
මේ වන විට රටක් ලෙස සමස්ත ජාතියම අවිනිශ්චිත මොහොතකට පත්ව ඇති අතර බරපතළ අභියෝග රැසකටද මුහුණ දී ඇත. මේ පවතින ලෝක වසංගතය ස්වභාවය හමුවේ එහි බරපතළ බව තිව්‍ර වී ඇත. වෛද්‍ය විද්‍යානුකූලව ආර්.එන්. ඒ. වයිරසයන්ගේ ස්වභාවය අනුව වයිරසයේ ජාන වෙනස් කරමින් විකෘති ප්‍රභේද නිර්මාණය කර ගනිමින් එය පැතිරීමේ වේගය ප්‍රබල වනු ඇත. ඒ සඳහා මුහුණදීම විශාල අභියෝගයක් බවට පත්වී ඇත. මෙය වයිරස සම්බන්ධයෙන් විද්වතුන් අධ්‍යයනය කර පවසන ආකාරයට මේ පැතිරීමේ වේගය සැප්තැම්බර් මුලවන විට දිනකට මරණ 400ක් දක්වා ඉහළ යනු ඇත. ජනගහනයට සාපේක්ෂව විශාල ප්‍රතිශතයක් ලෙස සඳහන් කළ හැකියි. ඉදිරියේදී දිනකට 20,000 ආසාදිතයන් වැඩි විය හැකි යැයි අනුමාන කෙරෙයි. දැනටමත් රෝහල්වල ඇතුළත් කර ගැනීම් සිදු නොවෙයි. නිවෙස්වල සිටීමේ අවධානමක් වෙයි. රටක් ලෙස මේ අභියෝගයට මුහුණ දීමේදි මේ පිළිබඳව සංවාදය නියමාකාරයෙන් සිදු නොවෙයි. විශේෂයෙන් එකම කතිකාවක් හෝ එකඟතාවකට පැමිණීමක් දක්නට නොලැබෙයි.
මේ පිළිබඳව විශේෂඥවරුන් එක් මතයක, ආණ්ඩුව එක් මඟක විපක්ෂය කිසිදු දෙයක් තමන්ගේ රටේ නොවන කාරණාවක් මෙන් කටයුතු කිරීමක් දක්නට ලැබෙයි. ඒ අය මේ සෑම දෙයින්ම දුරස්ථභාවයක් පෙන්නුම් කරයි. ඔවුන් ආණ්ඩුවට චෝදනා පමණක් නොකළ යුතු අතර කළ යුතු දේ කුමක්ද යන්න යෝජනා ඉදිරිපත් කළ යුතුයි.
මේ වසංගතය පැතිර ගිය පළමු දෙවැනි රැලිවල පාලනය කිරීමට දැඩි තීරණ ගනු ලැබිණි. අනතුරුව රට අඟුළු දමා තබා ගැනීමේ ගැටලුව නිසා ආර්ථිකයට ඇතිවූ බලපෑමත් සමඟ එම නිරෝධායන නීති සහ අනෙකුත් ප්‍රාථමික නිරෝධායන නීති ලිහිල් කිරීම සිදු විය. විශේෂයෙන් සංචරණ සීමා ලිහිල් කිරීමෙන් මේ වන විට බරපතළ අර්බුදයකට රට ඇද වැටී ඇත.
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් මහජනතාව ව්‍යාජ සුබදායක මනසින් කටයුතු කිරීම නිසා උද්ඝෝෂණ හා විවාහ උත්සව පැවැත්විණි. එමෙන්ම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු වූයේ මේ රටේ මහජනයාට මුහුණ දීමට සිදුවන ආර්ථීකමය ගැටලුව නිසා යන කරුණ මහජනතාවත් තේරුම් නොගැනීම බරපතළ කරුණක් විය. මිනිසුන් ව්‍යාජ සුබවාදී මනසක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරමින් කටයුතු කිරීම නිසා එහි හානියද ජනතාවට ම විඳීමට සිදු විය. රටේ හොඳ ප්‍රවණතාවක් මේ වනවිට ඇතිවී ඇත; එනම් මහජනතාව තත්ත්වය තේරුම් ගනිමින් ස්යං නිරෝධායනයක නිරත වීමයි. වෙළෙඳසැල් වැසීම එහි හොඳ පියවරකි. මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති අස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍යංශය අන්තර්ජාතික මට්ටමේ ආදර්ශ ගත යුතුමය. උදාහරණ ලෙස විශේෂයෙන් එක් දුරකථන අංකයකින් කළ හැකි කාර්යයක් නොවෙන බව වටහා ගත යුතුයි.
