අය­වැය යෝජනා ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

අය­වැය යෝජනා ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 මේ ඩොලර් හිඟයක් ඇතිවුණේ ඩොලර් ලැබෙන ක්‍රමයන් ඇහිරි තිබුණ නිසයි. රටට ඩොලර් ලැබුණ සියලු මාර්ග ඇහිරී තිබෙනවා. විදෙස් ශ්‍රමිකයන්ගෙන් බිලියන 7ක් පමණ ඇමරිකානු ඩොලර් ලැබෙනවා. එමෙන්ම අපිට සංචාරක කර්මාන්ත හරහා ඩොලර් මිලියන 4500 පමණ ලැබුණා. එය මේ වසරේ ඩොලර් මිලියන 75ක් දක්වා පහත වැටිලා. විදෙස් ආයෝජනයන් 2020 සාපේක්ෂව 2021 වැඩිවෙලා තියනවා. මේ ආකාරයට ආදායම් පහත වැටී තිබෙනවා. රටක් ලෙස අපි ආයෝජන දිරිමත් කරන වැඩපිළිවෙළකට යා යුතුයි. ආයෝජන සංකෝචනය කිරීම නොකර ආයෝජකයන්ට විරුද්ධව මත ප්‍රකාශ කරන්නේ නැතුව රටක් ලෙස ආයෝජන දිරිමත් කිරීමයි කළ යුතු වන්නේ. මේ රටේ ණය බරක් තියනවා ; රටේ ණය අර්බුදයක් තියනවා එය කළමනාකරණය කරගත යුතුයි. වාහන ගෙන්වීම නතර කර තිබෙනවා. වෙළෙඳ ශේෂය මේ රටේ බිලියන 10ක් පමණ තිබුණා. අපි එය මිලියන 6000 දක්වා අඩු කරගෙන තිබෙනවා. එනම් අපනයන ආනයන අතර පරතරය අඩුකරගෙන තිබෙනවා. හුදෙක් දේශපාලනික කාරණා ලෙස නොබලා මෙවැනි ආර්ථික කාරණා විශ්ලේෂණය කර බැලිය යුතුයි.

 

2 විපක්ෂය රාජ්‍ය සේවයට දැන් අමුතු ආදරයක් තිබුණට විපක්ෂය ආණ්ඩු බලයේ ඉන්න කාලයේ රජයේ විශ්‍රාම වැටුපත් නතර කිරීමටයි ඒ අය යෝජනා කළේ. 2001 -2004 කාලයේදී එක් සේවකයෙක් රාජ්‍ය සේවාවට බඳවා ගත්තේ නැහැ . මේ විපක්ෂයට අවශ්‍ය ආණ්ඩුවට විරුද්ධව සමස්ත රජයේ සේවාවම පෙළ ගස්වන්නයි. ගුරු වැටුප් ගැටලුව වසර 25 කාලයක් තිබුණා. ඒ ඉල්ලීම අපි ඉටු කළා. මේ ඉල්ලීම් කිරීමට ගුරුවරුන් පාරට අරගෙන දේශපාලනික අවශ්‍යතා ඉටුකරගැනීමට පමණයි විරුද්ධ පක්ෂයට අවශ්‍ය වෙන්නේ. විරුද්ධ පක්ෂයේ ඉලක්කය වෙලා තියෙන්නේ කොවිඩ් වැඩි කරන්න ජනතාව පාරට බස්සන්නයි. ගුරු වැටුප් විෂමතාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය පොරොන්දු වුණා අයවැයෙන් මෙයට විසඳුමක් දෙනවා කියලා. ඒ තිබියදී දරුවන්ගේ අධ්‍යපනය කඩාකප්පල් කරලා දෙමවුපියන් පීඩාවට පත් කරලා විරුද්ධ පක්ෂය මොකක්ද කළේ? මේ ගැටලුව දේශපාලනික කරණය කිරිමට උත්සාහ කළා. විශ්‍රාම වැටුප් විෂමතාව සඳහා මුදල් වෙන් කර තිබෙනවා. ආණ්ඩුව සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට මේ අයවැය සකස් කර තිබෙනවා. ජනතා සහයෝගය ලැබුණොත් ආණ්ඩුව පැත්තෙන් රට ගොඩනැඟීමට අපි සුදානම්.

