දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට දිරි දෙන බ්‍රැන්ඩික්ස් ‘රන් දරු තිළිණ’ අඛ­ණ්ඩව 6 වැනි වර­ටත් | සිළුමිණ

දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට දිරි දෙන බ්‍රැන්ඩික්ස් ‘රන් දරු තිළිණ’ අඛ­ණ්ඩව 6 වැනි වර­ටත්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගමේ අරමුණ ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ යි. පිබිදුණු මිනිසකු නිර්මාණය වන්නේ එම පුද්ගලයා ළමා වියේ සිට කායිකව, මානසිකව නිසි ලෙස වර්ධනය වීමෙනි. එවැනි සංවර්ධනයක් සඳහා අධ්‍යාපනයෙන් ලැබෙන්නේ මහඟු රුකුලකි. ඒ බව මනාව වටහාගත් බ්‍රැන්ඩික්ස් සමාගම, දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන්ම කටයුතු කරනු ලබයි. බ්‍රැන්ඩික්ස්‘රන් දරු තිළිණ’ වැඩසටහන ඊට කදිම උදාහරණයකි.

 

බ්‍රැන්ඩික්ස් සමාගමේ 'මනුසත්කාර' සමාජ සත්කාරක අංශය යටතේ දියත් කෙරෙන අධ්‍යාපන අංශයේ සමාජ සත්කාරක වැඩසටහනක් වන 'රන් දරු තිළිණ' වැඩසටහන ආරම්භ වූයේ 2016 වසරේදීය. පෙර පාසල් මට්ටමේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවය නියුතු සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපන ගමනට සවියක් සැලසීම වෙනුවෙන් එම වැඩසටහන ආරම්භ කෙරිණ. 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් හට ප්‍රදානය කෙරුණු පාසල් බෑග් අභ්‍යාස පොත්, සිතුවම් පොත්, පාට පැන්සල් සහ පැන්සල්, කෝදු, ගම් සහ වෙනත් අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍යවලින් සමන්විත වන අතර, ඉන් පහළ ශ්‍රේණිවල දරුවන්ට පිරිනමන පාසල් බෑග් ක්ලේ, කතුරු සහ පාට කූරු ඇතුළු ලිපිද්‍රව්‍යවලින් සමන්විත වේ.

අධ්‍යා­පන අමාත්‍ය  දිනේෂ් ගුණ­ව­ර්ධන අතින් පාසල් සිසුවකු 'රන් දර් තිළිණ' ලබා­ග­නි­මින්. 
බ්‍රැන්ඩික්ස් සමා­ගමේ ජ්‍යේෂ්ඨ නිල­ධා­රින් ද මෙහි වේ.

අඛණ්ඩව පස් වසරක් පුරා බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් 37,000 කට ආසන්න ප්‍රමාණයකට මෙම වැඩසටහනින් ප්‍රතිලාභ හිමි වී ඇත. එම වැඩසටහනේ සාර්ථක 6 වැනි වැඩසටහන ඉකුත් දා පවත්වනු ලැබූයේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රභූන් මෙන්ම බ්‍රැන්ඩික්ස් සමාගමේ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ. එහිදී බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් 8,354 දෙනකු සඳහා නව පාසල් වාරය වෙනුවෙන් පාසල් බෑග් සහ ලිපිද්‍රව්‍ය ලබාදෙනු ලැබිණි. 'බ්‍රැන්ඩික්ස් රන් දරු තිළිණ' 6 වැනි වැඩසටහනට සමඟාමීව බ්‍රැන්ඩික්ස් සමාගම සිය 'මනුසත්කාර' සමාජසත්කාරක වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම ද විශේෂත්වයකි. ඒ අනුව එම සමාගම විසින් පළමු වරට ප්‍රදේශය අවට දරුදැරියන් 1,000ක් සඳහා ද ලිපිද්‍රව්‍ය ප්‍රදානය කිරීම ද සිදු විය.

'බ්‍රැන්ඩික්ස් රන් දරු තිළිණ' 6 වැනි වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැයේ ජීවනාලිය වන් දරුවන්ගේ අධ්‍යාපනයට දිරි දීමේ වැදගත්කම අවධාරණය කළේ බ්‍රැන්ඩික්ස් සමාගම ඒ වෙනුවෙන් දක්වන දායකත්වය ද ඇගයීමට ලක්කරමිනි.