බ්‍රිතාන්‍ය වැනි රටවල්වලින් අපට හොඳ ආදර්ශ ගත හැකියි. දිස්ත්‍රික් මට්ටමෙන් හෝ ප්‍රාදේශීය මට්ටමෙන් රෝහලක සිටින වෛද්‍යවරයන් රෝගියාට සම්බන්ධ කළ යුතුයි. එහිදී එම යම්කිසි රෝගීන් ප්‍රමාණයක් බාරදෙනු ලබන වෛද්‍යවරුන් විසින් උදේ සවස දුරකතන ඇමැතුම් ලබා දෙමින් රෝගී තත්ත්වය පරික්ෂා කළ යුතුයි. මූලික රෝහල් හා ප්‍රාදේශීය රෝහල් පද්ධතියක් ද වෙයි. මේ අය මේ සඳහා අනුයුක්ත කළ හැකිය. රෝග තත්ත්වයන් අනුව යම් පියවරයන් ගත හැකියි. රජය මේ සඳහා මූලික පියවර ගත යුතුයි. ප්‍රාදේශීයව යම් අධික්ෂණයක් කළ හැකියි. මේ ආකාරයට ජනතාව තුළත් යම් ස්වේච්ඡා වැඩපිළිවෙලක් සංවිධානය කළ හැකි තත්ත්වයක් ඇති කළ යුතුය.
අදාළ නිලධාරීන් යම් ඇගැයීමකට ලක් කළ යුතුයි. රටේ හැමකෙනකුට මේ සම්බන්ධයෙන් ජාතික වගකීමක් ඇත. තෝරාගත් ක්ෂේත්‍රවලට නොව සමස්තයම මේ සඳහා පෙළගැසිය යුතුයි. සෑම ග්‍රාමයකම රාජ්‍ය නිලධාරීන් පස්දෙනෙකු ගම් මට්ටමින් සිටියි. මේ පුද්ගලයන් එකතු වී කමිටුවක් සකස් නොකිරීම ගැටලුවකි: ගම පිළිබඳව හොඳින් දන්නා එම පිරිස් මේ අවස්ථාවේදී ක්‍රියාකාරීව කටයුතු කළ යුතුයි. ජනමාධ්‍ය යෙන් පමණක් මෙය හැසිරවීම අපහසුයි. රෝග පාලන ක්‍රියාවලියට බිම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතුයි. මේ මේ අවස්ථාවේදී මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකමින් කටයුතු කළ යුතුයි.
එන්නත ඉතා කාර්යක්ෂමතාවයකින් කළ යුතුයි. ඒ අතරතුර එන්නත එකම විසඳුම ලෙස සලකා කටයුතු කරන ආකාරයක් අපි දුටුවෙමු. එන්නත යනු දරුණු රෝගී තත්ත්වයෙන් වළකාලීමකි. නමුත් රෝගය අසාදනය වීම වැළකීමක් සිදු නොවන බව අපි හොඳාකාරයෙන් දනිමු. එන්නත ලබාගත් අයද ආසාදනය වෙමින් පවතී. මේ නව වයිරස ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන ආකාරයක් දක්නට ලැබෙයි. මේ එන්නත් මත පදනම් ව ජීවත් වුවහොත් රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව ව්‍යාජ විශ්වාසයක් ගොඩනැඟිය හැකිය. සියයට සියයක් එන්නත් වී නැති තත්ත්වයක් මත සුබවාදි මනසක් සාදා ගැනීමට අපට හැකියාවක් නැත. විශේෂයෙන් චීනය එන්නත් නිෂ්පාදනය කරන රටක් වුවත් එන්තතට බාර දී ඇත්තේ සියයට 20ක් පමණයි. ඔවුන් අනෙක් නිරෝධායන ක්‍රමවේදවලට සියයට 80 විශ්වාසයක් තබා සිටීම සුවිශේෂී කරුණක් වෙයි. ඔවුන් ස්වයං පුද්ගල වගකීම් ඉටු කරනු ලබයි. දේශීය ඖෂධ 28ක් මේ ඒ රටේ භාවිත කරයි. රෝහල්වල සෞඛ්‍ය සේවාවන්ට පවා එම ඖෂධ යොදා ගැනෙයි. දේශීය ඖෂධවලින් ප්‍රතිශක්තිය වැඩිවීමෙන් රෝගයට කළ හැකි හානිය අවම වෙයි. චීනය, වියට්නාමය වැනි රටවල් එය ඔප්පු කර ඇත. දේශීය වශයෙන් අපේ රටේ ප්‍රතිකාර ලබා ගත් ආයතනවල ප්‍රතිකාර ගත් අයගේ මරණ අනුපාතය ඉතාමත් අඩු බව සඳහන් වෙයි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගත් අයගේ ප්‍රතිශක්තිය ද වැඩි වී ඇත.
