අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන් ගෘහ සේවය පිළිබඳව අපි දැනට කළ යුතු වැඩ කටයුතු මොනවාද? මෙවැනි තත්ත්ව වළකාලීමට කළ යුත්තේ මොනවාද අපිට දැනට ඇති නීති රාමුව කෙසේද යන්න සොයා බැලීම් සිදු කළා. ඒ අනුව එහිදී අපිට පෙනී ගියා සුදු අධිරාජ්‍යවාදින් මේ රට පාලනය කරන සමයේ දී එනම් 1876 දි මේ වැඩ කරන අය සම්බන්ධයෙන් නීතියක් සම්මත කර තියෙනවා; යම් කෙනෙකු ගෘහස්ථ සේවයේ නියුතු වෙලා ඉන්නවා නම් ඒ අය ලියාපදිංචි කරලා පොත් පිංචක් ලබාදිය යුතු යි කියලා.

ඒ අය යන එනවිට පොත පෙන්නන්න අවශ්‍යයි. ඒ හැර ඒ අයට නීති සම්පාදනය වී තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරන නීතිඥවරියක් අපිට පෙන්නුම් කළා මේ නීතිය පමණයි දැනට ලංකාවේ පැරණිම නීතිය වන්නේ කියලා. මේ නීති යථාවත් කිරීමට අපි කටයුතු කරමින් යනවා. අනෙකුත් රැකියාවල යෙදෙන අයට සේවක අර්ථ සාධක අරමුදල් සේවා භාර අරමුදලේ සාමාජිකයන් බවට පත් වෙලා අවුරුදු 55 පසුව සේවක අර්ථ සාධක අරමුදලින් ලොකු මුදලක් ලැබෙනවා. මේ ගෘහ සේවයේ යෙදෙන්නන්ට පරිපාලන සභාවක් නැහැ. සේවක අර්ථ සාධක අරමුදල් සේවා භාර අරමුදල් වලට ඒ අය යටත් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔවුන්ට නීතියේ ඉඩක් නැහැ. සේවයේ යෙදී සිටිය කාලය සඳහා වයස 20 හෝ ඊට වැඩියෙන් වැඩ කළත් පාරිතෝෂිතයක් ලැබෙන්නේ නැහැ. වයස් ගත කාල සීමාවල ලොකු අර්බුදයකට මේ අය පත් වෙනවා. ඒ සඳහා අපි මේ වන විටත් වැඩ පිළිවෙළක් සකස් කරමින් වහාම මේ සම්බන්ධයෙන් කොමිටියක් පත් කරමින් වෙනත් රටවල ගෘහ සේවයේ නියුතු අයවලුන් සඳහා ඇති නීති රීති ගැන සොයා බලා ලංකාවේ ද මේ සම්බන්ධයෙන් නීති පද්ධතියත් විශ්ලේෂණ කරලා අවශ්‍ය නීතියක් සකස් කිරීමට කටයුතු කළා. ගෘහ සේවකයන්ට වගේම සේවක අර්ථ සාධක අරමුදල සහ භාරකාර අරමුදලට හාම්පුතුන් දායක විය යුතුයි. ඒ වගේම මේ අයගේ ආරක්ෂාවට රැකවරණයට චර්යා ධර්ම පද්ධතියක් අපි සකස් කරමින් යනවා. යම් නිවසකට ගෘහසේවකයන් බඳවා ගන්නේ නම් නිසියාකාරයේන් අවශ්‍ය ආහාර පාන, නිවාඩු වෙනත් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන අවශ්‍යතා, නවාතැන් ඒ වැනි දේ ලබා දිය යුතුයි; අවම වැටුපක් ලබාදිය යුතුයි. මේවා ආවරණය කරමින් අපිට නීති පද්ධතියක් නැති කමයි අපිට තියෙන්නේ.

