කබ­‍ෙලන් ලිපට වැටුණු “එෆ් ඇන්ඩ් ජී” ගනු­දෙ­නු­ක­රු­වන්ගේ අව­න­ඩුව | Page 2 | සිළුමිණ

කබ­‍ෙලන් ලිපට වැටුණු “එෆ් ඇන්ඩ් ජී” ගනු­දෙ­නු­ක­රු­වන්ගේ අව­න­ඩුව

 

වංචාකාරයින් අතට “එෆ් ඇන්ඩ් ජී ප්‍රොපටි ඩිවලපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්” (F & G PDL (Pvt) Ltd) සහ “එෆ් ඇන්ඩ් ජී රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ්” (F & G RECL Com. Ltd) යන ආයතනයන් පත්වෙමින් ඇති බවත්, එවැන්නක් සිදු වුවහොත් එම ආයතනයන්හි මුදල් තැන්පත් කළ 3500 කට අධික තැන්පත්කරුවන් සහ “ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ් ප්‍රයිවට් ලිමිටඩ්” (Fingara Town and Country Club (Pvt) Ltd) ආයතනයේ 50 කට අධික සේවකයන් හා 2900 කට අධික ජීවිතකාලීන සමාජිකයින් (Life Members) ද ඉතා අසරණ තත්ත්වයකට පත්වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පසුගියදා හෙළිදරව් කළේය. මෙම හෙළිදරව් කිරීමත් සමඟ එය කාගේත්, විශේෂයෙන් තැන්පත්කරුවන්ගේ අවධානය දිනාගත් පුවතක් බවට පත්විය.

 

සෙලින්කෝ සමාගම යටතේ පැවැති “ද ෆිනෑන්ස් ඇන්ඩ් ගරන්ටි කම්පැනි ලිමිටඩ්” (The Finance & Guarantee Com. Ltd), “එෆ් ඇන්ඩ් ජී ප්‍රොපටි ඩිවලපර්ස් ප්‍රයිවට් ලිමිටඩ්” (F & G PDL (Pvt) Ltd), “එෆ් ඇන්ඩ් ජී රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ්” (F & G RECL Com. Ltd) සහ “ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ් ප්‍රයිවට් ලිමිටඩ්” (Fingara Town and Country Club (Pvt) Ltd) යන සමාගම් නොයෙකුත් සේවාවන් සපයමින් ඉතා සාර්ථක ගමනක් පැමිණියේය. ඉතා පළපුරුදු අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ ඇතැම් කොටස්කරුවන් ද මෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි බැවින් සහ “ද ෆයිනෑස් ඇන්ඩ් ගරන්ටි කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්” මව් සමාගම “ශ්‍රී ලංකා මහ බැංකුවේ” (Central Bank of Sri Lanka) ලියාපදිංචි ආයතනයක් බැවින් බොහෝ දෙනා සැකයකින් තොරව තම මුදල් මෙම සමාගම්වල ආයෝජනය කළේය. නමුත් මෙම ව්‍යාපාර ජාලය නොසිතූවිරූ ලෙස 2008 වසර අවසානය වනවිට එක්වර කඩා වැටුණි.

