කොවිඩ් නිසා නැඟෙන ප්‍රශ්න ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

කොවිඩ් නිසා නැඟෙන ප්‍රශ්න ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1ගෝලීය ආර්ථික අර්බුදය අපේ රටට පමණක් නොවේ; ලෝකයේ සියලු රටවල් වලට බලපාලා තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම වගේ යැපුණේ නිෂ්පාදන ආර්ථිකයක් මතයි.ඒ දේශිය නිෂ්පාදන වෙනුවෙන් අප යොමු වෙලා තිබුණේ නැහැ.

ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයේ අවශ්‍යතාව විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා පත්වූ විගසම ආනයන වලට සීමා පැනවීමටත්; අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නොකිරීමටත් අපි තීන්දු තීරණ රාශියක් ගත්තා.

හැකි තරම් දේශීය නිෂ්පාදන සහ විකල්ප යොදා ගැනීමට සහයෝගය ලබා දෙන්න රජයක් ලෙස තීන්දු තීරණ ගත්තා. අපේ රටේ නිෂ්පාදන දියුණු කිරීමට අවශ්‍ය සාධක සපයාදීමට පියවර ගත්තා; කෝවිඩ් 19 වසංගතයට මුහුණ දීමට සිදුවීම සම්පූර්ණ ඉලක්ක කරා මේ වසංගත තත්ත්වයත් සමඟ ගමන් කිරීමට නොහැකි වීය හැකියි. එහෙත් සංවර්ධනය සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමට රජය ක්‍රමානුකූලව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජනතාව උනන්දු කිරීමට විශාල වැඩපිළිවෙළවල් රාශියක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. අපි මුල සිටම මේ ආණ්ඩුව පත් වූ දවසේ සිටම ගෘහ ආර්ථිකය සහ ජනතාව තුළ මුදල් සංසරණය වැඩි කරන තමන්ගේ ආදායම් මාර්ග වැඩි කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ක්‍රමානුකූලව වැඩපිළිවෙළක් මේ වෙනකොට සකස් කර තියෙනවා. මේ කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමයි මූලික පරමාර්ථය.

මේ අවස්ථාවේදී ලෝකයේ ම ඉලක්කය වන්නේ මේ කොවිඩ් තුරන් කිරීමයි. මේ වැඩපිළිවෙළට සමගාමීව අනෙකුත් සුබසාධන කටයුතු ආර්ථිකය නඟා සිටුවීම සඳහා ගෙන ඇති පියවර ජීවනෝපාය සංවර්ධන කටයුතුද සිදුකරමින් පවතිනවා.

 

2 ඇත්ත වශයෙන්ම අපි ඒ සම්බන්ධව කනගාටු වෙනවා. අපි ප්‍රතික්ෂේප කරනවා; ඒ අයගේ අදහස. රටක් විදිහට මේ මාධ්‍ය ආයතනවලට තොරතුරු දීමට රටටම කරන අපහාසයක්. අර්බුදයකට මුහුණපාලා සිටින අවස්ථාවක ජනතාවගේ ආදායම පහත වැටිලා තියන අවස්ථාවක බඩුමිල ඉහළට යද්දි එහි බලපෑමක් ජනතාවට තියෙනවා. රට වැසීම වෙනුවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් තුළ සිටිමින් නිෂ්පාදන ක්‍රියාවලියට යම් තරමින් අවසරයක් දීලා තියෙන්නේ; රට විවෘත කරන්නයි.

මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අබිබවා ජනගහනයට සාපේක්ෂව සමස්ත ජනගහනයෙන් සියයට 40 පළමු එන්නත ලබා දීලා තියෙනවා. තිහට වඩා වැඩි ජනගහනය සියයට 95 එන්නත්කරණය කරලා තියෙනවා.

එයින් සියයට 80 පමණ දෙවන මාත්‍රාවත් ඒ අයට ලබාදිලා තියනවා.

යම් යම් කූට වෙළෙන්දො කරන කූට වැඩ ගැනයි ගැටලුවක් මතු වුණේ. යම් පිරිස් ලාබ ඉපයීම පිළිබඳව අපිට කිසි විරෝධයක් නැහැ. ඒදේවල් කරන්නට අවශ්‍ය වෙන්නේ වෙළඳපොළ තරගකාරීත්වය මතයි.

අපි පෞද්ගලික අංශය ලාබ ඉපයීම සදහා කටයුතු කිරීමට අපිට විරෝධතාවක් නැහැ නමුත් මේ වනවිට පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවලා කෘතිම හිඟය සම්බන්ධවයි.

