ඉන්දි­යානු විදේශ ලේක­ම්ව­රයා ත්‍රිකු­ණා­මල තෙල් ටැංකි නිරී­ක්ෂ­ණය කිරීම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

ඉන්දි­යානු විදේශ ලේක­ම්ව­රයා ත්‍රිකු­ණා­මල තෙල් ටැංකි නිරී­ක්ෂ­ණය කිරීම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1අප රාජ්‍යතාන්ත්‍රික සබඳතා තරකර ගැනීමට අවශ්‍යයි. ඒ නිසා ඉන්දීය විදෙස් ලේකම්වරයා මෙහි පැමිණීම විශාල ප්‍රශ්නයක් නොවෙයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියාවට පවරා දී තිබෙනවා, ඒත් ඒ අපේ ආණ්ඩුකාලයක නොවෙයි. එහි නිරීක්ෂණයට තමයි විදෙස් ලේකම්වරයා ගිහින් තියෙන්නේ . මේ එකඟතාවන් අනුව 2038 වෙනතුරු ඉන්දියාවට අයිති වෙනවා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ අයගේ නියෝජනයක් ඇති තැනකට ගිහිල්ලා නිරීක්ෂණය කිරීමේ වරදක් මම දකින්නේ නැහැ.

 

2 අපිට අද මහ දේශප්‍රේමයකින් චෝදනා කරන්නෙත් එදා මේ තෙල් ටැංකි ටික පවරලා දුන්න අයමයි. අපි මේ රටේ දේපළ විකුණුවේ නැහැ. යම් ආයෝජනයක් ලබාදෙන්න අවශ්‍ය නම් ඉන්දියාව හෝ වෙනත් රටකට, අපිට එය දියුණු කරගන්න බැරි නම් අපි ආයෝජයකයන්ට ලබා දෙනවා. එය රට විකිණීමක් නොවෙයි; දියුණු කිරීමක්. මේ වනවිට අපේ රටට ආයෝජන ගලාගෙන එනවා. ඒ ගැන විපක්ෂය හුඟක් කලබලවෙලා ඉන්නේ. කොරෝනා තත්ත්වයත් යටපත් වෙමින් යන නිසා දැන් කට්ටිය බය වෙලා ඉන්නේ. උද්ඝෝෂණ රැල්ලක් නැවත ඇති කරමින් රටපුරා උද්ඝෝෂණයන්ට සහාය දෙමින් මේ අය කරන්න උත්සාහ කරන දේ අපිට තේරුම්ගන්න පුළුවන්. එතකොට කොවිඩ් වැඩි වෙයි, මරණ වැඩිවෙයි. ආපහු රට වහන තත්ත්වයකට පත්වෙයි. මේ ගැන අද කතාකරන්නේ මේ රටේ ජාතික සම්පත් අමුඅමුවේ කුණුකොල්ලයට විකුණපු අයයි . පසුගිය ආණ්ඩුව කාලයේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේ සාකච්ජාවකටවත් ඉඩ නොදී විකුණපු අවස්ථා. අපි රජයක් ලෙස කරන සියලු දේවල් රටට පාර්ලිමේන්තුවට කියලා තියෙනවා.

 

3 රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එක් රජයක් අවුරුදු 20- 35කට ගිවිසුම් ගතකරලා වෙනත් රටකට යම් දෙයක් දුන්නට පස්සේ තවත් ආණ්ඩුවක් මාරු වුණා කියලා එය නැවත පවරගන්න ඒ තරම් පහසු වෙන්නේ නැහැ. මෙය ගෙවල් දෙකක් අතර ඉඩම් ආරවුලක් වගේ දෙයක් නොවෙයි. එක්තරා රජයක් විසින් ගිවිසුම් ගත කරලා දුන්න දෙයක්.

ආයෝජකයන් එන්නේ ඒ ආණ්ඩු යටතේ අරන් මේ ආණ්ඩු යටතේ දීලා යන්න නොවෙයි.එසේ වුණොත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ආරවුලක් ඇති විය හැකියි. මෙහෙම ගියොත් ආයෝජකයෝ ලංකාවට එයිද? ඒ ගැන මහ දේශප්‍රේමීත්වයකින් කතා කරන විපක්ෂයට තිබුණේ ඒ වැඩේ නොකර ඉන්නයි.

