රටේ ජන ජීවිතයට බලපාන අර්බුද ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

රටේ ජන ජීවිතයට බලපාන අර්බුද ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1 වැඩවර්ජනය කිරීමේ අයිතිය වෘත්තිකයන්ට තියෙනවා. ඇත්තවශයෙන් ම රාජ්‍ය සහ පෞද්ගලික සේවයේ සේවකයන්ට වෘත්තිය අරගල කිරීම කම්කරු අයිතියක්. එය ජාත්‍යන්තරව සහ‍ මෙරටේ කම්කරුවාගේ අයිතියක්. වැඩකරන පන්තියට අයිතිවාසිකම් දිනාගැනීමට වැඩවර්ජන කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙත් වෘත්තිකයන්ට වැඩවර්ජනය කිරීමට අයිතියක් තියෙනවා. මේ දේවල් ජාත්‍යන්තර කම්කරු නීතියටයි එකඟයි. පාරට බැස්සාම වැඩ වර්ජනය කරාම එය සාධාරණ ඉල්ලීම් ද කියලා සලකා බලා විසඳන්න රජයක් බැඳිලා ඉන්නවා. ආණ්ඩු එයට වගකියන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න අපිට පක්ෂයක් විදිහට බැහැ. ඒ තීරණ ඒ අය ගත යුතුයි. නමුත් රජයක් විදිහට රට පත්වෙලා තියන තත්ත්වයත් සලකා බලා අත්‍යවශ්‍ය රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වෘත්තිය අයිතීන්ට ගරු කළ යුතුයි.

 

2 රටට ආනයනය කරන එවැනි දේවල් සම්බන්ධයෙන් දිඟින් දිගටම කතා කරලා වැඩක් නැහැ. විකල්ප ක්‍රමවේදයන්ට යොමුවෙමින් ක්‍රමානුකූලව ආනයනයන් සීිමා කළ යුතුයි. ඇතැම් කර්මාන්ත ප්ලාස්ටික් ආශ්‍රිතව පවත්වාගෙන යනවා. ඒ අයගේ අවශ්‍යතාවන් සලකා බලා කටයුතු කරන්න අවශ්‍යයි. ක්‍රම‍ානුකූල ක්‍රමවේදයන් අනුව එය කළ යුතුයි. ලංකාවේ අවශ්‍ය තරම් විකල්ප ක්‍රමවේදයන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් සකස් කර ප්ලාස්ටික් ආනයනය කිරිම අඩු කළ යුතුයි. ප්ලාස්ටික් ආනයනය කර්මාන්තවලට අවශ්‍ය නිසා ක්‍රමානුකූලව නවත්වලා පෞද්ගලික අංශය හෝ රජය මැදිහත් වෙලා විසඳන්න අවශ්‍යයි. රටේ මේවනවිට මිල පාලනයක් නැහැ. කිසිදු දේකට මිල පාලනයක් නැහැ. මිල පාලනයක් ඇති කළ යුතුයි. අපි නීති විද්‍ය­ාලයේ ඉගනගන්න කාලයේ සීනි රාත්තල සතයකින් වැඩි කරන්න කැබිනට් එකේ පැය ගණන් සාකච්ජා පැවැත්වුවා. අද වන විට රට අරාජික වෙලා. සිමෙන්ති පමණක් නොවෙයි සියලු දේවල් වල මිල පාලනයකින් තොරව ඉහළ යනවා. නමුත් අද වනවිට හිතෙන හිතෙන විදිහට හාල් මිල වැඩි කරනවා. පොළොන්නරුවේ මහා හාල් මාෆියාවක් ක්‍රියාත්මක කරනවා.

 

3 රජයට කිසිදු මිල පාලනයක් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මේ විදිහට ඉහළ ගියාම ජනතාව තමන්ගේ කටයුතු කරගන්නේ කොහොමද? අපි උසාවි යන කාලයේ මහේස්ත්‍රාත් උසාවියේ එක දිනයක් වෙන් කරලා තිබුණා මිල පාලන දිනය කියලා. එදාට වැඩි මිලට වික්ක වෙළෙන්දො අරගෙන එනවා . ඉදිකිරිම් ක්ෂේත්‍රයට පමණක් නොවෙයි; එදිනෙදා ජීවත් වෙන ජනතාවට සහ ඒ ආශ්‍රිත ජීවන උපාය සකසා ගෙන ඉන්න ජනතාවට කිසිදු ආකාරයේ සහනයක් නැහැ. ජිවත්වෙන්න විදිහක් නැහැ. සිමෙන්ති මිලයි හිඟයයි දෙකම ඒ සඳහා බලපාලා තියනවා. සිමෙන්ති කොට්ට ලක්ෂ තිහක අඩුවක් තියෙනවා; කියලා ඉදිකිරිම් ක්ෂේත්‍රයේ අය කියනවා. මිල පාලනයක් නැතිකමයි ප්‍රධාන හේතුව. රටේ ආණ්ඩුවක් නැහැ හිතෙන හිතෙන අය හිතෙන හිතෙන දේ කරනවා. ආණ්ඩුව ව්‍යාපෘති ලක්ෂ සීයයක් පටන් ගන්නවා කියනවා. එය කොහොමද කරන්නේ සිමෙන්ති නැතුව. ව්‍යෘපෘතිවලට කියලා මුදල් වෙන් කරලා ආණ්ඩුව වෙන මොනවා හරි කරන්න යනවා ඇති. දැන් වෘත්තිකයන්ගේ කම්කරුවන්ගේ ඊපිඑෆ් එකටත් බදු ගහන්න හදනවා.

 

4 ඒක නම් හොඳ වැඩක් දැන් රටේ පවතින තත්ත්වය අනුව ජනතාවට වගකීමක් තියෙනවා එන්නත ලබා ගන්න. ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල තුන් වැනි මාත්‍රාව ලබාගත් අයට රට විවෘත කරලා තියෙනවා. ජනතාවට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. බොහෝ රටවල් මාත්‍රා තුනම අරගෙන තියෙන නිසා රට විවෘත කරනවා. එය රජය කළ හොඳ පියවරක්. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ රටක් පාලනය කරන්න පුළුවන් මිනිස්සු නැහැ. අපේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ ආචාර්ය උපාධිය ලබාගත්ත ආර්ථික විශේෂඥයන් විසින්. මේ ආණ්ඩුවේ ආර්ථිකය, වෙළෙඳාම, කෘෂිකර්මාන්තය මෙහෙයවන්නේ කවුද කියලා අපිට පේන්වා. පළමු පේළියේ එන්නේ උගතුන් අතළොස්සයි. මේ ආණ්ඩුවේ උගත් අය අඩුයි. ඒවගේම සාමුහික වැඩපිළිවෙළක් නැහැ. මේ ආණ්ඩුවට දැන් වැඩපිළිවෙළක් නැහැ. ක්‍රියාත්මක කරන්න කාලයකුත් නැහැ.

 

5මේ අර්බුදයට මුහුණ දෙන බව ආණ්ඩුව දැනගෙන හිටියා. නමුත් කිසිදු විකල්පයන්ට යොමුවුණේ නැහැ. අපේ කාලයේ අපි මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළා. ලෝකය ඉදිරියේදි අනිවාර්යෙන්ම ඉන්ධන සඳහා විකල්ප සෙවිය යුතුව තියනවා. ඒ කිසිදු දේකට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ. මිල වැඩිවෙනවා පමණයි මිසක ජනතාවට කිසිදු සහනයක් කිසිදු දේකින් වුණේ නැහැ.

 

1 විශේෂයෙන් මම රාජ්‍ය සේවයේ හිටපු ගුරුවරයෙක් හැටියට ලෝකය ම ව්‍යසනයකට මුහුණ දීලා අවධානම් තත්ත්වයකට පත්වෙලා නැවත යම් ගොඩනැඟීමක ආරම්භ වෙමින් පවතිනවා. පැහැදිලිවම අපි දන්නවා මේ වනවිට යහපත් තත්ත්වයකට පත්වෙමින් පවතින්නේ ඉතා දුෂ්කර ගමනක් අවසන් කිරීමෙන් පසුවයි. අපේ රටත් මේ ගෝලිය අර්ථික අර්බුදයට මුහුණදීලා මේවන විට යම් ආකාරයකට යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක්. විශේෂයෙන්ම මේ කොවිඩ් ව්‍යසනය නිසා ජනතාව බොහෝ අසීරුතාවන්ට මුහුණපාමින් සිටින අවස්ථාවක්. ඕනෑම වෘත්තිය අරගලයක් උද්ඝෝෂණ වර්ජනයක් කිරීමට පෙර මෙවැනි තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව එවැනි වැඩවර්ජනයක් කරනවාද නැද්ද කියලා යන කාරණාව පිළිබඳ දෙවරක් සිතිය යුතුයි. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. නමුත් මීට වඩා හිතන්න අවශ්‍යයි. ජනතාව දැඩි පීඩාවට පත්වී ඉන්න අවස්ථාවක් මේක.

 

2 ඇත්ත වශයෙන්ම මෙය කළ යුතුම කාර්යයක්. ප්ලාස්ටික් වල ඇති විෂ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර බවත් ප්ලාස්ටික් ලෝකයෙන් තුරන් විය යුතුයි කියන කාරණාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කළ සියලුදෙනා දන්නවා. ප්ලාස්ටික් පසට එකතුවීමෙන් වන හානිය ඉතා භයානකයි. ප්ලාස්ටික්වලට මේ වනවිට මුළු ලෝකයම විකල්ප සොයමින් යනවා. එය පරිසරයට ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. ගෝලීය විද්‍යාත්මක දැනුම සහ අවබෝධය ලබාගෙන අපි ඒ අනුව ක්‍රියා කළ යුතුයි. ප්ලාස්ටික් වලට වැය කරන පිරිවැය ඩොලර් අර්බුදයක් මතුවෙලා තියන මෙවැනි අවස්ථාවක අඩුකරගැනීම ඉතාමත් වැදගත්. ශරිරයට අහිතකර දෙයක් මුදල් දීලා ගන්නේ ඇයි කියන දේ ගැටලුවක්. විකල්පවලට අපි යායුතු කාලය එළැඹි තියනවා. අපිට ප්ලාස්ටික් වෙනුවට ස්වභාවික විකල්පයන් යොදාගන්න පුළුවන් රටක්. ඒ නිසා අපි විකල්ප ක්‍රමවේදයන් වලට යොමුවිය යුතුයි.

 

3 සිමෙන්ති ආශ්‍රිත ඉදිකිරීම් ක්ෂේත්‍රයට යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා. පවතින ඇතැම් තතත්වයන් මත එය දේශපාලන වාසි මෙන්ම ආර්ථික වාසිවලට හරවා ගන්නා පිරිසක් ඉන්නවා. සිමෙන්ති කියන කාරණාවටත් එය පොදුයි. මක්නිසාද කියනවා නම් සිමෙන්ති හිඟයක් ඇති කරමින් යම් අර්බුදයන් නිර්මාණය කරමින් මිල හිතු හිතු විදිහට වැඩිකරන්න කෘතිම හිඟයක් නිර්මාණය කරන එක්තරා පිරිසක් ඉන්න පුළුවන්. වෙළෙඳපොළේ යම් භාණ්ඩයක් හිඟවීමට පෙර මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන්. ජනතාව යම් පීඩනයකට ලක්වෙලා ඉන්නවා. විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, රාජ්‍ය සේවයේ හා ව්‍යාපාරිකයන් ඇතුළු සෑම ක්ෂේත්‍රයක් ම මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

