කත­ර­ගම දෙවි­යන්ට පූජා තැබීම | Page 5 | සිළුමිණ

කත­ර­ගම දෙවි­යන්ට පූජා තැබීම

 

 

කතරගම දෙවියන්ට වන්දනා මාන කිරීම සහ එ් දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටීම ඈත අතීතයේ පටන් අද දක්වා බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනා ඉමහත් ගෞරවයෙන් සහ ඇල්මෙන් සිදු කරති. ඊශ්වර, විෂ්ණු, ලක්ෂ්මී, සරස්වතී, ගණදෙවි ආදී දෙවිවරුන් සඳහා ද පුද පූජා තබා එ් දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටීම බෞද්ධ වන්දනා මානවල සිදු වෙයි.

 

විශේෂයෙන් කතරගම සුරිඳුන්ට පූජා තැබීමේ පිළිවෙත් සහ පූජා ගාථා ස්තෝත්‍ර මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු. කතරගම දේව පූජාවේදී පූජා ද්‍රව්‍යවල අඩුවක් වීම නිසා හෝ පූජා වාක්‍යවල අඩුවක් නිසා දෝෂයක් ඇති නොවන බව පොතපතේ සඳහන් වෙයි. එහෙත් නිවැරදිව භක්ති පූර්වකව එම පූජා තබා ස්තොත්‍ර කියැවීම සිදුවිය යුතුයි.

දේව පූජාව තැබීම තමන්ට පහසු නියම කරගත් දිනවල පූජා තැබීම කළ හැකිය. කෙම්මුර දින ඉතා සුදුසුයි. පහසු ආකාරයට වෙනත් දිනවලදී ද පූජා තැබීම වරදක් නොවේ. තම නිවසේ පූජා තැබීම නිසා කිසිදු දෝෂයක් ඇති නොවෙයි. ඉතා පිරිසිදුව අනුපිළිවෙළින් පූජා තැබීම කළ යුතු වෙයි.

 

පූජා ද්‍රව්‍ය

 

රතු මල් සහිත විවිධ පාටවලින් යුතු මල් පූජා කිරීම.

පහන් පූජා කිරීම - සුවඳ දුම් පූජාව

කපුරු පුද කිරීම

බෙලි පත්‍ර පුද කිරීම

ජලය - භෝජන සහ බුලත් පුද කිරීම ගෞරවයෙන් සිදු කරනු ලැබේ.

 

මෙම ද්‍රව්‍ය පූජාවේදී කියවිය යුතු පූජා ශ්ලෝක මෙහි දැක්වෙයි.

 

මල් පූජාව

 

ඕං පුත්තා ගමුකුලාශොක

නීප පාට ලිජානිච

සත් මල්ලිකා විල්වජාති

පුෂ්පානී ප්‍රති ගෘහ්‍යතාං

නානා විධානි පුෂ්පානී

ඍතු කාලෝද් භවානිච

මය, හිතාති දේවේශ

පූපාර්ථ ප්‍රතිගෘහ්‍යතාම්

රාජාභි රාජ දෙවේශ

පරිපූර්ණ දයා නිධෙ

මන්ත්‍ර පුෂ්පං ප්‍රදශ්‍යාමි

කරුණා කර වල්ලභ

ඕං පුෂ්පාය නමං

පහන් පිදීම

ඕං ආජ්‍ය ත්‍රිවර්ති යුක්නං

වහ්නි නායොජිතං මයං

දීපං ශ්‍රහාතං ස්කන්ධ

ත්‍රෛ ලෝක්‍ය තිමිරා පහං

සුවඳ දුම් පූජාව

ඕං දතං ගුග්ගුලු පේතං සුගන්ධංච - මනෝහරං

කපිලාග්‍රත සංයුක්තං ධූපොයං - ප්‍රතිගෘහ්‍යතා

 

කපුරු පිදීම

 