 

3 මේ කොවිඩ් අර්බුදය හමුවේ ඍජුවම පීඩාවට පත් හැම ජන කොට්ඨාසයකටම අවශ්‍ය සහන ලබාදීමට මේ අයවැයෙන් උත්සාහයක් අරගෙන තිබෙනවා. ලෝකයේ අනෙක් රටවල මෙන් රාජ්‍ය සේවාවන්වල කිසිදු වැටුප් කප්පාදුවක් කළේ නැහැ. දැඩි ලෙස පීඩාවට පත්වූ, මාසික හෝ දෛනික ආදායම් අහිමි ජනකොටස් සම්බන්ධයෙන් වැඩිම අවධානයක් අයවැයෙන් යොමුවෙලා තිබෙනවා. එනම් ත්‍රිරෝද රථ, බස්, පාසල් වෑන් රථ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා තම වෘත්තිය ආරම්භ කිරීමට යම් සහනදායි පහසුකමක් සකස් කර දී තිබෙනවා. අපි ඊළඟ පියව‍රෙදී ආදායම් ඉපයිය හැකි එනම් ජීවන උපාය මාර්ග සඳහා විශාල වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. පවතින තත්ත්වය තුළ හොඳ අයවැයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ අයවැයේ ප්‍රතිඵල තීරණ වන්නේ තවත් කොවිඩ් රැල්ලක් එනවාද නැද්ද යන කරුණ මතයි. වගකීම් විරහිතව දේශපාලනික මතවාද නිසා කුහක විදිහට රට නැවත වට්ටන්න උත්සාහ කිරීම නිසා අනිසි ප්‍රතිඵල ඉදිරියට එන්නට පුළුවන්. රටක් ලෙස ඍජු බලපෑමක් එල්ල වන නිසා ජනතාව විචාරශීලීව කටයුතු කළ යුතුයි.

 

4 කාලෝචිතයි. ග්‍රාමිය සංවර්ධනය සඳහා ද විශාල ප්‍රතිපාදනයන් වෙන් කර තිබෙනවා. ගම හැදුණොත් පමණයි, ග්‍රාමීය මට්ටමේ මුදල් සංසරණය සිදු වන්නේ. ඒ මුදල් සංසරණය සිදුවුවහොත් ආර්ථික සංවර්ධනය සිදු වෙනවා. ගමේ පාලම, පාර සැදුණොත් පමණයි යටිතල පහසුකම් සැපැයුවොත් පමණයි ගමක් ඇතුළට මුදල් යන්නේ. ග්‍රාමීය මට්ටම ශක්තිමත් වුවහොත් පමණයි නගරය ශක්තිමත් වෙන්නේ. 2015 -2019 කාලයේ කොළඹ නගරයට ආර්ථිකමය බලපෑම් ආවා. එදා ඒ වැටීමට මූලික හේතුව වුණේ ගොවිතැන නොසලකා හැරපු නිසායි. අපි අලුත් පරිවර්තනයකට ජනාධිපතිවරයා ගිහින් තිබෙනවා. ඒ පරිවර්තනය උපරිම මට්ටමින් සිදු කරනවා. එහි යම් වෙනස්කම් ඉදිරියේදී කරන්නට අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඇතුළේ ඒ වෙනස් කිරීම් කිරිමට අපි සුදානම්. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් තිරසර ආර්ථිකයක සංවර්ධන වැඩපිළිවෙළකට අපි යා යුතුයි.