අපි මේ කතා කරන්නේ මිල ඉහළ යාම ජනතාවට මේ අවස්ථාවේ දරාගන්න අමාරුයි. ඒ නිසයි අපි වෙළෙඳපොළට සම්බන්ධ කාරණයේදි අත්‍යශ්‍ය භාණඩ සඳහා මේ මිල පාලනයක් ඇති කළේ. බදු අඩු කරද්දි මොකක්ද කිව්වේ. ගජ මිතුරන්ට සහන දුන්නා කිව්වා. මිල පාලනය කරද්දි ඒදේම කියනවා විපක්ෂය කිසිදු පදනමක් නැතුවයි මේ දේවල් කියන්නේ .

 

3.මේ රටේ අධ්‍යාපනය යම් කිසි පසුබෑමක් කොවිඩ් නිසා ඇති වෙලා තියනවා ගම්වල දරුවන්ට යම් කිසි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. දරුවන්ගේ අධ්‍යාපනය යළි ක්‍රමවත් කිරිමට රජය විවිධ පියවරයන් ගෙන තියෙනවා. ගුරුවරුන්ගේ ගැටලුවට යම් සහනදායි පිළිවෙතක් අපි මෙවැනි අවස්ථාවකදී වුවත් ලබා දී තියනවා.

 

4 අපි ජනතාව දැනුම්වත් කරලා තියනවා; අපේ සමෘද්ධි බැංකු පද්ධතියට ඇවිල්ලා ඒඅයගෙ ක්ෂුද්‍ර මුල්‍ය ණය් අවශ්‍යතා සපුරාගන්න කියලා අපි කියනවා. වර්තමානයට ගැළපෙන ඉල්ලුමට සරිලන සේවා නවීකරණයකුත් අපි කරලා තියනවා. බහුතරයක් අය අපගේ පනත යටතේ නියාමනය වන්නේ නැහැ. එසේ නැතිනම් ක්ෂුද්‍ර මුල්‍ය නියුක්තිකයන්ගේ සංසදය හරහා නියෝජනය වීමක් වෙන්නේ නැහැ. ඇතැම් ආයතන හඳුනා ගැනීමත් කරන්න බැහැ. විවිධ නම් වලින් විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන පුද්ගලයන් මේ ආයතනයන්වල ඉන්නේ. ඒ නිසා වග කියන බැංකු ජාලවලින් මේ කටයුතු කරන්න කියලයි අපි කියන්නේ. වග කියන බැංකු ජාලයන්ට හෝ ආයතනයන්ට මෙවැනි කටයුතු කරන්න කියලයි අපි කියන්නේ. සමෘද්ධි බැංකු පද්ධතිය ග්‍රාමීය බැංකු පද්ධතියට වඩා හොඳ ක්‍රමවේදයන් හඳුන්වා දීම සිදු කර තියනවා. වඩා මිත්‍රශීලී සහ ඔවුන්ට වඩාත් ගැළපෙන අදට ගැළපෙන ක්‍රමවේදයන් හඳුන්වා දී තියෙනවා. එයින් උපරිම ප්‍රයෝජන ගන්න. එකෙන් අපි කියන්නේ බැංකු ණය ලබා ගත්තු අයට යම් යම් නියාමනයන් ලබාදීලා තියනවා. නමුත් එය බැංකු පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. මහ බැංකුව විසින් නියාමනය කළ යුතුයි.

රජය සහ මහ බැංකුව ගන්න තීන්දු ක්‍රියාත්මක නොවන අවස්ථා තියෙනවා. වක්‍රාකාරයෙන් ඒ සඳහා හේතු දෙකක් ගොඩනඟා ගෙන තියෙනවා. මෙයින් ජනතාව දැඩි අපහසුතාවකට පත්වෙලා තියෙනවා; ජනතාවට විශාල අසාධාරණයක් කරන්න පෙලඹිලා තියෙනවා. රජය සහ මූල්‍ය බැංකු මණ්ඩලය ගත් තීන්දු ක්‍රියාත්මක නොකරන්න වෙනත් සම්ප්‍රදායන් සහ යම් යම් දේ හඳුන්වා දීලා තියෙනවා.