මෙයත් හරියට පාස්කු ප්‍රහාරය වගෙයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා කියල පහුගිය ආණ්ඩුවට අපි කියද්දි රටට ප්‍රහාර එල්ල වෙන්න පරිසරය හදලා ආණ්ඩු මාරු වුණාට එය අපේ ඇඟට විසිකරන්න උත්සාහ කරනවා. රාජ්‍යතන්ත්‍රික වශයෙන් ඇතිවන එකඟතා, ගිවිසුම්, ආයෝජන හිතුණම වෙනස් කරන්න බැහැ. අපිට කරන්න පුළුවන් එකම දෙය ඒ අය සමඟ එකඟතාවලට එලැඹෙන විට ලංකාවට වන හානිය අවම කර ගැනීමයි. ඒ වගේ දේවල් අපි සාකච්ඡා මට්ටමින් කළ යුතුයි.

 

4 ආණ්ඩුවක් පත් වුණාම ඒ ආණ්ඩුව රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න තීන්දු ගත යුතුයි. ජනතාව ඒ තීන්දු ගැනීමටයි අපිට ආණ්ඩු බලය ලබා දීලා තියෙන්නේ. විපක්ෂය මේ රට විනාශ කරලා තව දුරටත් අගාධයට යන විදිහට ප්‍රකාශ කරද්දි ඒදේවල්වලට ඇහුම්කන් දෙන්න නොවෙයි අපි පත්වුණේ. විපක්ෂය විනාශ කර තිබෙන මේ රට තවදුරටත් විනාශ කරන්න දෙන්න බැහැ. අපි විපක්ෂය වගේ රටට වින කරන කණ්ඩායමක් නොවෙයි.

 

5 ඔය ගැන හරියටම අහන්න වෙන්නේ කලින් ආණ්ඩුවේ අගමැති තුමාගෙන් සහ ඒ ආණ්ඩුවෙන් තමයි. ඒ අය රට ගැන හිතලා කවදාවත් ඒ දේවල් කළේ නැහැ. ඒදේවල් වල අයහපත් ප්‍රතිඵල තමයි අද අපිත් භුක්ති විඳින්නේ. අපට වගකීමක් තිබෙනවා වගකිවයුතු ආණ්ඩුවක් ලෙස රට පත්වී තිබෙන අගාධයෙන් ඔසවා ගැනීමට. අපිට දැන් සිදුවී තිබෙන්නේ එජාප ආණ්ඩුව කරපු හානි අවම කරගැනීමයි.

ඒ හරහා රටේ සහ සමස්ත භූගෝලීය වශයෙන් ඇතිවන ප්‍රශ්න නිරාකරණය කරගැනීමටයි. මෙය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් සහ ගිවිසුමක්. තෙල් අඩු පිරිවැයකින් ජනතාවට ලබාදීමට කටයුතු කිරීමට යම් ක්‍රමවේදයක් තිබෙනවා නම් රජයක් ලෙස ඒ ක්‍රමවේදය දෙසට අවධානය යොමු කිරීමයි අප කරන්නේ.

ඉන්ධන මිල අඩු කරන්න අපි විකල්ප ක්‍රමවේද සෙවීමට උත්සාහ කරනවා. ඒ සඳහා සුදුසු කළමනාකරණය කිරීමයි අපි කරන්නේ.

ජනතා හිතවාදී ආණ්ඩුවක් ලෙස අපි එය කරන්නේ ජනතාව වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂය මේ රට නහය ළඟටම ගිල්ලලා අපෙන් අහනවා මොනවද කියන්නේ කියලා.

 

1 සාමාන්‍යයෙන් සංචාරයක් කරන විට යම් කාලයක් සූදානම් වෙලානේ ඒ සංචාරය සිදු කරන්නේ. නමුත් මේ ඉන්දියානු සංචාරය ඉතාමත් රහසිගතව හදිසියේ සිදුවූ දෙයක්. මම එහෙම කියන්න හේතුව මූලික වශයෙන් එක් පැත්තකින් ලංකාව චීනය සමඟ සම්බන්ධතා වර්ධනයක් සිදුවන විට ඇමරිකාවත් යුගදනවි හරහා බලශක්තිය පිළිබඳව තීන්දූ තිරණ ගැනීමේ ප්‍රධාන මරමස්ථානයක හිමිකාරිත්වයට පත්වීමක් වෙනවා. ඉන්දියාවත් මේ තුන්කොන් සබඳතාවයේ සමබරතාවය රැකීම සඳහා ඒ අයගේ පංගුව ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය කරන මූලික තහවුරු කිරිම සඳහා පැමිණියා කියලයි හිතෙන්නේ.

 

2 මේ තෙල් ටැංකි ගැන 1987දී ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේදී කතා කර තිබෙනවා. එහිදී මූලික එකඟතාවකට ඇවිත් තිබෙනවා, ඉන්දු ලංකා ගිවිසුමේ මෙය කොටසක් බවට පත් වී තිබෙනවා. නමුත් එතනින් එහාට කිසිදු පියවරක් අරගෙන නැහැ. එහිදී ඉන්දියානු අගමැතිවරයාත් ලංකාවේ හිටපු ජනාධිපතිවරයාත් ලියුම් හුවමාරුවක් කරගෙන තිබෙනවා. නමුත් ඉන්දියාවට නිශ්චිත වශයෙන් මේ තෙල් ටැංකි පවරනවාද කියන කාරණාව සිදුවෙලා නැහැ. මගේ විශ්වාසය අනුව අයි. ඕ. සී සමාගමත් සමඟ ඇත්තේ වෙනත් ගනුදෙනුවක්. මෙය තෙල් ටැංකි සමඟ පටලවාගෙන මේ සාකච්ජාව සිදුවෙන්නේ. ඉන්දියාව සතු නම් නැවත ඉන්දියාවෙන් ඉල්ලන්න අවශ්‍ය නැහැනේ. මෙහි ඇත්තේ අතරමැද කාරණාවක්. ඒ නිසා වහාම මැදිහත් වී ලංකාවේ ආයෝජනය සිදු කරන්න පුළුවන් ආකාරයට අයිතිය නිරවුල් කරගත යුතුයි කියලයි මම කියන්නේ. අයිතිය නිරවුල් කරගැනීම සිදුවිය යුතු වන්නේ හොඳ නීතීඥ මණ්ඩලයක් මාර්ගයෙන්. තෙල් ටැංකිවලින් පහළොවක් පමණයි අයි.ඕ.සී සමාගමට අයත්ව තියෙන්නේ. එයත් ගිවිසුම් එකඟතා අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ නිසයි මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය සොයා බැලිය යුතු වෙන්නේ. ඇතැම් අය කියනවා මෙය දීලා නැහැ කියලා. ඇතැම් අය කියනවා දීලා කියලා. අනෙක් දේවල්වල අයිතිය නිරවුල් කරගන්නවා වගේම මෙය දීලා ඉවරයි කිව්වාම සදාකල්ම දීලා දාන්න පුළුවන් නේ. මේ දීලා තියන ටැංකි 15ත් ඇතුළුව මේ තෙල් ටැංකි සියල්ලටම මොකද කරන්නේ කියලා තීන්දුව රටක් ලෙස අපි ගත යුතුයි.

 

3 එතුමා එහෙම උත්සාහයක් දරලා තිබෙනවා. අපි අහනවා ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව එතුමා මැදිහත් වුණේ කොහොමද කියලා. විදෙස් ලේකම්වරයා ඒ අය භාරයේ දැනට තියන තෙල් ටැංකි ටික බලන්න ගිහින් එනවා. ඒ ආව වෙලාවෙදිවත් ඛණිජ තෙල් ඇමැතිවරයාවත් මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහෙන්න අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නෙත් නැහැ. අපිට කියන්න තියෙන්නේ ඉන්දියානු විදෙස් ඇමැතිවරයා ආව වෙලාවේ කතා කරන්න තිබුණානේ අදාළ ඇමැතිවරයාට. අපිට මේ දේවල් කියලා වැඩක් නැහැනේ. ඒ අයත් සමඟයි මේ දේවල් විසඳගන්න තිබුණේ.