 

5. යම් ගැටලුවක් වුවහොත් අවශ්‍ය වන්දි ගෙවීමට මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒවෙනුවෙන් මේ අයවැය ලේඛනයෙන් මුදල් වෙන්වෙලා තියනවා. පොහොර නිෂ්පාදන සහ එයින් හානි සිදුවුවහොත් පොහොර ආනයනයන්ට යන වියදම දේශීය වශයෙන් ඉතුරු වුවහොත් එයට වෙන්කරපු මුදල් ප්‍රතිපූර්ණය කිරීම සිදුකරන්නේ. ගොවියාට කිසිදු ආකාරයට බයක් ඇති කර ගත යුතු නැහැ. ඒ නිසා අස්වැන්න අඩුවුවහොත් හෝ හානියක් සිදුවුවහොත් යම් මුදලක් වෙන් කර තිබෙනවා.ඒ නිසා යම් හානියක් සිදුවුවහොත් ඒ සඳහා වන්දි ලැබෙනවා. ගොවියා වෙනුවෙන් රජය අනිවාර්යෙන් පෙනී සිටිනවා. මේ ආණ්ඩුවට විවේචනයන් ආවේම ජනතාවාදීව සිතාමතා කරපු හොඳ වැඩ නිසයි. බදු අඩු කිරීම සිදු කළත් නොකළත් බණිනවා.

 

 

1 මෙවර අයවැයේ කිසිදු ආකාරයකට ක්‍රමවත් ලෙස සැකසුණු දිගුකාලීන හෝ මධ්‍යකාලීන කෙටිකාලීන වැඩපිළිවෙළක් නැහැ. ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුදවලට නිශ්චිතව වශයෙන් කිසිදු පිළිතුරක් නැහැ. අධික ලෙස බඩු මිල ඉහළ යාමත් හාල් මෝල් හිමියන්ට අවශ්‍ය ආකාරයට හාල් මිල ඉහළ දැමීමටත් ඉඩ ලබාදී තියනවා. සීනි, කිරිපිටි, ගෑස්, ආනයනකරුවන්ට අවශ්‍ය විදිහට බඩු මිල ඉහළ දැමීමට ඉඩ දිලා රජය මිල පාලනයෙන් ඉවත් වෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තයේ අර්බුදයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ගොවි ජනතාවට සහන සැලසීමට කිසිදු කෙටිකාලීන පියවරක් නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කිව්වත් ඒ කිසිවක් සිදු වෙලා නැහැ. සෞඛ්‍ය සේවයේ සහ අධ්‍යපන සේවයේ කිසිදු අර්බුදයකට පිළිතුරු නැහැ. විදෙස් ණය අර්බුදයට දිගුකාලීන පිළිතුරු නැහැ. ලංකාව විදෙස් විනිමය අර්බුදයකට මුහුණ දීමට ප්‍රධාන අර්බුදය ණය සහ වාරික ගෙවිමට නොහැකි වීමයි. ණය හා පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව රුපියල් ට්‍රිලියන16ක ණය කන්දයි. මින් රුපියල් ට්‍රිලියන තුනක් පසුගිය වසර එකහාමාර තුළ ලබාගත් ණයයි. මෙවර අයවැයෙනුත් රුපියල් ට්‍රිලියන තුනක් පමණ ණය ලබාගැනීමේ යෝජනාවක් තිබෙනවා. ලබන වසර වන විට ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන විස්සක් පමණ වෙනවා .ණය අර්බුදයේ ගිලී සිටියදී රටක් ගොඩඒමට නම් නැවත ණය අර්බුදයක පැටලීම සුදුසු නැහැ. ආදායම සහ වියදම අතර මේ වන විට විශාල පරතරයක් තිබෙනවා. ආදායම රුපියල් ට්‍රිලියන දෙදහස් දෙසියඅසූ හතරයි. වියදම රුපියල් ට්‍රිලියන තුන්දහස් නවසිය දොළහයි. එහිදී ණය පොළී වාරික ඇතුළු සමස්ත ගෙවීම් රුපියල් ට්‍රිලියන 5,224 යි. ට්‍රිලියන3200ක් ණය අවශ්‍යතාවය කියලා අයවැයේ සඳහන් කර තියෙන්නේ.