 

2. දැනට අපි ළමා හිංසනය ලිංගික අපචාර අපයෝජනය මෙහෙකාර සේවය වැනි දේවල් කම්කරු නීති වලින් ආවරණය වෙන්නේ නැහැ. ඒ සඳහා ළමා හා කාන්තා ආරක්ෂණය යටතේ නීති රීති තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීති තියෙනවා. වෙනත් කම්කරු අමාත්‍යාංශ ලෙස අපිට කළ හැකි වන්නේ කම්කරු නිති රීති පද්ධතිය පමණයි. අපි ප්‍රබල නිති සම්පාදනය කිරීමට අපි මේ වනවිට සාකච්ඡා කරමින් පවතිනවා. ඒ පිළිබඳව අවශ්‍ය සහයෝගය අපි ලබාදෙනවා.

 

3. වර්තම­ානයේ අභියෝග ට මුහුණ දිය හැකි ආකාරයට ළමා අපයෝජනයන්ට හා අනෙකුත් හිංසනයන් පිළිබඳව නීති රීති යාවත්කාලීන කළ යුතුයි. ඒ පිළිබඳව ළමා හා කාන්තා ආරක්ෂක අධිකාරිය පොලිසිය ඇතුළු ආයතන ගණනාවක් තියනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇති නීති රීති තියෙනවා. ඒවා පොලිසිය මඟින් ක්‍රියාත්මක වෙනවා. අධිකරණමය වශයෙන් නීති ක්‍රියාත්මක වෙනවා. අපි කම්කරු නීති රීති යටතේ ගෘහස්ථ සේවිකාවන්ට ලබා දිය යුතුය. වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂාව වැනි කාරණා සම්බන්ධයෙන් අපි කම්කරු නීතියෙන් ක්‍රියාත්මක වී ඇති ද යන්න සොයා බලනවා. අනෙක් කාරණා මේ රටේ දණ්ඩ නිති සංග්‍රහය යටතේ ක්‍රියාත්මක කළ යුතුයි. ගෘහසේවය අන්තරාදායක සේවා ලැයිස්තුවට දාලා එය අවුරුදු 18 දක්වා වැඩි කිරීම ආරම්භ කළේ මාස හයකට පමණ ඉහතදි. නමුත් මේ යන වැඩපිළවෙලේදි මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීති කෙටුම්පත් ආයතනවලට, නීතිපතිගේ අනුමැතියට වැනි කාරණා විශාල සංඛාවක් පූර්ණය කළ යුතුව තියෙනවා. අපි ඒ වැඩ කටයුතු සියල්ල කරලා අවසාන කෙටුම්පත දැනට නීති කෙටුම්පත් නිලධාරි තැන දක්වා ගිහින් තියෙනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ වැඩ කටයුතු කරන්න අපි කටයුතු කරනවා. මේ නීතිය යථාවත්කාලීන කිරීමට අපි කටයුතු කරනවා.

 

