
මේෂ
•හදිසි ධන හානි
මේෂ ලග්නයට අනුව සතිය ආරම්භය කනගාටුදායක ආරංචියක් සමඟ උදාවනු ඇත. තම එදිනෙදා කටයුතු අවුල් බාවයට පත් කරමින් හදිසි ධන හානියක් ද වෙයි. සතිය මැද සිට ඉතා සුබ වන අතර චන්ද්‍රයා 08-09-10-11 යන ස්ථානවල ගමන් කිරීම නිසා වෘත්තීය වගකීම් ඉහළ යන අතර ආර්ථික ප්‍රගතිය සඳහා ද කටයුතු යෙදෙනු ඇත. තුනටිය උගුර ආශ්‍රිත උවදුරු පෙන්වන නිසා කල්පනාකාරී වන්න.
වෘෂභ
•ආදර
සබඳතාවලට අවහිර
වාෂභ ලග්නයට අනුව ආදර සබඳතාවන් බිඳෙන සතියකි. විවාහක නම් විවාහස්ථාන ගත කම්කටොලු ඇති වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී විවිධ මතභේද විරෝධතා මතු වන අතර ඒ නිසාම දැඩි සිත් තැවුලකට වුවද පත්වීමට ඉඩ ඇත. සතිය අවසානයේ සියලු බාධක අවසන්ව ඉතා පැහැදිලි මානසික සුවදායක තත්ත්වයකට පත්වනු ඇත. මුත්‍ර ආපදා හිසේ කැක්කුම් මතු වනු ඇත.
මිථුන
•පිටරට
ගමන් බිමන්
මිථුන ලග්නයට අනුව පිටරට යෝග මතු කෙරෙයි. සතිය ආරම්භයේදීම එසේ රටින් දුරස් වීමකට හේතුයි. එක්කෝ තම වාසස්ථාන ගැටලුවකට හේතු වෙයි. එදිනෙදා කටයුතු කෙරේ දැඩි කම්මැලිකම නිසා තමාට බොහෝ වටිනාදේ අහිමි විය හැකිය. කෙසේ නමුදු තම මවු පාර්ශ්වයේ කෙනෙකුගේ ඉදිරිපත් වීම මත සහනය උදා වේ. යුග දිවියේ පැවතුණු ගැටලු රැසක් නිරාකරණය කර ගත හැකි වෙයි. යටි බඩට අගුණයි. අජීර්ණ මතු කෙරෙන සතියකි.
කටක
•ආර්ථිකය
සරු වෙයි
කටක ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. දරු සම්පත් උදාවීම තම දරුවකුට තිබූ අසනීපයක් සුව වීම යන කරුණු මත සිතේ සතුට උදාවේ. තම මවට තිබූ අසනීපයක් සඳහා ප්‍රතිකාර ගැනීමට හැකි වේ. කෙසේ නමුදු තමාගේ ආර්ථිකය සරුවන ලකුණු පළවන අතර නව ආයෝජනයකට සිත යොමු කරනු ඇත. තම ඥාති හිතෛෂි අයගෙන් නොමසුරු සහාය ඒ සඳහා හිමි වෙයි. පපුවේ සෙම ගතිය නිසා පීඩාකාරී සතියකි.
සිංහ
•ණය මුදලක් නැවත ලැබේ
සිංහ ලග්නයට අනුව ඔබට මෙම සතිය විශේෂයෙන් වාහන ඉඩකඩම් නිවාස ප්‍රතිලාභ හිමි වෙයි. තමා මීට පෙර කෙනකුට දී තිබූ ණය මුදලක් කලකට පසු නැවත ලැබීමෙන් එය නව ව්‍යාපාරයකට යොමු කිරීමට හැකිවනු ඇත. පවුලට නව සාමාජිකයකු එකතු වන සතියක් වන අතර නිවසේ උත්සවශ්‍රීයක් උසුලනු පෙනේ. තම රැකියාවේ උසස්වීම් පෙන්වනු ඇත. පපුවේ සෙම වඩන තත්ත්වයකි. සීතල ආහාර පානයෙන් වැළකීම සුබයි.
කන්‍යා
•වටිනා
ස්වර්ණාභරණයක් අහිමි වේ
කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඔබට කිසියම් නීති ගැටලුවකට මුහුණ දීමට හෝ ඥාති පාර්ශ්වයේ අයකු විසින් ගෙන එන විරෝධතා නිසා සිතේ සතුට අහිමි වනු ඇත. අධික ධන වියදමක් හෝ නිවසේ තිබූ වටිනා ස්වර්ණාභරණයක් නැතිවීමකට ඉඩ ඇත. ඒ නිසා ගෘහ සේවක, සේවිකාවන් පිළිබඳ සෝදිසියෙන් සිටිය යුතු කාලයකි. උරහිසට අපලයි. වැටීම් තැලීම් සහිතයි.
තුලා
•හදිසි ධන ලාභ
තුලා ලග්නයට අනුව හදිසි ධන ලාභ මතු කෙරේ. තම විවාහ සහකරු හෝ සහකාරිය වෙතින් ලැබෙන සහයෝගයට අනුව ශක්තිමත් ආර්ථික ගමනකට අඩිතාලම දැමීමට වාසනාව උදා වේ. තම දූ දරුවන්ගේ ප්‍රමාද වූ කටයුතු නැවත ක්‍රියාත්මක කිරීමට හැකියවන අතර යම්කිසි අයුරකින් ඔබ හදිසියේ ගන්නා තීරණයක් වැරදී යාමෙන් ගැටලු මතු විය හැකි නිසා දෙවතාවක් සිතා කටයුතු කිරීමට උනන්දු වන්න.
වෘශ්චික
•පොදු
කටයුත්තක් සාර්ථක වේ
වෘශ්චික ලග්නයට අනුව කලක් පැවති විවාහ ගැටලුවක් හෝ නීති ගැටලුවක් විසඳෙන ලකුණු පහල වෙයි. තමා ඉල්ලා තිබූ වන්දි මුදලක් හෝ තමාට හිමි වන ලකුණු පෙන්වයි. සිතට සතුට සමාදානය මතු කිරීම තුළ නව නිර්මාණ බිහිවීම මෙන්ම කලා ක්ෂේත්‍රයේ සිටින අයගේ බලාපොරොත්තු ඉහළ යනු ඇත. තම අසල්වැසියන් සමඟ එක්ව කරන පොදු කටයුත්තක් නිසා තමාට අන් අයගෙන් ප්‍රසාදය හිමිවෙන අතර හිසට ආපදා සතියකි. ප්‍රවේශම් වන්න.
ධනු
•කාර්යබහුල සතියක්
ධනු ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. ඒ තම ව්‍යාපාරික ස්ථානයකට නව සාමාජික සාමාජිකාවක් එක්කර ගැනීමට ද නව මුහුණුවරකින් සේවා කටයුතු ඉටු කරගෙන යාමට ද හැකි වන නිසාය.
වියදම ඉහළ ගියත් ඊට සමගාමීව ලැබීම් පෙන්වන නිසා ඉදිරිය සාර්ථක වන ලකුණු පෙනේ. තම දූ දරුවන්ගේ යහපත උදෙසා කැපවීම් කීපයක් සිදු කිරීමට සිතන කාර්ය බහුල සතියකි.
මකර
•අධිෂ්ඨානය ඉහළ යයි
මකර ලග්නයට අනුව තමාට තම කටයුතු වලදි අන් අයගේ උපකාරය නොලැබෙන සතියකි. එසේ වූවා යැයි කියා පසු නොබසිනු ඇත.
සිය අධිෂ්ඨානය ඉහළ යෑම නිසා ප්‍රභල වගකීම් රැසකට තනියම අතගසනු ඇත. සතිය මැද භාගය වනවිට එහි සාර්ථකත්වය හිමිවී සුබවාදී ආර්ථියකට යාමට ඔබට හැකි වෙයි. පාදයේ වළළුකර ආශ්‍රිත උවදුරු වන අතර කුස ආශ්‍රිත අගුණ පළවනු ඇත.
කුම්භ
•රැකියා
උසස්වීම්
කුම්භ ලග්නයට අනුව රැකියාවේ සුබවාදි වෙනසක් මතු කරයි. එම ස්ථානගත පැවතුණු සතුරු බලවේග දුරුවනු ඇත. වෘත්තීය මට්ටමේ උසස්වීම්, පඩි වැඩිවීම් හා විවිධ ආර්ථික ප්‍රතිලාභ හිමි වනු පෙනේ.
තමා කරන කටයුතු අන් අයට සිත් රිදෙන සුළු වුවත් එය තම අභිවෘද්ධියට හේතුවෙයි. සමාජ සේවා කටයුතු තම වෘත්තීය කටයුතු වැඩිවීම නිසා සිතේ කණස්සල්ල අවිවේකය මතු කෙරෙනු ඇත.
මීන
•හිතවන්තයන්ගෙන් සහාය
මීන ලග්නයට අනුව ඔබට ඉතා පුණ්‍යවන්ත සතියකි. තම එදිනෙදා කටයුතු සාර්ථක වන අතර නිවසේ පුණ්‍ය කටයුතු රැසක් සිදු කිරීමට ද සංවිධානය වනු ඇත. තමාගේ ව්‍යාපාර සඳහා නව මුහුණුවරක් ලබාදීමට තම හිතවන්තයන්ගේ සහාය ලැබෙන අතර අධිෂ්ඨානය සඵලවීම තුළ සමාජයේ කැපී පෙනෙන සත්ත්වයකට පත්වීමට ද වාසනාව පවතී. තමාට උරුම වීමට තිබූ අනුන් සතුව තිබූ දේපළක් තමාට හිමි වනු පෙනේ. තුනටිය ආශ්‍රිත උවදුරු පෙනේ.