
1 එකඟතාවක් ඇති කරගන්න අවශ්‍යයි.ඒත් අපේ රටේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය අපි දකිනවා; මෙය ලෝක ව්‍යවසනයක්; මුළු ලෝකයම පීඩාවට පත්වෙලා තියන අවස්ථාවක්. අපේ රට මේ උවදුරු බේර ගන්න නම් ප්‍රධාන ක්‍රියා මාර්ග දෙකක් තියෙනවා.
ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක් එන්නත්කරණය කිරීම. සෞඛ්‍යාරක්ෂිත නීති රීති වලට අනුකූලව දැක්වීමයි, විපක්ෂය අවිචාරයෙන් ඔවුන්ට බලය ලබා ගැනීම සඳහා ජනතාවගේ විරෝධය ගොඩ නඟන්න පුළුවන් ද කියන තැන තමා ඉන්නේ.
ඔවුන් දිනපතා කරන ප්‍රකාශ දිහා බැලුවම එය පැහැදිලියි. ලෝකයේ රටවල්වල මේ කොවිඩ් තත්ත්වය තුළ ජනතාවගේ බඩගින්න, මන්ද පෝෂණය, දුප්පත්කම වැඩිවෙලා මුළු ලෝකෙම අසරණවෙලා ඉන්න වේලාවකදී මේ උද්ඝෝෂණ සටන් පාඨ කියමින් මේ රෝගය පතුරුවන ආකාරයට ක්‍රියා කරපු හැටි අපි දැක්කානේ. මනුෂ්‍ය ජීවිත බේරා ගැනීම සඳහා; තම තමන්ගේ හෘදය සාක්ෂියට කතා කරලා සර්ව පාක්ෂික එකඟතාවකට ඒමයි අවශ්‍ය වෙන්නේ.
2. එසේ වුවහොත් කන්න නැතිව මිනිස්සු මැරෙයි. තේ, රබර්, පොල් ඇතුළු ඇඟලුම් අපනයනය කළොත් පමණයි බැංකුවලට ඩොලර් එන්නේ. පිටරටින් ඛනිජ තෙල් වැක්සින් ගෙන්න අවශ්‍ය ණයවර ලිපි නිකුත් කරන්න පුළුවන් ඩොලර් තිබුණොත් පමණයි. ඩොලර් නැති වුණොත් ණයවර ලිපි නිකුත් කරන්න බැහැ. ණයවර ලිපි නැති වුණොත් බඩු පිටරටින් අපනයනය කරන්න බැහැ,
අපේ රට ඇතුළෙ මුලින්ම වෙන්නේ ඛනිජ තෙල් නැති වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා, භාණ්ඩ මිල නූල කැඩුණ සරුංගලේ වගේ මිල ඉහළ යනවා. ඩොලර් අපි හිතන විදිහට රටවල් වලින් ණයට ගන්න බෑ.
පසුගිය රජය විසින් ප්‍රමාණය ඉක්මවා ණය අරන් තියෙන්නේ. ඒක නිසා මෝඩි වැනි ආයතන විසින් අපිව පහළ ශ්‍රේණිගත කිරීම් කරලා තියෙන්නේ. මේ නිසා සරල උත්තරය අපනයන නැති වුණොත් . ජනතාවට මරණයට පත් වෙනවා කොරොනා වලින් තොරව.
ලොක්ඩවුන් කරලා කියලා ;තේ දලු නෙළන්න එපා කිවොත් දලු මෝරනවා.එතකොට තේ නැති වෙනවා. තේ වෙන්දේසිය ඇන හිටිනවා. ලංකාවට කොවිඩ් ඉවර වෙනකොට තේ ගැනුම්කරුවෝ හොයා ගන්න බැරි වෙනවා.
රබර් නිෂ්පාදන දවසක් හරි පමා වෙන්න බෑ. කර්මාන්ත ශාලා විසින් රබර් අවශ්‍ය ප්‍රමාණය දුන්නේ නැත්තම්, ඒ රටවල් කර්මාන්තය පවත්වා ගෙන යෑම සඳහා ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන් රබර් ගන්නවා. අනෙක් අපනයනය බෝගවලට වෙන්නෙත් ඒ දේම තමයි.