 

2 රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් ඉන්නේ ආරක්ෂක අංශයේ. අනෙක් අංශ සෞඛ්‍ය සහ අධ්‍යපනයයි .එහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය රටට බරක් වෙලා තියනවාද කියලා ගැටලුවක් තිබෙනවා. ගුරුවරුන්ගේ සහ හෙද සේවයේ පුරප්පාඩු තියනවා. අධ්‍ය­ාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රවලට ඒ ආකාරයේ සේවක පුරප්පාඩුවක් තිබෙනවා නම් කොහොමද රටට බරක් වුණේ? යුද්ධයක් නැතුවත් ලොකු මානව සම්පතක් ආරක්ෂක අංශවල ඉන්නවා. එසේ නම් මේ අය බරක් කියලා කියන්නේ ආරක්ෂක අංශ විය යුතුයි. ගුරුවරුන් සම්බන්ධයෙන් කතා කළහොත් රාජ්‍ය සේවයේ අවම වැටුප් තලවල රාජ්‍ය සේවකයන් ඉන්නෙ. ගුරුවරුන්ට වඩා අඩු වැටුප් ගන්නේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් පමණයි. රාජ්‍ය සේවාවේ අනික් සියලු දෙනාම මීට වඩා වැටුප් තලවල ඉන්නවා. මෙය බරපතළ අර්බුදයක්. ඒ තත්ත්වය නිසා ගුරු සේවය විනාශ වෙමින් පැවැතීම නිසා සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම තර්ජනයකට ලක්වෙලා තිබෙනවා. ගුණාත්මක සේවය අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ගුරු හිඟය නිසා ඇතැම් අවස්ථාවලදී රජයේ පාසල්වලින් දරුවන් පෞද්ගලික පාසල්වලට යවන්න දෙමවුපියන් යොමුවී සිටිනවා. එයින් නිදහස් අධ්‍ය­ාපනය අභියෝගයට ලක් වෙනවා. අවශ්‍ය වෙන්නේ අභිමානවත් ගුරු සේවයක් ඇති කර වැටුප් තලයක් හැදීමයි. එසේ නැතිව පැලැස්තර විසඳුම් නොවෙයි. ගුරු අරගලයට පිළිතුරු දීමක් ලෙස වැටුප් විෂමතාවට යම් විසඳුමක් ලබාදී තිබුණද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කිසිවක් කර නැහැ. ගුරුවරුන්ට පැලැස්තර විසඳුමක් දුන් පමණින් රාජ්‍ය සේවය ගුණාත්මක වෙන්නේ නැහැ. විශ්‍රාම වයස් සීිමාව 65දක්වා දීර්ඝ කිරීම තුළ විරැකියාව වැනි ගැටලු මතුවෙනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම නම් වයස 60 අය 65දක්වා වැඩි කරලා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුළුවන්ද? රටේ දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ඉන්නවා. ඒ අයට අවකාශ ලබාදිය යුතුයි.

 

3.ගොවි ගැටලුව විසඳීමට කළ යුතු ප්‍රමුඛ කාර්ය කෘෂි රක්ෂණ මණ්ඩල පිහිටුවීම නොවෙයි.දැනට ගොවීන් මුහුණ දී ඇති විශාලම ගැටලුව නම් බීජ පොහොර සහ කෘෂි යෙදවුම් ක්ෂේත්‍රයේ ම ඇති ඒකාධීකාරයයි. මේ අය වෙළෙඳ පොළ හසුරුවනවා. ඒ අයට අවශ්‍ය ආකාරයට මිල ඉහළ දැමීම් කරනවා. රජයේ නව පොහොර ප්‍රතිපත්තියත් සමඟ අස්වැන්න අඩුවීමට නියමිතයි. සාමාන්‍ය යෙන් වීගොවිතැන පමණක් ගත් විට මහ කන්නයේ අස්වැන්න 30% පහත වැටීමට නියමිතයි. එහිදී ගොවින්ට ජීවිකාව ගෙන යාමට නොහැකි වෙනවා. රක්ෂණයකින් කෙරෙන්නේ නියඟයක් හෝ ස්වභාවික ආපදාවකදී යම් වන්දියක් ගෙවීමයි. කෘෂිකර්ම ප්‍රතිපත්ති නිසා විනාශ වන වගාවට වන්දි ගෙවන්න නොවෙයි කෘෂි රක්ෂණ මණ්ඩල තියෙන්නේ. වැඩකරලා අවසන් කාලයේ මහලු වියට පත් ගොවියාන් හෝ වෙනත් වෘත්තිකයන් වෙනුවෙන් රජය යම් පියවරක් ගත යුතුයි.

