
නැණවත් ශ්‍රම බළකායක් යනු රටක් සතු සුවිශේෂී වත්කමකි. ඒ බව මනාව වටහාගත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවකු වන බ්‍රැන්ඩික්ස් සමාගම පසුගියදා දැයේ දූ දරුවන් වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයකට උර දුන්නේය. ඒ, උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් වෙනුවෙන් ‘රන් දරු අබිසෙස්’ නමින් විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමය හඳුන්වා දෙමිනි.
රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට අත්වැලක් වෙමින් රටේ අනාගත නැණවත් ශ්‍රම බළකාය වඩාත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
එම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කෙරුණේ ඉකුත් ඔක්තෝබර් 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීවය. අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එදින පැවති උත්සවයේදී ‘රන් දරු අබිසෙස්’ විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමයේ ප්‍රථම ශිෂ්‍යත්වය පිිරිනමනු ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා සුදුසුකම් ලැබූ කේ. අක්ෂිකා සිසුවියටය.
2019 වසරේ අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගත් කේ. අක්ෂිකා සිසුවිය උසස්පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් වන තුරු මඩකලපුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ අතර, එම කාලය අතරතුර රැකියාවේදීද විශිෂ්ට කුසලතා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජයීය වශයෙන් වගකීම් සහගත ක්‍රියාවන් තුළින් ආදර්ශයක් ලබා දීමට බ්‍රැන්ඩික්ස් සමාගම දරන උත්සාහය පැසසුමට ලක් කළේය.
“රන්දරු අබිසෙස් වැඩසටහන ඔස්සේ අධ්‍යාපනයට අත්වැලක් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රැන්ඩික්ස් සමාගමට ස්තූතිය පළකර සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලැබීම ඉතාමත් වැදගත්. බ්‍රැන්ඩික්ස් මේ සම්බන්ධයෙන් සාර්ථක ඉදිරි පියවරක් තබා තිබෙනවා.
මඩකලපුවේ සිට අද මෙහි පැමිණ සිටින, බ්‍රැන්ඩික්ස් වැනි සමාගමක සහයෝගය ඇතිව තම උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට වාසනාව ලැබූ අක්ෂිකා සිසුවිය මුණ ගැසීමට ලැබීම මට සතුටක්. සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයේ සීමාවෙන් එපිට පැතිමානයන් තුළ සිසුන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම සඳහා ඉදිරියටත් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස බ්‍රැන්ඩික්ස් සමාගමට මා ආරාධනා කරනවා. පවතින තත්ත්වය හමුවේ පවා මෙරට තුළත් විදේශයන්හිදීත් ඉතා හොඳින් ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට සමත් වීම පිළිබඳව සමාගමට සුබපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර, සමාගමේ ඉදිරි කටයුතු තව තවත් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කිරීමටත් මා කැමතියි.” යනුවෙන් එහිදී ඇමති දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
බ්‍රැන්ඩික්ස් ‘රන් දරු අබිසෙස්’ විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දැයේ අනාගත පරපුර නැණවත් ශ්‍රම බළකායක් බවට පත්කිරීමේ අවස්ථා අරමුණ පෙරදැරි කරගෙනය.
එහිදී බ්‍රැන්ඩික්ස් සමාගම විශේෂ අවධානය යොමුකර ඇත්තේ රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසු සිසුවියන් අතරින් උසස් අධ්‍යාපනය තුළදී, රැකියා සොයාගැනීමේදී සහ වෘත්තීය දියුණුව ළඟා කරගැනීමේදී මතුවන විවිධ දුෂ්කරතා පිළිබඳවයි.
ඊට පිළියමක් වශයෙන් බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට ඇතුළත් ප්‍රදේශවල පදිංචි උසස්පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දක්වන සිසු සිසුවියන් වාර්ෂිකව තෝරාගෙන ඔවුන්ගේ වසර 4ක විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලයේ ඔවුන්ට සහාය වීමට ‘රන් දරු අබිසෙස්’ වැඩසටහන කටයුතු කරයි. මෙහි ප්‍රථම අදියර යටතේ දිස්ත්‍රික්ක 8ක සිසු සිසුවියන් 18 දෙනකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමේ.‘‘
‘‘ අපගේ පරමාර්ථය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා සෑම දිනකම පාහේ අප දරන උත්සාහයේදී අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට බ්‍රැන්ඩික්ස් සමාගම කැපවී සිටිනවා. ව්‍යාපාරකරණයේ සීමාවන් ඉක්මවා යමින් ජනසමාජයට මෙන්ම පරිසරයට යහපතක් සිදුකළ හැකි තිරසාර වැඩ රාමුවක් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබෙන්නේ ඒ නිසයි.
