වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්ගම සිට වඩුකන්ද දක්වා දිවෙන මාර්ගයේ එක් ස්ථානයක මාර්ගයේ විශාල ප්‍රදේශයක් ගැලවී යෑම නිසා වාහන එම ස්ථානයෙන් පහළට පෙරළී යන තත්ත්වයට පත්ව ඇත.
එම ස්ථානයෙන් වාහනයක් පෙරළි ගියහොත් විශාල අනතුරක් සිදුවනු නියතය. මෙම ස්ථානයට බෝක්කුවක් සකස් කර දෙන්නේ නම් තිබෙන අවදානම් තත්ත්වයෙන් මිදිය හැකිය. මෙම අනතුරුදායක ප්‍රදේශය හරහා දිනකට සිය ගණනක් යති; එති. එම නිසා නුදුරේදීම විශාල අනතුරක් සිදුවීමට ඉඩකඩ වැඩිය.
මේ පිළිබඳව අවධානය යොමුකොට තල්ගම - වඩුකන්ද මහාමාර්ගයේ මෙම ප්‍රදේශයට බෝක්කුවක් සකස්කොට යථා තත්ත්වයට පත්කරන්නේ නම් එය ප්‍රදේශවාසීන්ට සිදු කරන මහඟු සේවයකි.
මනහර මහින්ද වෑකඩ
බෙලිගල