
මේ වන විට මෙරට ආර්ථිකය යම් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සැපයුම් ජාල අඩපණ වීමෙන් ගෝලීය වශයෙන් හටගත් ආර්ථික අර්බුදය මේ වන විට මෙරට ආර්ථිකයටද දරුණු බලපෑම් එල්ල කරමින් තිබේ. එවැනි වාතාවරණයක 2022 වසර ඉලක්ක කර ගත් අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් විසින් එළැඹෙන නොවැම්බර් මස 12 වැනි දින පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය ලේඛනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයේ දෙවැනි අය වැය ලේඛනය වන අතර "සෞභාග්‍යයේ දැක්ම" හා "සාර්ථක දැක්මක් -වැඩ කරන රටක්" ප්‍රතිපත්තීන්ට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය සුබදායී දිසාවක් වෙත මෙහෙයවීමේ දීර්ඝකාලීන අදහස් හා සැලසුම් වලට අනුව යමින් මෙවර අයවැය යෝජනා ඉදිරිපත් වනු ඇති බවට රජයේ පාර්ශ්වයෙන් දැනටත් අදහස් ප්‍රකාශ වී තිබේ.
කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය මෙන්ම ඉන් අනතුරුව කොවිඩ් ව්‍යාප්තිය සමඟ හට ගත් ආර්ථික ගැටලු සමඟ වසර දෙකකට ආසන්න කාලයක් පොර බඳිමින් සිටින සමස්ත ජනතාව මෙන්ම මෙරට ආර්ථිකයට නිබඳව ශක්තිය හා ජවය ලබා දුන් සුළු, මධ්‍යම හා මහා පරිමාණ සියලුම ව්‍යාපාරික ප්‍රජාව මෙවර ඉදිරිපත් වීමට නියමිත අයවැයෙන් හෝ තමන්ට යම් අස්වැසිල්ලක් ලැබේ යැයි බලාපොරොත්තු දල්වා බලා සිටිති.
ඉදිරිපත් වීමට නියමිත මෙවර අය වැය යෝජනා පිළිබඳව මෙරට ව්‍යාපාරික ප්‍රජාව තුළ ඇත්තේ කවර බලාපොරොත්තුවක්ද? ඒ පිළිබඳව ව්‍යාපාර ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරනු ලබන ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේම අදහස් අප විමසූ අතර එහිදී එම අදහස් දැක්වීමට එක් වූ ලාෆ් හෝල්ඩින්ග් හී සභාපති ඩබ්. කේ. එච්. වෑගපිටිය ප්‍රකාශ කර සිටියේ දේශීය කර්මාන්තකරුවන් දිරිගන්වන්න වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් හෝ ඉදිරිපත් විය යුතු බවයි.
වර්තමානයේ ඇති වී ඇති ආර්ථික අර්බුදය හා එම අර්බුදය නිසා හට ගෙන ඇති පීඩනය තුළ දේශීය ව්‍යාපාරිකයන් රැසක් ලොකු අනතුරකට මුහුණ දී ඇති බව සඳහන් කළ ලාෆ් හෝල්ඩින්ග්ස් සභාපතිවරයා මේ වන විට රට තුළ ඇති ඩොලර් හිඟය තවත් දරුණු වුවහොත් ඒ හේතුව මත ව්‍යාපරික ආයතන රැසක් වැසී යනු ඇති බවටද බිය පළ කළේය. එහෙයින් එම අනතුරෙන් මෙරට ආර්ථිකයට ජීවය පිඹින ලොකු, කුඩා සියලු ව්‍යාපාරිකයන් ගලවා ගෙන නිවැරදි පීල්ලට ගැනීමට රජය උදව් කළ යුතු බවද ඔහු පැහැදිලි කළේය.