එතකොට තේ, රබර්, පොල්වලින් ජීවත් වෙච්ච මිනිසුන්ට වෙන්නේ මොකක්ද? රෙදිපිළි ඇඟලුම් අපිට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රටවලින් අපේ ගැණුම් කරුවන් අානයනය කළොත් මොකද වෙන්නේ. අපේ කර්මාන්ත වැහුණොත් ඔවුන් ඒ ඇණවුම් වෙනත් රටවලට දුන්නොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පිරිසගේ ජීවනෝපාය අහිමි වෙනවා. මේ සරල දේ තේරුම් ගත යුතුයි.
3 එහෙම වෙනසක් වෙන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධයේදී සම්මේලනයක් තියලා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල වැනි ආයතන දෙකක් ඇති කරලා තියෙනවා.
මේ සඳහා පැවැත්වෙන්න ඕනෑ ලෝක ආර්ථික සමුළුවක්. දෙවන ලෝක යුද්දෙදි ලෝක ආර්ථිකය වැටුණම එංගලන්තය සහ ඇමරිකාව ආර්ථික න්‍යාය දෙකක් ඉදිරිපත් කළා. එසේ සාකච්ඡා කරමිනුයි මේ ආයතනයන් පිහිටුවා තියෙන්නේ.
4 ලෝකේ කොහේවත් රටවල් දේශීය ආර්ථිකය මත පමණක් යැපෙන්නේ නෑ. එහෙම යැපෙන්න බැහැ. තෙල් ගෙන්නන්නේ නැතුව, ගෑස් ගෙන්නන්නේ නැතුව රටක් දුවන්න බැහැ.
දැන් ලෝකය අන්‍යෝන්‍ය රැඳියාවක් එක්ක තියෙන්නේ. ඔය දැන් දේශපාලන ළදරුවෝ තේරුම් ගන්නේ නැතුවට මේ ලෝකේ ආර්ථික සමාජ ක්‍රමයක් හැදිලා තියෙන්නෙ.
එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් මතත් එක් ආයතනයක් තවත් ආයතන මතත්, එක් රටක් අනිත් රටවල් මතත් අනෝන්‍ය රැඳියාවක් මත අද ලෝකයම සකස් වෙලා තියෙන්නේ.
ඒක හිතන්න බැරි පිරිසක් ජාතික ගැටලුවක් දිහා ජාතික දෘෂ්ටියෙන් බලන්නෙ කොහොමද?
5 ලෝකයේ අනිත් රටවල් මේක සාමාන්‍යකරණය කරගෙන. ඒ කියන්නේ කොවිඩ් වසංගතයෙන් බේරිලා වෙනත් අයට පතුරුවන්නේ නැතුව විකල්ප ක්‍රම ශිල්ප භාවිතයෙන් ආර්ථික සමාජ ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑමයි.
සෞඛ්‍ය නීති නීරිවලට අනුගතව ක්‍රියා කළ යුතුයි. අපි මේ තත්ත්වයෙන් ගොඩ ඒමයි වැදගත්. අපි රෝගයෙන් බේරීම, ආර්ථීකය ගොඩැනැඟීිම මෙන්ම මේ රටේ දරුවන් ගැනත් සිතිය යුතුයි. මෙයින් වැඩිම අලාභය වෙලා තියෙන්නේ රටේ අනාගත ලාංකීය දරු පරම්පරාවට.
44 ලක්ෂයක් වන දරුවන්ට ඔවුන්ගේ නිවෙස් වල නිරෝධායනය වෙලා. පාසල්, විශ්වවිද්‍යාල විවෘත කර නැහැ. වඩාත්ම වැඩි කැප කිරීමක් කරලා තියෙන්නේ දරුවෝ.
කොවිඩ් පාලනය, රටේ ආර්ථිකය වගේම අපි දරුවෝ ගැනත් සිතිය යුතුයි.
අපි කළ යුත්තේ අවුරුදු 60 ට වැඩි සියලු දෙනා එන්නත්කරණය කර ගැනීම, සෞඛ්‍ය රීති පුරුදු කරගැනීම, තමන් විසින් ස්වයං නිරෝධායනයක යෙදීමයි ආදියයි. දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත යුතුයි.
