එළවළු මිල ඉහළ යෑම ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

එළවළු මිල ඉහළ යෑම ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1 මේ සම්බන්ධයෙන් බලපානු ලබන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් පසුගිය වසරේ මේ කාලවකවානු සමඟ සසඳා බලන විට මේ යම් මිල ඉහළ යෑමක් ගිය වසරේදීත් සිදුවුණේ එළවළු හිඟයක් ඇති වීම නිසයි. ඊට අමතරව මේ වසරේ මේ අවස්ථාවේදී ගැටලු කිහිපයක් වෙනත් වසරවලට වඩා උද්ගතවෙලා තියෙනවා. වසංගත තත්ත්වයත් සමඟ දේශීයව නිෂ්පාදනය කරන එළවළු මෙන්ම ආනයනික ඇතැම් ආහාර නිෂ්පාදන කරන ඇතැම් දේවල්වල වියදම යම් කිසි වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. කාලගුණික විපර්යාසය නිසාත් යම් තරමකට මේ කන්නයේ අපේක්ෂිත අස්වැන්න අඩුවෙලා තියෙනවා. කාබනික පොහොර නිසි ලෙස භාවිත කළ ගොවීන්ට නිසි ප්‍රතිඵල ලැබිලා තියෙනවා. නමුත් රසායනික පොහොර ලබාදෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉඳලා කිසිදු පොහොරක් නිසියාකාරව භාවිත නොකළ ගොවීන්ට අස්වැන්නේ යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා.

 

2 මම හිතන්නේ නැහැ විශාල ලෙස අඩුවෙයි කියලා. තේ වලට යම් බලපෑමක් තියෙනවා. 30% තේවල අස්වැන්න අඩුවෙයි කියලා කිව්වත් ඔක්තොම්බර් මාසයේ බැලුවිට පසුගිය අවුරුද්දත් සමඟ සැසඳීමේදී යම් ප්‍රමාණයක් අස්වැන්න වැඩිවෙලා තියෙනවා. නමුත් රසායනික පොහොරත් යම් ප්‍රමාණයක් තේ සඳහා ලබාදීලා තියෙනවා. කාබනික පොහොරවලට යෑමට මේ තරම් මැළිකමක් දක්වන්නේ ජනතාවගේ නොදැනුම්වත්කම නිසයි. යහපත් කෘෂිකර්ම පිළිවෙත් අනුගමනය නොකිරීම, වර්ෂ ගණනාවක් රසායනික පොහොර යෙදීම නිසා පසේ ඇති පෝෂක කොටස්වලට යම් හානියක් වෙලා සාරවත් භාවය අඩුවෙලා තියෙනවා. ඒ නිසා එක්වරම කාබනික පොහොරවලට යොමුවීමෙන් යම් අස්වැන්නේ අඩුවක් තියෙන්නට පුළුවන්.

 

3 රජය සහ ජනාධිපතිවරයාගේ අදහස වුණේ වසවිසවලින් තොර ආහාර ලබා දීමයි. මේ උත්සාහය කෘෂිකර්මයේ යහපත් ක්‍රමවේදයක් කරා යෑමට මිසක් දේශපාලනික වාසි ලබාගැනීමේ ක්‍රියාවලියක් මෙතන නැහැ. එතුමා බලයට පැමිණීමට පෙර ජනාධිපතිවරයාට ජනතාවගෙන් ඉල්ලීමක් තිබුණා, රසායනික යෙදවුම් හරහා ජනතාවට වන සෞඛ්‍යමය ගැටලුවලට යම් විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ අනුවයි හරිත වගාවකට රට යොමු කිරීමට උත්සාහ කරන්නේ. ජනතාව ලෙඩ වෙලා, වකුගඩු, පිළිකා වැඩි වෙලා අනාගතය කෙබදු වෙයිද කියන කරුණ අපි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව තේරුම් ගත යුතුයි. එදා කාබනික පොහොර භාවිත කරන්න කියලා ඉල්ලපු ඇතැම් පාර්ශ්වයන් මෙයට විරුද්ධව කතා කරනවා. ඇතැම් ඒ දේශපාලනික වාසි ලබාගන්න උත්සාහ කරන සමහර පිරිසගේ බලපෑම ගොවින්ගේ උද්ඝෝෂණවලට හේතුවෙන්න ඇති. නොයෙක් විදිහට ගොවි ජනතාව මෙයට විරෝධය පෑවා. නමුත් රජයක් ලෙස අපි ඉදිරියටත් වසවිසෙන් තොර හරිත වගාවක් සඳහා ගොවින් දිරිමත් කරනවා. කාබනික පොහොරවලින් ගොවියා ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අකර්මන්‍ය වෙන්නේ නැහැ. එය අපි දිගටම ක්‍රියාත්මක කරනවා. යම් පාර්ශ්වයන් රසායනික පොහොර දෙන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා නම් ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස පුද්ගලික අංශයට අවසර ලබා දීලා තියෙනවා රසායනික පොහොර ආනයනය කරන්න. ඒත් රජයක් ලෙස අපි බලාපොරොත්තු වන්නේ ඉදිරි අයවැයෙදී 100% කාබනික වගාවට යොමුවූ ගොවින්ට පමණක් සහනාධාරය ලබා දෙන්නයි.

