
මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිකුත් කරන ලද හෝදිසි වරෙන්තු නොමැතිව පොලිස් නිලධාරින්ට යම් පුද්ගලයකුගේ ජංගම දුරකථන, ලැප් ටොප්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණක වැනි මෙවලම් වල අසභ්‍ය ප්‍රකාශන පවතින්නේදැයි යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමේ අරමුණින් භාරයට ගෙන පරීක්‍ෂා කිරීමට පොලීසියට බලයක් පවතින්නේද ඇතැම් පාර්ශ්වයන්ට මතුව ඇති ගැටලුවකි
අපේ රටේ නීති පද්ධතියෙහි අන්තර්ගත වන පරිදි අසභ්‍ය හෝ අසභ්‍ය ප්‍රකාශන යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යන කරුණ සලකා බැලීමේදි මූලිකව ශ්‍රී ලංකාව තුළ පවතින නීතිය යටතේ අසභ්‍ය හෝ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විමසා බැලීම වැදගත් වෙයි. ඒ හා සබැඳි නෛතික ප්‍රතිපාදන වෙත අවධානය යොමු කිරිමේදී ඊට කිසිඳු අර්ථ නිරූපණයක් ඒවා තුළ අඩංගු වන්නේ නැත. 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත, අයාල ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රාහය මඟින් ඒ බව තහවුරු වෙයි. එබැවින් මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික නීති ශබ්ධ කෝෂයන් ආශ්‍රයෙන් විමසා බැලිය හැකිය.
එහිදි Black’s Law Dictionary ; තුළ අසභ්‍ය යන්න අර්ථ නීරූපනය කර ඇති ආකාරය අනුව මෙම යෙදුම පැහැදිලි කර ගත හැකිය.
අසභ්‍ය වන්නේ කුමක්ද? යනු ’සාධාරණ බුද්ධිමත් මිනිසකුගේ මනසින් සලකා බැලිය යුතු වූවකි. සාධාරණ බුද්ධිමත් අයෙකු විසින් පාවිච්චි නොකරන වදන් වලින් සමන්විත වන්නා වූ; හෝ සාධාරණ බුද්ධිමත් අයකු කටයුතු කරනු නොලබන ආකාරයේ දෑ ; නිරූපණය වන යම් කිසි ප්‍රකාශයක්’ අසභ්‍ය ප්‍රකාශන ලෙස හඳුනාගත හැකි වෙයි.
මේ සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස උපපොලිස් පරීක්‍ෂක තංගල්ල එරෙහිව ධර්මබන්දු 33 න.නී.වා.වාර්තා 114 යන නඩුව වැදගත් වෙයි. මේ අනුව යම් ලේඛනයක් හෝ ප්‍රකාශනයක් අසභ්‍ය වශයෙන් සැලකිය හැකි ද නොහැකිද? යන්න පිළිබඳව තීරණය කිරිමේ දී මිණුම් දණ්ඩ වශයෙන් සලකා බැලිය යුත්තේ එම ප්‍රකාශනය පරිශීලනය කරන පුද්ගලයාගේ මතය අනුව එය අසභ්‍ය ප්‍රකාශනයක් වන්නේද නොවන්නේද යන්නයි. මේ හා සමාන තත්ත්වයක් De Bruin v Dharmabandu 32 NLR 88 වාර්තා කර ඇති නඩුවේදී තීරණය කිරිමට යෙදුණි. එනමුත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතු වන්නේ ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයක් කිසිඳු නීතියක අන්තර්ගත වී නොමැති බවයි.
කෙසේ වෙතත් මේ අසභ්‍ය ප්‍රකාශනයන් සන්තකයේ තබා ගැනීමක් යනුවෙන් නීතියෙන් යම් අර්ථකථනයක් ලබාදී තිබේදැයි විමසීමේදී; පැහැදිලි ව සඳහන් කළයුතු කරණු මෙසේ විග්‍රහ කළ හැකියි ‘ අසභ්‍ය ප්‍රකාශනයන් වන්නා වූ යමක් සිය ජංගම දුරකථනයෙහි හෝ පරිගණකයක භාගත කර තබා ගැනීම සහ / හෝ මුද්‍රිත පිටපත්, ලියන ලද හෝ අඳින ලද ලියවිල්ලක් වශයෙන් ළග තබා ගැනීම, අසභ්‍ය ප්‍රකාශනයන් සන්කතයේ තබා ගැනීමක් ලෙස හැඳින්වේ.
