
මේෂ ලග්නය - ආර්ථික මට්ටම යහපත්ය
මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. දරුඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරුඵල ද ඉගෙන ගන්නා වයසේ දූ පුතුනට යළි අධ්‍යාපන දක්ෂතා හුවා දැක්වීමට අවස්ථාව උදා වේ. ආර්ථික මට්ටම යහපත් වන අතර ශරීර සෞඛ්‍ය අතින්ද සුවදායි තත්ත්වයකි. හදිසි අනතුරු ආපදා පෙන්වන නිසා කල්පනාකාරී වන්න. පපුවේ සෙම, හතිය මතු කෙරෙනු ඇත.
වෘෂභ ලග්නය- ආත්ම විශ්වාසය ගොඩනැඟේ
වෘෂභ ලග්නයට අනුව කරගෙන ආ ව්‍යාපාර සපලවේ. රැකියා අභිවෘද්ධිය ගෙනදෙයි. තම ආත්ම විශ්වාසය ගොඩ නැඟෙන අතර අන් අය අතරේ කැපී පෙනෙන තත්ත්වයකි. සිතට කිසියම් පීඩාකාරි බවක් පෙන්නුවද එදිනෙදා කටයුතු කෙරේ අන් අයගේ යොමුවීම ඉතා යහපත් වනු ඇත. තම අනාගත අභිවෘද්ධිය උදෙසා යම් යම් ක්‍රියාමාර්ග ගන්නා සතියකි.
මිථුන ලග්නය - අන් අයගේ සහාය
මිථුන ලග්නයට අනුව ඔබට මෙම සතිය දේපළ හිමිකමක් පෙන්වයි. තමාට හිමිවන්නට තිබී අන්සතුව පැවති ඒ උරුමය ලිඛිතව තමාට පැවරෙනු ඇත. තමාට අත් උදව්වට සිටි අය තව තවත් තම කටයුතුවලට සහාය සපයනු ඇත. හදිසියේ තමාට තම වාසස්ථානයෙන් බැහැරට යායුතු වෙතත් තම සහකාරිය හෝ සහකරුවා වෙතින් ඉටුවිය යුතු යුතුකම් ඒ ආකාරයෙන්ම ඉටුවනු පෙනේ.
කටක ලග්නය - උසස් ආදායම්
කටක ලග්නයට අනුව හදිසි ධන සම්පත් හිමිකර දෙන සතියකි. තම කාර්යය බහුලතාවය නිසාම එදිනෙදා කටයුතු අතපසු වීමට ඉඩ ඇතත් මනා බුද්ධිගෝචර බව නිසා ඒවා සමබර තත්ත්වයට පත්කර ගැනීමට හේතුවනු ඇත. තම ව්‍යාපාරයක නිරත අයකු නම් උසස් ආදායම් හිමි වන අතර නව ආයෝජන වලට ද යොමු වීමට ඔබට අවස්ථාව උදාවේ. කුස උෂ්ණ ගති මතු කෙරේ.
සිංහ ලග්නය - ව්‍යාපාර සපල වේ
සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂි වෙයි. අවිවාහක අයට මංගල යෝග හා විවාහ උත්සවවලට සහභාගි වීමට අවස්ථාව උදාවේ. තම අධ්‍යාපනික කටයුතුවල නව ප්‍රවර්ධනයක් ඇතිවේ. මවුපිය සහයෝගය නොඅඩුව ලැබේ. තමා කරන වෘත්තියට අදාළ බාධා කම්කටොලු රැසක් උදා වුවද ව්‍යාපාර මට්ටමෙන් නම් සුබදායි වෙයි.
කන්‍යා ලග්නය - ආර්ථික ප්‍රතිලාභ
කන්‍යා ලග්නයට අනුව ඔබට පිටරටකට යාමට තිබූ බාධා ඉවත්වේ. තම වාසස්ථානවලින් දුරස් වීමට ද හේතු වේ. ව්‍යාපාරයක නියැෙළන අයකු නම් කාලයක් යනතුරු ඒවා නවතා දැමීමට තීන්දු තීරණ ගනු ඇත. ඉඩම් ලාභ ආර්ථික ප්‍රතිලාභ උසස් වේ. ආගමික ජීවිතය සුබවාදී වෙයි. නිවසේ කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට ඔබට හැකිවෙනු ඇත. පාදයේ වළළුකර, උරහිස ආශ්‍රිත අපල මතු කරයි.