ඕං දේවසේතා පතෙ ස්කන්ධ

සංසාර ධවාන්ත භාස්කර

කර්පූරක මිදං දේව ගෘහ්‍යතාං සුර සප්තම

ඕං මයුර වාහනාය නමං

බෙලි පත්‍ර පිදීම

ඕං ත්‍රිද්ලං ත්‍රිගුණාකාරං

ත්‍රිනේත්‍රඤ්ච ත්‍රියායුෂම්

ත්‍රිජන්ම පාප සංහාරං

මේක බිල්වං ගුහාර්පිතං

ශ්‍රී ශුභ මුර්තායේ නමං

 

සඳුන් පිදීම

 

ඕං මලයජං සත්මෘතං නිත්‍යං

ශ්වෙත මාධුර වර්ධනං

කාශ්මීරජ සමායුක්තම්

වන්දනං ප්‍රති ගෘහ්‍යනාම්

වන්ධනං බන්ධෙ නිත්‍යං

සර්වදෝෂ නිවාරණම්

ආපදා හරතේ නිත්‍යං

ලක්ෂ්මී වස්තු සර්වදා

ඕං භූර් භූවස්වං

ජලය පිදීම

 

ඕං ගංගේව යමුනෙ වෛව

ගෝදාවරී සරස්වතී

නර්මදේ සින්දු කාවේරි

ජලෙස්මිං සන්නියංකුරු

ආයාතු වරුණ ශීඝ්‍රං

ප්‍රානීනං ප්‍රාණ රක්ෂිකං

අතුල්‍ය බලවාතත්‍ර

සර්වතෙ ජොතිධෙ නමං

ඕං ශුද්ධොදකං තීර්ථ

මාවාභයාම්

 

භෝජන පූජාව

 

ඕං නිවේධං ෂට්ර සොපේතං

ඵලමෝදකං ලෙංඩුකා

ග්‍රහාන සමුකො දේව

භක්ත පෝෂක තත්පරා

ඕං භෝජන තරපයාම්

 

බුලත් පිදීම

 

ඕං පුත්තාග ඵල යුක්තං

නාග වල්ලී ද ලෛර්යුතම්

කර්පූර චූර්ණ සම්පූර්ණං

තාම්බුලං ප්‍රති ගෘහ්‍යතාං

ඕං තාම්බූල තර්පයාම්

නමස්කාර කිරීම

වන්දෙ ශක්ති ධරං ශිවාත්ම තනයං

වන්දේ හරින්ද්‍රාර්චිතං

වන්දේ භාත්‍ර සහශ්‍ර මණ්ඩල නිභං

වන්දේ මයුරාසනං

වන්දෙ කුක්කුට කෙතනං

සුරගුරුං

වන්දේ කෘපාම් භොනියං

වන්දේ කල්පනා පුෂ්ප ශෛල

නිලයං වන්දෙ කුමාර ගුහං

පූජාව අවසානයේ කියවීමට

දීප ධූප ගන්ධ පුෂ්ප තාම්බුලාදි වන්දනං

ධ්‍යාන භෞම දාන යාචනාදී කර්ම යේවිත

පූජයාමි වාරවාර සෞඛ්‍ය ලාභ හේත

ස්කන්ධ දේව රාජ පාද පද්මහං නමෝ සදං

ස්කන්ධ කුමාරයන්ට පින් පිදීම

සම්බුද්ධ ශාසනවරං ඉධ රොහණස්මිං

සම්පාලනාය ලද්ධ වරො මහිද්ධි

පුඤ්ඤානුමෝදීය සලාන්ත දේවරාජා

පාලේතු මං සතත සාත හිතා වහන්තො

මෙම දේව පූජාව බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් පසුව කිරීම අනිවාර්ය වෙයි.

 

තම දියුණුව, ආරක්ෂාව, ග්‍රහ අපල දුරුවීම, නිරෝගි බව, ආර්ථිකය යහපත්වීම සිදුවෙයි.

Comments