දේශීය ව්‍යාපාරිකයන් අතර තම අනන්‍යතාව ඉහළින්ම සලකුණු කළ තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන පැල්වත්ත කිරිපිටි ආයතනයේ සභාපති ආරියශීල වික්‍රමනායකද 2022 අයවැය ගැන අදහස් පළ කළ අතර එහිදී ඔහු අවධාරණයෙන් යුතුව සඳහන් කර සිටියේ; 100%ක් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිෙවළක් මෙම අයවැය ලේඛනයෙන් යෝජනා කිරීමට රජය කටයුතු කළ යුතු බවයි. ජනතාවගේ පරිභෝජනය සඳහා මෙරටම නිෂ්පාදනය කර ගත හැකි ආහාර පාන විදේශයන්ගෙන් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන ගණනින් විදේශ විනිමය වැය කිරීමට සිදු වී ඇති බවත් ඊට විසඳුම් සොයමින් එම ආහාරපාන මෙරට නිෂ්පාදනය කිරීම දිරිමත් කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළ හෙතෙම එවැනි නිෂ්පාදන ආර්ථිකයකට මුල පිරීමට මේ සුදුසුම මොහොත බවද අවධාරණය කළේය. වී ගොවීන්, එළවළු ගොවීන්, පලතුරු ගොවීන්, කිරි ගොවීන් වැනි ගොවි ජනතාවට මෙන්ම ධීවරයන්ට, කර්මාන්තකරුවන්ට අපේ රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිය හැකි බවද කී පැල්වත්ත ආයතනයේ සභාපතිවරයා පාලකයන් මේ යථාර්ථය තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය බවද කීවේය.
දශක ගණනාවක් පුරා දේශීය ඉදිකිරීම්කරුවන්ද රට වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර දේශීය ඉදිකිරීම්කරුවන් හා ආයතන රැසක එකමුතුවෙන් පිහිටු වූ ජාතික ඉදිකිරීම් සංගමය ද 2022 අයවැය යෝජනා සුබදායී වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවේ. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවර අයවැය යෝජනා මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් තම සංගමයේ නියෝජිතයන් මෑතකදී මුදල් අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළ බවත් එහිදී අමාත්‍යවරයා වෙත පෙන්වා දුන් ඉදිකිරීම් කරුවන් මුහුණ දෙන ගැටලුවලට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අමුද්‍රව්‍ය විදේශයන්ගේ සිට ආනයනය කිරීම සීමා වලට යටත්ව තිබීම නිසා ඒවා ආනයනයේදී මතු වී තිබෙන දුෂ්කරතා, ඒ හේතුව නිසාම එවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අමුද්‍රව්‍ය ආනයනය සඳහා විශාල මුදලක් වැය වීම,සිමෙන්ති හිඟය, රජයේ ව්‍යාපෘති සදහා සම්බන්ධ වීමේදී ඇතැම් විට ගෙවීම් ප්‍රමාද වීම වැනි කරුණු රැසක් පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානයට ලක් වුණු බවද ඔහු පැවසුවේ ය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අමුද්‍රව්‍ය මෙරට තුළම නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අයවැය යෝජනාවලදී එම කරුණු වලට සාධනීය ප්‍රතිචාරයක් හිමි වනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
වෙෙළඳ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ අධ්‍යක්ෂවරයකු මෙන්ම සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිල්ඩර්ස් හී උප සභාපතිවරයකුද වන රුවන් ද සිල්වා අදහස් දක්වමින් මෙවර අය වැය පිළිබඳව යම් සුබදායී හැඟීමකින් පසු වන බව සඳහන් කළ අතර උපායශීලීව කටයුතු කරමින් රටේ ආර්ථික ප්‍රශ්න නිසි පරිදි කළමනාකරණය කිරීමට 2022 අයවැය යෝජනා වලට හැකියාවක් ලැබෙනු ඇති බවට විශ්වාසයද පළ කළේය.
වසර දෙකකට ආසන්න කාලයක් මෙරට සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයම පසුබෑමකට ලක් වී ඇති බව රහසක් නොවන බවද ඔහු ප්‍රකාශ කළ අතර එම පසුබෑම් මග හරවා ගෙන ශක්තිමත් ලෙස යළි නැගී සිටීම සඳහා මෙවර අයවැයෙන් නව මාවතක් විවර විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ අයවැය යෝජනා පිළිබඳව අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේ සුළු,මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර පමණක් නොව ස්වයං රැකියාවන්හි නිරත පිරිස් වෙනුවෙන්ද රජය හා බලධාරීන් ප්‍රමාණවත් අවධානය යොමු කළ යුතුම බවයි.
කොවිඩ් වසංගතයට එරෙහි එන්නත්කරණ වැඩපිළිෙවළ ඉතා සාර්ථක ලෙස රට පුරා සිදු වන බැවින් ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා කටයුතු කළ යුතු බවත් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් වෙත තල්ලු වී තිබෙන වාහන ආනයනය හා එම ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් පිළිබඳව ද සැලකිලිමත් වෙමින් අය වැය යෝජනා පිළිෙයල වීම අතිශය වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය.