වැලිගම නව දෙමහල් පොලිස් ගොඩනැඟිල්ල විවෘත වන්නේ කවදා ද? | Page 2 | සිළුමිණ

වැලිගම නව දෙමහල් පොලිස් ගොඩනැඟිල්ල විවෘත වන්නේ කවදා ද?

වැලිගම මූලස්ථාන පොලිස් ගොඩනැඟිල්ල මීට වසර පහකට පමණ පෙර කඩා ඉවත්කර නව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මේ වන විට එහි ඉදිකිරීම් සියයට 89ක් පමණ අවසන් කර බොහෝ කාලයකි. එහි ඉතිරි ඉදිකිරීම් කටයුතු නිමකර විවෘත කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි කිසිවෙක් නොදනී.

දැනට වැලිගම පොලිස් ස්ථානය වෙනත් ස්ථානයක පවත්වාගෙන යයි. මූලස්ථාන පොලිස් ගොඩනැඟිල්ලේ ඉතිරි කටයුතු නිම කර විවෘත නොකිරීම නිසා පොලිස් නිලධාරි මහතුන්ට සහ පොදු මහජනතාවට බොහෝ අපහසුතාවලට මුහුණපෑමට සිදුවී තිබේ.

එම නිසා පොලිස් නිලධාරි මහත්වරුන්ගේ සහ පොදු මහජනතාවගේ යහපත උදෙසා ඉදිකිරීම් අතරමඟ නතරකොට ඇති වැලිගම නව දෙමහල් මූලස්ථාන පොලිස් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ වගකිවයුතු බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුවන්නේ නම් කෘතඥ වෙමු.

වසන්ත ද සිල්වා 
වැලිගම

 

Comments