හදිසි නීතිය පනවන්නේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් නම් එහි වරදක් නෑ | Page 2 | සිළුමිණ

හදිසි නීතිය පනවන්නේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් නම් එහි වරදක් නෑ

ජයට මහජන ආරක්ෂා පනත යටතේ හදිසි නීති රෙගුලාසි ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත. ඒ අනුව පසුගිය සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කර තිබිණි. පළමු ගැසට් නිවේදන නිකුත් කරනු ලැබුයේ හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමටයි. එම අදාළ ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනය කිරීම සහ ලියාපදිංචි නොකළ ආනයනික ආහාර සාධාරණ මිලක් යටතේ රජයේ භාරයට ගැනීමෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීම ඒ අනුව සිදු කෙරිණි. මහජන ආරක්ෂා පනත සාමාන්‍ය නීතියක් වන අතර එහි ප්‍රතිපාදනයන් අනුව මෙවැනි හදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයාට නිකුත් කිරීමට හැකියාව ඇත. ඒ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් සමාන්‍ය නීතියක් සකස් කර ඇත්තේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙනි. මෙවැනි බරපතළ අවස්ථාවක රජය ගත් පියවර කාලෝචිත බව කිවයුතුයි; හදිසි තතත්වයන් යටතේ මෙවැනි මැදිහත් විම් ඕනෑම රජයක් සිදු කරනු ලබයි.

හදිසි නීති රෙගුලාසි සැකසීමට සිදුවන්නේ මෙවැනි හදිසි අවස්ථාවලකදී මහජන සුබසිද්ධිය වෙනුවෙන් ගතයුතු යම් පියවරයන් වෙනුවෙනි. සාමාන්‍ය නීතියක් සකස් කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හා නීති කෙටුම්පත් අංශයෙන් පරික්ෂාකර, මහජනතාවට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අවකාශය ලබා දී අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට යොමු කිරීම විශාල ක්‍රමවේදයකි. මෙවැනි අවස්ථාවක එය අසීරු කාර්යයකි.

සාමාන්‍යයෙන් රටක හදිසි තත්ත්වයක් යටතේ ස්වභාවික ව්‍යසනයක් අවස්ථාවකදී හදිසි නීතිය ජනතාව වෙනුවෙන් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වෙයි.

හදිසි අවස්ථාවලදී මහජන ආරක්ෂාව පිණිස අත්‍යවශ්‍ය සේවා සැපැයීමට යම් බාධාවක් වේ නම් එය වැළැක්වීමට රජය මැදිහත් විය යුතුය. සාමාන්‍යයෙන් මේ හදිසි අවස්ථා නීති රෙගුලාසි යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කර දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අවශ්‍ය වේ. මේ ගැසට් නිවේදනය මාසයක කාලයක් වලංගු වෙයි. හදිසි නීති රෙඟුලාසි යටතේ මෙය නිත්‍යානුකූලව නිකුත් කර ඇත. මහජන ආරක්ෂණ පනතේ 8 වැනි වගන්තියේ සඳහන් වන ආකාරයට හදිසි නීති රෙගුලාසි අධිකරණයේ අභියෝගයට ලක් කළ නොහැකියි. නමුත් නීතියේ එසේ තිබුණද අධිකරණයේ අර්ථ නිරූපණය කර ඇති ආකාරයට කිසිදු බලයක් අසීමිත නොවෙයි. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය සියල්ල මූලික සිද්ධාන්තයන් මත රඳා පවතියි. නීතිය අවභාවිත කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණයට මැදිහත්වීමට හැකි වෙයි. නිසි බලධාරින් විසින් වැරදි ආකාරයට නීතියට පටහැනිව කටයුතු කළහොත් අධිකරණයට මැදිහත් විය හැකියි. නීති පැනවීම නිත්‍යනුකූල නම් එහි ගැටලුවක් නොවෙයි. යම්කිසි අසාධාරණයක් මහජනතාව සිදු වුවහොත් එයට නිත්‍යානුකූලව කටයුතු කළ හැකියි.