 

5 සංචාරක ව්‍යාපාරයට වෙනත් විකල්ප නැහැනේ. සංචාරක ව්‍යාපාරය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් තුළ ආරම්භ කළ යුතුයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවන්න අවශ්‍යයි. සංචාරක ව්‍යාපාරය එපා කියන කණ්ඩායම් අපිට විකල්පයක් කිව යුතුයි. මේ රටේ සෘජු හෝ වක්‍රාකාරයෙන් සංචාරක ව්‍යාපාරය හරහා ජීවිකාව ගෙනියන ජනතාව ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. සංචාරක කර්මාන්තය හරහා මේ රටට බිලියන හතරකට වඩා විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයක්.

අපනයනය සම්බන්ධයන් නොවෙයි ගැටලුව තියෙන්නේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවන්ට ඉල්ලුමට සරිලන සැපැයුම් දෙන්න බැරි තරම් තියනවා; කොවිඩ් කියලා රට වහගෙන ඉන්න එක නොවෙයි විකල්පය.

ලක්ෂ 60කට වඩා ඉන්නේ දෛනික ආදායම ලබන පිරිසක්. ඒ අය වෙනුවෙන් සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුව වෙනත් වයිරස ප්‍රභේදයන් ලංකාවට පැමිණීම වැළැක්වීමට අපි කටයුතු කරනවා .

 

1ගෝලිය ආර්ථික ක්‍රමවේදය යම් අර්බුදයකට පත් වී තිබුණත්; එය අපේ රටට බලපාන්නේ නැහැ. අපි කුඩා රටක් ඒ නිසා අපේ අවශ්‍යතාවයන් ද සීමිතයි. මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නවත් අපේ රටේ ඩොලර් නැහැ. අපිට භාණ්ඩ ගෙන්වන්න බැරි ගෝලීය අර්බුද නිසා නොවෙයි; රටේ ඩොලර් නැති නිසයි. මේ ආකාරයේ ආර්ථික බිඳ වැටීමට රටක් ලෙස බලපානු ලබන හේතු රාශියක් තියනවා.

විශේෂයෙන් මේ වන විට අපේ රටේ ආනයනය සිමා කර ඇතැම් භාණ්ඩ ගෙන්වීමට තැන්පතු තියන්නත් වෙලා, නැතිනම් ලොකු බද්දක් අය කරනවා; ව්‍යාපාරිකයන් කොහොමද බඩු ආනයනය කරන්නේ. අපි රටක් ලෙස මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපාය මාර්ගික ක්‍රමවේදයන් වැඩිදියුණු කළ යුතුයි.

අපනයනය පැත්තෙන් ගත්තොත් අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට ඉල්ලුම තියනවා. තේ කර්මාන්තයටත් තවම වෙළෙඳපොළ තියනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණයට හොඳ වෙළෙඳපොළක් තියනවා. මේ නව තත්ත්වයන් නිසා තොරතුරු තාක්ෂණය වැඩි ලෙස භාවිත වන කාලයක් උදා වෙලා තියනවා. වත්මන් ක්‍රමවේදයන් අනුව මානව සංවර්ධනය ගොඩනඟා ගන්න සැලසුම් සකස් කළ යුතුයි. පවතින ක්‍රමවේදයට අනුගත වෙලා ඒහා සමඟාමීව යන්න පුළුවන්; ආර්ථික ක්‍රමවේදයන් ගොඩනඟා ගන්න අවශ්‍යයි.

ගෝලිය තරගකාරී වෙළෙඳපොළේ තොරතුරු තාක්ෂණ නිපුණතාවයන් ඇති අයට ඉල්ලුම තියනවා. ඒවා දියුණු කළයුතු ක්ෂේත්‍රයන්. මේ අර්බුදය හමුවේ විශාල ලෙස පසුබෑමට ලක් වී තියෙන්නේ; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. ඒ අය දිරිගැන්වීමෙන් රටේ ආර්ථිකයට යම් සහනයක් ලැබෙයි.

රජය විශේෂයෙන් ඇඟළුම් ක්ෂේත්‍රවලට අදාළ යුරෝපා අපනයන වෙළෙදපොළ ආරක්ෂා කර ගත යුතුයි. මේ ක්‍රියාමාර්ගවලින් රටක් ලෙස අපිට ආර්ථිකමය පැත්තෙන් ගොඩ ඒමට හැකියාවක් තියනවා.

 

2 මේ අවස්ථාවේ හදිසි නීතියක් අවශ්‍ය නැහැ .අත්‍යවශ්‍ය ආහාර හිඟතාවයක් සහ මිල ඉහළයාමක් තියනවා නම් එය පාලනය කරන්න හදිසි නිතිය අවශ්‍ය නැහැ. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් නීතිරිති තියනවා. මිල පාලනය කරන්න නිතිරිති තියනවා.