තුලා ලග්නය - අධිෂ්ඨානය සපල වේ
තුලා ලග්නයට අනුව කලා කටයුතු කෙරේ යොමුවන අයට තම සිතැඟි පරිදි ඒවා සපලකර ගැනීමට හැකිවේ. නිර්මාණ එළිදැක්වීමට ද හැකි වේ. අවශ්‍ය පරිදි තම කටයුතු කරගෙන යාමේදි කාගේත් සහාය හිමි වීම නිසා අධිෂ්ඨානය සපල කර ගැනීමට හැකිවේ. වියදමට සමගාමී ලෙස ආදායම සරුවන නිසා බිය විය යුතු නැත. සතිය අවසානයේ සිත කලකිරෙන ස්වභාවයක් දක්නට ලැබේ.
වෘශ්චික ලග්නය - දැඩි වියවුල් මනසක්
වෘශ්චික ලග්නයට අනුව මෙම සතිය සිතේ දැඩි වියවුල් බවක් දක්නට ලැබේ. කිසිවකුගේ වංචනික ක්‍රියාවක් නිසා පාඩු සිදුවනු ඇත. එහෙත් සතිය මැදභාගයේ එය සමනයකට පත්වීම නිසා සිතට සහනය උදා වේ. කෙසේ නමුදු වෙනදාට වඩා ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදු වේ. හිස - පපුව වියළි ගති නිසා පීඩා විඳීමට සිදු වේ.
ධනු ලග්නය - ආගමික කටයුතු රැසකට මුල්තැන
ධනු ලග්නයට අනුව ඉතා පුණ්‍යවන්ත සතියකි. ගෙදර ආගමික කටයුතු රැසකට මුල්තැන. පෙර පින් මහිමයෙන් උරුමකම් - හිමිකම් සහිතයි. තමනට එරෙහිව සිටි අයවලුන් තමාට කිට්ටු වන අතර ඉදිරි කටයුතු සඳහා සහාය පළ කෙරෙනු ඇත. කලක් ගැටලු සහගතව පැවති නීතිමය ප්‍රශ්නයක් අවසන් වන බව පෙනේ. ඒ වෙනුවෙන් මුදල් වැය වීමක් ද පෙනෙන්නට තිබේ.
මකර ලග්නය - හදිසි අනතුරු
මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට බාධක වෙයි. ඒ යම් යම් අසනීප හදිසි අතුරු අනතුරු නිසාවෙනි. තමාට පිටස්තර අයකුගෙන් සිදුවිය හැකි අතවරයක් එසේත් නැතිනම් වංචාවක් නිසා කරගෙන ආ ව්‍යාපාර කටයුතු මඳකට අත්හැරීමට සිදුවන ලකුණු පළවේ. එහෙත් තම සහකරු හෝ සහකාරියගේ මැදිහත්වීම තුළ වාසනාව ගෙන ඒමට සමත් වෙයි. අධිෂ්ඨානයෙන් කටයුතු
කළහොත් ස්ථිරසාර දියුණුවට හේතු වේ.
කුම්භ ලග්නය - සිතේ සතුට
කුම්භ ලග්නයට අනුව ඔබට තම අධ්‍යාපනික ගුණවගාව දියුණු කරගත හැකිකම මතු කෙරේ. තමාට තම සිත ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට සුදුසු ශක්තිය අන් අය වෙතින් හිමි වේ. තම දූ දරුවන්ගේ කටයුතු නිසා සිතට සැහැල්ලුව හිමි වේ. ඉඩකඩම් නිවාස පිළිබඳව තිබූ ගැටලු රැසකට විසඳුම් ලැබේ. ඒ අනුව ඔබ අනාගතයට නව ආයෝජනයක් සිදුකර ගනී.
මීන ලග්නය - ඥාති පාර්ශ්වයෙන් අපකීර්තිය
මීන ලග්නයට අනුව මෙම සතිය තම ජීවිතයේ පසුබෑමට හේතුවන කරුණක් සිතට වදදෙයි. තම ඥාති පාර්ශ්වවලින් අපකීර්ති සහගත තත්ත්වයන්වලට මුහුණ දීමට සිදු වේ. දේපළක් පිළිබඳ තිබූ ගැටලුවක් තව තවත් දුරදිග යන ලකුණු පෙනේ. පපුවේ වේදනාව නිසා ප්‍රතිකාර ගැනීමට ඔබට සිදු වෙයි. සතිය අගභාගයේ සිට අභිවෘද්ධිය උදා වේ.