
අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදී රාජ්‍යයන් ලොව පුරා බිහි කිරීමේ අරමුණින් යුක්තව බිහි කරන ලද ISIS අන්තවාදී සංවිධානයේ ක්‍රියාකාරීත්වය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් හා එම සංවිධානයට නව සාමාජිකයන් බඳවා ගෙන ඔවුන්ගේ මනස විකෘති කර මූලධර්මවාදී අදහස් පමණක් ඉස්මතු වන සේ කටයුතු කරන්නට එම සංවිධානයේ වෙනම අංශයක් ස්ථාපිත කර තිබේ. අනෙක් අන්තවාදී සංවිධාන මෙන් නොව ISIS අන්තවාදී සංවිධානය ආරම්භයේ සිටම සන්නද්ධ අංශයක් ලෙසින් කටයුතු කළේ සංවිධානයට එකතුවන සියලු සාමාජිකයන්ගේ ඒකායන අරමුණ වන්නේ ඉස්ලාම් අන්තවාදය පමණක් ලෝකය පුරා ස්ථාපිත කළ යුත් බවයි. එම අදහසට එකඟ නොවන ඕනෑම අයෙක් ගෙල කපා හෝ වෙනත් ආකාරයකින් රුධිරය විසිරී යන ලෙසින් ඝාතනය කළ යුතු බවට ඔවුන් විසින්ම කොන්දේසියක් පනවා ගන්නා ලදී. අයි. එස්. අයි. එස්. නිර්මාතෘ අබු මුසාද් අල් සර්කාවි විසින් නියෝගයක් පනවන ලද්දේ ඉස්ලාම් මූලධර්මවාදී න්‍යායට එකඟ නොවන ඕනෑම අයකුගෙන් අනිවාර්යෙන්ම රුධිරයෙන් පළි ගත යුතු බවයි.
මේ අන්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සිදු විය. පාස්කු ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය විසින් සැලසුම් කර තිබුණේ 2015 වසරේ සිටම බව මේ වන විටම හෙළි වෙමින් තිබේ.
ඒ කරුණු කෙසේ වුවත් මේ වන විට අයිඑස්අයිඑස් අන්තවාදීන් ලොව පුරා තම බලය සූක්ෂ්ම ලෙස ව්‍යාප්ත කරමින් සිටී. ඔවුන්ගේ පළමු උත්සාහය වන්නේ සංවිධානයට තරුණයන් බඳවාගෙන අන්තවාදී මූලධර්ම ඔස්සේ කටයුතු කරන්නන්ගේ ස්වර්ග සැපය පිළිබඳ විකෘති අදහස් මනසට කාවැද්දීමයි. ඒ සඳහා අවශ්‍ය මුදල් මෙන්ම සම්පත්ද අවශ්‍ය තරම් ඔවුන් විසින් මේ වන විටත් සපයා ගෙන ඇති අතර මැද පෙරදිග ඇතැම් රටවලින් නිල නොවන ලෙස රාජ්‍ය අනුග්‍රහයද ලැබෙන බව මේ වන විට රෝ සංවිධානය විසින් අනාවරණය කරගෙන තිබේ. රෝ සංවිධානය විසින් ඒ සම්බන්ධයෙන් මැද පෙරදිග හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන රටවලට අනතුරු ඇඟවීම් සහිතව 2020 වසරේ දන්වා තිබුණේ ‘අවදානමට පෙර අවධානය‘ වැදගත් බව පෙන්වා දෙමිනි.