පාරිභෝගික අධිකාරි පනතක් තියනවා. එහි අඩු පාඩු තියනවා නම් ඒ පනත සංශෝධනය කිරීමට අපි රජයට සහය දෙනවා. සුනාමියෙන් පසු 2005 ව්‍යසන කළමනාකරණ පනත ගෙනාවා.

ඒ පනත යටතේත් බලතල තියනවා. අපෙ රටේ තියෙන පනත් පාවිචිචි නොකර කාර්යය සාධක බළකායක් සකස් කර ගත්තා. මේ රටේ නීතිමය රාමුවක් තියනවා. මේ කාර්ය සාධක බළකායන් නිතියෙන් පරිබාහිරයි. ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළයි මේ රට ක්‍රියාත්මක වියයුතු වන්නේ. මේ අය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවන්.

 

3 දරුවන්ගේ අධ්‍ය­ාපනය අඩාළවීමක් ඇතිවෙලා තියනවා. නව අධ්‍යාපන ක්‍රමවේදයන් සමඟ ඉදිරියට යන අධ්‍ය­ාපනයක් ඇති කරන්න අපි අපේ කාලයේ සුදානම් වුණා. අපේ රටේ දරු පරපුරට අධ්‍යාපනය අවශ්‍යයි. එය දරුවන්ගේ අයිතිවාසිකමක්. වසංගතය අඩුවුවත් ඔන්ලයින් ක්‍රමවේදයන්ට යොමුවෙන්න වෙනවාමයි.

යම් යම් වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කරන්න අවශ්‍යයි. මානව සංවර්ධනයන්ට මුදල් යොදවන්න අවශ්‍ය කාලය දැන් උදාවෙලා තියෙන්නේ; ලෝකයේ අනෙක් රටවල්වල පාසල් යම් ක්‍රමවේයන්ට අනුකූලව විවෘත කරලා තියනවා.

වැඩියෙන්ම ළමුන් නිවෙස්වල හිටපු රටක් අපගේ රට. අනිවාර්යෙන් අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පාසල විවෘත කළ යුතුයි. පාසල්වලට යාම දරුවන්ට අත්‍යවශ්‍ය කාරණාවක්. දරුවා ඉගෙන ගන්නේ සමාජය සමඟ හැසිරීමෙන් එකනෙකා අතර සුහඳශිලීත්වය පෞරුෂත්වය, මානව සම්බන්ධතාවයන් ගොඩනැඟීමට පාසල අත්‍යවශ්‍යයි. ඒවගේම පාසලක උගන්වන ගුරුවරුන්ට නිසි තැන දෙන්න අවශ්‍යයි.

හැම පුද්ගලයෙක්ම නිර්මාණය කරන්නේ ගුරුවරුන්. ගුරුවරුන්ගේ කලකිරිම් තියනවා. ඒඅයට අසාධාරණ වෙලා තියනවා. වැටුප් විෂමතා තියනවා. අපේ රටේ ගුරුවරුන්ට නිසි තැන ලැබිලා නැහැ. ගුරුවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් මේ රජයට පමණක් වගකීම දාන්න බැහැ .

 

4 ක්ෂුද්‍ර මූල්‍ය ණයකපා හැරීමට පෙර ඒ ණය ලබා ගැනීම පාලනයයි වැදගත් වෙන්නේ. ණය දීලා එය කපා හරිනවා නම් මුල්‍ය විනයක් රට තුළ ඇති වෙන්නේ නැහැ . නුසුදුස්සන්ට ණය නොදිය යුතුයි. රජය එම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් සමඟ සාකච්ඡා කර යම්කිසි විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැනීමට යොමුවන්නේ ඉතාමත් දිළිඳු පිරිසක්. රජය මැදිහත් වෙලා මේ අයට දීමනාවක් දිය යුතුයි. ණය දීලා වැඩක් නැහැ ගෙවන්න බැරි දිළිඳු අයට. මුල්‍ය නියාමනයක් රටක තිබිය යුතුයි. සෞඛ්‍ය දැක්මේ පොරොන්දුවක්නේ මේ ණය කපා හරිනවා කියන කරුණ.එය අද වෙලා නැහැනේ. දේශපාලනඥයන් පොරොන්දු දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.