මේ හදිසි නීති රෙගුලාසි නිකුත් කිරීමේ අරමුණ පැහැදිලි කළහොත් “සහල්, සිීනි සහ වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදා හැරිම අඩපණ කිරීම, පාරිභෝගික ජනතාව අපහාසුතාවට පත් කරන වෙළෙඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සහ පාරිභෝගික ජනතාවගේ සුබසිද්ධිය පිණිස කටයුතු කිරීම මේ නියෝගයේ අරමුණ වී ඇති බව පැහැදිලි කර ඇත”.එබැවින් රජයේ සහතික මිලට හෝ රෙඟුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාරද තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබා දීමට බලයලත් නිලධාරීන් හෝ බලධාරීන් කටයුතු කිරීමටත් රාජ්‍ය බැංකු මඟින් ගෙන ඇති ණය හිමියන්ගෙන් අය කර ගැනීමටත් එම බැංකු පියවර ගත යුතුයි යනුවෙන් එහි සඳහන් වෙයි.

රටක අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් මිල ඉහළ යෑම සිදු වෙයි. ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වෙළෙඳ පොළේ ඇති නම් වෙළෙඳ පොළ තරගකාරීත්වය නිසා මිල පහළ වැටෙයි. අද වන විට විශාල ව්‍යාපාරිකයන් කෘත්‍රිම හිඟයක් ඇති කර එම කෘත්‍රිම හිඟය හරහා ජනතාවට උහුලන්නට බැරි මට්ටමට මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇත. බදු අඩු කිරිම රජය විසින් සිදු කරන ලද්දේ ජනතාවට සහන මිලට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටයි. ආනයනකරුවන්ට සහ පෞද්ගලික ආයතනවලට ඒ නිදහස ලබාදී නිදහස සහ බදු අඩු කර අපේක්ෂා කරනුයේ රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසුවෙන් ජනතාවට සහන මිලට ලබාදීමටයි. මෙවැනි අවස්ථාවකින් අනවශ්‍ය ප්‍රයෝජනයන් ගෙන කෘත්‍රිම හිඟයක් මතු කරමින් ලාබ ලබන්නේ නම් එයින් ජනතාව පිඩාවට පත් වෙයි. මේ හදිසි නීති රෙඟුලාසි පවතින්නේ එවැනි අවස්ථාවලට රජයට මැදිහත් වීමටයි. අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා රෙඟුලාසි සම්මත කිරීමට ඒ අනුව හැකියාවක් ඇත.

ඒ යටතේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රජය මිලදී ගෙන ජනතාවට විකිණීමට හැකියාව ඇත. මෙලෙස කෘත්‍රිම හිඟයක් රටේ විශේෂ අවස්ථාවක සිදුකළහොත් රජයට ඒ සඳහා මැදිහත් වීමට බලය ඇත. මේ වත්මන් කෘත්‍රිම ආහාර ද්‍රව්‍ය හිඟයක් නිර්මාණය කරන පුද්ගලයන්ට එරෙහිව රජය මැදිහත් වීමක් කර ඇත. එහිදි නියමිත බලයලත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇත. අත්‍යවශ්‍ය ආහාර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යයන් සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේදි ලියාපදිංචි නොකර ව්‍යාජ ලෙස සඟවා ගෙන සිටින සීනි, සහල් ජනතාවට අවශ්‍ය ප්‍රමාණය නිර්ණය කිරිම, මේ භාණ්ඩ සොයා ගැනීමට මෙහෙයුම් කිරීම්, නියෝග නිකුත් කිරිම, ආරක්ෂාව සැපයීම්, රාජසන්තකයට ගැනීම ආදිය වේ. ඒ සඳහා නිසි බලධාරියෙක් සිටිය යුතුයි . ඔහුගේ නියෝග අනුව නිලධාරින් කටයුතු සිදුකරනු ලබයි. හදිසි නිතිරෙගුලාසි අනුව එම පත්කිරිම නිත්‍යනුකූල වෙයි.

