
මෙරට මානව හිමිකම් කොමිසම පිහිටුවීම සිදුවන්නේ විශ්ව ප්‍රඥප්තිය හරහා ප්‍රකාශයට පත්වූ මානව හිමිකම් පදනම් කර ගනිමිනි. ඒ අනුව එක් එක් රටවල මානව හිමිකම් පරික්ෂා කිරීම සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා මේ කොමිෂන් සභා පිහිටුවීම සිදු විය. මේ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවීම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ සිදුවිය.
ඒ අනුව කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් යටතේ ක්‍රියාත්මක වෙන මෙය ස්වාධීන කොමිෂන් සභාවකි. මේ කොමිෂන් සභාව ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව පත් කරනු ලැබූ ස්වාධින කොමිෂන් සභාවකි.
එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ මූලික ක්‍රියාපටිපාටි පිළිබඳව හැඳින්වීමේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සම්මත කර ඇති එහි අවධාරණය කර ඇති විධි විධාන ප්‍රකාරව ලංකාවේ මූලික මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම් සිදුවන්නේ ද, පිළිපදින්නේ ද, ප්‍රවර්ධනය කරන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් සුපරික්ෂාකාරිව සිටීම මේ කොමිෂන් සභාවේ අරමුණු වෙයි. එහිදි යම්කිසි තැනක මානව හිමිකම් උල්ලංඝනය වීමක් හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරිමට යම් කිසි සූදානමක් හෝ ඇති බවට කොමිසමට පැමිණිලි ලැබිණි. ඒ පැමිණිලි විභාග කරමින් ඒවා විසඳීමට අවශ්‍ය විධිවිධාන සැපැයීමට මානව හිමිකම් කොමිෂන් සභාවට බලය ඇත. යම් ආකාරයකින් ආණ්ඩුවට මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කර ගැනීමට අවශ්‍ය නීතිරීති පැනවීම සඳහා ආණ්ඩුවට උපදෙස් දීමේ හැකියාවත් මෙම කොමිසමට හිමි වෙයි. මේ අනුව මානව හිමිකම් ප්‍රධාන කාර්යාලයට අමතරව දිවයිනේ ප්‍රදේශ ගණනාවක මානව හිමිකම් ශාඛා පිහිටුවා ඇත. ඒවායේ මානව හිමිකම් විමර්ශන නිලධාරීන් පත් කර ඇත. එ් කාර්යාලවල ද මානව හිමිකම් නිලධාරීන් සහ නීති නිලධාරීන් යන කොට්ඨාස දෙකම කටයුතු කරයි. මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පැමිණිලි මූලික ශාඛාවට මෙන්ම ප්‍රදේශීය කාර්යාලවලට යොමු කිරීම සිදු වෙයි.
ඒ ආයතනයන්හි ද පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීමේ අංශවල ක්‍රියාකාරිව කටයුතු සිදු වෙයි. ප්‍රාදේශීය වශයෙන් ඇති කාර්යාල හරහාද ලැබෙන පැමිණිලි ඒ අදාළ අංශයන්ට යොමු කිරීම් සිදු වෙයි.
අදාළ නිලධාරින් විසින් පැමිණිලි සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ මූලික වශයෙන් මානව හිමිකම් පනතේ ක්‍රියාපටිපාටියට අනුකූල යම් මානව හිමිකමක් කඩවී ඇති අවස්ථාවලදී ඒ පැමිණිලි විසඳීමට කොමසාරිස්වරයකු සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් එකතු වී කමිටුව මඟින් අවශ්‍ය තොරතුරු රැස් කරමින් විසඳීමට සිදු කිරීමෙනි. එසේ ම යම්කිසි ආයතනයකට විරුද්ධව යොමුවී ඇති පැමිණිල්ලක් නම් අදාළ ආයතනයේ නිසි බලධාරීන්ට ඒ පිළිබඳව වාර්තාවක් කොමිසම විසින් යවයි. එහිදී මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇති නම් එයට සුදුසු පියවර ගන්නා ලෙස අදාළ ආයතනයට දැනුම් දීම මානව හිමිකම් කොමිසමේ කාර්යභාරයකි. යම් කිසි ආකාරයකට කොමිසමේ ක්‍රියාපටිපාටියට අනුකූල නොවන පැමිණිල්ලක් වෙතොත් එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනයක් සිදු නොවී ඇති අවස්ථාවකදී වුවත් ඒ පිළිබඳව අදාළ ආයතනයට දැනුම්දීම ද; යම් කිසි පාර්ශ්වයකට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්වී ඇති අවස්ථාවකදී එසේ මානව හිමිකමක් උල්ලංඝනය වී නැති අවස්ථාවලදී මානව හිමිකමක් කඩ වී නැති බවද අදාළ පාර්ශ්වයට දැනුම් දෙයි.