ශ්‍රී ලංකාවද මේ අන්තවාදීන්ගේ යළිත් ඉලක්කයක් විය හැකිවාක් මෙන්ම ඉන්දියාවේද අයිඑස්අයිඑස් ක්‍රියාකාරකම් සිදුවන්නේද යන්න ගැන ඉන්දීය බුද්ධි අංශ නිරතුරුවම සෙවිල්ලෙන් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගියදා ඉන්දීය බුද්ධි අංශ විසින් සිදු කළ දැනුම් දීමක් අනුව ඉන්දියාවේදී මොහොමඩ් සම්සුදීන් නම් ISIS ක්‍රියාකාරී සාමාජිකයකු එරට පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සම්බන්ධව දිර්ඝ ලෙස කරන ලද විමර්ශනයකදී හෙළිව ඇත්තේ ඔහු වට්ස් ඇප් සමූහයන් මඟින් අන්තවාදී අදහස් ඉදිරිපත් කිරීමට මිතුරු සමූහ ස්ථාපිත කර ඇති බවයි. එහිදී අනාවරණය කර ගෙන ඇත්තේ ඔහුගේ එක් වට්ස් ඇප් සමූහයන් තුනක් හරහා ශ්‍රී ලාංකිකයන් 702ක් සම්බන්ධව සිටින බවයි. ඒ සම්බන්ධ තොරතුරු වාර්තා වීමත් සමඟම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට ආරක්ෂක අංශ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේත් දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයට කළ දැනුම් දීමකට අනුව කඩිනමින් එම සමූහයට සම්බන්ධ ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කර තිබුණි.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සම්සුදීන් අයි.එස්.අයි.එස් සාමාජිකයා සතුව සහරාන් හෂීම්ගේ ඡායාරූප සහ දේශන ද තිබී ඇත. ඔහු ඒවා වට්ස් ඇප් ගිණුම හරහා සෙසු සාමාජිකයන්ට ද බෙදා හැර ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ නම් සඳහන් දුරකථන අංක 702න් 8 දෙනකුම පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ සිටින අය බව හෙළිව තිබේ. එමෙන්ම මෙරට බුද්ධි අංශ විසින් හෙළි කරගත් කරුණු අනුව තවත් 27 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීම මේ වන විට සිදු කෙරේ. මේ වට්ස්ඇප් ගිණුමට සම්බන්ධ තවත් 54 දෙනකු අත්අඩංගුවට ගැනීමට මේ වන විට ආරක්ෂක අංශ විමර්ශනය කරමින් තිබේ. මේ වට්ස්ඇප් ගිණුම් 2017 වසරේ සිට සක්‍රියව තිබෙන බවත් ඔවුන් විටින් විට අදහස් හුවමාරු කරගෙන ඇති අතර අරාබි භාෂාව අනිවාර්යය කිරීමේ ක්‍රමවේදයක්ද සිදු කර තිබෙන බවද හෙළිව තිබේ.
ISIS අන්තවාදී ත්‍රස්තයන් සම්බන්ධව ශ්‍රී ලංකාවේ නම සඳහන් වන්නේ 2015 වසරේ සිටය. ඒ 2015 වසරේ ශ්‍රී ලංකාවේ නිලාම් නමින් යුත් පුද්ගලයකු ISIS අන්තවාදී සංවිධානයට බැඳී කටයුතු කරමින් සිටියදී සිරියාවේදී ඇමරිකන් ගුවන් ප්‍රහාරයකින් මිය යාමෙන් පසුවය.
නිලාම් නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම අබු සක්කුල් සෙයිලානි බව පසුව හෙළි වූ අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහනුවර වැරැල්ලගම උපත ලැබූවකු වන ඔහු මුල් කාලයේ වැරැල්ලගම ප්‍රින්ස්ලෑන්ඩ්හි පදිංචිව සිටි අයෙකි. සිංහල, දෙමළ, අරාබි, උර්දු භාෂා ඉතා මැනවින් හදාරා ඇති ඔහු පසුව පාකිස්ථානයට ගොස් එහිදී නීති උපාධියද සමත්ව තිබේ.
පසුව ගලේවෙල ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ අබු සක්කල් 2014 වසරේ නිදහස් දින උලෙළේ ගලේවෙල මුස්ලිම් පල්ලියේ ප්‍රධාන දේශනයද පවත්වා තිබේ. පසුව කොටහේන ප්‍රදේශයේද පාසලක විදුහල්පතිධුරය දරා ඇති ඔහු සය දරු පියෙකි.
