පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කෘතිය - නිරූපිකාවී

කර්තෘ - ගුණසිරි සිල්වා

මිල - රුපියල් 400/=

කැටපත ප්‍රකාශනයකි

ප්‍රවීණ සිනමා විචාරකයකු ලේඛකයකු වන ගුණසිරි සිල්වා විසින් රචිත පස්වන නවකතාව නිරූපිකාවීය.

ගයනී වන ඇය ජීවිතයේ විවිධ හැලහැප්පිම් වලට මුහුණ දෙන්නීය. චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් ආදර්ශ මානවී රූපයක් ලෙස පෙනී සිටීම තම ජීවන වෘත්තීය කර ගත් ඇය සමාජයට මුහුණ දෙන ආකාරය මෙහි කියැවේ. සරල බස් වහරකින් ලියැවී ඇති මෙම කෘතිය චිත්‍ර ශිල්පීන් ඉදිරියේ “නිරූපිකාවක“ ජීවිතයේ ඇති විවිධ හැලහැප්පිම් පිළිබඳ කියැවේ. මෙය පාඨකයාට අලුත් ම අත්දැකීමක් වනු නිසැකය.

 

 

කෘතිය - සාරස පුවත් ලිපි සරණිය

කර්තෘ - ආචාර්ය ගාමිණි

කාරියවසම්

මිල - රුපියල් 500/=

මහින්ද රාමනායක සහ

ජනක රාමනායක ප්‍රකාශනයකි.

ආගමික, ඓතිහාසික,සංස්කෘතික, පාරිසරික ජාත්‍යන්තර සහ සමාජීය තොරතුරු සමඟින් ලියැවුණ විවිධ ලිපි එක්කර ලියැවුණ කෘතියකි සාරස පුවත් ලිපි සරණිය. කලක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ දිවයිනේ ප්‍රධාන පුවත්පත්ව ලට ලියන ලද ලිපි එක්කර එයිනුත් තෝරා ගන්නා ලද ලිපි එකතුවක් මෙම කෘතියට එක්කර ඇත.

එසේ ලියන ලද ලිපි අතර ඓතිහාසික තොරතුරු ඇතුළත් ලිපි මෙන්ම මෙරට ප්‍රකට විද්වතුන් නිර්මාණ කරුවන්, ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාව ගැන සැඟවුණ තොරතුරු මෙන්ම කලාකාමි පුද්ගලයින් පිළිබඳ ලියැවුණ ලිපි ද ඇත.

සැබැවින්ම ඉතිහාසය, වර්තමානය මෙන්ම ප්‍රකට පුද්ගලයන් පිළිබඳ තොරුතු ගවේශනය කරන්නන්ට මේ කෘතිය මහඟු කෘතියකැයි හැඟෙනු ඇත.

 

 

 

කෘතිය - නිරෝධායන කුමරිය

කර්තෘ - නෝබට් ජිනසෝම

මිල - රුපියල් 300/=

තොටුපොළ ප්‍රකාශනයකි

නිරෝධායන නීතිය නෝබට් ජීනසෝමගේ ප්‍රථම නවකතාවයි. කොරෝනා වසංගත සමයේදී එළි දකින නිරෝධායන කුමරිය පාඨකයන්ට අලුත් අතදැකීමක් වන බව නිසැකය. අද බහුතරයක් සිටින්නේ මුහුණු පොතේ ය. එවිට අත්විදින්නට සිදුවන දෑ මිහිරිය. තවත් විටෙක කටුකය. එමෙන්ම ඇතැමුන් බරපතළ රැවටීම් වලට හසුවන්නේ ද තවකෙක් ජීවිතය හඳුනා ගන්නේද මහුහුණු පොත හරහාය. මේ සමය හා බැඳු නිරෝධායන කුමරිය පාඨකයාට අලුත් අත්දැකීමක් විය හැකිය.

 

Comments