 

4 සුළු පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගත යුතුයි. එහෙත් මේ ක්ෂේත්‍රවලට අදාළ දැවැන්ත ඒකාධිකාරී සමාගම්වල මැදිහත් වීම නැවැත්විය යුතුයි. නව ලිබරල් ප්‍රතිපත්ති ඇතුළේ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරමින් ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩවලටත් අදාළ වෙළෙඳ බාරය ඉවත් කර තිබෙනවා. ආනයන කරුවන්ට බදු සහන ලබා දෙනවා . එයින් දිනෙන් දින සුළු පරිමාණ නිෂ්පාදකයන් ඇද වැටෙනවා. අයවැයෙන් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනය ලබා දීමේන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. විශේෂයෙන් ප්‍රාග්ධනය නැති නිසා අලුත් කර්මාන්ත සඳහා යොමු නොවීමක් නොවෙයි මෙහි තියෙන ගැටලුව. ආරම්භ කර තිබෙන සුළු පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යාමත් අර්බුදයක් වී තිබෙනවා මේ කර්මාන්තවල නිරතවෙලා ඉන්න පිරිස සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය ගිලිහී තිබෙනවා . මේ වනවිට කර්මාන්ත විනාශ වෙලා. ඒ අය විනාශ වීමේ අර්බුදයකට දැනටමත් මුහුණ පා තිබෙනවා. ඊට හේතුව අක්‍රමවත් බදු ප්‍රතිපත්තියයි. මුදල් ලබාදීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රය වර්ධනයක් වීමක් සිදු වෙන්නේ නැහැ.

 

5 කොවිඩ් පාලනය කිරීමට අත්‍යවශ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපාදන අයවැයෙන් කපා හැර තිබෙනවා. ජනගහනයට සාපේක්ෂව වෙන්කර තිබෙන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කොවිඩ් ඉදිරියේදී කුමන තත්ත්වයක් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ජනතාව කෝටි දෙකකට වඩා ඉන්න රටේ දැඩිසත්කාර ඒකක ප්‍රමාණවත් නැහැ. ශ්වසන න ආධාරක 700ක් පමණයි තිබෙන්නේ. රෝහල් වාට්ටු, ඇදන් හිඟයක් තිබෙනවා.

කොවිඩ් නිසා අර්බුදයට පත් අයට සහන දෙනවා කියලා පීඩාවට පත් ජනතාවට පොඩි පොඩි රැවටීම් ටිකක් කරලා තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ලබාදී තිබෙන සහන ප්‍රමාණවත් නැහැ.

වාරික ගෙවීම් කල් දැම්මාත් ඒදේවල් දඩ පොලියත් සමඟ අය කර ගන්න නියමිතයි. ලංකාවේ සාමාන්‍යයෙන් ලක්ෂ අටක් පමණ කුලී සේවාවට අයිති ත්‍රිරෝද රථ තියනවා. රුපියල් හත්සිය පනහක් ලබාදීලා මේ අයගේ ප්‍රශ්න විසඳන්න බැහැ. මූල්‍ය සමාගම් සමඟ කතා කරලා ඒ අයගේ ෆිනෑන්ස් වාරිකයන් ගෙවීම සඳහා යම් ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුයි. මෙවැනි සුළු මුදලකින් ඒ අයගේ ප්‍රශ්න විසඳන්න බැහැ. අනෙක් ක්ෂේත්‍ර ගත්තත් ඒ වගේම තමයි. ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් ලබා දීලා නැහැ.