 

4 මේ රටේ ආර්ථික අවුල ලිහාගැනීම සඳහා විකිණිම් කිරීමට යන්නේ. පහුගිය ආණ්ඩුවෙන් ආයෝජන මාර්ග සෙව්වාම මේ අය කිව්වා රට විකුණනවා කියලා. ඒ අයගේ ආණ්ඩුව ආවාම මේවාට කියනවා ආයෝජන කියලා. අපි කියන්නේ රටට සුබදායි ආකාරයට මේ රටවල් අතර සබඳතා පවත්වාගෙන යා යුතුයි. ජාත්‍යන්තර සමබරතාව ඇතිව‍ මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව රටවල් අතර ගනුදෙනු සිදු කළ යුතුයි. ඉන්දියන් සාගරයේ අපි සිටින භූගෝලීය වටිනාකම ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තරයත් සමඟත් යම් සමබරතාවක් ඇති කරගනිමින් මේ රටේ ආයෝජනයන් සිද්ධ කරන්න ආණ්ඩුව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යයි. මේ රටේ උද්ගතවෙලා තියන ආර්ථික අර්බුදය නිසයි ආණ්ඩුව මේ ඇතැම් පියවර අරගෙන තියෙන්නෙ. ආණ්ඩුව උත්සාහ කරන්නේ කලාපීය සහ ජාත්‍යන්තර පසුබිමත් ආර්ථිකයත් කළමනාකරණය කිරීමටයි. අපි ප්‍රාර්ථනා කරන්නේ ආණ්ඩුවට මේ වගේ අවස්ථාවකදී වංචාවට දුෂණයට ඉඩ නොදී තව කාගේ හරි ගිණුම්වලට සල්ලි කුට්ටියක් යන්නේ නැතුව මේ ආයෝජන ව්‍යාපෘති ඉතාමත්ම නිවැරදිව ක්‍රියාත්මක කරන්න ලැබේවා කියලයි.

 

5 ඉන්දු ලංකා ගිවිසුම අනුව ඉදිරියට අපි එකඟතා‍ෙවන් සහයෝගයෙන් කටයුතු කරමු කියලා එකඟතාවක් තිබෙනවා. මෙය කලාපීය ඇයි -හොඳයිකම් මත තීරණය කරන්න පුළුවන් වැඩක් . මේ රටේ තෙල් මතුවීමක් ගැන කතා කරනවා. හදිසියේ තෙල් පනතක් එන්නේ ඇයි? මේ නව පනත් සංශෝධනයේ තියෙන්නේ ඛණිජ තෙල් සංස්ථාවට කැණිම් කටයුතුවලට බලය වැඩි කර ගැනීමක්. මෙයින් ගෑස් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් නම් හොඳයි. අපි දන්නා තොරතුරු අනුව මෙහි සමීක්ෂණ කළ අයගේ මතය නම් මෙයින් මේ කැණිම්වලට යන පිරිවැය වැඩි බවයි. අපහසුතාවක් නැතිව ඉක්මනින් තෙල් ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ වගේ දෙයක් කරන්න තවත් අවුරුදු කිහිපයක් ගත වෙනවා. එසේ තිබියදී ඛණිජ තෙල් සංස්ථාව පැත්තකට දාලා පිරිපහදුකරණයට බලය ඇති එකම ආයතනය වන එම ආයතනයත් පැත්තකටම දාලා එල්.එන්.ජි ගෙන්වීම සහ බලාගාරය සකස් කර ගැනීමට යුගදනවි ගනුදෙනුව සිදුවෙන්නේ. ඇමෙරිකාව සමඟ එකඟ වූ ගිවිසුම අනුව අපි අපේ රටේ එල්.එන්.ජී මෙට්‍රික් ටොන් තිස්දාහක් පාවිචිචි නොකළත් අවුරුදු 20ක් දක්වාම ගන්න අපි පොරොන්දු වෙලා තිබෙනවා. එහෙම ගිවිසුමක් ගහන්නේ අපේ රටේ තෙල් තියෙනවා කියලා දැනගත්ත වෙලාවක. මේ කාරණා දෙක පරස්පර දෙයක්. රටක් විදිහට එක ගමනක් යෑමක් නොවෙයි තියෙන්නේ. ඇමෙරිකාව දීර්ඝකාලීන ගිවිසුම්ගත වීමත් සමඟ මේ වෙලාවේ හම්බ වෙන ඩොලර් ප්‍රමාණය අවුරුදු පහක් ඇතුළත නැවත ඇමරිකාවටම දෙන්න හදන ගිවිසුමක් තමයි මේ යුගදනවි ගිවිසුමත් සමඟ අත්සන් වෙන්නේ .

 

1 ත්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳ සාකච්ජා කිරීමයි ඉන්දියානු විදෙස් ලේකම්වරයා මෙරටට පැමිණිමට පැහැදිලි හේතුව. ආණ්ඩුව රටට මොනවා කිව්වත් ඔහු මෙහි පැමිණීමේ අවසන් අරමුණ වී තිබෙන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ගැන සාකචඡාවට බව ඉතාම පැහැදිලියි.

 

2 මේ ගැන ඇත්ත කතාව හුගාක් අය දන්නේ නැහැ. 1987දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඊට කලින් එජාප ආණ්ඩුවත් තෙල් ටැංකි ටික ඇමරිකාවට දෙන්න හැදුවා. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට දීම කලාපීය රාජ්‍යයට තර්ජනයක්. ඒ අනුවයි ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. ඒ ගිවිසුමේ 2 සහ 3 කොන්දේසි අනුව දෙරට එකතු වෙලා මෙය සංවර්ධනය කර පවත්වාගෙන යෑමේ එකඟතාවකට එනවා.

එය නීත්‍යානුකූලව පවරාදීමක් නොවෙයි එකඟතාවයක්. ඉන් අනතුරුව රජිව් ගාන්ධි හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධනට මේ පිළිබඳව ලිපියක් එවනවා.

පසුව මේ රටින් ලිපියක් යවා තිබුණත් ඒවා නිල ලේඛන වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම 2002 එක්සත් ජාතික පක්ෂ සමයේදී ඛණිජ තෙල් විධිවිධාන පනත කියලා එකක් ගෙනැවිත් ඒ පනතට අනුව තාවකාලික කමිටුවක් පත් කරනවා.

මේ කමිටුවේ නිර්දේශ මත තෙල් ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම පිළිබඳව බලපත්‍රයක් නිකුත් කිරීමයි කරන්නේ. ඉන්පසුව 2003දී සකස් කරන ලද අනු කමිටු නිර්දේශ අනුව වසර 20කට අයි.ඕ.සී සමාගමට තෙල් ටැංකි 15 ලබා දෙනවා. එහි තිබෙනවා මාස 6 තුළ කල්බදු ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. එසේ අත්සන් කළහොත් පමණයි ඉන්දියාවට එය නීත්‍යනුකූල පැවැරීමක් වෙන්නේ.

 

3 ලබා දුන්නා නම්නේ ලබාගන්න වෙන්නේ. ඇත්තටම නීත්‍යනුකූලව ලබාදීමක් වෙලා නැහැ. අපිට තියන අයිතිය තහවුරු කරන්නයි අවශ්‍ය වෙන්නේ. ඉන්දියාවට දීපූ එකක් ආපහු ගන්නවා කියලා අදාළ වෙලා නැහැ. අයි.ඕ.සි වැරදි ලෙස පරිහරණය කරන ටැංකි නිත්‍යනුකූලව අපේ අයිතියට ලබාගැනීමයි කළ යුත්තේ. මෙය නිෂ්චිතව ලබාදීමක් වෙලා නැහැ.