රජය සාධාරණ මිලකට මේ ආහාර ද්‍රව්‍ය මිලදී ගනු ලබයි. එහිදී රජය සහතික මිල හෝ රේඟුවේදී ආනයනය කළ මිල ලබාදිය හැකියි. සාධාරණ ලාබයක් යටතේ ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීම ආනයනකරුවන්ගේ යුතුකමයි. රටේ සාමාන්‍යයෙන් හදිසි තත්ත්වයකදී තරගකාරි වෙ‍ෙළඳපොළ ක්‍රමය නිසා මිල උච්ඡාවචනයන් විය හැකියි. එහෙත් කෘත්‍රිම හිඟයක් මැවීම නොවිය යුතුයි. සමාන්‍ය තත්ත්වයක් යටතේ වෙළෙන්දන්ට කැමැති ආකාරයට ආහාර ද්‍රව්‍ය විකිණිමට හැකියාව ඇත. නමුත් රජය මැදිහත් විමක් සිදුවන්නේ මෙවැනි හදිසි අවස්ථාවලදී භාණ්ඩවල මිල ඉහළයාම හිඟයක් ඇති වීම වැනි තත්ත්වයකදීය. මේ අවස්ථාව අනුව ආනයනය කරනතෙක් ජනතාවට සීනි පරිභෝජනය නොකර සිටිමට නොහැකියි.

ආනයනය කරන ලද පුද්ගලයන් සිනි ව්‍යාජ ලෙස සඟවා කෘත්‍රිම හිඟයක් නිර්මාණය කිරිම, සිනි බදු අඩුකර තිබියදීත් වෙළෙඳපොළේ සීනි මිල අඩු නොවීම සම්බන්ධයෙන් රජය අවධානයෙන් සිටීම ඉතා වැදගත් වෙයි. රජය මෙහිදී හදිසි නීති හෝ ඕනෑම නීතියක් පාවිච්චි කර රටේ ජනතාවගේ සුබසිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි; වේවගේ හදිසි අවස්ථාවලදි හදිසි නීති රෙඟුලාසි පැනවීමේ කිසිදු අසාධාරණයක් නොවෙයි.

ප්‍රජාතන්ත්‍රවාදි රටක ජනතාවට මෙවැනි ගැටලු සිදුවූ විට ජනතාව වෙනුවෙන් මෙවැනි පියවර ගැනීම රජය කළ යුතුයි; එහිදි ධනපතියන් විසින් රටේ දුප්පත් මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කෘත්‍රිම හිඟයකට ලක්කර ජනතාව තළා පෙළයි නම් මේ සඳහා මැදිහත්වීම ප්‍රජාතන්ත්‍රවාදි රටක රජයක් විසින් කළ යුතු කාර්යයකි.

ඕනෑම නීතියක් යටතේ හදන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. හදිසි නීති රෙගුලාසිද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. හදිසි නීති රෙඟුලාසි නිකුත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරයි.

ලෝකයම යම්කිසි අර්බුදකාරි තත්ත්වයකට පත්වූ අවස්ථාවලදී පෙර මෙන් තරගකාරි වෙළෙඳපොළක් නිර්මාණය නොවෙයි. ජාත්‍යන්තරයෙන් මිල අඩු නම් කෘත්‍රිමව මිල ඉහළ දැමීමට කූට ව්‍යාපාරිකයන් නොයෙක් ක්‍රමවේදයන් අනුගමනය කරයි. එය අනීතික ක්‍රියාවකි. නමුත් යම් කිසි ආකාරයකින් ධනපති ආනයනකරුවන් කිහිප දෙනෙක් මෙවැනි ක්‍රියාවන්හි යෙදෙයි. මේ රටේ පවතින වසංගත තත්ත්වය මෙන්ම මූල්‍යමය පක්ෂයේද අර්බුදයක් මතුවූ අවස්ථාවලදී මහා පරිමාණ ව්‍යාපාරිකන් ජනතාව සූරාකෑමට ලක් කරයි නම් පියවර ගත යුතුයි. රජය මැදිහත් නොවුණොත් මේ තත්ත්වය ජාතික අපරාධයක් බවට පත්වෙයි. සාමාන්‍ය තත්ත්වයක් රටේ පවතින විට මේ මිල පාලනය කිරීමට වෙළෙඳ පොළ මැදිහත්කරුවන් වීමට රජයට අවශ්‍ය නැත. සාමාන්‍ය තත්ත්වයකදී ඒ ව්‍යාපාරිකයන් වැඩි සහ අඩු මිලකට ආහාර සම්බන්ධයෙන් තරගකාරිත්වයක් පවතී. ව්‍යාපාරිකයකු මිල අඩුකළහොත් වෙළෙඳපොළ තරගකාරිත්ව ඇති වෙයි.