 

4 ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස මේ රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබා දුන්නත් ඒ සඳහා රජයේ දායකත්වයක් නැහැ. නමුත් අවශ්‍යතාව අනුව කැමැත්ත අනුව රසායනික පොහොර ගෙන්වන්නන්ගෙන් ලබා ගෙන වගාකිරීමට හැකියාවක් තියෙනවා. නමුත් රජයේ සහනාධාරය ලබා දෙන්නේ 100% කාබනික පොහොර භාවිත කරන ගොවින්ට පමණයි. කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් හරහා කාබනික පොහොර භාවිත කරන ගොවීන් හඳුනාගෙන අපි අදාළ සහනාධාරය රජයක් විදිහට ලබාදීමට කටයුතු කරනවා. විපක්ෂය සියලු දේවල්වලට චෝදනා කිරිම පමණයි කරන්නේ. මුලින්ම කාබනික පොහොර ක්‍රමවේදය ගේන්න කිව්වා. එම ක්‍රමවේදය අනුගමනය කළාම ඒක නතර කරලා රසායනික පොහොර ගේන්න කියනවා. ඉන්පසුව රසායනික පොහොර ගේන්න පුද්ගලික අංශයට අවසර දුන්නාම ඒකටත් දොස් කියනවා. දැන් ආණ්ඩුවට පොහොර ගෙන්වන්න ඩොලර් නැහැ කියනවා. ගොවි උද්ඝෝෂණ මෙහෙය වන අය හිතන්න ඕන, රජය මේ කරන්න උත්සාහ කරන්නේ රටටම සහ ඉදිරි පරපුරට යහපතක් බව.

 

5 ඉතිහාසය පුරා ගොවියන්ට යම් සහනයක් සහ වී අස්වැන්නට වැඩි මිලක් ලබා දුන්නේ අපේ ආණ්ඩුව විසිනුයි. මොන චෝදනාව කළත් එයයි සත්‍යයි. රුපියල් පනහේ සිට රුපියල් හැට හැත්තෑවක් දක්වා මිලකට වී මිල ඉහළ දැම්මා. මෙවැනි අවස්ථාවකදී රජයට චෝදනා නොකර රටක් ලෙස ගොඩනැඟීමට ගොවියන් සහ දේශීය කෘෂිකර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි. ගොවියාට හොඳ කෘෂි නිෂ්පාදනයන් ලබාදීමට නම් ඒ සඳහා හරි මාර්ගය පෙන්වීම රජයක යුතුකමයි. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා තීන්දුවලට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහාය දිය යුතුයි. අනෙක් රටවල මේ වැනි ව්‍යසනකාරී වටපිටාවක රජය සමඟ එකට කටයුතු කරනවා හැර වෙන්ව ක්‍රියා කරන්නේ නැහැ. රජය ගන්නා සෑම තීරණයකදීම විරුද්ධ වීම අපේ විපක්ෂයේ ස්වභාවයයි.