1ජාතික ව්‍යසනයක් අවස්ථාවක අපි ක්‍රියා කළ යුත්තේ ආණ්ඩුව සහ අනෙක් දේශපාලන කණ්ඩායම් එකට එකතුවෙලා විසඳුම් සෙවීමෙනුයි. මෙය ජාතික ව්‍යසනයක් ලෙස සලකා රටේ අනෙක් දේශපාලන පක්ෂ සහ සංවිධානවලත් අදහස් උදහස් පිළිබඳව සලකා බලා ඒකාබද්ධ වැඩ පිළිවෙළකට යා යුතුයි. කොරෝනා මර්දනයට සාමුහික තීන්දුවක් ගත යුතුයි; හොඳ හෝ නරක දෙකම සාමූහිකව බෙදාගෙන මේ ව්‍යසනය පරාද කිරීමට කටයුතු කළ යුතුයි. මේ දේ කළා කියලා අපට ගෞරවය ගන්න කිසිසේත් අවශ්‍ය නැහැ. මේ ව්‍යසනය අවසානයේදි අපි යළිත් අපේ දේශපාලනික මතවාද අනුව වෙන්ව කටයුතු කළද මේ වැනි අවස්ථාවක වඩාත් වැදගත් වන්නේ මිනිස් ජිවිතයයි. රටේ ජනතාවගේ ජීවත් විමේ අයිතිය සුරක්ෂිත කළ යුතුයි. රටත් ජනතාවත් ආරක්ෂා ගැනීමට ජාතික ව්‍යසනයක්ව පවතින මේ මොහොතේ සර්වපාක්ෂික වැඩපිළිවෙළකට ආණ්ඩුව අවතීර්ණ විය යුතුයි. අපි තමයි ඔක්කොම කරන්නේ කියලා මේ ගමන යන්න ගියොත් රට විශාල අර්බුදයකට යනවා.
2රටේ ආර්ථිකයට ලොකු අර්බුදයක් ඇතිවෙලා තියනවා; නමුත් රටේ ආර්ථිකය ගොඩනඟනවාට වඩා ජනතාව බිල්ලට යාම වළක්වා ගත යුතුයි. ජනතාව සුවපත් කිරීම සහ ජනතාව ආරක්ෂා කිරීමෙන් පසුව වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීිමට හැකියි. රටේ විදේශ විනිමය පිළිබඳව අර්බුදයක් සහ මුල්‍ය ගැටලු තියෙනවා; මේ වසංගතය පාලනය වූ වහාම අපි රටේ ආර්ථිකය ගොඩනැඟිය යුතුයි. මූලිකව රජයක යුතුකම හා වගකීම වෙන්නේ ජනතාව රැක ගැනීමයි. රටේ ආර්ථිකය සහ සංවර්ධනය මේ න්‍යායන් වෙනස් කරමින් ඉදිරියට මුහුණ දිය යුතුයි.
3විදෙස් විනිමය අපිට ලැබෙන්නේ භාණ්ඩ සේවාවල වෙළෙඳාම හරහායි. නව වෙළෙඳපොළ නිෂ්පාදනවල ප්‍රවේශයන්ට යා යුතු වෙනවා. ආණ්ඩුවේ මතය පමණක් නිවැරදි කියලා හිතන්නේ නැතිව කොවිඩ්වලින් පසුව ඇති වන නව ලෝක ආර්ථික ක්‍රමවේදයන් පිළිබඳව මේ ආණ්ඩුව සිතිය යුතුයි; රටක් ලෙස සර්ව පාක්ෂික හමුවකින් මේ පිළිබඳව අධ්‍යයනයක් කරන්න අවශ්‍යයි. මේ වසංගතයෙන් පසුව ලෝකයේ ව්‍යාපාර කටයුතු වෙනස් විය හැකියි. භාණ්ඩ සහ සේවා සැපැයිම පිළිබඳව කුමන ආකාරයටද කටයුතු කළ යුතු වන්නේ කියා අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අපි නව වෙළෙදපොළවල් සොයා ගත යුතුයි; ඇඟලුම් ඇතුළු අපනයනයන් සඳහා අපිට නව වෙළෙඳපොළ සෙවිය යුතුයි. නවීන ඉල්ලුමට අනුව සැපැයුම් දෙන ක්‍රමවේදයකට පරිවර්තනය විය යුතුයි. නව අමුද්‍රව්‍ය ලබා ගෙන හෝ නිෂ්පාදන ක්‍රමවේදයේ වෙනස්කම් ඇතිකරමින් ලෝකයට අලෙවි කරන්න පුළුවන් නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදකයෙක් බවට අපේ රට පත්විය යුතුයි. ලෝකයේ අලුත් ප්‍රවණතාවය එයයි; නව තාක්ෂණයට, නව නිපැයුම් සේවා සැපයිම්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. සේවා සැපැයීමේ හොඳ වෙළෙඳපොළක් බවට අපේ රට පත් කර ගත යුතුයි. තාක්ෂණික ඥානය ලබාදෙන ආකාරයට අධ්‍යපනික ක්‍රමවේදයන් වෙනස් කළ යුතුයි. අපේ දේශීය සංස්කෘතික අංග දේශීය වෛද්‍ය විද්‍යාව අපට ලෝකයට ගෙන යා හැකියි; මෙවැනි ක්‍රියාමාර්ගවලින් වැඩුණු තැනින් යළි නැගිටීමට හැකියි.