 

5 මේ පවතින තත්ත්වයෙන් යථා තත්ත්වය පත්වූ විගස සංචාරක ව්‍යාපාරය, සේවා නියුක්තියකයන්ගේ ආදායම් රටට අහිමි වීමේ ප්‍රශ්නත් යථා තත්ත්වයට පත්වෙයි. සංචාරක ව්‍යාපාරිකයන්ගේ ආදායම් ගැන හිතලා විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේරණයන් අඩුවීම් ගැන, රටේ ආර්ථිකය ගොඩනඟන ක්‍රමෝපායන් ගැන සෙවිය යුතුයි. මේ රටේ මානව සම්පත ගොඩනැඟීම අවශ්‍යයි.

තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය දියුණු කරලීමට කටයුතු කළ යුතුයි.

ආණ්ඩුවක් ලෙස සියලු ක්ෂේත්‍රයන් ප්‍රතිව්‍යුහගත කිරීමට කැපකිරීම කිරීම මෙන්ම දුෂණය නාස්තිය අවම කළ යුතුයි. ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි; ආයෝජකයන්ට රටේ සුරක්ෂිතතාව පෙන්විය යුතුයි. ද්‍රවශීලතාවය දියුණු කළ යුතුයි. රටේ සර්ව ආර්ථික ක්‍රමවේදයක ස්ථාවරත්වයක් තිබිය යුතුයි.

ආර්ථික ආදායම ඉහළ දැමීමේ ක්‍රමවේදයන්ට යා යුතුයි. අපනයනයට ක්ෂේත්‍රයන්ට මුල් තැන දිය යුතුයි. කෘෂිකර්මයට සහ කුඩා හා මධ්‍ය පරිමාණය ව්‍යාපාර දියුණු කරලීමට කටයුතු කර ඒ සඳහා තාක්ෂණික ක්‍රමවේදයන් සකසා දීමට සහනය ලබා දීමට රජය මැදිහත්විය යුතුයි.

 

 

1ධනවාදී ක්‍රමය තුළ ආර්ථික අර්බුද ඇති වුණු පළමු අවස්ථාව මෙය නෙවෙයි. 2008, 2014 දිත් විටින් විට ධනවාදී ආර්ථික අර්බුද නිර්මාණය වුණා. ධනවාදයේ ක්‍රමවේදයේ ප්‍රතිවිපාක වැඩියෙන්ම දැනෙන්නේ ආර්ථිකමය වශයෙන් දුර්වල රටවලට; වසංගතයක් සමඟ ඒ ආර්ථික අර්බුදය නැවත වතාවක් මතුවී තියෙනවා; අපේ රටේ තියෙන්නේ දියුණු ධනවාදයක් නොවේ. හොර තක්කඩි ක්‍රමයක්. එය ධනවාදයේ විකෘතියක්.

මේ පවතින ආර්ථික පසුබෑමෙන් ගොඩ එන්න ලේසි නැහැ. ආණ්ඩුවක් මාරු කළා කියලා වැඩක් නැහැ. දැන් මේ අය යහපාලනයට බැන්නට දෙගොල්ලම අවුරුදු 30 ක් තිස්සේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල මේ තියෙන්නේ. මේක වෙනස් කරන්න නම් ඉස්සෙල්ලම හොරකම නාස්තිය දූෂණය වංචාව නතර කරන්න ඕනේ. ආර්ථික ප්‍රමුඛතා තිබිය යුතුයි. අපි ගියේ හරිම අස්ථාවර ආර්ථික අරමුණු පිටිපස්සේ.

නිෂ්පාදන ආර්ථිකයට තිබූ අවධානය හොඳටම අඩු කරල සේවා සපයන ආර්ථිකයක් දක්වා ගියේ. සංචාරක වගේ ඒවට තමා මුල් තැන දුන්නේ. මේවා හරිම අස්ථාවරයි. එතකොට අපිට ආහාර සුරක්ෂිතභාවයත් ප්‍රශ්නයක්. ආදායම උපයන මාර්ගත් තවත් වැටෙනවා. ආර්ථිකයට ස්ථාවර ක්‍රමවේදයක් තිබිය යුතුයි. ආහාර සුරක්ෂිතතාව වැදගත්. මේ ආහාර ආනයන මත රඳා පවතිනවා නම්, එහෙම නොවිය යුතුයි.

බල ශක්තියද, ආහාර සුරක්ෂිතතාවය ඒ වගේ දේවල් ගැන යම් කිසි ස්ථාවරත්වයක්; ආර්ථික වර්ධනය, ප්‍රතිලාභ බෙදන ක්‍රමය ගැනත් හිතන්න වෙනවා. සමාජයේ ප්‍රතිනිෂ්පාදනයට අවශ්‍ය ක්ෂේත්‍ර ගොඩක් තියෙනවා. අධ්‍යාපනය, සෞඛය, ප්‍රවාහන සේවය නඟා සිටුවීමටත් රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි.

 

2ඒ අදහස ලෝකයේ වෙබ් අඩවිවලට ගියේ; ආණ්ඩුව කියපු දේවල් නිසාමයි. අපි හදිසි නීතිය දාන්නේ ආහාර සැපැයුම පාලනය කිරීමටයි කියලා කිව්වා. ආහාර බෙදාදීමේ අඩුපාඩුවක් තියනවා;

ඒ නිසා හදිසි නීතිය අවශ්‍යයි කියලා ආණ්ඩුවමයි කිව්වේ. මේ දේ කරන්න ඇත්තටම හදිසි නීතිය අවශ්‍ය නැහැ.

පාරිභෝගික සේවා අධිකාරියේ පනතක් තියනවා; ආපදා කළමනාකරණ පිළිබඳව නීතිය. අපි දන්නේ නැහැ; හදිසියේම මේ නීතිය බලාත්මක කළේ ඇයි කියලා.

 

3සුදුසු ක්‍රමවේදයන්ට අනුකූලව පාසල් විවෘත කරන්න වෙනවා. මේ ඔන්ලයින් ක්‍රමයම කරන්න අමාරුයි. 40% පමණයි; මේ ක්‍රමවේදයන් අනුව අධ්‍ය­ාපනය ලබන්නේ. අනෙක් සියලු ක්ෂේත්‍ර ඇරලා තිබුණත් අධ්‍යාපනයට කිසිදු පියවරක් ගත්තේ නැහැ.

සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූල දෙමුහුන් ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. අපේ විකල්පය වෙන්න ඕන අරිනවාද වහනවාද කියන දේ නොවෙයි. අතරමැද ක්‍රමවේදයක් අනුගමනය කිරීම ගැනයි.

ආසන්න පාසල්වල අධ්‍යාපනය ලබාදීම හෝ කළ යුතුයි.ගුරුවරුන්ට හිංසා කරලා ඒ අයගේ ප්‍රශ්නවලට සාවධානව ඇහුම්කන් නොදී මේ දේවල් කරන්න බැහැ. ගුරු ගැටලුව විසඳිය යුතුමයි.

 

4 ක්ෂුද්‍ර මුල්‍ය ණය ගෙවීමට රජය පොරොන්දුවක් වුණා. ඒනිසා මිනිස්සු අමාරුවක වැටිලා ඉන්නේ. ඇතැමුන් මුදල් ගෙවන්නේ නැතුව හිටියා. දැන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් නඩු දානවා ඉතාමත් අසරණ මිනිසුන්ටයි මේ දේවල් වුණේ. ඒඅයගේ පොරොන්දුව කඩ කරලා ඒ අයට තවමත් උත්තරයක් නැහැ. වෙනත් ව්‍යාපාරවලට ලැබිලා තියන ණය සහනයක්වත් ඒ මේ අයට දැනිලා නැහැ. ක්ෂුද්‍ර මුල්‍ය කියන්නේම ප්‍රශ්නයක්. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවේදයම ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයි.

 

5 මෙය ඉක්මනින් ඉවර වෙන ප්‍රශ්නයක් නොවෙයි. ආර්ථිකය යළිත් ගොඩනඟන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියනවා.

නමුත් මෙය කරන්න නම් සෞඛ්‍ය රිතිවලට අවධානය දෙන්න වෙනවා. කොවිඩ් අවස්ථාවේ සංචාරකයන්ට රට විවෘත කළ යුතු නැහැ; සෞඛ්‍ය උපදෙස් අරගෙන දිර්ඝකාලීන වැඩපිළිවෙළකට යන්න අවශ්‍යයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයි වඩා කඩා වැටිලා තියෙන්නේ. මේ අයටයි විකල්ප ක්‍රමවේදයන් සහ නැවත ප්‍රතිස්ථාපනය කිරිමට ක්‍රමවේදයන් සැලසුම් කළ යුතු වන්නේ. මේ විදෙස් සංචිත ප්‍රශ්නය ඩොලර් හිඟතාවය කොවිඩි නිසා ඇති වූ ප්‍රශ්න නොවෙයි. ඒ මූලික ආර්ථික පදනම කඩා වැටීම නිසා සිදුවූවක්.

Comments