
කණ්ඩලමට බොහෝ දෙනා යන්නේ පරිසරයේ සුන්දරත්වයත්වය විඳ දරා ගැනීම සඳහාය. එහෙත් ඉතා පහත් සිත් ඇති කණ්ඩායම් සුන්දර කන්ඩලම ජලාශයේ සහ දූපත් තුළ සුන්දරත්වයට මුවාවී විවිධ ජාවාරම් සිදු කරති.
කණ්ඩලම වැවේ සුන්දරත්වය වැඩි කරවන දූපත්වල ලැඟුම්ගෙන සිටින සුදු කොකුන්ගේ මාංශවලට මිලක් ලබාදී කටගැස්ම සප්පායම් වෙන අලුත් ක්‍රමවේදයක් ආරම්භ වී තිබේ.
ඇතැම් පිරිස් සප්පායම් වෙද්දි කණ්ඩලම වැවේ මාළුවකු අල්ලා ගෙන මඤ්ඤොක්කා අලයක් තම්බා ගෙන වැව් තාවුල්ලේ ඒවා පුළුස්සා කටගැස්මට ගනිති.
දැන් අලුත්ම ජාවාරම් බවට පත්ව ඇත්තේ මධ්‍යසාර රසවිඳින්නට වැවේ දූපත්වල සිරිය මොනවට කියාපාන සුදු කොකුන් අල්ලා මරා රහමෙරට කටගැස්ම ලබාදීම්ය.
මෙම අපරාධය පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති. අහම්බෙන් මෙන් දූපත්වලට ළඟා වූ අපට සුදු කොක් මාංශ දැක ගැනීමට නොලැබුණද තව කෙනෙකුගේ රස මිහිර වෙනුවෙන් ජීවිතය දන් දුන් සුදු කොකුන්ගේ හිස කොටස් තටු සහ කකුල් වෙන් කොට දමා තිබෙන ආකාරයත් මස් කිරීමට නොහැකි වූ දමා ගිය තවත් කොකුන්ගේ සිරුරුත් හමුවිය.
කණ්ඩලම ජලාශය පිළිබඳව වසර කිහිපයකට ඉහත දී මුළු රටේම මෙන්ම ලෝකයෙම මහත් ආන්දෝලනයකට ලක්වුයේ හෝටල් සංකීර්ණයක් ඉදි කරනවාට මෙරට ජනතාවගේ විරෝධය එල්ල වීමත් සමඟ ය.
කෙසේ වෙතත් එම විරෝධතා මධ්‍යයේ හෝටල් ඉදිකිරීමේ කටයුතුවල වෙනත් මඟක් ගෙන තිබිණි. එනම් කණ්ඩලම නම් වූ ප්‍රදේශයේම පරිසරය ආරක්ෂා කරන හෝටල් සංකීර්ණය ද පරිසර හෝටල් සංකීර්ණයක් බවට පත්වීමය.
එදා සිට මේ දක්වාම කණ්ඩලම නම් ඇසුණු සැණින් පරිසරයට ආදරය කරන පරිසරය සුරකින ප්‍රදේශයක් බවට ලොව පුරා මතයක් තයක් පැතිර ගොස් තිබිණි
එවැනි වකවානුවක පසුගියදා එකවරම කණ්ඩලම ජලාශයේ දියවර ටිකෙන් ටික ඉවත් කරන්නට මහවැලි බලධාරීන් කටයුතු කළ බව ප්‍රදේශවාසීහු පවසති. ඒ වෙන කිසිවක් නිසා නොව කණ්ඩලම ජලාශයේ ස්ථාන කිහිපයක සහ ඇළ මාර්ග කිහිපයක අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහායි.
ජලාශයේ ජලය ශීඝ්‍රයෙන් ඉවත්ව වීමත් සමඟ එහි දූපත් රැසකට ගමන් කිරීමට ජනතාවට හැකි විය. වැව් තාවුල්ලේ වාහන ගමන් කිරීමටත් හැකි විය. ඇතැම් කණ්ඩායම් වැව් තාවුල්ලේ විනෝද වන්නට එක්වූහ. තවත් පිරිසක් මසුන් ඇල්ලීම සඳහා සිඳී ගිය වැව යොදා ගත්හ. තවත් පිරිසක් වැලි ගොඩ දැමීම සඳහා ද වැව් පිටිය යොදා ගත්තේ ය.
මේ අතර කණ්ඩලම ජලාශයේ සිඳී ගිය ස්ථානවලින් මෙන්ම ඔරුවලින් වැව මැද පිහිටා ඇති දූපත්වලට ද කණ්ඩායම් ගමන් කරමින් විනෝද සාද පවත්වන්නට වූයේ දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ය.