4අප දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතු සේම නිෂ්පාදන රැක ගන්න ඕන. ලෝකයේ බොහෝ රටවල් මේ වන විට දේශීය ඖෂධ සහ වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් අවධානය යොමු කර දිරිගැන්විම් කර තියෙනවා; අපේ දේශීය නිෂ්පාදන කාලයක් පුරා ඇද වැටුණා. විවෘත ආර්ථිකය පූර්ණ විවෘත කිරීම නිසා එය සිදු වුණා. මේ විවෘත වීම නිසා පූර්ණව දැන් වසා දමන්නත් බැහැ.
ලෝකයේ වෙළෙඳාම ගමන් කරන දිසාව අද වන විට 1970 ගණන්වලට වඩා වෙනස්.ගුණාත්මක නිෂ්පාදන සඳහා දිරි දෙන වැඩ පිළිවෙළක් සහ අපේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට යවන්න ක්‍රමවේදයන් සැකසීම ආණ්ඩුවේ වගකීමක්. නවීන නිෂ්පාදනයන්ට ව්‍යවසායකයින් දිරිගැන්වීමට කිසිදු උපාය මාර්ගික ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙලා නැහැ. අවම පමණින් මුල්‍ය පහසුකම් ලබාදිය යුතුයි. දේශීය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සම්බන්ධ කර ගනිමින් ඉල්ලුමට සරිලන සැපැයුම් ලබාදිය යුතුයි.
අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යා හැකි ජාත්‍යන්තර ඥානය ලබා ගැනීමටත් ක්‍රියා කළ යුතුයි. ප්‍රමිතියකට අනුව නිෂ්පාදනයන් ඇති කිරීමට විශේෂඥ ඥානය ලබා ගත හැකි විශේෂ උපාය මාර්ගික ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව අවතිර්ණ විය යුතුයි.
5මෙම ව්‍යසනය බොහෝදුරට දිඟු කලක් පැවැතීමට ඉඩකඩ තියෙනවා. වයිරසයන් පිළිබඳව විමර්ශනය කරන්නන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන කරුණු දෙස බැලීමේදි අවම වශයෙන් ඉදිරි අවුරුදු තුන හතරක් පැවැතිය හැකියි.
රජයට ජාතික වැඩපිළිවෙළකට අනිවාර්යෙන් යා යුතුයි. ඒ සඳහා මේ වනවිට පුරෝකතනයක් සිදු කළ යුතුව තියෙනවා. මූලික වශයෙන්ම එන්නත්කරණය වේගවත් කර රටේ ජනතාවගෙන් සියයට සියයක් එන්නත්කරණය කිරිමට පියවර ගත යුතුයි. සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කළ යුතුයි. දිගුකාලීනව මෙය පැවතුණහොත් රටේ ආර්ථිකයට වන දැඩි බලපෑම් ගැන ගැඹුරින් සලකා බැලිය යුතුයි.
විදේශ විනිමය බරපතළ අර්බුදයකට පත්වෙලා රැකියාව ආදායම් බිඳ වැටි තියෙනවා. විදෙස් සංචිත අහිමි හිඟයක් ඇතිවෙලා ; සංවර්ධනය අඩාළ වෙලා.මේ සඳහා දිඟුකාලීන, මාධ්‍යකාලීන සහ කෙටිකාලීන ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතුයි; රටේ ආර්ථීකය ගොඩනැඟීම පිළිබඳව නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ආදායම් මාර්ග වැඩි දියුණු කිරිම, විනිමය ආදායම ශක්තිමත් කිරිම, වැනි වැඩපිළිවෙළකට යා යුතුයි.