ඇතැම් අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරයේ මතුවන ඇතැම් කරුණු සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාවට කරුණු යොමු කරන අවස්ථා ද වෙයි. එහිදී ඒවා පරික්ෂා කර බලා කරුණු වාර්තා කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට හැකි වෙයි. ඇතැම් අවස්ථාවලදී ඇතැම් ආයතනයන්වලට මානව හිමිකම් කඩවීම් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස අපි දැනුම්වත් කිරීම සිදු කරයි.
උදාහරණයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව හරහා මානව හිමිකම් කඩවී ඇති නම් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම්වත්වීම් සිදු කරයි.
එමෙන්ම කොමිසම විසින් ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම්වලට අනුකූලව ලංකාවේ තුළ ජාතික නීති සහ පරිපාලනමය කටයුතු කෙසේ සිදු කරන්නේද යන්න පිළිබඳව ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කොමිසමට බලයක් ඇත. ආණ්ඩුව විසින් මානව හිමිකම් ක්ෂේත්‍රයේ යම් ගිවිසුම්ගත වීමක් සිදුවන්නේ නම් ඒ ගිවිසුම් ගතවීම ඒවාට අවශ්‍ය නිර්දේශ ලබාදීමේ හැකියාවක් ද මෙය සතු වෙයි. මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඒ හා සම්බන්ධ අධ්‍යාපනය ලබා දීම, පුහුණු කිරීම පිළිබඳව ද මේ කොමිසමට බලයක් මේ කොමිසම හිමි වෙයි. විශේෂයෙන් මානව හිමිකම් යනු කුමක්ද යන්න පිළිබඳව විශාල අවබෝධයක් ජනතාව සතු නොවෙයි. එයට හේතු වන පළමුවැනි කාරණාව මානව හිමිකම් යනු කුමක්ද යන්න දැනුම්වත් කිරීමක් සිදු වී නොමැති වීමයි. ජනතාව දැනුම්වත් කිරීම විශේෂයෙන් නව කොමිසම විසින් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රමුඛ කාර්ය භාරයකි. එය මානව හිමිකම් කොමිසම සතු ඉහළ බලතලයකි. බොහෝවිට මෙසේ දැනුම්වත් කිරීම සිදු වන්නේ පාසල් අධ්‍යාපනය සිවිල් සංවිධානය සහ වෙනත් ආයතනයන් හරහායි. එවැනි දේ කිරීමේ බලතල තිබුණද එය මෙතෙක් සාර්ථකව සිදුවී ද යන්න ගැටලුවක් පවති. එමෙන්ම මානව හිමිකම් පිළිබඳ සම්මන්ත්‍රණ වැඩමුළු පර්යේෂණ පත්‍රිකා හැම කටයුත්තක්ම ම ඉදිරිපත් කිරීමට ද බලතල හිමි වෙයි.
මානව හිමිකම් කොමිසමට ප්‍රතිපාදන සම්පාදනය වන්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳව සලකා බැලීමේදී මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරන ස්වාධීන ආයතනයක් වන නිසා රජයෙන් ප්‍රතිපාදන මේ සඳහා ලබා දෙයි.