පසුව “ද ෆයිනෑස් ඇන්ඩ් ගරන්ටි කම්පැනි ලිමිටඩ්” ආයතනය මහා බැංකුව හරහා නව ආයෝජකයකු යටතට පවරා එහි තැන්පත් කරුවන්ට තැම්පතු මුදලින් සියයට හතළිහක් (40%) පමණක් ගෙවා ඉතිරි සියයට හැට (60%) කොටස් නිකුතුවක් සඳහා දෙපාර්ශ්වයම එකඟ වූ බැවින් එය “යූබී ෆයිනෑස් ” නමින් දැනට ක්‍රියාත්මක වේ. ගැටලුව ඇති වී තිබුණේ අනෙක් ව්‍යාපාර සමාගම් දෙක සම්බන්ධවය. ඊට හේතුව වී ඇත්තේ ඒවා මහා බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතන වීමය. මේනිසා අදාළ ආයතන දෙක කඩා වැටීමත් සමඟ තම මුදල් ලබා ගැනීමේ අරමුණින් එහි තැම්පත්කරුවන් හයදෙනකු විසින් මහා බැංකුව ප්‍රධාන වගඋත්තර කරු ලෙස නම් කරමින් සහ අදාළ ව්‍යාපාර ද්විත්වයේ කොටස්කරුවන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයත් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් 2009 වර්ෂයේ (නඩු අංක SC-FR 317/2009) ගොනු කළේය. එ් අනුව 2012 වසරේ දී ලබාගන්නා ලද තක්ෂේරු වාර්තාව අනුව මහා බැංකුව විසින් “PDL” තැම්පත් කරුවන්ට සියයට 51ක මුදලක් ගෙවීමටත්, “RECL” තැම්පත් කරුවන්ට සීයයට 61ක මුදලක් ගෙවීමටත් කටයුතු කරන ලෙස යොජනා කරමින්, මහා බැංකුව ක්‍රියාකාරී පටිපාටිය ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුලින්ම ඇති කරන ලද්දේ “විශ්වාස මණ්ඩලය (Trust Board)” වන අතර (2010) එය මහා බැංකුව ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්මට පෙරාතුව සිදු වූවකි.

එම “විශ්වාස මණ්ඩලය” එක 2013 වර්ෂයේ විසුරුවා හැරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මහා බැංකුවට නියෝගය කළේ සුදුසු ආයෝජකයකු පත් කරන ලෙසටයි. එවැනි ආයෝජකයකු සොයාගැනීම නොහැකිවූ නිසයි මහා බැංකුව විසින් ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළේය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තැම්පත් කරුවන්ගේ සංගමයක් වන “ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමය” කමිටු සාමාජිකයන්හට මෙම භාරදූර කාර්ය ඉෂ්ඨ කිරීමට බලය පවරන ලදී. අනතරුව වසර කිහිපයක් ගත වූ නමුත් කිසිදු ප්‍රතිලාභයක් තැන්පත්කරුවන්ට නොලැබිණි. මෙලෙස එම අධ්‍යක්ෂක මහතුන්ගේ කටයුතු අසාර්ථක වූ තැන “ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමය” එකට කළ නොහැකි බව තේරුම්ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මැඳිහත් වී එයද විසුරුවා හැර එම ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයන් තෝරා ගන්නා ලදී. ඉන් අනතරුව එෆ් ඇන්ඩ් ජී PDL & RECL යන සමාගම් පාලනය කිරීමට නව අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර ඇත. එයට අනුබද්ධ ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ට්‍රි කලබ් සහ ෆින්ගාරා ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමි ආයතනයන් පාලනය වූයේ ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද එම අධ්‍යක්ෂක මණ්ඩලය මඟිනි.

