ශ්‍රේණිගත ගොල්ෆ් තරගාවලියේ අනුර රෝහණ ඉදිරියට | Page 2 | සිළුමිණ

ශ්‍රේණිගත ගොල්ෆ් තරගාවලියේ අනුර රෝහණ ඉදිරියට

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි වෙනුවෙන් සහභාගි කරවන ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තෝරා ගැනීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබන ශ්‍රේණිගත කිරීමේ ගොල්ෆ් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ පළමු අදියරෙන් ඉදිරියට පැමිණීමට ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩක අනුර රෝහණ සමත් විය. පසුගිය දා නුවර එළිය ගොල්ෆ් සමාජ පිටියේ පැවැති මෙම තරගාවලිය වෙනුවෙන්

ක්‍රීඩකයෝ පනහකට අධික පිරිසක් සහභාගි වූහ.

මේ අනුව මෙම ශ්‍රේණිගත කිරීම් තරගාවලියේ දී දක්වන දක්ෂතා චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි කවරන ශ්‍රී ලංකා ගොල්ෆ් කණ්ඩායම තෝරා ගැනීමේ පදනමක් බවට පත්කර ගැනීමට නියමිත ය.

ආධුනික සහ ප්‍රවීණ කාණ්ඩ දෙකේ ම ගොල්ෆ් ක්‍රීඩකයන් සඳහා විවෘත කෙරුණු මෙම තරගාවලියේ දී ලබා ගන්නා පුහුණු අත්දැකීම් ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළට වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වට හතරකින් සමන්විත වූ මෙම තරගාවලියේ දී 68.71.73 හා 76 වශයෙන් ජයගැනීමට සමත් වූයේ අනුර රෝහණ යි. ආර්.කේ. ප්‍රභාගරන් 71. 73.77 හා 71, ආධුනික ගොල්ෆ් ශූරයා වූ එම්.යූ. චානක පෙරේරා 74.72.73 හා 78 වශයෙන් පිළිවෙළින් අනුර රෝහණට පසු දස්කම් දැක්වී ය. ඊට පසු විජිත බණ්ඩාර හා උචිත ආකාශ් රණසිංහ තරගය අවසන් කළ හ.

ජාතික සංචිතය, සංවර්ධන සංචිතය හා

නැඟී එන ක්‍රීඩකයන් ඇතුළත් සංචිතය වශයෙන් සංචිත තුනක් නියෝජනය කරන ක්‍රීඩකයන් අතරින් ඉදිරියේ පැවැත්විමට නියමිත අන්තර්ජාතික තරග වෙනුවෙන් විශිෂ්ටම ගොල්ෆ් කණ්ඩායමක් සහභාගි කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය පවසයි.

Comments