මහා­නු­භාව සම්පන්න අති උතුම් චූල ජින­ප­ඤ්ජර පිරිත | සිළුමිණ

මහා­නු­භාව සම්පන්න අති උතුම් චූල ජින­ප­ඤ්ජර පිරිත

 

 

ගුප්ත විද්‍යාවට අනුව සෑම බෞද්ධ පිරිතක්ම සෙත සලසා දෙයි. බෞද්ධයන්ට සෙත් පිරිත් තරම් තම දුක් දුරලීමට පිහිටවන වෙනත් උතුම් පිළිවෙතක් නැත.

 

බුදු රජාණන් වහන්සේට මල් පහන් පුදකර බෝධි පූජා තබා හෝ වෙනත් දාන මාන පින්කමක් කර අවසානයේ ලබා ගන්නාවූ පින දෙවියන්ට අනුමෝදන් කර දේව පිහිට ලබා ගැනීම යහපත් සාර්ථක ක්‍රම වේදයකි. පිරිත් ශ්‍රවණය කිරීමෙන් දෙවි දේවතාවරු අතිශයින් සතුටු වෙති. ප්‍රේත පිශාච ආත්ම ඇත්තෝ පලායති.

පිරිත් දේශනා කරන්නන් සහ ශ්‍රවණය කරන්නන් දෙවියන් විසින් රැකබලා ගන්නා බව අපේ විශ්වාසය වන අතර එවැනි පිහිට ලැබේ. ඔවුන්ට සෙත් ශාන්තිද හිමි වනු ඇත.

එබැවින් බෞද්ධ ගුප්ත විද්‍යාවේ මිණි ඔටුන්නක් ලෙස අතිමහත් පූජනීය වූ චූල ජිනපඤ්ජර පිරිතෙන් සෙත් ශාන්ති ලඟාකර ගන්නාවූ ආකාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

චූල ජිනපඤ්ජර පිරිත, දස දිසා පිරිත, කුද්දක පිරිත නමින් ද ගෞරවනීයව හඳුන්වයි.

ජින පඤ්ජරය යනු බුදුවරුන්ගේ ජලයකි. බුදුවරුන් සමූහයකි. මෙම උතුම් බුද්ධ පිරිත් රත්නයට බුදුන් වහන්සේලා දස දෙනෙක් ඇතුළත් වේ.

අප තථාගත ගෞතම බුදු රජාණන් වහන්සේට පෙර මෙම විශ්වයේ අවුරුදු දහස් ගණනකට පෙර වැඩ වාසය කළ බුදුන් වහන්සේලා දස නමක් සිහිකරනු ලැබේ.

එම උත්තමයන් පිරිනිවන් පා ඇතත් දේශනා කරන ලද උතුම් ධර්මස්කන්ධය විශ්වයේ ගැබ්ව ඇති බව බෞද්ධයෝ විශ්වාස කරති. එම බුදුවරුන්ගේ අසීමිත බොදු බලය පැමිණ අපගේ දස දිසාවෙන් තැන්පත්ව අපිට ආරක්ෂාව හා සෙත ලබා දෙන ලෙස ඉල්ලා අතිශය භක්ති පූර්වකව ඉල්ලා සිටින පුද පිළිවෙත මෙම දසදිසා පිරිතෙන් දැක්වේ.

යුගදිවියේ දුක් කරදර දුරලීමට ද පිහිට ඉල්ලා සිටින බැතිමතා දුකට පත්වූ අයෙකු අන්‍යයන්ට සෙත සැලසෙන ලෙස පිරිත කීම සිදු කරනු ලැබේ.

කෙසේ වෙතත් පිරිතේ ආශිර්වාදය භක්තියෙන් හා නිසිලෙස නිවැරදිව පැවසීමෙන් සෙත සැලසේ.

දසදිසාව යනු පිරිත් දේශනයෙන් සෙත ලබාගන්නාවූ තැනැත්තාගේ, අජීවමාන වස්තුවේ දස දිසාවයි.

පිරිත් බලය ලැබීමට අදාළ පුද්ගලයාගේ හෝ වස්තුවේ දස දිසාවෙන් නම් කරනු ලබන බුදු බලය පිහිට, ආරක්ෂාව ඉල්ලා සිටිනු ලැබේ.