වත්මන් තත්ත්වය අනුව මේ අවස්ථාවේදී ආර්ථික අවපාතය නිසා මිලෙහි යම් වෙනස්කම් වෙයි. ඒ නිසා මේ ධනපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉතාමත් අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත් කරයි. කිහිප දෙනෙක් එකතුවී ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ත්‍රස්තවාදයක් නිර්මාණය කර ඇත. මේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම කාලෝචිත ක්‍රියාවකි. මෙවැනි අවස්ථාවක යම් කිසි ජාතික හැඟිමක් තිබිය යුතුයි. රජය මෙවැනි දේ පිළිබඳව සවිඥානික වියයුතුයි. අවධානයෙන් සිටිය යුතුයි;

මේ හදිසි නීති පැනවූයේ මහජන සුබසිද්ධිය වෙනුවෙනි. එසේ නම් එහි වරදක් නොවෙයි . හදිසි නීතිය පැනවීම නිත්‍යනුකුල වෙයි. නමුත් එය රජය පාවිචිචි කිරිමේදී රජය එය සාධාරණ ආකාරයට පාවිචිචි කළ යුතුයි. උදාහරණයක් ලෙස රජය සීනි ආනයනකරුවන්ගෙන් ආනයනය කරන ලද මිලට වඩා අඩු මිලකට රජයට මිලදී ගැනීම සිදු කළහොත්; එය අසාධාරණයකි. එය රජය බලය අයුතු ලෙස පාවිචිචි කිරීමකි; නමුත් මේ දැනට පනවා ඇති නීති රෙඟුලාසිය නිත්‍යනුකූල වෙයි. මහජන සුබසිද්ධිය පිණිස රජය විසින් එය කළ යුතු වගකීමක් ලෙස හැඳින්විය හැකියි.

හදිසි නීති අභියෝගයට ලක් කළ නොහැකියි. එය නීතීය අනුව නිවැරදියි. නමුත් ලෝකයේ ක්‍රියාත්මක වන එක් සිද්ධාන්තයක් වෙයි. අධිකරණයත් සහ ව්‍යවස්ථාදායකයන් අතර යම් තරගයක් වෙයි. ලෝකයේ ව්‍යවස්ථාදායකයන් නීති සැකසීමේදි; ඒ නීති අභියෝගයන්ට ලක්කිරීමට නොහැකි බවට නීතියක් වෙයි.

නමුත් ඒ සෑම නීතියක් ම පිළිබඳව අධිකරණයේ මතය වන්නේ ඒ සඳහා මැදිහත් විය හැකි බවයි. ව්‍යාවස්ථාදායකය විසින් නීතියක් සම්පාදනය කර සම්මත කර ඒ නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී අසාධාරණ ලෙස ක්‍රියාත්මක කළහොත් එසේ නැතිනම් ඒ නීතිය හදිසි නීති රෙඟුලාසියට එසේම එහි කොන්දේසිවලට පටහැනි නම් අධිකරණයට ඒ සඳහා මැදිහත් විය හැකියි.

එහිදී අධිකරණය කරුණු විසීමකට ලක්කරයි. මේ හදිසි නීති රෙඟුලාසියන් නිත්‍යනුකූලවද නිකුත් කිරීම සිදුවී ඇත්තේද යන්න විමසීම් කරයි. නීතියට අනුකූලව නම් එනම් නිත්‍යනුකූල නම් අධිකරණයට යෑම කළ නොහැකියි.

මෙවැනි කරුණුවලදී ජනතාවට අසාධාරණයක් වන්නේ නම් මහජන ආරක්ෂා පනතට පටහැනිව සිදුවී ඇත්නම් එයට මැදිහත් විමක් වෙයි. ව්‍යවස්ථාදායකය පාවිචිචි කරන්නේ ජනතාවගේ ව්‍යාවස්ථාදායක බලයයි. අධිකරණය පාවිචිචි කරන්නේද ජනතාවගේ අධිකරණ බලයයි.

Comments