4. අපි මේ සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය දරුවන්ව පාසල් යවා පන්ති කාමරය තුළ ආරක්ෂිත ඉගැන්වීමයි. නමුත් මේ කොවිඩ් අර්බුදයත් සමඟ ඒ තත්ත්වය මඟ හැරී තියෙනවා. මේ ළමයින්ගේ සමාජජාල වෙබ් අඩවි වලට ප්‍රවිෂ්ට වෙලා සිදුවන හිංසනයක් පමණක් නොවෙයි; අන්තර්ජාලයේ වෙනත් දේ සඳහා යොමුවීමෙන් දරුවන්ට විශාල හිංසන සිදුවනවා. විශේෂයෙන් දෙමාපියන් මේ පිළිබඳව සැලකිලිමත්විය යුතුයි. විකල්පයක් ලෙසයි ඔන්ලයින් අධ්‍යපනය ක්‍රමය පවතින තත්ත්වයත් සමඟ යොදා ගනු ලැබුවේ. මෙය හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . දැලිපිහියෙන් රැවුල කපන්නත් පුළුවන්, කිරි කන්නත්, පුළුවන් මිනි මරන්නත් පුළුවන්. අපි වැඩිහිටියන් ලෙස අන්තර්ජාල පහසුකම් ලබා දුන්නා ම අන්තර්ජාලය විවිධ දේවල් වලට විවෘතයි. ඒ නිසා නූතන විද්‍යාව හා තාක්ෂණයත් සමඟ අපිට ලැබුණු පහසුකම් වගේම හොඳ දේවල් වගේම මෙයින් වැරදි දේවලුත් තියනවා. වැරදි දේවල්වලට දරුවන් යෙදීම අපි වැළැක්විය යුතුයි. මෙහි ඇති අන්තරාදායක තත්ත්වය පිළිබඳ අපි අධ්‍යයනයක් ලබාදිය යුතුයි. නමුත් ප්‍රශ්නය ලෝකයේ සෑම තැනකම තියෙනවා. මුහුණ පොත යොදාගනු ලබන්නේ හොඳ පැත්තට වඩා නරක පැත්තටයි. සමාජයේ ඇතැම් අය වින්දනයක් ලබනවා අනෙක් අයගෙ චරිත ඝාතනය කරලා. පින්තූර විකෘති කරලා දේවල් නිර්මාණය කරලා මිනිසුන්ගෙ ආත්මයම විනාශ වෙන කටයුතු සිදුවනවා. මෙවැනි දේවල් වලදි දරුවන්ද යොදා ගෙන තියනවා.එමෙන්ම අන්තර්ජාලය හරහා ලිංගික වෙළෙඳාම සිදුවෙනවා. ඒ අතර බාලවයස්කාර දැරියන්ද සිටිනවා. කී දෙදෙනෙක් අද සමාජ ජාල වෙබ් අඩවි වලින් වන හිංසන නිසා සිය දිවි හානි කරගෙන තියනවාද? ඒ දේවල් වලින් දරුවන් ආරක්ෂා කළ යුතුයි. මේ විනාශය පිළිබඳව අදාළ අංශ සැලකිලිමත් වනවා මදි. මම හැමවෙලාවෙම කියන්නේ මේ සම්බන්ධයෙන් නියාමනය මදි කියලයි. මේ සමාජජාල වෙබ් අඩවි චීනය වගේ තහනම් කළ යුතුයි. ඉතා අහිතකර ලෙස පාවිච්චි කිරීම තමයි අපේ වැඩි දෙනෙක්ගේ ප්‍රවණතාව වෙලා තියෙන්නේ.

 

5. මේ පිළිබඳ සමාජ කතිකාවක් ඇති කළ යුතුයි. නීති සම්පාදනය කළ පමණින් මේවා කරන්නට බැහැ. මිනිසුන්ගේ ගුණධර්ම වැඩි දියුණු කළ යුතුයි. සමාජ අගයන් වැඩි කළ යුතුයි. අපේ හොඳ සංස්කෘතිකමය කාරණා මතු කළ යුතුයි. දරිද්‍රතාව නැති කරන්න ඕන. අපි දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්න කටයුතු කළේ, මේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම වැනි වෙනත් සමාජ ප්‍රශ්න ගණනාවක් ඒ අය තුළින් මතුවෙලා තිබුණ නිසා. ඒ නිසා අපි සමාජයේ ඇති පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. දරිද්‍රතාව නිසා ඇතිවෙන බොහෝ දේවල් අපිට මග හරවා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. දිළිදු කම පිටු දැකීම පිළිබඳව වෙනම අමාත්‍යාංශයක් තියනවා මේ රටේ. සමෘද්ධි අමාත්‍යාංශවලින් මොනවද කළේ. ලැබිය යුතු අයට ද ලැබුණේ. සමෘද්ධි පවුල් ගාන වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. ප්‍රධාන හේතුවක් තමයි මේ වගේ දේවල් වලට මූලාරම්භය දිළිදුකම, රැකියා විරහිතභාවය, සමාජ ගුණධර්ම පිරිහීම වැනි කාරණා මේ දේවල් වලට බලපානවා. තමන්ගේ දරුවන් මෙහෙකාරකමට යවන්න තරම් දිළිඳුකම් ලෝකයේ හැම රටකම නැහැ. සම අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුයි; දිළිඳුකම පිටු දැකිය යුතුයි. සමාජ අසමානතාවන් ඉවත් කළ යුතුයි. නීති රීතිවලට අමතරව මිනිසුන් දැනුම්වත් කළ යුතුයි. ළමයි හා කාන්තාවන් ආරක්ෂණය සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි.