මින් අනතුරුව නැවතත් 2016, 2017 සහ 2018 වර්ෂයන් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් ආයෝජකයින් කැඳවන ලදී. ඒ සදහා අවස්ථා කිහිපයකදීම ආයෝජකයින් පස් දෙනෙකු පමණ ඉදිරිපත් වුවද ඒ කිසිදු අවස්ථාවක “ZRA Holdings (Pvt) Ltd” ඉදිරිපත් වී නොතිබුණි. පසුව එම සමාගම, ව්‍යාපාර ලෝකයේ ශ්‍රේෂ්ඨ සමාගමක් ලෙස නම් දැරූ “NLH Holdings (Pvt) Ltd” ආයෝජකයකු සමඟ හවුල් ගිවිසුම්ක් (Joint Venture) ඇති කර ගැනීමට නව යෝජනා ඉදිරිපත් විය. එම යෝජනාවට අනුව “ZRA Holdings (Pvt) Ltd” සමාගම විශේෂ අරමුණු වාහනය (Special Purpose Vehicle) ලෙස පමණක් ඉදිරිපත් විය. මෙහි අරමුණු වී ඇත්තේ ආයෝජනයට අවශ්‍ය මුදල වන රුපියල් මිලියන 500 (Proof of Funds) පෙන්වීම පමණය. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට මහා බැංකුව විසින් මෙම සියලු ආයෝජකයන්ගේ යෝජනා/ ගිණුම් විගණන සහ ඇගයීමට ලක් කර වාර්තාවක් ලබා ගැනීම සඳහා K.P.M.G විගණන සමාගම වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කළේය. එම වාර්තාවට අනුව මෙම හවුල් ගිවිසුම් සමාගමට (NLH & ZRA) වන ඉහළ ඇගයීම් ප්‍රතිශතයක් ලැබීමට හේතු වූයේ “NLH Holdings (Pvt) Ltd” ව්‍යාපාරයේ ශක්තිය නිසා බව කවුරුත් දන්නා සත්‍යයකි. විශේෂ අරමුණු වාහනය (Special Purpose Vehicle) ලෙස “ZRA Holdings (Pvt) Ltd” ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සඳහා තෝරා ගන්නා ලදී. නමුත් මේ වන විට NLH & ZRA හවුල් ගිවිසුම අහෝසි වී ඇත. පසුව PDL සමාගම සහ RECL සමාගම ආයෝජක සමාගම “ZRA Holdings Pvt Ltd” සමඟ ගිවිසුම්ගත වීමට නියමිතව තිබුණි. එහිදී ඉදිරිපත් කළ මූලික කොන්දේසියක් වූයේ ප්‍රථමයෙන් අදාළ ආයතනය වෙත ආයෝජකයා වන “ZRA Holdings (Pvt) Ltd” සමාගම විසින් රුපියල් මිලියන 500ක් රැගෙන ඒමය. එසේම තැන්පත්කරුවන්හට ගිවිසුමේ සඳහන්ව ඇති ගෙවීමේ සැලැස්ම (Repayment Plan) අනුව ඒ දින වකවානුවලට බිලියන හතරක මුදල ගෙවාදැමීමය. නමුත් ප්‍රථම කොන්දේසිය වන ආයතනය වෙත රුපියල් මිලියන 500ක් ගෙන ඒමටය.

කරුණු එසේ වුවත්, ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ “ZRA Holdings (Pvt) Ltd” සමාගම යනු මෙරට කිසිදු සැළකිය යුතු ව්‍යාපාරයක නිරත වන සමාගමක් නොවන බවයි. ඒ බව ඔවුන් විසින් කරන ලද සොයාබැලීමකින් පසු තහවුරු වූ බව ද හෙතෙම පැවැසීය. තව දුරටත් සොයා බැලීමේ දී මෙම සමාගම ලියාපදිංචි කර ඇති ස්ථානය ගොඩනැඟිල්ලක් නොමැති හිස් බිම් කැබැල්ක් වූ අතර, මෙතෙක් පවත්වාගෙන ආ වෙබ් අඩවියද අතරුදහන් වී තිබුණි. මෙහි හිමිකරු පුද්ගලයන් රට යවන බව පවසා මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වූ අයකු විය. ඒ අනුව එම සමාගම විසින් රුපියල් මිලියන 500ක් රැස්කරගත් ආකාරය පිළිබදව මහා බැංකුව වෙත ඉදිරිපත් කළ ලියවිල්ලද සත්‍ය නොවන බව වැටහී ගියේය. එහෙත් ඒ වන විටත් එම ලියවිල්ල මහා බැංකුව විසින් පිළිගෙන තිබුණි. ඔවුන් විසින් මහා බැංකුව නොමඟ යවා ZRA සමාගම තනිවම K.P.M.G වාර්තාව හෝ අනුමැතියට යටත් නොකොට, අදාළ වාර්තාව ඔහුට පක්ෂපාතීව ලබා ගැනීම ද පුදුමයට කරුණකි. මේනිසා මහා බැංකුව ZRA සමාගම පිළිගැනීම ගැන කිසියම් සැකයක් උපදින බවත් හා ශ්‍රේෂ්ඨාධිකරණය ද තම නියෝගය ප්‍රකාශයට පත් කර තිබුණේ මෙම වාර්තාව පදනම් කොටගෙන බවත් නම සඳහන් කිරීමට අකමැති මෙහි රුපියල් ලක්ෂ එකසිපනහක මුදලක් තැම්පත් කළ අයකු අප සමඟ පැවැසීය.