මෙහි සඳහන් දස බුදුවරුන්ගේ බුදු බලයෙන් සෝකය, රෝග, භය දුරුවේවායි ප්‍රාර්ථනා කරති.

යක්ෂ ප්‍රේත පිශාච යනාදී වූ අමනුෂ්‍යයන්ගෙන් ද දෙවිදේවතාවන්ගෙන් ද සොරසතුරන්ගෙන් ද රජයෙන් ද තිරිසන් සතුන්ගෙන් ද ගින්නෙන් ද යනාදී වූ අනිසි බලවේගයන් ගෙන් ඇතිවන්නාවූ දුක් කරදර පීඩා දුරුවේවා! යනුවෙන් පිරිතේ සඳහන් වේ. තමාට හෝ වෙනත් යම් පුද්ගලයෙකුට, ඉඩමකට දේපළකට තමාට හිමි වස්තුවකට වන දුක් හානි පිරිපිත දුරුකර යහපත සලසා දෙත්වා යනුවෙන් දස දිසාවේ තැන්පත් නම් කරනු ලබන බුදු බලයෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මෙම උතුම් පිරිත දිනපතා බුදුන් වැඳ, දෙවියන්ට පින් දී දිනකට 9 වරක් කියැවීම යහපත් ය. අසනීප රෝගාබාධ දුක් කරදර පීඩා සුවකර සෙත සැලසීමට මෙම පිරිතට අදාළ යන්ත්‍රයක් ද ඇත. එම යන්ත්‍රය 108 වරක් පිරිත්කර පැලඳීම බොදු පිළිවෙතකි.

මෙම ලිපියේ යන්ත්‍රය ද සඳහන් වෙයි. පිරිත ද සඳහන් වෙයි. යන්ත්‍රය සිල්වත් උගත් අයෙකු ලවා පිරිතෙන් ජීවම් කර ගත යුතුයි. කුඩා දරුවන්ට ද අසනීපයෙන් පෙළෙන අයට ද වැඩි ශුභ සිද්ධිය අපේක්ෂා කරන අයට ද ඉගෙනීම සාර්ථක වීමට ද නිවාස දේපළවල දියුණුව ආරක්ෂාව බලාපොරොත්තු වන අයට ද වාහන ආරක්ෂාවට ද ව්‍යාපාර දියුණුවට ද යහපත් ය. හේතු වෙයි.

 

•චූල ජිනපඤ්ජර (දසදිසා) පිරිත

දීඝාසු දස භාගේසු

- ඨිතා බුද්ධානුභාවතෝ

වේරාදි අන්තරායාපී

- විනස්සන්ති අසේසතෝ

ඒවමාදි ගුණෝපේතං

- පරිත්තං තං භණාමහේ

පුදුමුත්තරෝ පුරත්ථමායං

- අග්ගිම්භිචේච රේවතෝ

දක්ඛිණේ කස්සපෝ බුද්ධෝ

- නේරුතේච සුමංගලෝ

පච්ඡිමේච සිඛී බුද්ධෝ

- වායව්‍යා මේධංකරෝ

උත්තරේ පියදස්සීච

- ඊසානේ දීපංකරෝ

පඨවියං කකුසන්ධෝච

- ආකාසේ සරණංකරෝ

ඒවංදසදිසාචේච

- සබ්බ බුද්ධා පතිට්ඨිතා

අච්චන්තරායා සබ්බේමේ

- සෝක රෝග භයා පිච

විනස්සන්තු සදාමයිභං

- සබ්බීරියාපථේසුච

යක්ඛාදී දේවතාභිච

- රාජචෝරාරි අග්ගිභී

අමනුෂ්‍ය සබ්බේහි

- තිරච්චාන ගතේහිච

ජාතා උපද්දවා සබ්බේ

- විනස්සන්තු අසේසතො

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ

- සාරිපුත්තෝච දක්ඛිණේ

වාමංසේ මොග්ගල්ලානෝ

- තේ, පුරතෝ පිටකත්තයං

පච්ඡිමේ තව ආනන්දෝ

- චතුද් දිසා ඛීනාසවා

සමන්තා ලෝකපාලංච

- ඉන්ද්‍ර දේවෝච බ්‍රහ්මච

එතේ සං ආනුභාවේන

- සම්බුපද්ද මුපද්දවා

අනේක අන්තරායාපී

- විනස්සන්තු අසේසතෝ

Comments