 

1- මෙය අද ඊයේ ගැටලුවක් නොවෙයි; සැලකිය යුතු කාලයක් ඉදලා වර්ධනය වෙමින් පවතින ප්‍රශ්නයක්. මාධ්‍ය මඟින් ඒ පිළිබඳ කතා බහට ලක් වුණාම හැමදාම සියලුම දෙනාගේ අවධානය ඒ වෙතට යොමු වෙනවා. ඉන්පසුව මේ දේවල් යට යනවා. කොටදෙණියාවේ සේයා සඳෙව්මී මේ ආකාරයට අපයෝජනයට ලක්වෙලා ඝාතනය වුණාම චූදිතයන් එල්ලුම් ගස් යවන්න අනුමැතිය ඉල්ලුවා. අවසානයේ මොකද වුණේ ළමා අපයෝජනයත්, ළමා හිංසනයත්, ළමා ශ්‍රමිකයන් සේවයේ යොදවා ගැනීමත්, ළමා අපරාධ යන සියලු කාරණා තවමත් එසේමයි. එසේමයි විද්‍යා ඝාතනය සහ රිසානා නාෆික් වැනි දැරියන්ගේ සිදුවීම් වලදි යම් සමාජ කැලඹීමක් ඇති වුණා. ගැටලුව වෙන්නේ මේ කතා සමාජයේ කටගැස්මට කාලයෙන් කාලයට යොද ගැනීම පමණයි. එසේ වීම ඉතාමත් අහිතකරයි. මාධ්‍ය සහ ජනතාවට මේවා හෙළිදරව් කළ හැකියි. නමුත් මෙවැනි දේවල් වලට අවශ්‍ය නීති රීති සැකසෙන්නේ ව්‍යවස්ථාදායකයෙන්. ඒ වෙනුවෙන් නීති සකස් කර නීති විධායකය ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ මේ විෂය, සම්බන්ධයෙන් ආයතන කීයක් ක්‍රියාත්මක වෙනවා ද? ළමා ආරක්ෂක අධිකාරිය, පොලිසිවල ළමා හා කාන්තා කාර්යංශය TRC (Telecommunication Regulatory Commission) මේ සම්බන්ධයෙන් වෙනම අධිකරණයක්, පොලිසියෙත් මේ සම්බන්ධයෙන් වෙනම අංශයක් තියනවා. මෙ සේ තිබියදි අවාසනාවන්ත තත්ත්වය කියන්නේ මේ සියල්ල මතු වෙලා යට යනවා. ඇත්තටම මේ දේවල් වලට වුණේ කුමක්ද කියලා අපි සෙවිය යුතුයි. මේ හිංසන සම්බන්ධයෙන් අපිට වාර්තා වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. සියයට දහයක් පමණ තමයි වාර්තා වෙන්නේ. ගල්කිස්සේ දැරිවියගේ ප්‍රශ්නයේදී සමාජයේ ප්‍රභූ පැලැන්තියේ කීදෙනෙක් අතට මේ දැරිවිය පත් වෙලා තියනවා ද මේවා තමයි ප්‍රශ්න. මේ සියලු කාරණා පස්සේ තියෙන්නේ දුප්පත්කම. මේ රටේ සමස්ත දුප්පත්කමට පිළියම් නොයෙදීම එක්තරා අතකින් දරුවන් වෙතින් පිටවිය හැකියි. ඒ නිසා පාලකයන් බාරගන්න ඕන සැබෑ තත්ත්වය. මෙවැනි සිදුවීම් සිදු වුණාට පස්සේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා වැඩක් නැහැ. වැළැක්වීමයි අපි කළයුතු වන්නේ. මේ වැනි වරදක් ආයේ නොවෙන්නට දඬුවම් පැමිණ විය යුතුයි. විශේෂයෙන් මෙවැනි දේවල් වලට මූලිකවම පොලිසියට පැමිණිලි යනවා. නමුත් මුකුත් නොකරපු අවස්ථා තියනවා.