මේ සඳහා රජයේ සාමාන්‍ය සම්ප්‍රාදායන්ට අනුකූලව ප්‍රතිපාදන වෙන්වන අතර ස්වාධීන ආයතනයකි. රජයේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව කොමසාරිස්වරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළත් එම ආයතනයට අදාළ අනෙක් සියලු සේවකයන් රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරයි. ඊට අමතරව සාමාන්‍යයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආධාර දෙන ආයතනයන් රටේ පවතින නීතිය අනුව හවුල් කරගනිමින් කොමිසම කටයුතු කිරීම් සිදුකරන අවස්ථා ද වෙයි. උදාහරණයන් ලෙස රටේ පවතින මානව හිමිකම් සම්බන්ධයෙන් යම් කිසි එකඟතාවන්ට පැමිණ ඒ අය සමඟ හවුලේ කටයුතු කිරීමට හැකියාව ඇත. එමෙන්ම මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වන්නේ නම් කොමිසම හා සමාන මතවාද දරන සංවිධාන සමඟ එකට එකතු වී කටයුතු කිරීමට හැකියාව ඇත. එම සංවිධාන විශේෂයෙන් රජයේ මානව හිමිකම් සම්බන්ධ නිත්‍යනුකූල ක්‍රමවේදයන්වලට එකඟව කටයුතු සිදු කරන්නේ නම් පමණක් එසේ සම්බන්ධ වී කටයුතු කිරීම සිදු වෙයි.
එවැනි ඇතැම් සංවිධාන ප්‍රාදේශීය වශයෙන් සිවිල් සංවිධාන ලෙස සංවිධානය වී ඇති අතර ඒ සංවිධාන වල අරමුණු රජයේ නිත්‍යනුකූල ක්‍රමවේදයන්ට එකඟව කටයුතු කිරීමට එකඟ නම් එවැනි ප්‍රාෙද්ශීය සංවිධාන සමඟ කටයුතු කිරීමට හැකියාව ඇත. එවැනි වැඩ කරන පුද්ගලයන් හෝ සංවිධාන හඳුනාගෙන වැඩ කටයුතු කිරීමට සිදුවෙන අවස්ථා ඇත. එසේ ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් ඇති සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කොට මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට අප විසින් දියත් කර ඇත. ඒ අනුව එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවක් කරනු ලබයි.
මානව හිමිකම් ප්‍රවර්ධනය සහ මානව හිමිකම් අධ්‍යයනය කිරීමේ හැකියාවක් පිළිබඳව දැනුම්වත් කෙරෙන ඕනෑම සිවිල් සංවිධානයක් හා ගනුදෙනු කිරීමේ හැකියාවක් අප සතුව ඇත. එසේම කොමිසමට යම් පැමිණිල්ලක් ලැබුණහොත් අපිට ඇති බලතල අනුව යම් යම් ප්‍රදේශවලට ගොස් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට හැකියාව ඇත. එහිදී මානව හිමිකම් කඩවිම්වීම් ඇති නම් එය විමර්ශනය කරමින් ලබාගන්නා තොරතුරු අනුව අපි අදාළ බලධාරින්ට දැනුම්වත් කිරීම් සිදු කෙරෙන අතර එහිදී මානව හිමිකම් පිළිබඳව ඉදිරියේදී අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීම මෙන්ම මේ මානව සුරුකීමේදී මුලිකවම මිනිසුන්ට අවබෝධය ලබා දීම සිදු කෙරෙයි.
ඇතැම් අවස්ථාවලදී අදාළ අංශවලට දැනුම් දීම මෙන්ම අදාළ ආයතනයන් රජයේ ආයතනයන් නම් රජයට වාර්තාවක් ලබාදීම සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාළ ආයතනයට යොමු කිරීමක්ද සිදු කරයි.
මානව හිමිකම් කොමිසමට හිමිවන තවත් බලතලයක් නම් රැදවියන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ඇති අයිතිය පෙන්වා දිය හැකි අතර ඇතැම් රඳවා ගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා බන්ධනාගාරවලට සහ පොලිසියට යා හැකි සේම එහිදි විමර්ශනයන් කිරීමටද හැකි වෙයි.
බන්ධනාගාර නිරීක්ෂණය සඳහා ඒ අනුව මානව හිමිකම් විමර්ශන නිලධාරින් අදාළ ස්ථානයන්ට ගොස් එම විමර්ශනයන් කරනු ලබයි. එසේම ජාතීන් අතර හෝ ආගම් අතර කෝලාහලයක් හෝ වෙනත් හේතුවක් ඇතිවූ අවස්ථාවලදී මානව හිමිකම් කඩවීමක් සිදුවනවාද යන්න පිළිබඳව විමර්ශනය කිරීමට හැකියාව ඇත.