 

 

 

1 සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව තියෙනව මේ රටේ රසායනික පොහොර කාබනිකකරණය අවුරුදු 10 න් කරන්නේ කියලා. ඒගොල්ලෝ මේක එක අවුරුද්දෙන් කළා. මේ ප්‍රශ්නවලට මුල එයයි.

2015දී අපේ රජය බලයට පත් වෙනකොට අපේ ආදායම බිලියන 1000යි. අපි රට බාර දෙනකොට ඒක දෙගුණයක්, බිලියන 2000ක් කරගෙන තිබුණා. අපිට ඕනේ තරම් සල්ලි තිබුණා. මේ රජය ඇවිල්ලා පළවෙනි අවුරුද්දේම ලොකු සමාගම්වලට බදු සහන දුන්නා.

අයවැයෙනුත් ලොකු සමාගම්වලට බදු සහන දුන්නා. ආණ්ඩුවට ලැබෙන බදු ආදායම බිලියන 2000 ඉඳලා 1300 දක්වා අඩු වුණා. බිලියන 700 ක් විතර මේ ආණ්ඩුව පළවැනි මාස කිහිපයේදීම අඩු කර ගත්තා .

අවාසනාවට කොවිඩ් ආවා. ඒත් ඊළඟ මාසේ බදු අඩු කරනකොට කොවිඩ් ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් ඊළඟ මාසේ කොවිඩ් ආවම මෙයාලට සල්ලි තිබුණේ නැහැ. පොහොරවලට, කොවිඩ්වලට එන්නත් ගන්න, බෙහෙත් ආනයනය කරන්නවත් සල්ලි තිබුණේ නැහැ.

සෞභාග්‍යයේ දැක්මට අනුව වැඩ කළා නම් හරි. කෙමිකල් යූරියා, පළිබෝධ නාශක ,කෘමි නාශක අවශ්‍යයි. ඒ ඔක්කොම කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙලා තිබුණ දෙයක්.

එකපාරට කරන්න බෑ. මේ වැරැද්ද කළේ ආණ්ඩුව. ආණ්ඩුවට පොහොර ගේන්න ඩොලර් නැති නිසා අවුරුදු 10 න් කරන්න ඕන දේ අවුරුද්දකින් කරන්න ගියා.

 

2පැහැදිලිවම, ඕන කෙනෙක්ට තේරෙනවා මේ දේවල්. තේ අස්වැන්න ගත්තත්, එළවළු අස්වැන්න ගත්තත්, වී අස්වැන්න ගත්තත් හැමතැනම අස්වනු අඩු වෙලා බව ඉතාමත් පැහැදිලියි. මම හිතන්නේ ජනවාරි මාසේ වෙනකොට බොහෝ දුරට සාගතය ඇති වෙයි. බොහෝ දුරට හාල් ආනයනය කරන්න වෙයි.

පොදු ජන එක්සත් පෙරමුණයි පොහොට්ටුවයිනේ හැමදාම මේ පොහොර සහනාධාරය ගැන මැතිවරණ වේදිකාවේ ලොකුවට කියලා කෑ ගැහුවේ.

මේ අය තමයිපොහොර සහනාධාරය නිකන් දෙනවා කිය කිය මැතිවරණ ගණනාවක්ම දිනුවේ. අපේ යහපාලන ආණ්ඩුව පොහොර දෙන්න නැතුව සල්ලි දුන්නා. සල්ලි දීලා අපි ගොවියාට අවස්ථාව ලබා දුන්නා කැමති එකක් භාවිත කරන්න. අපි හැමදාම කිව්වේ හොඳ මිලක් ගොවියාට දෙන්න කියන කාරණාවයි.