 

2. ඇත්තටම වරද වගේම වරදට දෙන දඬුවමත් ජනතාව දැනගන්න ඕන. මෙයින් පෙලඹවීම් අඩුවෙනවා. නීතිය අනිවාර්යෙන්ම යාවත්කාලීන විය යුතුයි. මිනිසුන්ට මේ ලිංගික ක්‍රියාව වෙන හැටිත් මවා ගන්න පුළුවන් විදිහට ප්‍රචාරය කරනවා නම් ඇයි ඊට ලබාදුන් දඬුවම ගැනත් කියන්න බැරි. දඬුවම හඹා ගිහින් ඒ ගැන කියන්නේ නැත්තේ ඇයි. අවසානයේ අවුරුදු දහයත් දොළහත් විතර ගිහින් නඩු දාලා අවුරුදු 25 විතර වෙනවා තීන්දු ලැබෙන්න. මේවා සිදුවීම් ලෙස පමණක් ගන්න නරකයි. මේවා සමාජ සංඥාවක් ලෙස සලකලා ඒ ඔස්සේ යා යුතුයි . එමෙන්ම පසුගිය කාලයේ වෙච්ච සිදුවීම් දාමයේ ම එක් සිදුවිම් පෙළක් ලෙස වර්තමානයේ ඇති වෙලා තියන හිංසන රැල්ල නොගත යුතුයි. මෙවැනි දේ ආයෙත් නොවන්නට ඉරිගසා බෙදා වෙන්කර ගන්න ඕනෑ. මේ පවතින තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. සමාජ අසමානතා හා මේ රටේ ඇති නැති පරතරය අවම කළ යුතුයි. ප්‍රභූවරුන් විසින් දුප්පත්කම අපහරණය කර ගැනීම සම්බන්ධවයි අපි ක්‍රියාත්මක විය යුතු වන්නේ. ඒ නිසා දුප්පත් කම නිසා බොහෝ දේවල් අද සමාජයේ සිදුවෙනවා. අපේ රටේ ළමයා සම්බන්ධයෙන් ඇති නිර්වචන විවිධාකාරයි. උදාහරණ ලෙස ඡන්ද අයිති ය තියෙන්නේ 18න් එතෙක් ළමයෙක් හැටියට සලකන්නේ. ලිංගික කටයුතු සම්බන්ධයෙන් ඇති නීතිය අවුරුදු 16යි. එමෙන්ම ළමා ශ්‍රමිකයන් අවුරුදු 14 නිතියේ ප්‍රශ්නයක් තියනවා. රජය මේ සම්බන්ධයෙන් එක් මතවාදයක් තිබිය යුතුයි. නීතියේ ඇති මෙවැනි තැන් නිසා මේ දේවල්වලදි චූදිතයන්ට නිදහස් විය හැකි අවස්ථාද තියනවා. ඇත්ත වශයෙන්ම නීතියේ තියෙන්නේ කුමක්ද කියන දේට වඩා මේ දේවල් සාදාචාරාත්මත ප්‍රශ්න ලෙස ගත යුතුයි. හදිසි යෝජනාවක් ලෙස විසිවැනි සංශෝධනය සම්මත කරගන්න පුළුවන් නම් අපේ රටේ දරුවන්ගේ ජීවිත සහ අනාගත ආරක්ෂාවට ඇයි නීති රිති සංශෝධනය නොකරන්නේ.

 

3. නීතිය යාවත්කාලීන විය යුතුයි. ලෝකයේ දියුණු තාක්ෂණය යොදාගෙන අධිකරණ ක්‍රියාවලියේ දි තවදුරටත් දරුවන් සම්බන්ධයෙන් වන හිංසන පිළිබඳව නීතිය පසිඳලන්න අවශ්‍යයි. මේ තත්ත්වය විශේෂ නඩු ලෙස සලකලා නඩු පවරන්න අවශ්‍යයි. සමාජයට පණිවිඩයක් ලබා දිය යුතුයි. මේ වගේ දේවල් වලින් ගතයුතු පණිවුඩය නම් දරුදැරියන් ආරක්ෂා කරගැනීම සමාජ වගකීමක් කියන එකයි. මෙවැනි නීති අනිවාර්යෙන් සංශෝධනය විය යුතුයි. මේවාට අනුබල දෙන අයට; නිතිය ක්‍රියාත්මක නොකර මෙවැනි සිටින අයටත් දඬුවම් දියයුතුයි.