අධ්‍යාපනය යනු අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ එක් ප්‍රධාන අංශයක්. එහි නවතම පියවර වන්නේ මෙම ‘රන් දරු අබිසෙස්’ වැඩසටහනයි. රටේ දක්ෂතා සහිත දරුවන්ට, ආර්ථික ගැටලු සහ අනෙකුත් අභියෝග හමුවේ නොසැලී අධ්‍යාපනය ලැබීමේ හැකියාව ලබාදීම සඳහා අප මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූවා. එමෙන්ම මෙම වැඩසටහනට අරමුදල් සම්පාදනය කරමින් සහ ඊට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට පෙරමුණ ගනිමින්, ‘අබිසෙස් ශූරයන්’ බවට පත්වීමට අපගේ කාර්ය මණ්ඩලයටත් සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හැකියාවන් අතිවිශාලයි. ඒ හැකියාවන් වැඩිදියුණු කරගනිමින් අනාගත නායකයන් බවට පත්වීම සඳහා මෙම වැඩසටහන ඔවුන්ට මහඟු අත්වැලක් බවට පත්වේවි කියා අප සිතනවා.”
‘රන් දරු අබිසෙස්’ විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර අංශ ප්‍රධානී මාලිකා සමරවීර එසේ පැවසුවාය.
දැයේ දූ දරුවන්ට තම අනාගත අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට උපකාරී වන අධ්‍යාපනයක් බාධාවකින් තොරව ලබාගැනීමට හැකිවන පසුබිමක් නිර්මාණය කිරීම බ්‍රැන්ඩික්ස් සමාගමේ සමාජ සත්කාර ක්‍රමෝපායේ ප්‍රධාන අංගයකි.
එය ගුණාත්මක අධ්‍යාපනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය සමඟද සමපාත වේ. මෙම අරමුණ ඉටුකරගැනීමේ මූලික පියවරක් වශයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්ය මණ්ඩලයේ දරුවන් අතරින් 5 වසර, සාමාන්‍යපෙළ සහ උසස්පෙළ පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ට මුල්‍යමය අත්වැලක් ලබාදීම සඳහා 2010 වසරේදී ‘රන් දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
ඉන් අනතුරුව, පෙර පාසල් අවධියේ සිට 5 වසර දක්වා දරුවන්ට පාසල් බෑග්, ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීම සඳහා 2016 වසරේදී ‘රන් දරු තිළිණ’ වැඩසටහන හඳුන්වා දීම සිදු විය. බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික හා වෘත්තීය දියුණුවට අදාළ සැලසුම්වලදී ඉගෙනුම හා සංවර්ධනය සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර, ඒ වෙනුවෙන් 2012 වසරේදී සාමාජිකාවන් වෙනුවෙන් වූ Gap Inc. P.A.C.E. (Personal Advancement & Career Enhancement) වැඩසටහන සහ විධිමත් අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති සාමාජික සාමාජිකාවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදෙමින් ඔවුන්ට වෘත්තීය දියුණුව සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වීම සඳහා 2018 වසරේදී දියත් කරන ලද ‘බ්‍රැන්ඩික්ස් ශිල්ප’ වැඩසටහනද ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත.
මේ සියලු කාර්යයන් සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම සිය නොමසුරු දායකත්වය දක්වන්නේ දැයේ දූ දරුවන් අනාගතයේදී නැණවත් ශ්‍රම බළකායක් බවට පත්කිරීමේ අභිලාෂයෙනි. ඒ විශිෂ්ට අභිලාෂය මුඳුන්පත් කරගැනීම සඳහා බ්‍රැන්ඩික්ස් ‘රන් දරු අබිසෙස්’ විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමය දැයේ දූ දරුවන්ට පහන් ටැඹක් වනු නිසැකය.