රාජ්‍ය ආයතන පිහිටුවීමේදී මේ ගැනත් සිතන්න | සිළුමිණ

රාජ්‍ය ආයතන පිහිටුවීමේදී මේ ගැනත් සිතන්න

තීතයේ සිටම රාජ්‍ය ආයතන පිහිටුවීමේදී භූ විෂමතා ලක්ෂණ පිළිබඳ මනා අවධානයක් යොමුකරන ලදී. විශේෂයෙන්ම ස්වාභාවික උපද්‍රවවලදී අවම හානියක් වන සේ රාජ්‍ය ආයතන පිහිටුවීම අතීතයේනම් ක්‍රමානුකූලව සිදු විය.

එහෙත් අද තත්ත්වය ඉතාම කනගාටුදායකය. කිසිම සොයා බැලීමකින් තොරව රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීම තුළ බරපතළ ගැටලු රාශියක් ඇතිවී තිබේ. මෙහිදී ඇතිවන බරපතළම ගැටලුවනම් යම්කිසි රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩම් මේ වන විට හිඟ වීමයි. දැනට තිබෙන ඉඩකඩ සීමාසහිත වීම, අනවසර ඉදිකිරීම් මෙන්ම පසුගිය වකවානුවල තම දේශපාලන හිතවතුන්ට ඉඩකඩම් ලබාදීම තුළ බරපතළ ලෙස භූමිය අහිමි වී තිබේ.

මේ තත්ත්වය දිගින් දිගටම පැවැතීම තුළ නගරයක් තුළ කොන්ක්‍රීට් වනාන්තර හැර ගස්කොළන් දැකගැනීමටවත් නොහැකි වනු ඇත.විශේෂයෙන්ම උසාවි සංකීර්ණ වැනි ආයතන ස්ථාපිත කළ යුතු වන්නේ ඉතාම නිශ්ශබ්ද පරිසරයකය. එහෙත් වර්තමානයේ රටේ ප්‍රධාන නගර කීපයක උසාවි සංකීර්ණ නගරබදවම ස්ථාපිත කර ඇත්ද? තවද නගර තුළ අධික තදබදයක් ඇතිවීම මෙන්ම රථවාහන නතර කිරීමටද ස්ථානයක් හරිහැටි සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අද වන විට නගරයක් ගත් විට මිනිසුන්ට වඩා වාහන ඇති බැවින් එම වාහන හිතුමනාපෙට ගාල් කර යාම මාර්ග අවහිරතාවයක් ඇති වනවා සේම රජයකට ලැබිය යුතු ආදායමද නැතිවී යාමකි. නව නගර සැලැසුම් කිරීමේදී ස්වාභාවික විපත් සේම පරිසරයටද ගැළපෙන ආකාරයට නගර සැලැසුම් කිරීම කාලෝචිතය.

ඩබ්ලිව්. ඒ. කේ. මොහාන් 
මහවැලි සී. කලාපය

Comments