 

3 මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැති කමයි ලොකුම ප්‍රශ්නය. ආණ්ඩුවට තියෙන්නේ සල්ලි නැතිකම බව පැහැදිලියි. ඒ වගේම සමාගම්වලට බැණ බැණ එයාලටම වගකීමත් බාර දෙනවා. පොහොර ගෙන්නුවත් අධික මිලකට ඒ සමාගම් විකුණන්නේ. රටේ මිල පාලනයක් නැහැ. මම කියන්නේ තවමත් පරක්කු නැහැ, මේක වෙනස් කරලා සෞභාග්‍යයේ දැක්මේ කියලා තියෙන විදිහට අවුරුදු 10 න් මේ කාබනික වගාවට යෑම කරන්න. දැන් වුණත් අඩියක් ආපස්සට ගන්න බැරි ඇයි? ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ගොවීන්ට බලපාන පනත් 3 ක් ගෙනාවා. ගොවීන් පාර්ලිමේන්තුව වැටලුවා. ඉන්දියාවේ ගොවීන් එහේ පාර්ලිමේන්තුවේ වට කරගෙන ඉන්නවා. මෝදි අගමැතිතුමා ඒ පනත් 3 ඉල්ලා අස් කර ගත්තා. ඒ අපිට වඩා ලොකු බලවත් රටවල් වුණත් ඔවුන් ජනතාවට ඇහුම්කන් දෙනවා. වැරැද්දක් වුණාම ඒ වැරැද්ද වුණා කියලා පිළිගන්න නිහතමානී වෙන්න ඕනේ.

 

4 මේ ආණ්ඩුව කියන හරිත කෘෂිකර්මය නම් ගොවීන් සල්ලිවලට අරගෙන රසායනික පොහොර දැම්මාම ඒ හරිත කාබනික වගාව වෙනවද? මේවා මාස කීපයක් ඇතුළත කරන්න බැහැ. දැන් වුණත් වෙනස් කර ගන්න පුළුවන්. ජනතාවගේ පැත්තෙන් හිතන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. ජනතාව ගැන හිතලා වැඩ කරන්න ඕන. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා රූපවාහිනිය මඟින් කතාකරලා පනත් ඉල්ලා අස් කරගත්තා. එතුමා කිව්වා ගොවීන් එක්ක සාකච්ඡා නොකර මේ වැඩේ කිරීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා කියලා. අපේ රටේ ආණ්ඩුව මෙහේ ගොවීන් එක්ක සාකච්ඡා කළාද ? නැහැ, ඒ ගැන දැනුම්වත් කළේ නෑ.

 

5 ඒ අදහස මම පිළිගන්නවා. ආණ්ඩුවක් පටන් ගත්තට පස්සේ ප්‍රතිපත්තියක් ඇතිව ක්‍රමානුකූලව කටයුතු කරන්න ඕන. බොහෝ රටවල ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද ජාතික ප්‍රතිපත්ති හදන්නේ ඒ අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලයි. එතකොට කුමන ආණ්ඩුව බලයට ආවත් ඒක වෙනස් කරන්නේ නැහැ. දැන් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්තිය ඊට පස්සේ ආපු කිසිම ආණ්ඩුවක් පිළිගත්තේ නෑ. දේශීයත්වය, දේශීය වගා කරනවා කියන එක අවුරුදු 2 කින් 3කින් කරන්න බැහැ. එයින් දුක් විඳින්නේ ජනතාවයි. ගොවියෝ 1982 ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුව මහත්මයාට ඡන්දෙ දුන්නා. ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුව මහත්මයා යාපනයේ දිනුවා, ලංකාවේ හැමතැනම පරදින කොට. ඒ, කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නිසයි. ඉතින් ජාතික ප්‍රතිපත්තියක් හදල ඒක ක්‍රමානුකූලව කරගෙන යන්න ඕන. හැම ආණ්ඩුවක්ම ඒ ප්‍රතිපත්තියට ගරු කරලා ඒක ඉදිරියට අරන් යන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි.

 

1 අපි ගොවි ජනතාව සමඟ නිතර ගැවසෙන නිසා මේ අර්බුද ගැන කාමර ඇතුළේ ඉන්න අයට වඩා හොඳින් දන්නවා. දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් සමඟ අප පසුගිය දිනවල මේ ගැන සාකච්ඡා කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සාමාන්‍ය යෙන් මෙවැනි කාලවලට එළවළු කිලෝ ලක්ෂ 25 ලැබී තිබුණත් මේ වසරේදී ලක්ෂ 4ක් පමණයි එක් දිනකට ලැබෙන්නේ කියලා ව්‍යාපාරිකයෝ කියනවා. අස්වැන්න අඩු නිසා ලැබෙන එළවළු ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ නිසා මිල ඉහළ යාමක් තියෙනවා.