අපේ රටේ සුත්‍ර කමිටුවෙන් අනුමත කරන පාවිච්චි කළ හැකි ඖෂධ 15ක් වෙයි. ඒවා නිෂ්පාදනය කර බෙදා හැරීමට ආණ්ඩුව සහය දිය යුතුයි. එසේ නම් මේ රෝගය ව්‍යාප්ත වීමේ ශිඝ්‍රතාව අඩු වෙයි. එන්නත්කරණය මෙන්ම අනෙක් ක්‍රියාමාර්ගද ගත යුතුයි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවන්නට ඉතා පැහැදිලි භයානක තත්ත්වයකට ඉදිරියේදි රට ඇදවැටිය හැකියි. එමෙන්ම ආණ්ඩු සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි. සියලු දේශපාලන බලවේග තමන්ගේ වගකීම් ඉටු කළ යුතුයි.
ආණ්ඩුවට රට අඟුළු දැමීමට යම් අපහසුතාවයක් පවතිනුයේ අඩු ආදායම් ලාභින්ගේ ගැටලුව මතුවන නිසාවෙන් විය හැකිය. ඇඳිරි නීතිය පැනවීමම නොව ඉලක්ක සහගත සීමා කිරිම් කළ යුතුයි. අප රෝග පාලනය කිරීම අතහැර ආර්ථිකය නඟා සිටුවීමට කටයුතු කළහොත් ආර්ථිකය අනිවාර්යෙන් කඩා වැටෙනු ඇත. එහෙයින් රෝගය පාලනය කළ යුතුයි; අඩු ආදායම් යම් සහන දිය යුතුයි; දින දාහතරක කාලයක් රට පාලනය වුවහොත් මේ රෝග ව්‍යාප්තිය පාලනය වෙනු ඇත. කාර්යාල සඳහා යොදන ප්‍රමාණයන් සිමා කළ යුතුයි. බරපතළ ලෙස පැතිරෙන අවස්ථා නතර කළ යුතුයි.
ඉලක්ක සහගත සිමා කිරිම් කළ යුතුයි. භූගෝලීය පිහිටීම් ආයතනයන් සහ පුද්ගල කණ්ඩායම්වලට බෙදීම් අනුව බලපාන, සැලසුම් සහගත ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක විය යුතුයි. මේ ආකාරයට වසර දෙක තුනක් ඉදිරියට යා යුතුව ඇත.