අයි.ඕ.සි නිලධාරින් 2017 මාර්තු මාසයේ ලංකාවේ නීතිපතිට ලිපියක් යවනවා මේ තෙල් ටැංකි සංවර්ධනය කරන්න බැහැ, නීත්‍යනුකූල අයිතියක් නැහැ,

නිල වශයෙන් පවරා දෙන්න කියලා. අයි.ඕ. සි ආයතනයත් පිළිගන්නවා ඒ අයට අයිතියක් නැහැ, එකඟතාවක් පමණයි ඇතිවෙන්නේ . ඉන්දියාවට අයිති එකක් පවරා ගැනීමක් නොවෙයි අපිට අයිතිය තහවුරු කරගැනීමක් කළ යුතු වන්නේ.

 

4 ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක් තවම කියන්නේ නැහැ. අපේ රට සතු කරගන්නවාද? ඉන්දියාව සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවාද? ඉන්දියාවට දිගටම තව අවුරුදු 50 හෝ 60කට දෙනවාද? කියලා හරියට කියන්නේ නැහැ. 2003 අගෝස්තු මාසයෙන් පසුව අයි.ඕ.සී සමාගමට මේ තෙල් ටැංකි පාවිච්චි කරන්න බැහැ. කමිටු තින්දු අනුව මාස හයක් ඇතුළත කල්බදු ගිවිසුමක් අත්සන් කළ යුතු වුවත් එසේ සිදු වී නැහැ. 2024 වනවිට මේ එකඟතාවන් අවසන් වන නිසා මේ වනවිට මෙය නැවත ලබාදෙනවාද නැද්ද කියන ප්‍රශ්නය තිබෙනවා.

ඉන්දියාවේ යෝජනාව තෙල් ටැංකි 61ක් ඉන්දියාවේ අයි.ඕ.සි එකයි ඛණිඡ තෙල් සංස්ථාවත් එකතු වෙලා පවත්වාගෙන යෑමටයි. එය පිළිබඳව තීන්දුව ගන්න ඇමැතිවරයාට බලය නැහැ.

ඒ නිසා මේ පනත සංශෝධනය කළ යුතුයි. මේ පනත සංශෝධනය කරන්නයි අලුතින් පනතක් හදන්නේ. මේ ආණ්ඩුව බොරු දේශප්‍රේමයක් පෙන්නනවා. අපි අහන්නේත් මෙය දෙනවාද නැද්ද කියලයි. ජනතාවට මේ ආණ්ඩුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ . මේ වගේ ආර්ථික මරමස්ථාන විදෙස් රටවල්වලට විකිණීම සම්බන්ධයෙන් ජනතාව මේ ආණ්ඩුව ගැන අවිශ්වාසයකින් ඉන්නේ.

 

5 ඉන්දු ලංකා ගිවිසුමට අනුව කිසිදු රටක් සමඟ හවුල් කරගන්න බැහැ කියලා දෙයක් තිබෙනවා. එහිදී හිටපු ජනාධිපති ජේ ආර්. ජයවර්ධන මහා පාවාදීමක් කර තිබෙනවා. අපිව මුළුමනින්ම ඒ පාවාදීමට හසු කළා. 13 සංශෝධනයේ පළාත් සභා යන කරුණු මතුපිට කාරණා වුවත් ප්‍රධාන කාරණාව ත්‍රිකුණාමලය නැමැති මරමස්ථානය ඒ අය යටතට ගැනීමයි.

ඉන්දියාව බය වුණා ඒ අවස්ථාවේදී එය ජේ. ආර් මහත්තයා ඇමෙරිකාව යටතට දෙයි කියලා. ඇමෙරිකාවට ත්‍රිකුණාමලය ‍භූ දේශපාලනික වශයෙන් වැදගත් වෙනවා. ඉන්දියාවට එය කලාපීය වශයෙන් තර්ජනයක් වෙනවා. එයයි ඇත්ත කතාව.

ඒ නිසා එදා ඉන්දියාව මැදිහත්වෙලා මෙවැනි එකඟතාවයන්ට ආවා. අපේ පාලකයන් එදා ඉන්දියාවට යටත් වෙලා ඒ පාවා දීම කළා.

Comments