විදෙස් ණය ගෙවිම් පිළිබඳව දුෂ්කරතාවය සලකා බලා විදෙස් මුල්‍ය ආයතනයන් සමඟ සාකච්ඡා කරමින් මේවා ප්‍රතිව්‍යුහ ගත කිරීම වැදගත් වෙයි; ණය ගෙවීම ප්‍රමාද කිරීම සහ ගෙවීමේ ක්‍රමවේදය පහසු ආකාරයට ගෙවීමට සකස් කරගැනීමේ වැඩපිළිවෙළකට අපි යායුතුව තියනවා.
1ආර්ථිකය සම්බන්ධයෙන් මේ රජයේ ප්‍රතිපත්ති සමඟ අපට එකඟ විය නොහැකියි. සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට යාමට මේ රජය සමඟ එකඟ විය හැකි තත්ත්වයක් ජාතික ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නැහැ. මේ ආර්ථීක ක්‍රමය අසාර්ථකයි කියලා අපි හිතන්නේ. ජනතා විමුක්ති පෙරමුණ හොරකම, දුෂණය හෙළා දකින පක්ෂයක්. මේ පැවැති සහ පවතින රජයන් සමඟ අපට එකඟ විය නොහැක්කේ අපේ ප්‍රතිපත්තිවලට ප්‍රතිවිරුද්ධ නිසයි. මේ වන විට රජය කොරෝනා පාලනය සම්බන්ධයෙන් අසාර්ථකයි.සෞඛ්‍ය ඇමැතිවරු, වයිරස විශේෂඥයන් ආණ්ඩුව තුළ සිටිනවා. ඒ අයට ඇහුම් කන් නොදෙන ආණ්ඩුව, අඩු තරමින් සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස් වලටවත් අවධානය යොමු කරන්නේ නැති ආණ්ඩුව, විපක්ෂවලට ඇහුම්කන් දෙයි ද? ආණ්ඩුව කිසිදු ඇහුම් කන්දීමක් නැහැ ලොක්ඩවුන් කිරීමත් කළේ ඒ ආකාරයටමයි. කොරෝනා පාලනයට අපි ඇති තරම් යෝජනා කළා; පසුගිය කාලය පුරා කරලත් තියෙනවා.
2.අපනයනට ඇති ප්‍රධාන මාර්ග වන්නේ තේ, රබර් කර්මාන්තය. එය පොහොර නිසා සියයට තිහකින් පමණ කඩා වැටිලා. කොරොනා නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ යම් කඩා වැටීමක් තියනවා. අද ඇඟලුම් ක්ෂේත්‍රය පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියනවා. සංචාරක කර්මාන්තය සියට සියයක් බිඳ වැටිලා තියනවා විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක් නැහැ. අපනයන ක්ෂේත්‍ර යේ කඩා වැටිලා ආනයනික වියදම වැඩිවෙලා තියනවා. ඩොලරය කඩා වැටීම රුපියල අවප්‍රමාණ වීම විදෙස් විනිමය සංචිත හිඟයට අද රට මුහුණ දීලා තියෙනවා. අපනයන ආදායම් අඩුවෙලා, ආනයනය වියදම් වැඩිවෙලා ඒ නිසා ආනයන අපනයන පරතරය දිගින් දිගටම ඇතිවෙලා තියෙනවා.