මානව හිමිකම් සම්බන්ධයෙන් විමර්ශන සඳහා වන ලැබුණු ලිපි ගොනු 2015 වසරේ සිට වෙයි. මේ මානව හිමිකම් කොමිසමේ අප කොමසාරිස් ධූරයන්ට පත්වීමෙන් අනතුරුව ප්‍රමුඛ කාර්ය ලෙස මේ ලිපිගොනු කඩිනමින් අදාළ අංශයන්ට යොමු කිරීමට මූලික කටයුතු සම්පාදනය කරමින් ඇත. මෙයට හේතුව වන්නේ විශේෂයෙන් විමර්ශන නිලධාරින්ගේ හිඟයයි. මේ කොමිසම සඳහා අනුමත වූ නිලධාරීන් හෝ ආයතනයට හිමිවී නැත. මේ කොමිසම සඳහා නීති නිලධාරින් මෙන්ම අනෙක් නිලධාරීන් අනුමත වූ ප්‍රමාණයක් වෙයි. ඒ නිසා විශාල ලෙස ලිපි ගොනු ප්‍රමාණයක් අදාළ අංශවලට යොමු වී නැති නිසා අදාළ අංශවලට යොමු කර විමර්ශනයන් අවසන් කිරීම අපේ ප්‍රධාන අපේක්ෂාවයි.
එමෙන්ම අපි බලාපොරොත්තු වන මුඛ්‍ය කරුණක් නම් මානව හිමිකම් පිළිබඳව සිවිල් සංවිධාන දැනුම්වත් කර එහිදී මානව හිමිකම් පිළිබඳව උනන්දුව ඇති පුද්ගලයන්ව තෝරා ගෙන ඒ අය සමඟ සංවාදයකට පැමිණ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් මාලාවක් ලංකාව පුරා පැවැත්වීමට කටයුතු කිරීමයි. එසේම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඒ පිළිබඳව සංවාදයකට එළැඹිම සහ මානව හිමිකම් පිළිබඳ පූර්ණ කතා බහා කිරීමෙන් යම් අවබෝධයක් ලබාදී මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනයට උදව් උපකාර ගැනීමට කටයුතු කිරීම පිළිබඳ මූලික ක්‍රමෝපායන් මේ වන විට සැලසුම් කර ඇත. මානව හිමිකම් සම්බන්ධයෙන් අපි ගනු ලබන පියවරයන් පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කිරීමක් මේ හරහා සිදු කිරීමට අපේක්ෂා කෙරෙයි. විශේෂයෙන් මේ වනවිට අපේ මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ශ්‍රේණියේ සිට බී ශ්‍රේණිය දක්වා පහළ දැමීමට කටයුතු කිරිම අන්තර්ජාතික මට්ටමින් සැලසුමක් ඇත. ජාත්‍යන්තරය ඉදිරියේදි නැවත ඒ ශ්‍රේණියේ පවත්වාගෙන යාමට කටයුතු කිරිමේ විශාල වගකීමක් අප සතු වෙයි. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳව එතරම් සැලකිල්ලක් නැති බව පවසමින් ජාත්‍යන්තරය මේ තීන්දුව ගෙන ඇති අතර ඒ වැරදි මතවාදය අපි දුරු කිරීමට කටයුතු කළ යුතුයි. බී ශ්‍රේණියට පත්වුවහොත් එය රටක් ලෙස ජාත්‍යන්තරය හමුවේ එතරම් සුබවාදී නොවෙයි.
අපේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ඒ ශ්‍රේණියේ මානව හිමිකම් සුරැකෙන රටක් ලෙස පවත්වා ගෙන යාමයි. මානව හිමිකම් යනු පිරීනැමීමක් නොව උපතින්ම මානවයාට හිමිවන්නකි. ඒනිසා හැමදෙනාම මානව හිමිකම් පිළිබඳව දැනුම්වත් වීම අනිවාර්ය වෙයි. එසේ ම තමන්ගේ අතින් වෙනත් අයගේ මානව හිමිකම් උල්ලංඝනය නොකිරීමටත් තමන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමටත් මානවයෝ වග බලාගත යුතු වන්නෝය.