1977 වසරේ උපත ලබා ඇති ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය වන්නේ 7735881070V වන අතර හදිසියේම ඔහු විදෙස්ගතව ඇති අතර පසුව 2015 වසරේ ජූලි මාසයේ ඔහු සිරියාවේදී අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරිකයකුව සිටියදී ඇමරිකන් ගුවන් ප්‍රහාරයකින් මිය යාමේ පුවත සැලවන තෙක් කිසිවකු ඔහු අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු බව දැන සිටියේ නැත.
එතැනින් පසුව ඔහුගේ පවුලේ අය සම්බන්ධව විස්තර සොයා බලන්නට ආරක්ෂක අංශ කටයුතු කරන බව පැවසුවද ඒවා යටපත් විය. මේ එක් කතාවකි.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගෙන් පිරිසක් ඍජුවම ISIS අන්තවාදී ත්‍රස්තයන් සමඟ සිරියාවේ දී පුහුණුවීම් සිදු කර ඇති බවත් තවත් පිරිසක් මේ වන විටත් එහි පුහුණුව ලබමින් සිටින බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පසුගිය කාලයේ (TID) වාර්තා වී තිබේ.
එම අන්තවාදීන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන අතර එම අන්තවාදීන් විසින් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් වෙත එවා තිබෙන බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අනාවරණය කර ගන්නා ලදී.
![]() |
කාත්තන්කුඩියේ සහරාන්ගේ පුහුණු පාසලක් |
එම අන්තවාදීන් විසින් එවන ලද මුදල් වලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගත් අතර ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයටද කරුණු වාර්තා කරන ලදී. මුදල් හමු වූ නිවසේ තැනැත්තා පවසා ඇත්තේ තම පුතා සිරියාවේ සිටින බවත් මුහුණ වසා ගත් කාන්තාවක් හා පිරිමි අයකු අවස්ථා දෙකකදී පැමිණ මේ මුදල් ලබා දී ඇති බවයි. සිරියාවේ ඔහු කුමක් කරන්නේදැයි තමන් නොදන්නා බවයි.
ඒ තවත් සිදුවීමකි.
මීට අමතරව වනාතවිල්ලුවේ අවි ගබඩාව මෙන්ම කාත්තන්කුඩියේ පුහුණු කඳවුර ඇතුළු මද්‍රසා පාසල් හරහාද අන්තවාදී සංවිධාන බිහි කිරීමේ කාර්යය සිදු කෙරෙමින් පවතී. එසේම මෙරට ජංගම දුරකථන හා සිම්පත් සැපයීමේ අලෙවි කිරීමේ ව්‍යාපාර රැසක් සිදු කරන්නේ එක් ජන කොට්ඨාසයක් වන අතර ඔවුන් අතර මේ අයිඑස්අයිඑස් අන්තවාදීන් බොහෝ විට ක්‍රියාකාරීව සිටින බව වාර්තා වේ. කාත්තන්කුඩියේ සුෆි මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික සහයෝගිතාවට බාධා කරමින් කටයුතු කළ අන්තවාදීන් විසින් අවස්ථා ගණනාවකදී පහර දී ඔවුන්ට කරදර හිංසා කළහ. තවත් විටෙක නෙල්ලිගල හාමුදුරුවන්ටද මරණ තර්ජන එල්ල කළහ. එහෙත් එම වකවානුවේ සහරාන් හෝ මේ පිරිසේ කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත. එහි ප්‍රතිඵලය අපි අත් වින්දෙමු.
එමෙන්ම පසුගිය 2020 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළෙඳසලක සිදුවූ ප්‍රහාරය ද අප අමතක කළ යුතු නොවේ. අයි. එස්. අයි. එස්. තර්ජනය පිළිබඳ කතාබහ අලුත් කරන්නට නවසීලන්ත ප්‍රහාරය සමත් වූයේ එහි වගකීම ශ්‍රී ලාංකිකකයකුට එල්ල වෙමිනි.