සම්ප්‍රදායික අර්ථ නිරූපණය අනුව අසභ්‍ය ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම යන්නෙන් අදහස් වූයේ මුද්‍රිත පිටපතක් හෝ ලියනු ලැබූ ලේඛනයක් යමෙකු සන්තකයේ තබා ගැනීමයි. එනමුත් වර්තමානයේදී දක්නට ලැබෙන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ යමෙකුගේ පුද්ගලික පරිගණකයේ හෝ ජංගම දුරකථනයක එවැනි අසභ්‍ය ප්‍රකාශනයක් බාගත කොට ගබඩා කර තබා ගැනීමද මෙම තත්ත්වයට ගැනෙනු ඇත .
අසභ්‍ය ප්‍රකාශන (Obscene Publications) සන්තකයේ තබා ගැනීම වරදක් වන්නේද? යන කරුණ සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී අසභ්‍ය ප්‍රකාශන වශයෙන් සැලකිය හැකි දෑ සන්තකයේ තබා ගැනීම පිළිබඳව විග්‍රාහත්මකව සඳහන් කළහොත් ; එය හුදු සන්තකයේ තබා ගැනීමක් පමණක් වන්නේ නම් වරදක් නොවන බව පළමුව පැවසිය යුතුය.
අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ විධිවිධාන සලකා බැලූවිට වෙළෙඳාම පිණිස හෝ වෙළෙඳාමක් වශයෙන් බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශනය සඳහා දක්වා ඇති හෝ; දක්වා නැති කාර්ය සඳහා හෝ අසභ්‍ය ලියවිලි, පත්‍ර, මුද්‍රිත ඡායා රූප, සිතුවම්, මුද්‍රිත පින්තූර, විශාල දැන්වීම්, ලාංඡන ඡායාරූප, සිනමාපට, රූපවාහිණි කැසටිපට, වෙත අවධානය යොමු කළ හැකිය. අසභ්‍ය දේ සෑදීම, නිෂ්පාදනය කිරීම, හෝ ළග තබා ගැනීම වරදක් වෙයි. මෙහිදී සන්තකයේ තබා ගැනීම කුමක් පිණිස සිදු කරන්නේද යන්න මත පමණක් වරද සංස්ථාපනය වෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ අයාල ආඥා පනතේ ප්‍රතිපාදන අනුසාරයෙන්ද සලකා බැලූ විටද යමකු අසත්‍ය ප්‍රකාශ සිය පෞද්ගලික පරිහරණය පිණිස හුදු සන්තකයේ පමණක් තබා ගැනීම ඒ අනුව වරදක් නොවෙයි.
මෙම තත්ත්වයට අදාළ පනතේ අභිමථාර්ථයට පටහැනිව යන කරුණක් බැවින් මේ සම්බන්ධයෙන් නීතිය සංශෝධනය කිරීම අවශ්‍ය වනු ඇති බව සඳහන් කළ යුතුයි.
අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබාගෙන සිටින යම් පුද්ගලයකු අත්අඩංඟුවට ගැනීමට පොලීසියට යම් නීතිමය බලයක් තිබේ දැයි යන කරුණ බොහෝ විට මතුව ඇති ගැටලුවකි. එසේ කිරීමට පොලිසියට බලයක් නැත. එහෙත් ඉහත දී සඳහන් කළ පරිද්දෙන්ම යම් අයකු තමන් සන්තකයේ අසභ්‍ය ප්‍රකාශන වෙළදාම, ප්‍රදර්ශනය, බෙදාහැරීම යනාදී වශයෙන් වූ කාර්යයන් සඳහා තබාගෙන ඇති විට ඔහු අත්අඩංඟුවට ගැනීමට පොලීසියට බලය ඇත.