1 මේ වනවිට අපේ රටේ විදෙස් මුදල් විශාල හිඟයක් තියනවා. 2019 අවසාන කාලයේ දී විදෙස් විනිමය ඩොලර් බිලියන 7.6 ව තිබුණා. අද වන විට ඩොලර් බිලියන 2කට පමණ අඩුවෙලා තියෙන්නේ. දැනට ඇති ගෙවන්න තියන ණය මේ රජය ගෙවා දැම්මත් විදෙස් විනිමය ශේෂයක් මේ රටේ නැති කරලා දාලා. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒම නැවැත්තුවා. විදෙස් ණය දුන්න අය ආරක්ෂා කළා ගොවියාව නැති කරලා දැම්මා. ලංකාවේ පාරිභෝගිකයා අපහාසුතාවට පත් කළා. මේ අයවැයේදී විදෙස් මුදල් වැඩි කරන්න කිසිදු යෝජනාවක් තිබුණේ නැහැ. විදෙස් සංචිත ඇතිකරන්න නම් කළ යුතුව තිබුණ ප්‍රධාන යෝජනාවන් වෙන්නේ අපනයනයන් දිරිගැන්වීමයි. මෙවර අයවැයෙන් එයට කිසිදු වැඩපිළිවෙළක් ඒ සඳහා යෝජනා වෙලා තිබෙනවා අපි දැක්කේ නැහැ. මේ වනවිට ඇමරිකාවට සහ යුරෝපයට තියෙන ජී. එස්. පී ප්ලස් සහනය පිළිබඳව අපි කවුරුත් දන්නවා. එයත් රටට අහිමි වීමේ අවදානමක් තියනවා. ජී.එස්.පී ප්ලස් අපිට නැති වුවහොත් තේ, රබර්, ඇඟලුම් කර්මාන්තවලින් ලැබෙන අපනයනය ආදායමත් නැති වෙනවා. එසේවුවහොත් එය රටට ලොකු අර්බුදයක් වෙනවා. ඒව ගේම මේ අයවැයෙන් පොදුවේ ගත් විට කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයා අපනයන කරා හරවන්න වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ.

 

2. රජය සංඛ්‍යා මුළාවක් කළාට සංඛ්‍යාව වැඩි කරලා පෙන්නුවට වැඩක් නැහැ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව, මූලික අවශ්‍යතාවන් පිරිමසන්න රුපියල් බිලියන තිස් හයක් අවශ්‍යයි. ඉන් රුපියල් බිලියන තිහක් පමණ අයවැයෙන් වෙන් කර තිබුණා. එහිදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට කිසිදු ආයෝජනයක් නැහැ. අපේ ආණ්ඩුව සමයේ අපි මූලිකව රාජ්‍ය සේවයේ වැටුප විශාල වශයෙන් වැඩි කළා.

පොලිසිය සහ හමුදාවට වැටුප් වැඩි කිරීමක් මේ අයවැයෙන් සිදුකර ඇති බව පේනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට නොවෙයි මේ ආණ්ඩුව මුදල් වෙන්කරන්නේ, වෙනත් භෞතික සංවර්ධනයන් සඳහායි. එනම්, ගොඩනැඟිලි ඉදිකරන්නයි. මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය මුදල්. ජීවත් වෙන්න ආර්ථිකයක් නැති ජනතාවට ගොඩනැඟිලි වැඩක් නැහැ. රාජ්‍ය සේවයේ සංඛ්‍යාව වැඩි කිරීමක් මිසක ගුණාත්මක භාවයක් සම්බන්ධයෙන් මේ රජය කිසිදු ආකාරයකට සැලකිල්ලක් දක්වා නැහැ.

රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කරන්න අවශ්‍යයි. අනෙක් කාරණාව පුහුණු කිරීම සහ ගුණාත්මක රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට යම් පියවර ගත යුතුයි. එසේ කිසිදු යෝජනාවක් තිබුණේ නැහැ.