 

4.තාක්ෂණික ලෝකය අපිට වළකාලන්නට බැහැ . ලෝකය ඉදිරියට යනවා. මේ තාක්ෂණය අපයෝජනයට යොදා ගැනීමට තිබෙන ඉඩ ඇහිරිය යුතුයි. ඒ සඳහා ආකල්ප දියුණු කළ යුතුයි. ආකල්පමය වශයෙන් දිළිඳු අය තමයි මේ අපයෝජන සඳහා යොමු වන්නේ. මේ වගේ අපයෝජනය මානසික හිංසන බලපෑම් තියනවා. සයිබර් අපරාධ නීතියක් තියනවා. අපරාධ දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් මේ සඳහා තියනවා. එමෙන්ම වෙනත් ආයතන තියනවා. ප්‍රභූන්ට පාලක පන්තියට වන අසාධාරණකම් සොයන්න පමණයි මේ ආයතන වෙහෙසෙන්නේ. ඒ හැර දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා අඩුයි.

 

5. සමාජ සාධාරණත්වය තහවුරු කිරිමට කටයුතු කළ යුතු යි. ඇති නැති පරතරය අවම කළ යුතුයි. මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය කිරිමට ආගම සංස්කෘති පාවිචිචි කළ යුතුයි. ලිංගික අධ්‍යපනය ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් නීතිය ශක්තිමක් කළ යුතුයි. සංශෝධනයන් කිරීම සහ අපක්ෂපාතිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතනයන් විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය සාධාරණව අපක්ෂපාතිව ක්‍රියාත්මක කරවීමට අදාළ අංශ කටයුතු කළ යුතුයි. සමාජ ජාල වෙබ් අඩවිවල හැසිරීම් වලට දැනට පවතින නීති ක්‍රියාත්මක කළ යුතුයි. එසේ වුවහොත් සේයා, විද්‍යා රිසානා වැනි දරුවන්ට සාධාරණයක් ඉටු කළ හැකියි. තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍රයන්ගේ ඉත්තන් බවට මේ දරුවන්ව යොදා ගත යුතු නැහැ. කාන්තා නියෝජනයන් සියලු ආයතනවල වැඩි කළ යුතුයි. කාන්තාවන්ට වන හානි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කාන්තාව ඉන් අනතුරුව කටයුතු කළ යුතුයි.

 

1. යම් කිසි සිද්ධියක් වුණාම තමයි මේ ප්‍රශ්නවල දිග පළල බලන්නේ. මේ ළමා හිංසනය මෙහෙකාර සේවය අපයෝජනවලට ඉතා හොඳ නීති රීති, සහ මේ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ආයතන ගණනාවක් මේ රටේ තියෙනවා. මේ ආයතනවල වගකීම හරි හැටි කෙරෙන්නේ නැති එක එකක්. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් ඉන්නවා. නමුත් මේවා එකක්වත් හරියට කෙරෙන්නේ නැති එක තමයි මෙතන තියන මූලික හේතුව. පහුගිය දවස්වල අපි දැක්කා අවුරුදු 15 ක් දරුවකුගේ සිද්ධියක්. මෙවැනි සිද්ධිය වෙනකල් ඉන්න අවශ්‍ය නැහැ; මේ වගේ දේවල් ගැන ක්‍රියාත්මක වෙන්න. දැන් අලුත්ම මාතෘකාව තමයි රිෂාඩ් බදියුදීන්ගේ ගෙදර මෙහෙකාර දැරියක් මිය යෑම. මේවට නීති රිතී ආයතන තියනවා. ඒ වගේම මේවා සම්බන්ධයෙන් දෙමවුපියන්ටත් වගකීමක් තියෙනවා. දැන් අර සිද්ධියේදී අපහරණයට ලක් කරන්නේ කවුද කියලා අපි සොයා බැලිය යුතුයි. මේ සිද්ධියේදී මේ දරුවාව මෙහෙකාර සේවයේ යොදවන්නේ අම්මා. ඇත්තටම ඇයත් මේකේ සැකකාරියක් විය යුතුයි.

2. යල් පැනපු නීති නෙවේ. මම අධිකරණ ඇමතිවරිය වෙලා හිටපු කාලෙ ළමයෙක් සඳහා තිබුණ වයස් සීමාව වැඩි කළා. ඉස්සෙල්ලා තිබුණේ වගකීම කියන එක, ළමයාට තියෙන වගකීම සාමාන්‍යයෙන් අවුරුදු 12 දක්වා තිබුණේ. අපි ඒක 16 දක්වා වැඩි කරන්න යෝජනා කළා. මොකද අපේ නීති ගොඩක් හොඳට හැදිච්ච දේවල්. ඒක වැරදි සිද්ධ කරන ප්‍රමාණයට වෙනස් කරන්න අවශ්‍යතාවක් නෑ. යල් පැන ගිය නීති නොවේ හොඳ නීති තියෙනවා. ඒත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. එමෙන්ම තාක්ෂණය වැඩි දියුණු වෙනවාත් එක්ක සමහර නීති යාවත්කාලීන විය යුතුයි.අන්තර්ජාලය හරහා වෙ‍ෙළඳාම කරපු අවුරුදු 15 දැරිය ගැන කතා කළොත්, එතන අන්තර්ජාලය කියන්නේ අලුතින් ආපු එකක්. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ළමා ආරක්ෂණ අධිකාරියේ වැඩ කටයුත්තක්. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ ආයතන වලට පැමිණිලි කළාද? ඒ සම්බන්ධයෙන් සොයා බැලුවාද? මෙහෙම දෙයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් එයාලා දැනුවත් කරන්න කියලා කලින් ඉල්ලීමක් කළා ද. අන්තර්ජාලය හරහා ලෝකේ හැමතැනම මේ වගේ දේවල් වෙනවා. නමුත් අපිට ඒක අලුත්. අලුත් දේ සඳහා අවශ්‍ය තාක්ෂණික පියවර ද එතනදි අලුත් විය යුතුයි. ඉතින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරද්දි මේක තමයි හිතන්න ඕනේ. අන්තර්ජාලය හරහා සිදුවන ගණිකා වෘත්තීය, ළමා අපචාරවලට තවම නීති නෑ. හැබැයි මේක රටේ ලෝකේ වෙන දෙයක් හැටියට මේ අධිකාරියේ නිලධාරීන්ට වගකීමක් තිබුණා මේ සම්බන්ධයෙන්. TRC (Telecommunication Regulatory Commission) එකට පැමිණිල්ලක් කරලා තියන්න ඕන මේවා සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න.

 

3. සමහර දේවල් ගැන නව තාක්ෂණයේ දියුණුවත් එක්ක යාවත්කාලීන විය යුතුයි. ළමා අපචාරය සඳහා නීති තියනවා, නමුත් ළමා අපචාරය මෙහෙම සිදු වුණොත් කියන තැනදි යාවත්කාලීන විය යුතුයි. අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන්; නැත්නම් වෙනත් ක්‍රමවේදයකට වෙන්න පුළුවන්. ඒව සම්බන්ධයෙන් නීති යාවත්කාලීන විය යුතුයි. මම කියන්නේ දැනට පවතින නීති රීති ප්‍රමාණවත්. හැබැයි නව තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට අලුත් විදිහට බලපාන තාක්ෂණය සම්බන්ධයෙන් වන වචන ඇතුළු කිරීමේදී නීතිය නැවතත් සකස් විය යුතුයි. නීතිය ප්‍රමාණවත් නමුත් දඬුවම නම් වැඩි කළාට කමක් නෑ.

 

4. පළවෙනි කාරණය තමයි online education අපි වගේ රටකට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්තර්ජාල අහසුකම් මුළු රටටම නෑ, ඒ සඳහා අවශ්‍ය පසුබිම කොටසකට පමණක් සීමා වෙනවා; ගොඩක් අයට නැති වෙනවා.

දෙවෙනි කාරණය රජයට කිසිම වැඩ පිළිවෙළක් නෑ අධ්‍යාපනය සම්බන්ධයෙන්. අධ්‍යාපනය කියන්නේ රටේ අනාගතය. මේ වගේ අධ්‍යාපන ක්‍රමවේද සාර්ථක ක්‍රියාවලි නෙවෙයි. එහෙම නැත්තම් අඩු ගානේ ඒ ළමයින්ගේ විෂයය නිර්දේශයේ අඩංගු දෑ මුද්‍රණය කරලා හරි දෙමවුපියන්ගේ අධීක්ෂණය යටතේ හරි ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයකට ලැබෙන්න සලස්වන්න ඕනේ.

මොකද පොඩි ළමයිට මේක ගැන කිසි අවබෝධයක් නෑ.සාමාන්‍ය පෙළින් ඉහළ වැඩිහිටි ළමයින්ගේ මේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. පොඩි ළමයෙක් ගේ නම් රෑ පන්තිය ඉවර වුණාට පස්සේ 9 ට දෙමවුපියන්ට දුරකථනය ඉල්ලා ගන්න පුළුවන්. නමුත් වැඩිහිටි ළමයෙක්ගෙන් එහෙම ඉල්ලන්නත් බෑ. අද ළමා අපචාර ගැන කතා වෙනවා, ඇයි මේකට ඉස්සෙල්ම ප්‍රමුඛතාව දීලා වැඩපිළිවෙළක් හදන්න බැරි කියලා තමයි අපි අහන්නේ?

5. දරුවන්ට කාන්තාවන්ට වන, අඩත්තේට්ටම්වලට නීතියක් තියනවා කියල දැන් ගොඩක් අය දැනුම්වත් වෙලා තියනවනේ පෙරට වැඩිය. මේ පිළිබඳව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලාධාරිනියක් ඉන්නවා. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් නිලධාරිනියක් ඉන්නවා. මේ නිලධාරීන්ට අඩු ගානේ වගකීමක් ගන්න බැරි ඇයි; එක දවසකට, එක වසමකට ගිහින් සියලු දෙනා එකරැස් කරලා තියන කොවිඩ් තත්ත්වයත් එක්ක ළමයි ඉන්න අම්මලාට, ළමයින්ට මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මේවා සල්ලි ගන්න වැඩ නෙවෙයිනේ, එයාලට මාසිකව වැටුපක් ගෙවනවා. ගොඩක් අය අපි දන්නවා නිකං ඉන්නේ. මේ සඳහා අවශ්‍ය යොමු කිරීමක්. හැම පොලිසියකම තියෙනවා කාන්තා කාර්යංශයක්. මේ සියලු දෙනාටම එක් තැනකට එකතු වෙලා මේ වගේ වැඩසටහනක් කරන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වීමක් අනිවාර්යෙන් සිදුවේවි. මොකද පොඩි දරුවෝ මේ ළමා අපයෝජනය, හිංසනය කියන්නේ මොකද්ද කියල දන්නේ නෑ.

ඇත්තටම මේවා මීට කලින් නොවිච්ච දේවල් නෙවෙයි .දැන් මේ පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙන්නේ. දැන් අවුරුදු 15 දැරියගෙන් අන්තර්ජාලය හරහා ඒ පහසුකම් ලබපු කෙනෙක් තමා මිහින්තලේ උප සභාපති. ඉතින් ඒකෙත් දේශපාලනය තමා මූලික වෙලා තියෙන්නේ. අමාත්‍යාංශ, නිලධාරීන්ට මේ සම්බන්ධව වගකීමක් තියනවා. දේශපාලනයේ බලය වෙනස් වීමත් එක්ක ඇමතිවරු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන දේ කළත් අදාළ ආයතන තියනවා. ඒව ක්‍රියාත්මක විය යුතුයි. රජයේ වැටුපක් ලබන අය අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් මීට වැඩිය වගකීම් සහගතව කටයුතු කළ යුතුයි. ආණ්ඩුවට ඇමතිවරුන්ට පමණක් නොවෙයි නිලධාරීන් සහ රජයේ ආයතන වලටත් මේ සම්බන්ධව වගකිම පැවරෙනවා.


 

Comments