සහන පැකේජය ගැන සිළු­මිණ ප්‍රශ්න 5ක් | සිළුමිණ

සහන පැකේජය ගැන සිළු­මිණ ප්‍රශ්න 5ක්

1. මේ තීන්දුව අද පවතින තත්ත්වය තුළ අපේ රජය ගත් ඉතා හොඳ තීන්දුවක්. අයවැයේදී සහන නොලැබුණ හැම ක්ෂේත්‍රය ම ආවරණය වන පරිදි සහන ලබා දී තියනවා. අය වැය ලේඛනය තුළ විශේෂයෙන්ම සහන සහ දිරිදීමනා සඳහා තෝරාගත්ත ක්ෂේත්‍රයන්ට හා පරිබාහිර ක්ෂේත්‍රයන් ගණනාවකට මෙයින් සහන ලබාදී තියනවා. ආබාධිත සෙබළුන් රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට 5000 දීමනාවක් ලබාදී තියනවා. වතු කම්කරුවන්ට තිරිඟු පිටි සමෘද්ධීලාභීන්ට අමතර 1000 දීමනාවන් ලබාදී තියෙනවා. අයවැය ලේඛනයේ ඇතුළත් නොවූ ක්ෂේත්‍ර ගණනාවක් මෙයින් ආවරණය වෙනවා. පවතින තත්ත්වය අනුව ලෝකය තුළ ඇතිවී තියෙන ප්‍රවාහන සහ අනෙකුත් නිෂ්පාදන ක්‍රියාවලියට තියන බලපෑම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම සහ අනෙකුත් අතිශයින්ම අපහාසුතා මැදයි මේ සහන දුන්නේ. ජනාධිපතිවරයා බලයට පත් වී පළමු වැනි අවුරුදු දෙක තුළ ජනාධිපතිවරයා පූර්ණකාලීන කැප වීමක් කර එන්නත්කරණය කරමින් කොවිඩ් නැති රටක් බවට රට පත් කර ගැනීමට ක්‍රියා කළා. කොවිඩ් වසංගතය තව දුරටත් බලපෑමක් රටට ඇති නොකරන තත්ත්වයට පත් කර ගැනීමයි මූලිකව අවධානය යොමු කළේ. ඒ ජයග්‍රාහණය අපි උදා කර ගත්තා. අපි බලාපොරොත්තු වූ දේ අනුව සමහර වැඩ කටයුතු කරන්න බැරි වුණා. ජනාධිපතිතුමා සම්පූර්ණ අවධානය යොමු කළේ මේ උවදුරින් රට බේරාගැනීමට එන්නත්කරණය කරන්න. අපේ රටේ පූර්ණ එන්නත්කරණය 86%ක් ජනතාවක් කර තියනවා. එමෙන්ම අවුරුදු 20ට වඩා වැඩි අයට තුන්වැනි එන්නත්කරණය කර තියනවා. එහිදී ඇතැම් ක්ෂේත්‍රයන්වල මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබුණා. රටේ ආර්ථික ක්‍රියාවලිය යම් බිඳවැටීමකට ලක්වීමට කොවිඩ් බලපෑවා. කොවිඩ් වසංගතයෙන් තොර රටක් තුළ අපි ශක්තිමත් වෙන්නයි උත්සාහ කරන්න ඕන.

