2021 මෙරට සුවිසෙස් මතක | සිළුමිණ

2021 මෙරට සුවිසෙස් මතක

 

ජනවාරි

 

ජනවාරි 12

අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 4ක බන්ධනාගාර දඬුවම් නියම වීම.

ජනවාරි 29

මෙරට කොවිඩ් 19

එන්නත්කරණ වැඩසටහන ආරම්භ වීම.

ජනවාරි 22

කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වීම.

*****************

 

පෙබරවාරි

 

පෙබරවාරි 02

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන කොවිඩ් නිවුමෝනියාව හේතුවෙන් මිය යෑම. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පළමු වෛද්‍යවරයා ඔහු ය.

පෙබරවාරි 4

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොවිඩ් 19 වැලඳීමෙන් අභාවප්‍රාප්ත වීම.

පෙබරවාරි 14

කොවිඩ් වැලඳී ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායකවරයකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ වි.ජ.මු ලොකුබණ්ඩාරගේ අභාවය සිදු වීම.

පෙබරවාරි 23

පාකිස්තාන අගමැති දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම.

*****************

මාර්තු

 

 

මාර්තු 03

සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ඉරණතිව්වල ප්‍රදේශයේ කොරෝනා මරණ භූමදානය සඳහා අවසර හිමි වීම

මාර්තු 16

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණ නායක සහ හිටපු කොළඹ උප නගරාධිපති අසාද් සාල් අත්අඩංගුවට ගැනීම.

මාර්තු 17

බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් ඇමැතිවරයකු වූ රවී කරුණානායක ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට පත්වීම.

ඊ.ඒ.පී. සමූහයේ නිර්මාතෘ සෝමා එදිරිසිංහගේ පුතුන් තිදෙනා සහ දියණිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම.

මාර්තු 20

ජීවිත 14ක් බිලිගත් පස්සර බස් අනතුර

මාර්තු 22

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නා හිමි සහ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහා නායක හිමියන් අපවත්වීම.

මාර්තු 29

සඳහිරු සෑය වෛත්‍යරාජයාණන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීම

*****************

අප්‍රේල්

 

අප්‍රේල් 03

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වූ දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8ක අන්තර්ජාතික ක්‍රිකට්

තහනමක් පැනවීම.

අප්‍රේල් 20

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැරූ නඩුව වෙනුවෙන් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීම.

අප්‍රේල් 28

දූෂණ විරෝධි නීති සංග්‍රහය යටතේ එය උල්ලංඝනය කිරීමේ චෝදනාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක තරග තහනමක් පැනවීම.

දෙදින නිල සංචාරයක් සදහා චීන රාජ්‍ය මන්ත්‍රි හා ආරක්ෂක අමාත්‍ය චෙයි ෆෙන්ග් ශ්‍රී ලංකාවට පැමිණීම.

අප්‍රේල් 30

අක්කර 430ක ජලාධාරිතාවකින් යුතු, මෙරට ඉදිවූ පළමු වැව වන අභය වැව ලෝක උරුමයක් බවට නම් කරයි.

*****************

මැයි

 

මැයි 01

මෙය කොවිඩ් 19 හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීමට නොහැකි වූ දෙවැනි වසරයි.

මැයි 04

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායකයකු වූ තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම.

හිටපු පොලිස්පති පූජිත

ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මිනී මැරිම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා 1,728ක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම.

මැයි 08

පාතාල නායකයකු සහ මිනී මැරුම් ගණනාවක සැකකරුවකු වූ කොස්ගොඩ තාරක මිය යෑම

මැයි 24

ශ්‍රී ලංකා මුහුදේදී මහා පරිසර විනාශයක් කරමින් සිංගප්පූරුවට අයත් එක්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම.

 

*****************

ජුනි

 

 

ජුනි 05

පස් කන්දක් කඩා වැටී අරනායක දෙවනගල අල්ගම ග්‍රාමයේ එකම පවුලේ හතර දෙනකු ජීවිතක්ෂයට පත්වීම.

ජුනි 16

රක්ෂිත බන්ධනාගාරගතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇප මත මුදා හැරීම.

ජුනි 23

එජාප නායක රනිල් වික්‍රමසිංහ නැවත වරක් පාර්ලිමේන්තු

මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම

ලංකාවේ කීර්තිමත් නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්තයන්ගේ අභාවය සිදු වීම.

ජුනි 24

මරණ දඬුවමට නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීම.

*****************

ජූලි

ජූලි 07

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කිරීම.

ජූලි 08

මුදල් අමාත්‍යවරයා ලෙස

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රෝහණ රාජපක්ෂයන් දිවුරුම් දීම.

ජුලි 16

සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂා පිළිබඳ මනා පඩිවරයකු වූ මහාචාර්ය විමල් ජී බලගල්ලේ අභාවප්‍රාප්ත වීම.