එහිදී එසේ යමකු සන්තකයේ එකී කාර්යයන් පිණිස අසභ්‍ය දර්ශන ඇති බවට උපකරණ හා පරිශ්‍රයන් සෝදිසි කිරීමට අවැසි නම් ඒ බවට කරුණු තහවුරු කිරිමෙන් පසු ගරු මහේස්ත්‍රාත්වරයකු විසින් නිකුත් කරනු ලබන සෝදිසි වරෙන්තුවක් මත වැටලීමක් කර එහිදී පුද්ගලයන් අත්අඩංඟුවට ගත හැකිය. මේ අනුව හුදෙක් පුද්ගලික සන්තකයේ අසභ්‍ය යැයි සම්මත යම් ලේඛනයක් හෝ ප්‍රකාශනයක් තබා ගත් පමණින් එවන් පුද්ගලයකු අත්අඩංඟුවට ගැනීමට පොලිස් නිලධාරියකුට බලයක් නොමැත. එනමුදු පනතේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට එම ලේඛනය සන්තකයේ තබාගෙන ඇත්තේ වාණිජමය ප්‍රතිලාභයක් ලැබීමට භාවිතා කිරිමට හෝ වෙළඳාමකට හෝ බෙදා හැරීමට හෝ මහජන ප්‍රදර්ශනය උදෙසා භාවිතා කිරිමට නම්, එනම් අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ වරදවල් වශයෙන් දක්වා ඇති එවැනි අවස්ථාවන් උදෙසා භාවිතා කිරිමට නම් එවන් අවස්ථාවකදී අත්අඩංඟුවට ගැනීමක් සිදු කළ හැකිය.
මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිකුත් කරන ලද හෝදිසි වරෙන්තු නොමැතිව පොලිස් නිලධාරින්ට යම් පුද්ගලයකුගේ ජංගම දුරකථන, ලැප් ටොප්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණක වැනි මෙවලම් වල අසභ්‍ය ප්‍රකාශන පවතින්නේදැයි යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමේ අරමුණින් භාරයට ගෙන පරීක්‍ෂා කිරීමට පොලීසියට බලයක් පවතින්නේද ඇතැම් පාර්ශ්වයන්ට මතුව ඇති ගැටලුවකි.
එසේ පරීක්‍ෂා කිරීමට බලයක් නැත. එසේ සිදු කළ හැකි වන්නේ අසභ්‍ය ප්‍රකාශන,වෙළදාම්, ප්‍රදර්ශනය, බෙදාහැරීම යනාදිය වශයෙන් වූ කාරණ උදෙසා යමෙකු සන්තකයේ අසභ්‍ය ප්‍රකාශන උපකරණ තුළ ගබඩා කර ඇති බවට අධිකරණයට නිසි ලෙස කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයෙකු වෙතින් ලබා ගන්නා සෝදිසි වරෙන්තුවක් ඇත්නම් පමණි.
කිසියම් අසභ්‍ය ප්‍රකාශනයන් ජංගම දුරකථනයෙහි හෝ පරිගණකයෙහි භාගත (download) කර තබා ගැනීම සඳහා සහ මුද්‍රිත පිටපතක් හෝ ලියන ලද හෝ අඳින ලද ලියවිල්ලක් ළඟ තබාගෙන සිටින යම් පුද්ගලයන් පොලිස් අත්අඩංඟුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට ඇති නෛතික තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව සලකා බැලීමේදී එසේ අසභ්‍ය ප්‍රකාශනයන් හුදු සන්තකයේ තබා ගැනීම පමණක් වරදක් නොවන බැව් ඉහත දී පැහැදිලි කර ඇත. එබැවින් එසේ තබාගත් පමණින් තැනැත්තකු අත්අඩංඟුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරියෙකුට බලයක් නොමැත. නමුත් ඉතා සුලබ ලෙස දැකිය හැකි කරුණක් නම් පොලිස් නිලධාරීන් නිසි නෛතික පරිචය අනුගමනය නොකරමින් සමහර අවස්ථා වල කටයුතු කරමින් යම් තැනැත්තන් අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එය වැරදි භාවිතයකි.
ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය හැසිරීම්වල යෙදෙන පුද්ගලයන්ට හෝ වෙළදාම පිණිස හෝ වෙළදාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශනය සදහා ඡායාරූප, සිතුවම්, වීඩියෝ මුදාහැරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්ද යන කරුණ පිළිබඳව සලකා බැලීමේදී මෙහිදී පළමුව ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය හැසිරීම් වල යෙදෙන පුද්ගලයන් සම්බන්ධව ගත් විට ද අවස්ථානුකූලව එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වැරදි සංස්ථාපනය කරයි. උදාහරණයක් ලෙස ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය ලෙස ගායනයක්, උච්චාරණයක් කරන අයකු දණ්ඩ නීති සංග්‍රහයේ 287 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කරයි. එසේම එවැනි දෑ වෙළදාම පිණිස හෝ වෙළදාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා මහජන ප්‍රදර්ශනය සදහා අසභ්‍ය ප්‍රකාශන මුදාහැරීම 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශ ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වැරදි වෙයි. එහිදී පළමුවරට වරද සිදු කරන අයකු රුපියල් දෙදහස් පන්සියයක් නොයික්ම වන දඩයක් හා / හෝ මාස 6 ක් නොඉක්මවන සිර දඩුවමකින් දඩුවම් කළ හැකිය.
අනෙක් කරුණ නම් මේ අසභ්‍ය ප්‍රදර්ශනයන් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයන්ට සහාය දැක්වීම හෝ ඊට සහභාගී වීම නැතහොත් කවර ලෙසකින් හෝ එකී ප්‍රදර්ශනය කිරීමට, බෙදාහැරීමට දායක වීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඒවා අතමාරුවට සහාය දැක්වීම නීතියෙන් වරදක්ද යන කරුණ සලකා බැලීමේදී එවන් ක්‍රියා 1983 අංක 22 හා 2005 අංක 12 දරණ පනත් මගින් සංශෝධිත 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වැරදි වෙයි. රු. 2500 නොයික්ම වන හා / හෝ මාස 6 ක නොයික්ම වන සිරදඬුවමක් නියම කළ හැකි බව ද, එකී පනතේ වැඩිදුරටත් පැහැදිලිවම දක්වා ඇත්තේ එකී වැරදි සහ එකී වැරදි සිදු කිරිමට තැත් කරන අයවලුන් ද එම දඩුවමෙන් දඩුවම් ලැබිය යුතු බවය.
සමස්තයක් ලෙස මෙවැනි අසභ්‍ය ප්‍රදර්ශනයන්ට කුමනාකාරයක හෝ දායකත්වයක් සම්බන්ධයෙන් මෙරටට අදාළ නෛතික තත්ත්වය කුමක්ද යන්න බොහෝ පිරිසක් දැනුම්වත් වී නැති කරණකි.
අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධව මෑතකදී වැඩි කතාබවක් ඇති වී තිබූ සිදුවීමි දෙස බැලූවිට නිරුවත් වීඩියෝ දර්ශන හා ඡායාරූප ආදිය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම වැඩි වශයෙන් කතාබහට ලක්වී ඇත. මෙම ලිපිය පුරාවට ඉහත දී සඳහන් කළ ආකාරයට අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත ප්‍රධාන ලෙසම අසභ්‍ය ප්‍රකාශනයන්ට අදාළ නෛතික විධිවිධාන සලසා ඇත. එසේම එහි සඳහන් වන වැරදි විෂයෙහි 2005 අංක 12 දරණ දඬ මුදල් වැඩිකිරීමේ පනතද වැදගත් වෙයි. අයාල ආඥා පනත යටතේද දණ්ඩ නීති සංග්‍රහ පනතේ 285. 286, 287 වගන්ති යටතේද මේ සම්බන්ධව වන විධිවිධාන දක්වා ඇත.