එළවළු නිෂ්පාදනය අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව පොහොර හිඟය සහ කෘෂි කර්මාන්තයට අදාළ වල් නාශක, කෘමි නාශක, දිලීර බෙහෙත් නැතිවීමයි. ගොවියෝ අද වන විට අධෛර්යයට පත්වෙලා. වගා භූමියට එන ගොවීන් ප්‍රමාණය අඩු වෙලා. අද පාරිභෝගිකයා මෙන්ම රටේ ගොවියෝ සියලු දෙනාම අධෛර්යට පත්වෙලා.

 

2 රසායනික පොහොර ම ඕන කියලා අපි පක්ෂයක් ලෙස කියන්නේ නැහැ. වගාවට නිසි පොහොරක් දෙන්න කියලයි රජයට කියන්නේ. රසායනික පොහොර සහ කාබනික පොහොර ලෝකයේ හැම රටකම පාවිච්චි කරනවා. රසායනික පොහොරවල පාරිසරික ප්‍රශ්න තියෙනවා.

නමුත් සැලැස්මක් අනුවයි මෙය කරන්න තිබුණේ. ගෙදරක අත්තිවාරම වගේ තමයි, මේ රටේ පදනම කෘෂි කර්මාන්තයයි. මේක වැව් අමුණු තිස් හතළිස්දාහක් තිබුණ රටක්.

අපේ රටේ කෘෂි කර්මාන්තයකට වඩා කෘෂි ආර්ථිකයක් තිබුණ රටක්. ඉතිහාසයේ ඉඳලා වැවයි දාගැබයි ගමයි පන්සලයි තමයි අපේ රටෙ පදනම. අපේ රටෙ කෘෂි කර්මාන්තයේ කුස පුරවනවා වගේ මනසට අවශ්‍ය සියලු දේ ලබා දෙන ජීවන සංස්කෘතියක් ඒ තුළ තියෙනවා.

ඇතැමුන්ට මේ පදනම බිඳ දාන්න කෘෂි කර්මාන්තය වට්ටන්න අවශ්‍යයි. මේ පදනමට ගහන්න අවශ්‍ය නම් කෘෂි කර්මාන්තය බිඳ වැටෙන්න අවශ්‍යයි.

ඒ පදනම බිඳදාන්න ඉතිහාසයේ ඉඳලා බොහෝ අය උත්සාහ කළා. ආර්ථික දාමයටම පහර වදින්නේ මේ රටේ කෘෂිකර්මය බිඳ වැටුණොත් නිසා බොහෝ අය එය බිඳ දාන්න උත්සාහ කරනවා.

 

3. පෞද්ගලික, රාජ්‍ය කියලා අපිට කිසිදු ගැටලුවක් නැහැ. ජාතික පදනම වන කෘෂිකර්මාන්තයට රජය වග කියන්න අවශ්‍යයි. අපේ රටට එන බොහෝ කෘෂි නාශක, පොහොර බාල ඒවා කියලා ඔප්පු වෙලා තියන අවස්ථා තියෙනවා.

රසායනික පොහොරවලත් යම් ප්‍රමිතියක් සහිත පොහොර තියෙනවා. අවම හානියක් තියෙන පොහොර තියෙනවා.

අපේ රටේ මෙතෙක් ගෙනාවේ බාල පොහොර. රසායනික පොහොර ගේන්න පුද්ගලික අංශයට ආණ්ඩුව අවසර ලබා දී තියෙනවා. හාල් මුදලාලිලාට හාල් දුන්නා වගේ

මුදලාලිලාට රසායනික පොහොර ටිකත් භාර දීලා ඒවයේ මිල පාලනයකින් තොරව ඉහළ යයි. ගොවියා සූරා කන මට්ටමට දවසක මේ පොහොරත් විශාල ගණන්වලට විකිණෙයි. එදාට යළිත් නිෂ්පාදන භාණ්ඩවල මිල ඉහළ යනවා. දැන් රසායනික පොහොරත් නැහැ. කාබනික පොහොරත් නැහැ. ගොවියා වළපල්ලට යන තැනකට පත්වෙයි.