ඕක්ලන්ඩ් ”ලින්මෝල්’’ නම් වෙළෙඳ සංකීර්ණයේ සුපිරි වෙෙළඳ සලක් වන ”කවුන්ට්ඩවුන්’’ වෙත නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු පැමිණ ඇත්තේ භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ මුවාවෙනි. මෙම පුද්ගලයා ආරක්‍ෂක අංශ අධීක්‍ෂණය යටතේ කටයුතු කළ සැක සහිත පුද්ගලයකු වූ බැවින් ආරක්‍ෂක නිලධාරීන් ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් සිටි බව නවසීලන්තයේ පොලිස් කොමසාරිස්වරයා පසුව පවසා තිබුණි
සුපිරි වෙළෙඳසල තුළට ඇතුළුවූ මෙම පුද්ගලයා සඟවාගෙන සිටි පිහියක් අතට ගෙන ”අල්ලාහූ අක්බර්’’ යනුවෙන් මහ හඬින් කෑගසමින් වෙළෙඳසල තුළ සිටි පුද්ගලයන් කිහිපදෙනකුට පිහියෙන් ඇන තුවාල කර තිබේ. ඔහු සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ආරක්‍ෂක නිලධාරියා වෙළෙඳසලට ඇතුළු වී විනාඩියක කාලයකදී ප්‍රහාරකයා ඝාතනය කිරීමට කටයුතු කර ඇත. එම ප්‍රහාරකයා අයි. එස්. අයි. එස්. ක්‍රියාකාරී ආධාරකරුවකු බව පසුව හෙළි විය.
ඒ අනුව අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරිකයන් ලොව පුරාම විහිදී සිටින බවත් ශ්‍රී ලංකාව ඔවුන්ට හොඳ තෝතැන්නක් බවද පැහැදිලිය. ඕනෑම අයකුට මෙරට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස භාවිත කරමින් මෙරට තුළ ඕනෑම අන්තවාදයක් පැතිරවීමට හැකියාවක් ඔවුන් උදා කරගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිදහස අයුක්ති සහගත ලෙස යම් කණ්ඩායමක් හෝ ආගමික අන්තවාදී කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් එම අන්තවාදී ක්‍රියාදාමය නැවැත්වීමට තවත් කල් බලා නොසිටිය යුතුය. එසේ නොවුවහොත් යළිත් කැලෑ කැපීමට යැයි කියා ආගමික ස්ථානවල කඩු කිණිසි පවා එකතු කරන්නට බැරි නැත. එසේ වුවහොත් සිදුවන්නේ එක් එක් ජන කොට්ඨාස අතර සංහිඳියාව බිඳී යාම පමණකි.
ආසන්නම රට වන ඉන්දියාවේ අයිඑස්අයිඑස් ක්‍රියාකාරිකයන් සැරිසරන බවට මේ වන විට බුද්ධි අංශ රැසක් විසින්ම කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මේ වන විටත් ඍජුවම අයිඑස්අයිඑස් සංවිධානයට අයත් පුද්ගලයන් 123 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර තමිල්නාඩුවේ පුද්ගලයන් 33 දෙනකු සහ උත්තර ප්‍රදේශයේ 19 දෙනකුද කේරළ ප්‍රදේශයේ 17 දෙනකුද වේ. ඊට අමතරව තෙලංගනාහි 14ක් මහරාෂ්ඨයේ 12ක් කර්ණාටක ප්‍රාන්තයේ 8 දෙනකු හා දිල්ලියේ 9 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම උත්තරඛාණ්ඩ්හි හා බටහිර බංගාලි ප්‍රදේශවලින් පුද්ගලයන් සිවු දෙනකු බැගින්ද ජම්මු හා කාශ්මීරයේ පුද්ගලයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.