
කෘතසහස්ථ පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසකගේ ජනමාධ්‍ය මුල් ගුරුවරයා වූ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩබ්ලිව් ජී ගුණරත්න සැප්තැම්බර් 17 අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 83 වැනි වියේ පසුවිය.
පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨයන් අතර ඩබ්ලිව්.ජී එසේත් නැතිනම් ‘ගුණේ’ නමින් ප්‍රචලිත විදාන ගමගේ ගුණරත්න උපත ලැබුවේ 1938 වසරේ දෙසැම්බර් මස 21 වැනි දා මාතර තිහගොඩදී ය. මාතර රාහුල විද්‍යාලයේ ඩී.ජී කුමාරගේ, ජස්ටින් විජේවර්ධන, ගුණපාල වික්‍රමරත්න, නන්දසිරි මුතුකුමාරණ වැනි ඇදුරුතුමන්ලාගේ ගුරුහරුකම් මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ ගුණරත්න පාසල් කාලයේ සිටම ජනමාධ්‍ය කලාවට ඇලුම් කළේය. 1962 වර්ෂයේදී ලේක්හවුස් ආයතනයේ කඹුරුපිටිය වාර්තාකරු ලෙස ඔහු මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එච්. කේ මහින්දදාසයන්ගේ මඟපෙන්වීම යටතේය.
![]() |
ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාව 1982දී සාර්ථකව නිමකරමින් |
1962 වසරේදීම ඩල්සි ගුණරත්න සමඟ විවාහ වූ ගුණරත්න දරුවන් සිවුදෙනකුගේ පියෙකි. ඔවුන් වන්නේ දර්ශන, ප්‍රසාද්, නිමාලි සහ නදී ය.
ලේක්හවුස් ආයතනයේ ‘ජනතා’ පුවත්පතේ මාණ්ඩලිකයකු ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව 1965 වර්ෂයේදී ගුණරත්නයන්ට ලැබිණි. එතැන් සිට 2000 වසර දක්වා වසර 35කට ආසන්න කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කිහිපයක විවිධ තනතුරු හෙබවූ ඔහු ජනමාධ්‍ය ලෝකයේ මහා රුක්ෂයක් සේ නැඟී සිටිමින් ආධුනිකයන් දහස් ගණනකට දැනුම, ආකල්ප සහ ප්‍රායෝගිකත්වයේ ගුරුහරුකම් ලබා දුන්නේය. දිනමිණ පුවත්පතේ වැඩකරන කාලයේදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි නවකයන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පොත් තැබීමට අතහිත දුන් කිහිප දෙනා අතර ඩබ්ලිව් ජී ගුණරත්න ද ඉදිරියෙන්ම සිටි බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් අතර ප්‍රචලිතය. ඒ වෘක්ෂයේ සෙවණේ හැදී වැඩුණු නවකයෝ රැසක් දැන් ජනමාධ්‍යවේදීන් මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකාරිකයන් ලෙස ද තම දක්ෂතා පෙන්වමින් සිටිති.
දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සම්බන්ධ වූ දා සිට ශ්‍රී ලංකාවේ සිදුවූ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා කිරීමේ භ්‍යාගය හිමි කරගනිමින් එම ඓතිහාසික සිදුවීම්වල සාක්කිකරුවකු වීමේ අවස්ථාව ඔහුට හිමිවිය. ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ පාර්ලිමේන්තු විවාදය දිනමිණ පුවත්පත වෙනුවෙන් වාර්තා කළේ ද ඔහුය.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ලංකාගමනය වාර්තා කිරීමට අවස්ථාව හිමිවූ මාධ්‍යවේදීන් කිහිප දෙනාගෙන් ඩබ්ලිව් ජී ගුණරත්නද කෙනෙකි. ඉන්දියාවේ අගමැති රජිව් ගාන්ධිගේ ලංකාගමනයේදී සිදුවූ ප්‍රහාරය දිනමිණ වෙනුවෙන් වාර්තා කළේ ද ඔහුය.
ආසියා පදනමින් ලැබුණු ශිෂ්‍යත්වයක් අනුව 1982 වර්ෂයේදී ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයට ගිය ඔහු වසරක කාලයක් ‘මානුෂීය පුවත්පත් කලාව’ ගැන විශේෂ පාඨමාලාවක් හැදෑරීය. අසූව දශකයේ අග භාගය වන විට සහකාර ප්‍රවෘත්ති කර්තෘවරයෙක් සහ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දක්වා උසස්වීම් ලැබූ ඔහු දීර්ඝ කාලයක් එම තනතුර දරමින් නවකයන්ට අතහිත දෙමින් දිනමිණ පුවත්පතට මෙන්ම ජනමාධ්‍ය කර්මාන්තයටද අමිල මෙහෙයක් ඉටු කළේය.
දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය දරමින් සිටියදී සිළුමිණ පුවත්පතට ස්ථාන මාරුවක් ලැබ එහි නියෝජ්‍ය කර්තෘ ලෙස වැඩ බාරගත් ගුණරත්න පුවත්පතේ කර්තෘවරයා මෙන්ම කතෘ මාණ්ඩලිකයන්ද එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ පුවත්පතට පුනර්ජීවයක් ලබා දුන් අතර පුවත්පත අලෙවිය අතින් එම කාලවකවානුවේ වාර්තා පිට වාර්තා තැබීය.
![]() |
ජර්මනියේ පුවත්පත් පාඨමාලාවකට ඩබ්ලිව්. ජී. සහභාගිවු අවස්ථාවකදී |
ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අවස්ථා කිහිපයක් තිබුණත් ඒ කිසිවක් පෞද්ගලික මට්ටමෙන් නොගත් ඔහු තමන්ට ලැබුණු දඬුවම් මාරුවීම් පවා ආයතනයේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වැඩකටයුතු කිරීමට යොදා ගත්තේය. වරෙක ලේක්හවුස් ආයතනයේ අනුරාධපුර කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා ගිය ඔහු එහි සේවය කරමින් සිටි කාලයේදී අනුරාධපුරයේ එතෙක් පැවැති වාර්තා බිඳහෙලමින් ලේක්හවුස් පුවත්පත් වැඩිම අලෙවියක් ඇති පුවත්පත් බවට පත් කළේය.
වසර 35කට ආසන්න කාලයක් කටයුතු කරමින් ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබූ ගුණරත්න ජනාධිපති මාධ්‍ය අංශයේ කෙටි කාලයක් රාජකාරි කර පසුව ඉන් ඉවත් විය. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු පුවත්පත් කිහිපයක ප්‍රධාන තනතුරු සඳහා ඔහුට ඇරැයුම් ලැබිණි. ඔහු බාර ගත්තේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන ගේ ඇරැයුමයි.
2001 වසරේදී පමණ ලංකාදීප පුවත්පතට සම්බන්ධ වූ ඔහුට කෙටි කාලයක් ලංකාදීපයේ මාතර අධිකරණ වාර්තාකරු ලෙස කටයුතු කිරීමට සිදු විය. කෙසේ නමුත් යළිත් වරක් රංජිත් විජයවර්ධන ගේ දැනුම්දීම මත ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමි විය. එතැන් පටන් 2016 වසරේ දෙසැම්බර් මාසය වන තෙක් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරුවේ ඩබ්ලිව්. ජී. ය.
ප්‍රාදේශීය වශයෙන් සේවය කරන ජනමාධ්‍යවේදීන් ද ‘ජනමාධ්‍යවේදීන්’ පිරිසක්ම වන බැවින් ඔවුන් හුදු වාර්තාකරණයෙන් බැහැරව ආචාරධාර්මික ජනමාධ්‍යකරණයක යෙදිය යුතු බවටත්, ඔවුන්ට ජීවත්වීමට හැකි සාධාරණ ගෙවීමක් කළ යුතු බවටත් දැඩි මතයක සිටිමින් කටයුතු කළ OHU ප්‍රධාන කර්තෘවරයා සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසකට මාණ්ඩලකියන් සේ සම්බන්ධ වීමට අවස්ථාව ද ලබා දුන්නේය. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය ගැන නිරන්තරයෙන් සොයා බැලීම.
ලංකාදීප වෙබ් අඩවියේ ආරම්භක අවධියේ සිටම ප්‍රධාන සංස්කරකවරයා ලෙස කටයුතු කළේ ගුණරත්න ය. ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පැය 24ම යාවත්කාලීන විය යුතුය යන අදහසේ එල්බ ගෙන සිටි හෙතෙම සෑම තත්ත්පරයකම පාඨකයක් 1000ත් 11,000ත් අතර පිරිසක් වෙබ් අඩවියේ රැඳී සිටින තත්ත්වයකට එම වෙබ් අඩවිය ගෙන ආවේ සාමාන්‍ය පුවත්පත් කලාවෙන් බැහැරව ගොස් ඩිජිටල් ලෝකයද ජයගැනීමට පුවත්පත් කලාවේදීන්ට හැකියාව ඇති බව පෙන්වමිනි.
ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, වයිබර් වැනි නව මාධ්‍ය සහ සන්නිවේදන ක්‍රමද භාවිත කළ ඒ මහතා නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ දියුණු වන තාක්ෂණයට හුරුවීමට වයස ගැටලුවක් කර ගත යුතු නැති බවයි.