 

4. අනිවාර්යෙන් පුද්ගලික අංශයට ඉඩ දුන්නේ ගෙනල්ලා විකුණගන්න. ගොවියාට පොහොර ඕන බව දන්න ආණ්ඩුව පුද්ගලික අංශයෙන් මිලට ගන්න පුද්ගලික අංශයට පොහොර ගේන්න අවසර දුන්නා. එතකොට හරිත වගාවක් කොහෙද ඇති කරන්නේ? මෙයින් තිබුණටත් වඩා රසායනික මහ පොළොවට එකතු වෙයි.

ආණ්ඩුව වගකීමකින් ගෙන්වන්නේ නැතුව පුද්ගලික අංශයට අයාලේ ගෙන්වන්න ඉඩ දීමෙන් වෙන්නේ තිබුණට වඩා ප්‍රශ්න උග්‍රවීමක්.

මඩ සෝදා ගත්තාම ගොවියෝ කවදද මේ රටේ රජ වුණ? අද අන්තිම දූගී දුප්පත් වෙලා තියෙන්නෙ ගොවියා.

රටේ පහසුකම් අඩුවෙන්ම ලැබෙන්නෙ ගොවියට. රජකමට සුදුසු ගොවියො අද අසරණ වෙලා පාරේ උද්ඝෝෂණ, අරගල කරනවා.

රජයට මේවා පේන්නේ නැහැ. හරිත වගාව කරනවා නම් යම් කාලයක් තිස්සේ යම් නියමිත ක්‍රමවේදයක් අනුව කළ යුතුයි. නින්දෙන් ඇහැරුණා වගේ එක පාරට කරන්න බැහැ.

මේ පටන්ගත්ත හරිත වගාව වෙනුවෙන් රටේ ජනතාව කොයිතරම් වන්දි ගෙවලා තියෙනවාද? නගරාධිපති, උප නගරාධිපතිගේ ඉඳලා මේ හරිත වගාව වෙනුවෙන් කියලා කෝටි ගණනින් වියදම් කරලා .

කාබනික පොහොර ගැන ගොවියා දැනුම්වත් වෙලත් නෑ, නිලධාරින් දැනුම්වත් වෙලත් නැහැ. ආහාර හිඟය ප්‍රශ්නයට විසඳුම් හොයලත් නැහැ.

ජනතාවට එයින් ඇතිවෙලා තියෙන සෞඛ්‍ය ප්‍රශ්න ගණනය වෙලත් නැහැ.

අද හෙට පොහොර ලැබෙන්නෙත් නැති නිසා මහ කන්නෙත් වගා කරලා තියෙන ගොවින්ගේ වගාවත් ඉදිරියේදී ඉවරයි. ආණ්ඩුව වැරදි පාරක යෑම නිසා ජනතාවයි ඒවාට වන්දි ගෙවන්නේ.

එක පැත්තකින් කන්න නැතුව වන්දි ගෙවනවා. තව පැත්තකින් වියදම් කරපු මුදල්වලට ආදායමකුත් නැහැ. මේ ආණ්ඩුව සියලු දේම පටලවගෙන ඉන්නේ, එක ප්‍රශ්නයක්වත් විසඳගන්න බැහැ.

 

5. අනිවාර්යෙන් එකඟතාවයෙන් කටයුතු කළ යුතුයි. නමුත් අපි එකඟ වෙන්නේ මොන කාරණාව ගැනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව මොනවද කරන හරි දේවල්? මේ ආණ්ඩුව කවුරු කියන දේ ද අහන්නේ? ආණ්ඩුව කියන වැරදි මතවාදවලටත් අපි එකඟ වෙන්න ඕනද? ඒ නිසා අපි විරුද්ධ විය යුතු තැන්වලදී විරුද්ධ වෙනවා.

ගොවියාගේ පාර්ශ්වයෙන් නොබලා අපි ආණ්ඩුව කියන මතයට එකඟ වුණොත් ගොවියා ඉවරයි. අපි හරිදේට එකඟ වෙන්න කැමතියි. නමුත් එකඟ විය යුතු වන්නේ මෙවැනි වැරදි දේකට නොවෙයි.

Comments