“ZRA Holdings (Pvt) Ltd” සමාගම උත්සහ කරන්නේ කෙසේ හෝ “F & G (PDL) & (RECL)” සමාගම්වල පාලනය ලබාගෙන එම අයිති දේපල විකුණා ආයෝජනයට අවශ්‍ය මුදල් සපයා ගැනීමටය. මේ වන විටත් කිසිම අවසරයකින් තොරව “ZRA Holdings (Pvt) Ltd” සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන සුබසිංහ පතිරණගේ යාපා දොන් සරත් ප්‍රියන්ත නමැති අය “F & G (PDL) & (RECL)” ආයතනයන්ට අයත් දේපල වෙනත් පාර්ශ්වලට කුණු කොල්ලයට විකුණා දැමීම සඳහා එම දේපල විවිධ පුද්ගලයන්ට පෙන්වීමට පටන්ගෙන ඇත. එලෙස අදාළ දේපල පෙන්වනු ලබන වීඩියෝපටද තැම්පත්කරුවන් සතු බව පෙර කී තැම්පත්කරු පැවැසීය.

“F & G (PDL) & (RECL)” යන සමාගම්වල මුදල් තැන්පත් කර වසර ගණනක් ගත වුද තවමත් එම තැන්පත් කරුවන්ට සාධාරණයක් ඉටු වී නැති බවත්, මුදල් තැන්පත් කළ සමහර පුද්ගලයන්ට අද තමන්ගේ රෝගයකට අවශ්‍ය බෙහෙත්හේත් ලබා ගැනීමටවත් නොහැකිව ඉතාම අසරණ තත්ත්වයට පත්ව සිටිති. එවැනි තත්ත්වයක් තිබිය දී කිසිදු විශ්වාසයක් නැති වංචා කාරයින් අතට “F & G (PDL) & (RECL)” ආයතනයන් පත්වුවහොත් ගහෙන් වැටුණු මනුෂ්‍යකුට ගොනකු ඇන්නා වැනි තත්ත්වයකට පත්විය හැකි බවත් “F & G (PDL) & (RECL)” ආයතනයන් මුදල් තැන්පත් කළ 3500 කට අධික තැන්පත්කරුවන් පමණක් නොව තමා වැනි “Fingara Town and Country Club” ආයතනයේ 90 කට අධික සේවකයන්ට හා 2900 කට අධික ජීවිතකාලීන සමාජිකයින් ද කබලෙන් ලිපිට වැටෙන බව මෙහි රැකියාවේ නියුතු අයකු අප සමඟ පැවැසීය.

එම නිසා මේ පිළිබඳ කාරුණික අවධානය යොමුකර “ZRA Holdings (Pvt) Ltd” සමාගම පිළිබදව නැවත සොයා බැලීමක් සිදු කර දූෂණයෙන් හා වංචාවෙන් තොරව “F & G (PDL) & (RECL)” ආයතනයන් පවත්වාගෙනයාමට හැකියාවක් ඇති විශ්වාසවන්ත සමගමකට එහි පාලනය ලබාදීමට කටයුතු කරන මෙන් ඔවුන් විසින් රජයෙන් ඉල්ලා සිටිති.

Comments