චක්‍රීයව පාලනය කරගැනීම සිදු කළ ද නැවත නව ප්‍රභේදයක් ලෙස පැමිණිය හැකි වීම සුවිශේෂි කරුණකි. මෙය පෙර හුරුවක් ලෙස ගෙන කටයුතු කළ යුතුයි. ජාතික, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය වශයෙන් සංවිධානය වී කටයුතු කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවල් ත්‍රිවිධ හමුදා පාවිචිචි කළ යුතුයි. දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය වශයෙන් පවරන වගකීම් තීන්දු විමධ්‍ය ගත කළ යුතුයි. ආර්ථික වශයෙන් දේශියව යම් පරිත්‍යාගයක් කළ යුතුයි. හමුදා සේවය අනිවාර්යයෙන් තවතවත් යෙදවිය යුතුයි. යම් දායකත්වයක් දිය හැකි පුද්ගලයන්ට ස්වේච්ඡා දායකත්වයක් සඳහා ආණ්ඩුව පරමාදර්ශය දිය යුතුයි. මේ අවස්ථාවේ නැඟී සිටීමට ජාතියක් ලෙස ශක්තිමත් විය යුතුයි.
මේ හරහා දේශීය හා විදේශීය වශයෙන් කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොකු අර්බුදයක් නිර්මාණය වී ඇත. කර්මාන්ත ක්ෂේත්‍රය එක්තරා ඇණහිටීමකට ලක්වී ඇත. විශේෂයෙන් විදේශවලින් අමුද්‍රව්‍ය ආනයනය කරනු ලබන කර්මාන්ත ආශ්‍රිත ලොකු අර්බුදයක් නිර්මාණය වී ඇත. පාරිභෝගික භාණ්ඩ ආනයනය කරන විශාල පරිමාණ ව්‍යාපාරිකයන්ට විදේශීය වශයෙන් මේ ගැටලුව නිශ්චිතව නිර්මාණය නොවන්නට හේතුව එම පිරිස්වලට විදෙස් රටවලින් ණය පහසුකම් යටතේ තම නිෂ්පාදන අපනයනයන්ට අවකාශ හිමිවීමයි. කුඩා පරිමාණ නිෂ්පාදක සමාගම්වලට මෙය අර්බුදයකි. අපනයන ආර්ථිකය පිළිබඳව අර්බුදය මේ අනුව නිර්මාණය වී ඇත. මේ අනුව චක්‍රීයව අර්බුදයකට මුහුණ පා සිටින බව ඉතා පැහැදිලියි. අප දීර්ඝකාලීනව නඩත්තු කරන ලද ආර්ථීක මොඩලයට මේ තත්ත්වය මුහුණ දීමට අපහසු වෙයි. එයට හේතුව අපි නඩත්තු වූ ආර්ථික මොඩලය ශක්තිමත් නොවීමයි. එය බහුතරයක් රටේ ජනතාවට ආර්ථීක ඉඩ ප්‍රස්ථා හිමිවන ආකාරයේ ආර්ථීක මොඩලයක් නොවෙයි. ඒ මොඩලයේ දුර්වලතා නිසා සුළු සිදුවීමකදී කඩා වැටීමේ අවකාශය වැඩි බව පැහැදිලියි. අපි ගොඩනැගිය යුත්තේ ශක්තිමත් දේශිය ආර්ථීක මොඩලයකි. ඒ අනුව ආහාර සුරක්ෂිතතාව, කෘෂීකර්මික රටාව, ග්‍රාමීය ආර්ථික රටාව යන අංශවල පදනම ශක්තිමත් කළ යුතුයි. ඉදිරියේ අර්බුදයකට මුහුණ දිය හැකි ආර්ථීක මොඩලයකට අපි හුරුවිය යුතුයි.