2. දැනටමත් අපිට මුල්‍ය සහයෝගයන් දෙන ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකු සමඟ කටයුතු කරනවා. ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ජපානයේ ජහිකා ආයතනයන් සමඟ වැඩ අපි කටයුතු කරනවා. අපිට මේ පහසුකම්ක් ලබාදීමට හේතුව රජය ගෙන යන වැඩ පිළිවෙළයි. ඒ සියලු බැංකු අපේ ක්‍රියාදාමයන් සුබවාදි ලෙස දකිනවා. විරුද්ධ පක්ෂයම ලංකාවට මුල්‍ය පහසුකම් ආධාර ලබා නොදන්න කියලා බලපෑම් කරනවා. මෙය විපක්ෂක ගැළපෙන්නේ නැහැ. මෙය හොඳ තත්ත්වයක් නොවෙයි. විනිවිඳ ව අපි තොරතුරු හුවමාරු කරගෙන තියනවා. අපිට මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාසය තියනවා. විදෙස් විනිමය හිඟය පියවා ගන්න අපිට සංචාරක ව්‍යාපාරය නැවත සක්‍රීය කළ යුතුයි. එමෙන්ම ආයෝජකයන් කෙරෙහි අවධානයක් යොමුකර තියනවා. ඒ අනුව ජාත්‍යන්තරව ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟා ගන්න අවශ්‍ය ලෙස සම්ප්‍රදායික නොවන ආදායම් සැලසුම් ඇතිව ක්‍රියාත්මක කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය සහ විශාල අපනයන් අපිට තිබුණා. අපි නවවැඩපිළිවෙළ අනුව නාවුක ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ආයෝජනයන්ට යොමු විය යුතුයි. ආයෝජන ගෙන ඒම මේ පවතින ලෝක වසංගත තත්ත්වයන් යටතේ වුවද සිදු වෙනවා. අද 35% ක් පමණ ලෝකයේ ආයෝජනය ප්‍රවණතාව අඩුවී තියනවා. ඒවගේම ආයෝජනය වැඩි රටවල්ද තියනවා. කොවිඩ් නිසා ජනතාවටත් අහිතකර තත්ත්වයක් තියනවා.

3. ඖෂධ ඇතුළු භාණ්ඩ කිහිපයක බදු ඉවත් කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක් ලැබෙන්න ඕන. මේ මොහොතේම නොලැබෙන්න පුළුවන්. නමුත් මෙය දිර්ඝකාලීනව හොඳ ක්‍රියාමාර්ගයක්. බදු ඉවත් කළා කියලා භාණ්ඩ මිල ඉහළ ගිය වේගයෙන් ම සාමාන්‍ය වෙළෙඳ පොළේ පහළ බහින්නේ නැහැ. බදු ඉවත් කිරීම භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑම අඩු වෙනවා; බදුවලින් රාජ්‍ය ආදායම් අහිමි වෙනවා; නමුත් පවතින තත්ත්වය අසිරු කාර්යයක් වුවත් රජය මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම ඉතා වැදගත්. බදු අඩු කරලා රජයටත් ආදායමක් අහිමි වෙනවා. මේ පවතින තත්ත්වය අනුව කෙටිකාලීන විසඳුමක් ලෙසයි මෙය යෝජනා වුණේ. කෙටිකාලීන මධ්‍යකාලීන දිර්ඝකාලීන විසඳුම් තිබුණත් මෙවැනි ගැටලුවලදී දීර්ඝකාලීන නොවෙයි කෙටි කාලීන විසඳුම් ලබාදිය යුතුයි. ඒනිසා දිර්ඝකාලීන විසඳුම් සංවර්ධන වැඩපිළිවෙළ වැනි දේ ක්‍රියාත්මක කරද්දි අපි කෙටිකාලීන විසඳුම් වලට යන්න ඕන. විපක්ෂය කියයි බදු නැති කරගත්තා කියලා. ඒත් ඒ අයගේ අඳෝනාව නොවෙයි. අපි ජනතා හඬට කන්දෙන ආණ්ඩුවක්. විපක්ෂයේ අඳෝනා නොවෙයි වැදගත් වෙන්නේ; ජනතාව බුද්ධිමත්ව මෙය තේරුම් ගැනිමයි.

4. දේශීය කෘෂිකර්මයේදී රසායනික පොහොරවලින් ඉවත් වීමට ප්‍රධාන අවධානය යොමු කරලා තියනවා. රසායනික භාවිතයෙන් ඉවත් වෙලා ලෝකයේ තවත් ජයග්‍රහණයක් ලබපු සෞඛ්‍ය ආරක්ෂිත රටක් බවට අපි පත්විය යුතුයි. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව ඇති රටක් බවට පත් කරන්නයි මේ තීන්දුව ගත්තේ. රසායනික පොහොර මතම ඉන්න ඕන කියලා ගොවියා කියන්නෙ නැහැ. ඒ අයට අවශ්‍ය වුණේ පොහොර. පළමු වැනි සැරේ හඳුන්වලා දීමේදී මතු වූ ගැටලු ගැන ජනාධිපතිවරයා අවධනය යොමු කළා . ඒවගේ ම තීන්දු වෙනස් කළා. හරිත කෘෂි කර්මාන්තයක් බවට පත් කිරිමයි රජයේ අවශ්‍යතාව. ඒතුළ මේ ඇතිවී ඇති ප්‍රශ්නය ඉදිරි කන්න වලදී ඇති නොවෙන්නට අදාළ අංශවලට ජනාධිපතිවරයා උපදෙස් දිලා තියනවා. යම් යම් අඩුපාඩු තිබුණා නම් හදාගන්න වෙනස්කම් කළා. ආහාර සුරක්ෂිත කරන්න ගෙවතු වගාවක් පාවිච්චි දිරිගන්වන්න මේ වැඩසටහනේ සැලසුම් තියනවා.

5. මෙයින් ජනතාවට යම් සහනයක් ලැබෙනවා. මුදල් සංසරණයක් රට තුළ ඇති වෙනවා. මෙයට සමඟාමීව රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ආර්ථික චක්‍රය නැවත පණ ගැන්වීමක් මෙමඟින් සිදුවෙයි. ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමයි මේ සියලු කෙටිකාලීන වැඩපිළිවෙළ හරහා සිදු කෙරෙන්නේ.

 

1. ආණ්ඩුව නිර්මාණය කරපු මේ විශාල සමාජ දේශපාලන ආර්ථික අර්බුදයට රුපියල් පන්දහක් දුන්නා කියලා එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ඒත් මිනිසුන්ට මේ වෙලාවේ රුපියල් 5000 රත්තරන් වාගේ වටිනවා. මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තැනකට තල්ලුවෙලා තියෙන්නේ. මෙයට බලපාලා තියෙන්නේ ආණ්ඩුවේ අමනෝඥ ක්‍රියාවයි. මිනිසුන්ට කන්න නැත්තේ පොහොර නවත්තලා කරපු මේ විනාශය නිසයි. වගකීම සම්පූර්ණ මේ ආණ්ඩුව බාර ගන්න ඕන. මේ අය සල්ලි අච්චු ගහපු නිසා රටේ මුදල් වැඩි කරලා වෙන්නේ බඩු මිල ඉහළ යාමයි. උද්දමනය ඇතිවීමයි. මේ බිඳවැටීම කොවිඩ් නිසා ඇති වූ දෙයක් නොවෙයි. පරිපූර්ණ ඇස්තමේන්තු දාන්නේ නැහැ; ඒවගේම බදු වැඩිකරකරන්නේ නැහැ කියලත් ආණ්ඩුව කිව්වා; ඒ නිසා සල්ලි අච්චු ගහලා මේ සහන බෙදන්න යනවා නම් තවත් ආර්ථික වශයෙන් තියන තැනිනුත් වඩා පහළට වැටෙන්න වෙනවා. පඩි වැඩිවෙනවා මිල වැඩි වන විට එවිට ඇති වෙන්නේ දඟර උද්ධමනයක්. මේ දේවල් දෙන්නෙත් තෝරාගත්ත අයට විතරයි. කඩෙකින් බඩු ගත්තාම 5000ක් වැඩි කළ අයට විතරක් නොවෙයි; සියලුම පාර්ශ්වයන්ට හාල්මිල එකයි. තෝරාගත්ත පිරිසකට මේ දේවල් දීලා වැඩක් නැහැ. පුද්ගලික අංශයේ රැ කියා කරන අයට මොකද වෙන්නේ. කොරොනා නිසා දෙන දීමනාවක් නම් මෙය සියලු සමාජ කොටස්වලට දිය යුතුයි.

2. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධ බැංකුවයි; එක කාණ්ඩයකට ඇති බැංකු. ඒ අය අපිට උදව් කරනවා. විවිධ සංවර්ධන කටයුතුවලට අධ්‍යාපනය සෞඛ්‍ය පාරවල් වාරිමාර්ග විශ්වවිද්‍යාල පාසල් හදන්න ඒ අය අපිට උදව් කරනවා. ඒ ආධාර 1950 ගණන්වල සිට සංවර්ධන ක්‍රියාවලියට යොදාගෙන තියෙනවා. අද වනවිට කෘෂිකර්මය සඳහා තාක්ෂණය ගේන්න ලෝක බැංකුවෙන් වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා. බෙහෙත් ගේන්න වයිරසයට ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් දෙනවා. ඒවගේ ලංකාවේ එදිනෙදා වැඩවලට අඩු පොලියට සල්ලි දෙනවා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ එහෙම දෙයක් නොවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තියෙන්නේ එකම එක අරමුණක් සඳහා පමණයි. එනම් ගෙවුම් ශේෂ අර්බුදයකට රටක් ගමන් කරමින් පවතිනවා නම්; ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් කරන්නේ ගෙවුම් ශේෂ අර්බුදයෙන් කෙටිකාලීන ආධාර කිරීමක් පමණයි. කිසි දවසක පාරවල් හදන්න බිල්ඩින් හදන්න මුදල් දෙන්නේ නැහැ. රටක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්නේ යම් කිසි ගෙවුම් ශේෂයට අදාළ රටේ සහ පරිබාහිර රටවල් සමඟ මුල්‍ය සම්බන්ධතාවේ ගැටලු ඇතිවුවහොත් පමණයි. මේ අවස්ථාවේදී ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යනවා ද නැද්ද කියලා තීරණය වෙන්නේ ලංකාව ගෙවුම් ශේෂයේ අර්බුදය පිළිගන්නා ආකාරය අනුවයි.

3. ආහාර වලට බදු අයින් කළා කියලා ජනතාවට කවදද සහන ලැබු‍‍‍ණේ. මේ විෂයය ගැන කතා කළාම අපිට කනගාටුවක් දැනෙනවා. අදවන විට දඹුල්ලේ අල, ළූනූ පිටරටින් ගෙන්නලා තියනවා. ලංකාවේ අල, ලූනු ගොවියාට ජීවත්වෙන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ ගෙන්වන ආහාරවලට කාබනික පොහොරද දාලා තියෙන්නේ කියලා. මෙය විහිළුවක්. රටේ කාබනික පෙහොර ව්‍යාප්ත කරන්න කියලා ගොවියාගේ පොහොර ටික නැති කරලා; ඒ ගොවියෝ හාන්සි කරලා; කන්න නැති තත්ත්වයට පත් කරලා; පිටරටින් කෑම ගෙන්වන්න බදු අයින් කරනවා. මේ අය මේ දේ කළේ මේ රටේ ගොවි ජනතාවට පහර වදින්නද. මේවනවිටත් ඖෂධ වැනි භාණ්ඩවලට 99.9 % නැහැ. මෙහි සූක්ෂම සමබර කිරීමක් කළ යුතුයි. දේශීය වගාව සහ ගොවියා කැළේ. දේශීය කෘෂී කර්මාන්ත කර්මාන්ත දැන් මුකුත් නැහැ. මේ වනවිට දැන් ජනතාවට කන්න නැහැ. ලෝකයේ ඕනම තැනකින් දැන් ප්‍රමිතියක් දන්නේ නැති ආහාර කන්න ගේන්න වෙලා.