විනෝදවන්නට එන පිරිසට තවත් කණ්ඩායමක් උදවු පදවු කරන්නට ඉදිරිපත් වූයේ මස්මාංශ වලිනි. එමෙන්ම වැව මැද ඇති අක්කර විසි හයක් වූ විශාල දූපත තවත් කණ්ඩායමක් අනවශ්‍ය කටයුතු රැසක් සිදු කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින බවත් විනෝද වන පිරිස්ට කටගැස්ම සඳහා පක්ෂීන් මරා මස් රැගෙන යන බවටත් තොරතුරු රැසක් වාර්තා විය.
ඒ අනුව මහවැලි නිලධාරීන්ගේ සහයෝගය ඇතිව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහගේ ද පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම දූපත්වල සිදුවන ක්‍රියාදාම පිළිබඳව සොයා බැලීමට මාධ්‍ය කණ්ඩායමක් පසුගියදා මෙම දූපත්වලට පිටත්ව ගියෝය.
කණ්ඩලම වැවේ දූපත් දෙකක හදිසි සොයා බැලීමේදී ඉන් එක් දූපතක ඉපැරණි දාගැබක් හෝ විශාල ගොඩනැගිල්ලක නටබුන් මතුවී තිබුණු අතර අනෙක් දූපතේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පක්ෂීන් මස් පිණිස මරා රැගෙන යෑමේ ජාවාරමක් කර තිබූ බව එදින පස්වරුවේ එළිදරවු කර ගැනීමට මහවැලි නිලධාරීහු සමත් වූහ.
මෙම දූපත්වල විවිධ අකටයුතුකම් සිදුවන බවට ලද තොරතුරක් මත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව බෝට්ටුවකින් මහවැලි නිලධාරීන් කණ්ඩලම වැවේ පිහිටි දූපත් දෙක නිරීක්ෂණයකට පිටත් වූහ. එහිදී පළමු දූපතේ ඉහළ කොටසේ විශාල ගොඩනැගිල්ලක හෝ දාගැබක නටබුන් මතු වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මහවැලි නිලධාරීහු පවසති.
ඉහළ කොටසේ ගල් තලාවක් මත ඉපැරැණි ගඩොල් පස් සහ වෙනත් ඉදිකිරීම් සිදු කළ බවට තහවුරු වන සලකුණු රැසක් පවතින බවත් එය කුමන කාලයකට අයත් ස්ථානයක්ද යන්න අනාවරණය වී නැති බවත් මහවැලි නිලධාරීහු පවසති.
මෙම ස්ථානයට ගිය විට එක් පසෙකින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය අනෙක් පසින් ඓතිහාසික සීගිරි පව්ව පිදුරංගල පව්ව එඩේර ගල ආදී ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථාන දර්ශනය වන අතර ඉතා අලංකාර දසුන් ද වෙයි.
මේ දූපතේ අක්කර 26 ක පමණ ප්‍රමාණයක් පවතින බවත් විවිධ කණ්ඩායම් උපයෝගී කරගෙන එමෙන්ම ජලය සිඳුණු අවස්ථාවන්හිදී මෙම දූපතට පැමිණ එම දූපතේ සුන්දරත්වය විනාශ කරන බවත් මහවැලි නිලධාරීන් පවසති,
පසුව කණ්ඩලම වැව මැද පිහිටා ඇති බොහෝ දෙනෙකු කුරුලු දූපත ලෙසින් හඳුන්වන කුඩා දූපතට යන අවස්ථාවේදී එහි පක්ෂීන් මරා මස් රැගෙන යෑම සංවිධානාත්මක ක්‍රියාවලියක දසුන් දැකගැනීමට හමුවූ බව මහවැලි නිලධාරීහු පවසති.
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ගමන් කරන විටත් සුදු කොකුන් රැසක් මරා ඔවුන්ගේ
මෙම දූපත් දෙකට දැඩි ආරක්ෂාවක් ඉදිරියේදී ලබා දෙන බව ද ඔවුහු පවසති. මෙම ස්ථාන අපවිත්‍ර කිරීම් සහ සතුන් දඩයම් කිරීම සිදු නොකරන්නැයි මහවැලි නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
දිවයිනේ ප්‍රබලතම පොලිස් ජීවිතාරක්ෂක අංශය පිහිටා ඇත්තේ දඹුල්ල මුලස්ථාන පොලිසියට සමගාමීවය. එහි වෙනමම පොලිස් ජීවිතාරක්ෂක අංශයක් පාසල් ළමුන් රාජ්‍ය නිලධාරීන් සහ විවිධ කණ්ඩායම් ජීවිතාරක්ෂාව පුරුදු පුහුණු කිරීමේ ව්‍යාපෘතිද ක්‍රියාත්මක කරයි. ජලාශයේ ඉදිරිපිටද මෙම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් දිනපතා රාජකාරියේ යෙදී සිටිති.