 

 

 

3. ගොවියාගේ ගැටලුවවත් මේ රජය හඳුනාගෙන නැහැ. මේ රජය වන්දි දීම සම්බන්ධයෙන් කතා කළා. අද වනවිට කෘෂි රක්ෂණ මණ්ඩලයක් සම්බන්ධයෙන් කතා කරනවා. පොහොර ප්‍රශ්නය නිසා මේ වනවිට විශාල අර්බුදයන්ට ගොවියන් පත් වී තිබෙනවා කියලා අපි දන්නවා. මේ ආණ්ඩුව හැම ප්‍රශ්නයකටම එක් එක් දවසකට එක එක දේවල් කියනවා . මේ ගොවි ගැටලුවට කිසිදු පිළිතුරක් දීලා නැහැ. පසුගිය මැතිවරණ සමයේදී මේ රජය පොහොර නොමිලේ දෙනවා කියලා කිව්වා. ඉන්පසුව එක කන්නයක් පොහොර දී අනෙක් කන්නය වනවිට කාබනික කරනවා. පේනවා නේද ප්‍රතිපත්තියක් නියමිත ක්‍රමවේදයක් නැතිව එයින් අද සිදුවුණ දේ ? නිසි කෘෂිකාර්මික ආර්ථික ප්‍රතිපත්තියක් සහ ආර්ථික දැක්මක් නැහැ. මේ ගැටලුව නොදැනුම්වත්කම නිසාද කියලා හිතනවා. ලෝකයේ හැම තැනකම බහුතරයක් පාවිච්චි වෙන්නේ රසායනික පොහොර. ඒ රටවලත් පොඩි ප්‍රතිශතයක් කාබනික පොහොර භාවිත වෙනවා. මෙය එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි. එසේ කිරීම නිසා රටේ අස්වැන්න අඩු වුණා. හෙට දවසේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවිය හැකි තත්ත්වයක් දක්වා පොහොර ගැටලුව උග්‍රවී තිබෙනවා. එක් පැත්තකින් ගොවියන්ගේ ආදායම නැතිවෙලා. ගොවියා සහ පාරිභෝගිකයාට මේ සියල්ල බලපානවා. අද පිටරටින් ආහාර ගෙන්වීමට හදනවා. එතකොට අපිට කාබනික පොහොරවලින් හදපු ආහාර නොවෙයි ද ලැබෙන්නේ. මෙය අඥාන වැඩක්. නොමිලේ පොහොර දෙනවා කියලා පටන් අරගෙන අද ගොවියාට අස්වැන්නත් නැහැ. පොහොරත් නැහැ. ජීවත් වෙන්න විදහකුත් නැහැ. ගොවි රක්ෂණ මණ්ඩලයක් විසින් විසඳනවා කියන දේ සාර්ථක වෙන්නේ නැහැ. රක්ෂණයකින් ආරක්ෂා කරන්න අවශ්‍ය ස්වභාවධර්මයෙන් ඇතිවන ගැටලුයි. මිනිසුන් ප්‍රතිපත්තිවලින් නිර්මාණය කරපු ගැටලු විසඳන්න නොවෙයි රක්ෂණ මණ්ඩල තියෙන්නේ. අයවැයෙන් ගොවියට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ.

 

4කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කර්මාන්ත විනාශ කරලා ග්‍රාමීය ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකයේ ඇති වැදගත්ම කොටස කෘෂිකර්මාන්තයයි. ජාත්‍යන්තර පාසල් ගමට ගෙන ඒම හොඳයි. එයට සරිලන පාරිසරික වටපිටාව, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට යම් වැඩ පිළිවෙළක් ඇති කරලයි මේවා කරන්න අවශ්‍ය වෙන්නේ. ග්‍රාමීය ආර්ථිකය ගොඩනඟන්න වැඩ පිළිවෙළක් ඇති කරනවා කියලා යෝජනාවක් තිබුණා. නමුත් ඒ දේවල් ප්‍රායෝගික ද කියන ගැටලු තියෙනවා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනයට තිබෙන ප්‍රතිපාදන මේ අයවැයෙන් වැඩි කළේ නැහැ. නිදහස් අධ්‍යපනය ශක්තිමත් කළා කියලා මේ අයට කියන්න බැහැ. ජාත්‍යන්තර පාසල් ගමට ගෙනයාමට උදවු කරන එක හොඳයි. අධ්‍යාපන අවස්ථා ග්‍රාමීයව වැඩි කරන්න අවශ්‍යයි. පාසල්වලට මුදල් දීමෙන් නොවෙයි මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ. අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි දියුණු කළ යුතුයි. අදට ගැළපෙන අධ්‍ය­ාපන ප්‍රතිසංස්කරණයන් ඇති කළ යුතුයි. ශිෂ්‍යයන්ට යම් සහනයක් දිය යුතුයි. සෞඛ්‍යය සඳහා මුළු වියදම රුපියල් ඩොලර් බිලියන 255 ක් 2020 දී වෙන්වුණා. 2021 දී ඩොලර් බිලියන 301 යි. 2022දී සෞඛ්‍යයට රුපියල් බිලියන 234 වෙන් කර තිබෙනවා. බිලියන 67 අඩු කිරීමේ සාධාරණත්වයක් තිබෙනවාද? මේ දේවල් අඩු කළාම ග්‍රාමීය ප්‍රදේශවලටයි එහි බලපෑම තදින්ම ඇතිවෙන්නේ. ඉදිරියේදී ඩොලර් හිඟය නිසා බෙහෙත් අඩුවීමක්ද ඇති විය හැකියි. එවැනි දෙයක් ඇතිවුවහොත් විකල්ප මොනවද කියලා රජයට වැඩ පිළිවෙළක් නැහැ.

 

5 කොවිඩ් නිසා අර්බුදයට ලක්වූ අයගේ ගැටලු නිරාකරණය කර ගැනීමට ලබාදී තිබෙන මුදල ප්‍රමාණවත්ද? දෙන්න රජයට සල්ලි නැත්නම් ඇයි රජයට සල්ලි නැත්තේ කියලා අපි පැහැදිලි කරගත යුතුයි. 2019 රජයේ ආදායම රුපියල් බිලියන 1997යි. එය 2014ට සාපෙක්ෂව දෙගුණයක් වෙනවා . සැකසුමක් ඇතිවයි මේ දේවල් අපි කළේ. දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ගත් විට එවකට තිබුණේ 10%යි. අපි 13% ට වැඩි කරගත්තා . මේ අයගේ ඡන්ද පොරොන්දුවලින් මොනවද මේ අයට ඉටු කරන්න පුළුවන් වුණේ? ඒ අය ආවාම බදු ගහන්නේ නැහැ කිව්වා. නමුත් අද බදු විතරයි මේ අය ජනතාවට දෙන්නේ. 2020 රජයේ ආදායම රුපියල් බිලියන 600කින් කඩාවැටුණා. අද රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට මේ අය පැහැදිලි විසඳුම් දීලා නැහැ. ඊනියා සටන් පාඨ පතුරලා එදා ඡන්දය දිනාගන්න ජනතාව නොමඟ යැව්වා. අද මොකක්ද වෙලා තියෙන්නේ? කොවිඩ් කළමනාකරණය කරන්න බැරි වුණා. රජයේ ආදායම අහිමි වුණේ කොවිඩ් නිසාලු . හේතුව එය නොවෙයි. කොවිඩ්වලට ඔරොත්තු දෙන ආර්ථිකයක් මේ අය ගොඩනඟාගෙන තිබුණේ නැහැ. අයවැයේදි කියනවා 2022 රජයේ ආදායම බිලියන 2284 දක්වා ඉහළ යනවා කියලා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. මේ මුදල් අය- වැයෙන් 75% වැය කරලා තියෙන්නේ හිතවත් අයගේ අමාත්‍යාංශවලටයි.

Comments