4. දේශීය කෘෂිකර්මන්තයේ ගොඩනඟන්නේ ඒවගේම දේශීය ගොවියා රකින්නේ කොහොමද ආහාර ද්‍රව්‍යවල බදු අයින් කළාම. ආහාරවලට බදු නැහැනේ. දේශීය ගොවියා අද බිමටම වැටිලා. මේ රජය නැති කළේ ගොවියාගේ ජීවත් වන මාර්ගයයි. අස්වැන්න සම්පූර්ණයෙන් හානිවෙලා තියෙන්නේ. මිනිස්සු ගොවිතැන අතහැරලා. දේශීය ගොවියා රැකගන්න ආව කණ්ඩායම දේශීය ගොවියාව නැතිම කරලා දැම්මා. මේ ආණ්ඩුව කලින් වතාවකුත් ගෙවතු වගාකරන්න ගියා ඒවා සාර්ථක වුණාද?

5. ජනතාවට යම් සෙතක් වෙයි; ඒක නැහැ කියන්න බැහැ. ඒත් බිලියන 229 කොහෙන්ද ගේන්නේ. සල්ලි අච්චු ගහනවා නම් තවත් බඩු මිල ඉහළ යයි. බදු ආදායම් සියල්ල රජය අහිමි කරගෙන තියනවා. හැමෝටම මෙය ලැබෙන්නේ නැහැ. පුද්ගලික අංශයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ස්වයං රැකියා කරන අයට මොකද වෙන්නේ. කොවිඩ් නිසා වන ආහාර හිඟයක් නම් ආණ්ඩුවේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ආබාධිත විතරක් දෙන්නේ ඇයි? කොවිඩ් නිසා දෙන සහනාධාර නම් සියලු දෙනාටම දෙන්න අවශ්‍යයි. පාර්ශ්වයන් කිහිපයකට සහනාධාර දීම අසාධාරණයක්.

 

1.ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ එයින් විශේෂ සහනයක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. මෙය ලබා දීලා තියෙන ක්ෂේත්‍ර අතර විශාල වැටුප් විෂමතා තියනවා. රජයේ සේවයකයන් ඇත්ත වශයෙන්ම වැටුප් අරගලයක ඉන්නවා. වැටුප් අරගලයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ නැහැ. 5000ක් දීලා එයින් මේ ප්‍රශ්නය මඟ හරින්න හදන්නේ. ඒ 5000ක දීමනාවක් පමණයි. ක්ෂේත්‍ර ගණනාවක වැටුප් විෂමතා තියෙනවා ඒවා විසඳන්නේ නැහැ.විශ්වවිද්‍යාලවල අනධ්‍යයන පරිපාලනය සහ හෙදියන් යන ක්ෂේත්‍රයන් ගණනාවක වැටුප් විෂමතා නිර්මාණය වී ඇති අවස්ථාවක හා උද්දමනය වැඩි වී ඇති අවස්ථාවක රුපියල් 5000කින් මේ ප්‍රශ්න විසඳීමට කිසිසේත් නොහැකියි. අනෙක් කාරණාව මේ අවසථාවේ දෙන දීමනා ලබා දීමට මුදල් අච්චු ගැසීමට සිදු කරන්න වෙනවා. එසේ නොමැති නම් තවත් ණය ගන්න වෙනවා. මේවා තාවකාලික පැලැස්තරයක් පමණයි. අවසානයේදි ජනතාවගේ ගැටලු විසඳිලා නැහැ. මුදල් අච්චු ගැසීමෙන් නැවත වතාවක් මේ බර ජනතාව මතම තමයි වැටෙන්නේ. මේ ණය ගෙවන්න වෙන්නේ ජනතාවටමයි. ඒ නිසා මොකක් හරි විසඳුමක් දෙනවා කියලා දෙන්නයි මෙවැනි දේ කරන්නේ. ඇත්තටම මිනිසුන්ගේ ප්‍රශ්න මෙයින් විසඳෙන්නේ නැහැ. මිනිසුන්ට දැනෙන ලොකුම ප්‍රශ්නය ගෑස්, බඩු මිල හා බඩු හිඟය මේ ගැටලු තුනටම විසඳුම් නැහැ. ඒවා මේ රටේ දැවෙන ප්‍රශ්න වහාම විසඳුම් දෙන්න ඕන ඒ ප්‍රශ්න වලට.

2. ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් දැනටමත් ණය අරන් තියෙනවා. ඉස්සරහටත් ණය ගනීවි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමඟත් මෙරටට ගනුදෙනු තියනවා. ණය අරන් තියනවා. දැන් ණය ගන්නවා නම් පවතින විශේෂිත නිශ්චිත ප්‍රශ්න සඳහා ණය ගන්න යනවා ද නැද්ද කියන ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. මේ ණය ගැනීම ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ අපේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය පාලනය දුර්වල වෙනකොටයි. උදාහරණයක් ලෙස අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් වසර ගණනාවක් පුරා ණය ලබා ගන්නවා. රජය අධ්‍යාපනයට මුදල් යොමු කරන තත්ත්වයක් තුළ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනවශ්‍ය විදිහට බලපෑමක් කරන්න ලෝක බැංකුවට හැකියාවක් තියෙනවා. මේ මුදල් වෙන් කරන්නේ ඒ අයයි. අනවශ්‍ය විදිහට අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය යැපෙනවා ලෝක බැංකුව මත. අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට ලෝක බැංකුවට විශාල බලපෑමක් කරන්න පුළුවන්. අපි ගෝලීය වශයෙන් ගත්විට ලෝක බැංකුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් අහිත කර ප්‍රතිඵල ලැබුණා. ඒ සඳහා උදාහරණ ගණනාවක් තියෙනවා; අපේ සම්ප්‍රදායික අධ්‍යාපන ප්‍රතිපත්තිවල ව්‍යූහයන්ට බලපෑමක් වෙලා තියනවා. එය ඉතාමත් අකාර්යක්ෂමතාවයකට පත් වෙලා. ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලිය තීරණ ගැනීමේ ක්‍රියාවලිය අවුලකට ගිහින් තියනවා.

3. මේ වන විට ආණ්ඩුවේ ආදායම පහත යෑම විශාල ප්‍රශ්නයක්. බදුවලින් සහන දෙන විට භාණ්ඩ මිල සහනය ජනතාවට ලැබිලා නැහැ. ඇතැම් භාණ්ඩ සීමා කිරීම තුළ අපේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍යයන් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ හරහා කර්මාන්ත කඩා වැටීමක් සිදු වෙනවා. ජනප්‍රිය දේවල් පමණක් කරලා මේ වෙලාවේ මුහුණ දෙන අර්බුදය තවත් උග්‍ර වෙනවා. කෙටිකාලීනව සහ දිර්ඝකාලීනව අර්බුදයක් නිර්මාණය වෙනවා. මේ බදු ආදායම රජයට අහිමි වෙලා වෙනවා. නමුත් එය ජනතාවට ලැබෙන්නෙත් නැහැ. එය පාරිභෝගිකයා අතට යනවා නම් එහි යම්කිසි සාධාරණත්වයක් තියනවා. නමුත් එය සිදුවෙයිද කියලා ගැටලුවක් තියනවා. මේ රජයට ස්ථාවර ප්‍රතිපත්තියක් නැහැ. එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට තව එකක් කරනවා. සීනි බදු ඉවත් කරලා මොකක් ද වුණේ. පාරිභෝගිකයාට ලැබුණද? පාරිභෝගිකයාට යහපතක් වුණේ නැහැ; රජය යහපත සැලසුවේ ඒ අයගේ හිතවත් ව්‍යාපාරිකයන්ට. ආණ්ඩුවේ ආදායම පහත බැසීම විශාල ප්‍රශ්නයක්. අපේ අපනයනයට අවශ්‍ය භාණ්ඩ අමුද්‍රව්‍ය නැතුව අපේ කර්මාන්ත කඩා වැටිලා යනවා. මතුපිටින් මෙය හොඳ වැඩක් වුණාට කෙටිකාලීන දිර්ඝකාලීන තවත් අර්බුදයක් මෙයින් නිර්මාණය වෙනවා. මේ ප්‍රශ්න එකිනෙකට සම්බන්ධයි; එක ප්‍රශ්නයක් අරගෙන විසඳන්න බැහැ.