![]() |
බිරිය ඩල්සි සමඟ කලකට ඉහතදී |
අලුතෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන පිරිසට තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යෑමට මෙන්ම තමන් මෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම හැසිරවීමට හැකියාව ලබා ගත යුතු බවට මගපෙන්වූ ඩබ්ලිව් ජී ගුණරත්න ජනමාධ්‍යවේදියකු ලෙස ස්වාධීනව වැඩකටයුතු කරන ආකාරය ගැන ප්‍රායෝගික පාඩම් ගියා දුන්නේය.
‘සල්ලි නැත්නම් පාරේ පයිප්පෙකින් වතුර බීලා බඩ පුරෝගන්න. හැබැයි ජනමාධ්‍ය වැඩවලට ගිහින් කාගෙන්වත් වතුර උගුරක්වත් බොන්න එපා.’ නවකයන් ක්ෂේත්‍රයට යවද්දී දෙන පළමු ඔවදන වූයේ එයයි. ප්‍රවෘත්ති ගැන හොඳ දැනීමක් හොඳ ‘ඉවක්’ තිබූ ඒ මහතාට ජනමාධ්‍යවේදියකු විසින් වැරදි තොරතුරු සහිත ප්‍රවෘත්තියක් ලියනු ලැබුවහොත් එය හඳුනා ගැනීමට යන්නේ සුළු මොහොතකි. ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඔහු කළ වරද අවබෝධ කර දීමට උත්සාහ කරන ගුණරත්න මඳක් ‘සැරපරුෂ’ පුද්ගලයකු ලෙස ඇතැම් මාධ්‍යවේදීන් අතර ප්‍රචලිතය.
ජනමාධ්‍යවේදීන් අතින් යම් වරදක් සිදුවහොත් ඊට ‘සැරපරුෂ’ ලෙස ප්‍රතිචාර දැක්වුවද කිසිම ජනමාධ්‍යවේදියකු සමඟ පෞද්ගලික අමනාපකම් ඇති කර නොගැනීමට ඔහු වගබලා ගත්තේය. ඔහුගේ ‘සැරපරුෂ’ ප්‍රතිචාර ලැබූ ඇතැම් මාධ්‍යවේදීන් ගුණරත්න කෙරෙහි යම් තරහක් උපදවා ගත් අවස්ථාද නැතුවාම නොවේ. එවැනි අවස්ථාවලදී ගුණරත්න සෙසු ජනමාධ්‍යවේදීන් සමඟ ‘මම බැන්නට තරහ නැහැ ඒ්යි’ කියා මඳ සිහනහවක් පා ඔහුගේ අඩුපාඩුව සහ බැන්න හේතුව කියාදෙමින් සෙසු ජනමාධ්‍යවේදීන්ටද එවැනි වැරදක් සිදු නොවීමට වගබලා ගන්නා ලෙස උපදෙස් දෙයි.
රාජකාරි කාලයේ අනවශ්‍ය පීඩනයකින් තොරව වැඩකටයුතු කරගෙන යෑමට ජනමාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් අතහිත දුන් ඩබ්ලිව් ජී ගුණරත්න විහිළුවෙන් කාලය ගතකරන ප්‍රියමනාප පුද්ගලයෙක් විය. ගවේශනාත්මක මාධ්‍යකරණය, පාරිසරික ජනමාධ්‍යකරණය, විශේෂාංග රචනය, ප්‍රවෘත්ති කලාව මෙන්ම ගැටුම් වාර්තාකරණය ගැනද ප්‍රවීණයකු වූ ඒ මහතා විටෙන නවක ජනමාධ්‍යවේදීන්ට ඇවිදින පුස්තකාලයක් බඳු විය. ඔහුගේ පෞද්ගලික මුදලින් නවකයන්ට පොත්පත් අරගෙන දෙමින් දිරි ගැන්වූ අවස්ථා ඕනෑ තරම් ඇත.
කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ජනමාධ්‍ය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පිදෙන රන් සම්මානය 2016 වසරේදී හිමිවූ ඩබ්ලිව් ජී ගුණරත්න 2017 වසරේදී ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62වැනි සංවත්සරයේදී ද විශේෂ උපහාරයකින් පිදුම් ලැබීය. ඩබ්ලිව් ජී ග්‍රන්ථ කිහිපයක කතුවරයෙකි.
කොවිඩ් 19 ආසාදනය වීම නිසා දින 18ක් පමණ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 17 වැනිදා අලුයම 03ට පමණ ඩබ්ලිව් ජී ගුණරත්න අවසන් හුස්ම හෙළුවේ වසර 52ක තම මාධ්‍ය ජීවිතය තුළ නවකයන් විශාල ගණනක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එක් කළ, ජනමාධ්‍යවේදීන් රැසකට අතහිත දුන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ යුග පුරුෂයකු ලෙස නොමියන මතකයන් රැසක් ඉතිරි කරමිනි.