3ලෝක ආර්ථික අවපාතයත් සමඟ එනම් විශේෂයෙන් 2007 පසුව 2008 වසරේදි ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ලෝකයේ තනි ආර්ථීක බලවතුන් අද බිඳ වැටිලා තියෙනවා. ලෝක බලවතුන් වන යුරෝපයේ ආර්ථික බලය අද වන විට දේශපාලනික බලයක් සමඟ ඒකරාශී වීමක් නැහැ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා. ඇමරිකාව ජර්මනියට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. බරපතළ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගවලට ඔවුන් ගිහින් තියෙනවා. තනි තනියම බලවත් වීම සහ බලය රැක ගන්නා එකඟතාවන් පමණයි; මේවන විට පවතින්නේ. මෙය ලෝකය පුරා එය නව ප්‍රවණතාවක් වෙලා තියෙනවා. ආසියාවේ චීනය, ඉන්දියාව, ජපානය වැනි බලවත් ආර්ථිකයන් තමන්ගේ ආර්ථිකයේ ස්වාධීනත්වය වෙනුවෙන් අනෙකුත් ආර්ථිකයන් ගැට ගසා ගෙන සිටිනවා. මෙයයි නව ක්‍රමවේදය. ඒ නිසා දැනටම ආර්ථික කලාප නොව ආර්ථික රටවල් බවට පත් වී තියෙනවා. රටවල්වල බලපෑමයි අද පවතින්නේ. අපගේ රටේ දුබල ආර්ථීකය හමුවේ අපිට ස්වාධීනත්වයක් ඇති කර ගැනීමට නොහැකි නිසා දිළිඳු රටවල්ද යැපෙන්නන් බවට පත් වී තියෙනවා. ප්‍රබල රාජ්‍ය නොව දුබල රාජ්‍ය සමඟත් පහළට වැටුණ තත්ත්වයක් ඇති වී තියෙනවා. එකවර බංග්ලාදේශයෙන් පවා ණය ගැනීමට පෙලඹි සිටිනවා අපි ඉන්න තැනිනුත් ඇඳ වැටෙනවා; කොරොනා ඉක්මනින් මර්දනය කරගත් රටවල් ඉක්මනින් ආර්ථිකය ශක්තිමත් කරගෙන තියනවා. ඔවුන්ගේ කර්මාන්ත නිෂ්පාදනය වෙළෙඳපොළ පවත්වා ගෙන යෑමේ තරගය වෙනුවෙන් ඉක්මනින් නිදහස් වීමට කල්පනා කරනවා. අපේ ආණ්ඩුව කරන්නේ කොරෝනා සමඟ ජිවත්වීමට උත්සාහ කරමින් මෙය මර්දනය කරමින් ඉදිරියට යෑමකට නොවෙයි.
4. ගෝලීයකරණයට අපි යට විය යුතු නැහැ. මේ ගෝලීය ආර්ථික ක්‍රමවේදයට ජාතික ආර්ථිකයේ කොටස් අහිමි කර ගැනීමෙන් කවදාවත් ජාතික ආර්ථිකයක් හැදෙන්නෙත් නැහැ. නමුත් ඒ වගේම අපේ නිෂ්පාදන, වැඩි පිරිවැයක් දරන්නට සිදුවන දේවල්, අපිට රටවලින් ගනුදෙනු කරලා ගන්න වෙනවා. තාක්ෂණය, දැනුම, ප්‍රාග්ධනය වැනි දේ ගත යුතුයි. තෙල් වැනි දේවල් අපි ලෝක වෙළෙඳ පොළේ මිල අඩුවූ අවස්ථාවලදි ගන්න පුළුවන්. අපි ඒ දේවල් වලින් ඉතුරු කර ගත්ත දේවල් දැන් යොදවන්නේ නැහැ. තෙල් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි එය ආරක්ෂිත ක්‍රමවේදයකින් පරිහරණය කළ යුතුයි. අපේ තෙල් ටැංකි එකසිය පනහක් තියෙනවා ත්‍රිකුණාමලේ 23 ඉන්දියාවට දිලා ඉතුරු ටික නිකන් තියාගෙන ඉන්නවා; තෙල් ටැංකි පරිහරණය කරන්න ඕනෑම වැයක් දරලා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වෙන විට ගෙනල්ලා ගබඩා කර තියන්න පුළුවන්; බලශක්තිය කියන්නේ ජාතික ආරක්ෂාවේ කොටසක්; රටක ස්වාධිනත්වයත් සමඟ ගැට ගැහෙන දෙයක්; අපි යා යුත්තේ ජාතික සැලසුමකටයි.
5 මේ ආණ්ඩුවට කිසිදු පුරෝකථනයක් නැහැ; ආර්ථීකය කඩා වැටෙනවා වළක්වන්න බැහැ. අද වනවිටත් බඩුමිල ඉහළ ගිහින්; ජිවත්වෙන්න බැරිතරම්. තෙල්මිල, ගෑස්මිල වැඩි වෙනවා කිසිම සැලසුම් නැහැ ඉදිරි පුරෝකතන කොහෙද? මේ ලොක් ඩවුන් කළ දවස් දහය ගැන සැලසුම් නැහැ. මේ ටික කාලයේ හැසිරුණු ආකාරයෙන් අපිට පේනවා කිසිදු සැලසුමක් නැති බව.