4. මේවා තාවකාලික විසඳුම් පමණයි. මේවනවිටත් ගොවි ජනතාව අන්ත අසරණ වෙලා. පොහොර හරහා ගැටලුවක් මතු කරලා. මිනිසුන්ට අර්බුදයක් ඇති කරලා. ජීවත්වෙන මාර්ගය නැතිවෙලා. ගොවියෝ ඉල්ලන්නේ සහනාධාරය නොවෙයි. ඉල්ලන්නේ ගොවි තැන් කරන්න වතාවරණයක් හදලාදෙන්න කියලා. අවශ්‍ය පොහොර ටික මිලදි හරිගන්න හෝ නැති තත්ත්වයක් ඇතිවෙලා. ගෙවතු වගා සමස්තය ඇතුළෙ විසඳුමක් ද? ගැටලු දෙස බැලිය යුත්තේ සමස්තය දෙස බැලීමෙන්. රට කඩාවැටීමකට ලක්වෙලා තියනවා. කෘෂිකර්මය වගේම රටේම ආර්ථිකය කඩාවැටිමක් වෙලා තියෙනවා.

5. මාසයකට කලින් අයවැය සම්මත වුණා මොකක්ද මේ එකපාරට සහන පැකේජයක් ගැන කතා කරන්නේ. අය වැය සම්මත වෙලා කීදවසද ගත වුණේ. සහන අයවැයෙන් මුකුත් නැහැ. අයවැයට අමතරව විශාල හැමවිටම වෙන මොකක් හරි ජනතාව රවටන දෙයක් කරනවා. මොකක්ද මේ දෙයින් දෙන පණිවුඩය. ස්ථාවර කිසිම සැලැසුමක් නැහැ. මාසයක් යන්න කලින් අලුත් දෙයක් කියනවා. අපි ආර්ථිකය පැත්තෙන් ජාත්‍යන්තරයෙන් ආයෝජන බලාගෙන ඉන්නවා. කඩා වැටෙන්න ඔන්න මෙන්න තියන ආර්ථිකයක් කියලා ජාත්‍යන්තරව අපි ගැන කතා වෙනවා. අපේ විදෙස් සංචිත කඩා වැටිලා. මොකක්ද එතකොට නැවත වතාවක් දෙන පණිවුඩය අස්ථාවරභාවයි සැලසුම් නැති බවයි. මෙයින් ගොඩ එන්න නම් අපි ආයෝජනයන් ගෙන්වා ගත යුතුයි. අපේ තියන ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡාවකට අපි ආයතනයන්, සංවිධානයන් හා රාජ්‍යන් සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ජා කරන්න වගේම ගනුදෙනු කරන්න ඕන. රජයේ ස්ථාවරභාවය සහ සැලසුම් සමඟ අපි එන්නේ කියලා එහිදී අපිට පෙන්වන්න වෙනවා. සැලසුම් නැතුව පැලැස්තර පමණයි එක් එක් මාසෙන් මාසයට වෙනස් වන ප්‍රතිපත්ති එක්ක කොහොමද ආර්ථිකය ගොඩ නඟන්නේ.

Comments