ජුලි 20

බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද ඡන්ද 152කින් පරාජයට පත්වීම

ජුලි 23

ඇමෙරිකාවේ කැලිෆෝනියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයට ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු වූ අරුණ පී.රුද්‍රිගු පත්වීම.

ජුලි 26

රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් රිෂාඩ්ගේ බිරිය අත්අඩංගුවට ගැනීම.

ජුලි 28

ලොව ලොකුම මැණික කිලෝ 510කින් බරින් යුක්ත ආරුණුල් මැණික් පොකුරක් හමුවීම.

*****************

අගෝස්තු

අගෝස්තු 24

කෘතහස්ත දේශපාලනඥයකු සහ හිටපු ඇමැතිවරයකු වූ මංගල පින්සිරි සමරවීරගේ අභාවය.

අගෝස්තු 30

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ එෆ් 6 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත විසින් දිනා ගැනීම

*****************

සැප්තැම්බර්

 

සැප්තැම්බර් 05

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ගිය අතර මෙදින වන විට මරණ 10,140ක් වාර්තා වී තිබිණි.

සැප්තැම්බර් 06

ප්‍රවීණ සංගීතඥ සුනිල් පෙරේරාගේ සහ ශ්‍රී ලංකාවේ මැණික් ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් දිනා සිටි ගුරුගේ මැණික් අධිපති ගුරුගේ මහතාගේ අභාවය.

සැප්තැම්බර් 10

මහ බැංකු අධිපති ලෙස රාජ්‍ය ඇමැතිවරයකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් වැඩ භාර ගැනීම.

 

*****************

 

ඔක්තෝබර්

 

ඔක්තෝබර් 05

කීර්තිමත් ඉතිහාසඥයකු මෙන්ම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගලගේ අභාවය.

ඔක්තෝබර් 08

රාගල වතුයායේ නිවෙසක් ගිනිගැනීමෙන් එකම පවුලේ පස් දෙනකු මිය යෑම.

ඔක්තෝබර් 18

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුරගේ අභාවය.

ඔක්තෝබර් 20

ලොව හොඳම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක මවු රටට පැමිණීම.

ඔක්තෝබර් 21

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුවීම.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තුන්වැනි (බූස්ටර්) එන්නත ලබාදීම ආරම්භ කිරීම.

ඔක්තෝබර් 28

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ - හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ අපවත්වීම.

*****************

නොවැම්බර්

 

නොවැම්බර් 03

කතරගම දේවාලයේ පවුම් 38ක රන් තැටියක් අතුරුදහන් වීම.

පොදුජන එක්සත් පෙරමුණේ පස්වැනි සංවත්සරය කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්වීම.

නොවැම්බර් 03

ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාරගේ අභාවය.

නොවැම්බර් 12

පොදුජන පෙරමුණු ආණ්ඩුවේ හතර වැනි අයවැය, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් සිය මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

නොවැම්බර් 17

ප්‍රවීණ නර්තන ශිල්පිනී, ආචාර්ය වජිරා චිත්‍රසේන ඉන්දීය රජයෙන් ලබාදෙන ඉහළම සම්මානය වන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබීම.

නොවැම්බර් 19

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර අභාවප්‍රාප්ත වීම.

නොවැම්බර් 23

කින්යාවේදී සිදුවූ අනතුරකින් පාරුවකින් ගමන් කරමින් සිටි පාසල් ළමුන් සහ දෙමවුපියන් ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත්වීම

නොවැම්බර් 24

නව කැලණි කේබල් පාලම ජනතා අයිතියට පැවරීම ජනාධිපති සහ අගමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවීම.

නොවැම්බර් 30

එජාප හිටපු මහලේකම්වරයකු වූ බී. සිරිසේන කුරේගේ අභාවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම.

*****************

දෙසැම්බර්

 

දෙසැම්බර් 02

බස්නාහිර හිටපු ආණ්ඩුකාරවරයකු වූ අසාද් සාලි සියලු

චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීම.

දෙසැම්බර් 03

පාකිස්ථානයේදී මිලේච්ඡ ප්‍රහාරයකට ලක්වීමෙන් ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර ඝාතනය වීම.

දෙසැම්බර් 06

මහාචාර්ය විමල් ජී. බලගල්ලට ආසියානු ජනමාධ්‍ය ඉහළම සම්මානය හිමිවීම.

දෙසැම්බර් 7

වයඹ ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ කොවිඩ් වැලඳීම හේතුවෙන් අභාවප්‍රාප්ත වීම.

දෙසැම්බර් 12

රත්නපුර බලංගොඩදී ආසියාවේ රැජින ලෙස විරුදාවලිය ලැබූ කිලෝ 310කින් බර නිල් මැණිකක් හමුවීම.

දෙසැම්බර් 16

බලපත්‍ර නොමැතිව අලි පැටියෙක් ළඟ තබාගත්තායැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම.

දෙසැම්බර් 24

අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් හතර දෙනකු ජීවිතක්ෂයට පත්වීම.

 

Comments