“හුදෙක් නිදහස් අධ්‍යාපනය තිබූ පමණින් හෝ පාසල් ඉදිකළ පමණින් දරුවෙකුගේ අධ්‍යාපනය සහතික වන්නේ නැහැ. අනාගත අභියෝග භාරගැනීමට සූදානම් නව පරපුරක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනයේ සහ ඉගෙනීමේ පුරුද්ද දිරිමත් කිරීමට, දෙමාපියන් හා ගුරුවරුන් මෙන්ම මුළු මහත් සමාජය වශයෙන් අප සියලු දෙනාම එකතු විය යුතුයි. ඔබ එක්රැස්කරගන්නා දැනුම ඔබේ සාර්ථකත්වයට පදනම වන අතර, එය සදාකල් ඔබ සමඟම පවතිනවා. එම නිසා දරුවන්ට ලබාදිය හැකි වටිනාම ත්‍යාගය වන්නේ අධ්‍යාපනය සහ ඊට අවශ්‍ය අත්වැල සැපයීමයි. බ්‍රැන්ඩික්ස් සමාගම මෙය හොඳින් අවබෝධ කරගෙන ඇති අතර, මෙම වැඩසටහන මෙන්ම අනෙකුත් අර්ථවත් වැඩසටහන් ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වීම සඳහා ආදර්ශවත් ලෙස පෙරමුණ ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජය වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.”

‘රන් දරු තිළිණ’වැඩසටහනට අමතරව, බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍යපෙළ සහ උසස්පෙළ යන විභාගවලට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ‘රන් දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුසිසුවියන්ට බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අත්වැලක් වෙමින් රටේ අනාගත විද්වත් ශ්‍රම බළකාය ශක්තිමත් කිරීම සඳහා ‘රන් දරු අබිසෙස්’ වැඩසටහන ද ක්‍රියාවට නංවා ඇත.

සිය දූ දරු­වන් සමඟ උත්ස­ව­යට සහ­භාගි වී සිටි 
බ්‍රැන්ඩික්ස් සමා­ගමේ සාමා­ජික සාමා­ජි­ක­යන් පිරි­සක්

“අධ්‍යාපනය යනු අපගේ ආයතනික සමාජ සත්කාර ක්‍රමෝපාය තුළ ප්‍රමුඛතම අවධානයක් යොමුවන අංශයක්. සෑමවිටම අපගේ සාමාජික සාමාජිකාවන්ගේ යහපත උදෙසා නිසි පියවරගත යුතු බව අප විශ්වාස කරනවා. ‘රන් දරු තිළිණ’වැඩසටහන, අපගේ සාමාජික සාමාජිකාවන්ට සෑම වසරකම ආරම්භයේදී තම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් හා පාසල් උපකරණ සඳහා දැරීමට සිදු වන වියදම අවම කරමින් ඔවුන්ට විශාල සහනයක් සලසන වැඩසටහනක්. මෙම වැඩසටහන මීටත් වඩා වැඩි දරුදැරියන් පිරිසක් වෙත ව්‍යාප්ත කිරීම අපගේ ඉලක්කයයි. මෙම වසරේදී, අපගේ අවිස්සාවේල්ල කර්මාන්ත ශාලාව ආසන්නයේ වෙසෙන තෝරාගත් පවුල්වල දරුදැරියන් ද මෙම වැඩසටහනට ඇතුළත් කරගැනීමට අප පියවර ගත්තා. ඉදිරියේදී මෙය අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

බ්‍රැන්ඩික්ස් සමාගමේ සමාජ සත්කාර ප්‍රධානී මාලිකා සමරවීර එසේ පැවසුවේ සිය සමාගමේ සමාජ හිතවාදී දැක්ම පිළිබඳ පැහැදිලි කරමිනි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම වසර 50 කට අධික කාලයක් තිස්සේ ලොව සුප්‍රකට වෙළෙඳ නාම රාශියකට ඇඟලුම් විසඳුම් පිරිනමා ඇත. රටවල් 9ක 60,000කට අධික පිරිසකට රැකියා අවස්ථා සලසා ඇත. කලාපයේ වඩාත්ම තිරසර ඇඟලුම් නිෂ්පාදකයා බවට පත්වීම සඳහා යන ගමනේ සෑම අදියරකදීම, තම මෙහෙයුම් කටයුතු හා හවුල්කරුවන් තුළ සැබෑ වෙනස්කම්වලට මුලපිරීමට උත්සාහ දැරීම බ්‍රැන්ඩික්ස් සතු විශේෂත්වයයි. www.brandix.com වෙබ් අඩවිය මඟින් බ්‍රැන්ඩික්ස් පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.

Comments