මේ වන විට අපේ දේශීය ආර්ථීක පද්ධතිය පරාධීන බව ඉතා පැහැදිලිය. විදේශීය පොහොර ආහාර කෘෂි රසායනික පොහොර මත යැපෙන තත්ත්වයෙන් මිදීමට වෑයමක් රජය ගෙන ඇති බව පැහැදිලිය. එහි පියවරක් ලෙස දේශීය ගොවියා ශක්තිමත් කිරීමටත්, කාබනික පෙහොර නිෂ්පාදනය කිරීමටත් ආරම්භ කර ඇත. ඒ පරාදිනත්වයෙන් ගැලවීමට වස විස නැති මහජන සෞඛ්‍යාරක්ෂිත දේශීය ක්‍රමවේදයන් කරා යොමු වීමක් ඇත. විදේශීය යෙදවුම්වලින් මිදි අපට කියා පැවැත්මක් හදා ගත යුතුයි. අපනයන සීමා කිරීමකින් තොරව මේ රටේ දේශිය ආර්ථිකය ගොඩනැගිය නොහැකිය. බාහිර යෙදවුම් මත යැපීම් නොකළ යුතුයි. උදාහරණයක් ලෙස කිරිපිටි සම්බන්ධයෙන් ආණ්ඩුව මේ ක්‍රමවේදයන්ට පටහැනි තීන්දු ගත යුතු නැත. ආනයනික කිරිපිට වලට බදු සහන ලබා දුන්විට එය මේ ප්‍රතිපත්තින්ට පටහැනි වෙයි. කිරිපිටි මෙට්‍රික් 4200 එනම් කිලෝමිලියන 4ක් පමණ වරාය තුළ රඳවාගෙන සිටියි. එම සමාගම් මිල වැඩි කිරීමකට ඉල්ලීමක් කර ඇති බව පෙනෙයි. ආණ්ඩුවට බදු සහනය ලබා දෙන තුරු එම සමාගම් බලපෑම් කරයි. පාරිභෝගික භාණ්ඩ වන කිරිපිටි රඳවා තබාගෙන සිටියහොත් ඒවා ආණ්ඩුවකට රාජසන්තක කළ හැකිය.
ආණ්ඩුව දැඩි පියවර නොගෙන බදුසහන ලබාදුන් විට සිදුවන්නේ කුමක්ද? බදු සහන යටතේ ගෙන එන කිරිපිටි ප්‍රචලිත වීමෙන් දේශීය කර්මාන්තයක් වන කිරි ගොවින් කඩා වැටේ. ගොවින්ට ඉහළ මිලක් ගෙවීමට අපහසු වීමෙන් යළිත් ග්‍රාමිය ආර්ථිකය කඩා වැටේ. එවිට කිරිගොවින්ට දේශීය නිෂ්පාදනය නගා සිටුවීමට නොහැකියි වෙයි. දේශීය ආර්ථිකය නගා සිටුවීමේදී බදු ප්‍රතිපත්තියක් රජය අනුගමනය කළ යුතුයි.
ස්වභාවික ගොවිතැන ප්‍රචලිත කිරීමට කිරි ගොවිතැන අත්‍යවශ්‍ය වෙයි. බදු සහන දුන්නොත් ආනයනක කිරි යළිත් පාරිභෝජනය ප්‍රචලිත වනු ඇත. මෙවැනි දේ කළමනාකරණය සඳහා මිල සූත්‍රයක් ආණ්ඩුව සැකසිය යුතුයි. මේවන විට ලෝක වෙෙළදපොළේ කිරිපිටි මිල අඩු වී ඇත.
රජය මැදිහත් වෙමින් සතොසින් කිරිපිටි ආනයනය කිරීම යම් ප්‍රමාණයකට හෝ සිදු වුවහොත් පාලනයක් කළ හැකිය. බදු සහන ලබාදීම මඟින් මේ අවස්ථාවේදී අනෙකුත් සේවා පවත්වා ගෙන යාමට නොහැකි වෙයි.
මෙවැනි අවස්ථාවක සියලු පාර්ශ්වයන් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතුයි.
ජාතික ව්‍යසන අවස්ථාවලදී ජාතියක් ලෙස ඒකරාශි වී මුහුණ දුන් අවස්ථා ඉතිහාසය පුරා වෙයි. පාරිභෝගික රටා, ආර්ථීකය රටා, අපනයන වියදම්, ආනයනයන් මත ඇති යැපීම්, දේශීය ස්වභාවික කෘෂිකර්මික නගා සිටුවීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ගෝලීය වසංගතය හරහා ගෝලීය වශයෙන්ම වෙනස් වෙන ඉදිරියක් ලෝකය පුරා නිර්මාණය වන බව පැහැදිලි ය. අපි එයට මුහුණ දිය යුතුයි. මහජන සහය ඇතිව මහජන මනස ඒ සඳහා හුරු කරමින් සියල්ල කළ යුතු වෙයි. දිර්ඝකාලීනව ඇති වන ගැටලු හමුවේ සියල්ල වෙනස් කර ගැනීමට අපි හුරුවිය යුතුයි.