 

4 පූර්ණ එන්නත්කරණයවීම අපි මේ වෙලාවේ සමාජ වගකීමක් ලෙස ගත යුතුයි. තමන්ට පමණක් නොවෙයි; මෙමඟින් තමන්ගේ පවුලේ අයට සමාජයට සහ සමස්ත රටට වන විශාල හානියක් ලෙස සැලකිය යුතුයි. අපි කොවිඩ් නිසා ලැබූ අත්දැකීම් තියෙනවා. ඒ ඔස්සේ නැවත රට ඒ තැනට ඇද දමනවාද නැද්ද යන කාරණාවේ වගකීම තියෙන්නෙත් අපේ අතේමයි. ඇත්ත වශයෙන්ම එන්නත්කරණය අතින් අපි ලෝකයේ ඉදිරියෙන් ඉන්න රටක්. අපි රජයක් ලෙස මේ එන්නත්කරණ වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ නිවැරැදි මඟපෙන්වීම යටතේ යම් කැපවීමකින් කළා. එය රටේ ජනතාවට ජීවිතදානය දුන්නා හා සමානයි.

එන්නත්කරණය කඩිනමින් සිදු කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන අය සහ ආරක්ෂක අංශය ඇතුළු සෑම ක්ෂේත්‍රක්ම දායකත්වයක් දුන්නා. දැනට ඇතිවෙලා තියන අලුත් ප්‍රභේදය වේගයෙන් පැතිරෙන නිසා මරණ සංඛ්‍යාව අඩුකර ගන්න අපි අපේ සමාජ වගකීම ඉටු කළ යුතුයි. ඒ යල්පැනඟිය ක්‍රමවේදයන්ගෙන් නොවෙයි.

සියලු ක්ෂේත්‍ර යාවත්කාලීන විය යුතුයි. අපේ රටේ හොඳ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. කුඩා දරුවාගේ සිට දැවැන්ත ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. ඒනිසා දරුවන්ට පෙර පාසලේ සිට විධිමත් ලෙස පාසල සහ විශ්වවිද්‍යාලය දක්වා මේ ආකල්පමය වෙනස ඇති කිරීමට අවධානය යොමු කර තියනවා. අපේ අනාගත පරපුර රැකගන්න අපේ යුතුකම සහ වගකීම ඉටු කළ යුතුය. ඒ ආකල්පමය වෙනස අපි දරුවා තුළින්ම ඇති කළ යුතුයි.රජයක් ලෙස මේ වෙනස ඇති කිරීමට සියලු ක්ෂේත්‍රයන් සමඟ එකතුවී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

 

5 ඉන්ධන රටක සංවර්ධනයට අවශ්‍යයි; ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවකට ඉන්ධන අවශ්‍යයි. දැනට ඇති බලශක්ති මත යම් සීමාවන් ඇතිවිය හැකි බව අපි දන්නවා. මේ සඳහා විකල්ප මුළු ලෝකයම විසින් ම සොයමින් පවතින අවස්ථාවක්.

බොරතෙල් මිල ඉහළ යෑම වගේම පවතින විදෙස් ඩොලර් අර්බුදය හමුවේ යම් කැප කිරීමක් කළ යුතුයි. මේ සඳහා රටක් ලෙස තිරසාර විසඳුම් දැන්ම ලැබෙන්නේ නැහැ; මෙය ලෝකයට බලපාලා තියන අර්බුදයක් නිසා. ඒ සඳහා යම් විකල්ප වැඩපිළවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ජාතික කර්තව්‍යයක් කියලා හිතලා ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්චි කළ යුතුයි. සමස්තයක් ලෙස රටක පැන නැඟෙමින් පවතින අර්බුදවලින් බේරෙන්න නම් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කළ යුතුයි.

 

1වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කළ යුතුයි. උද්ඝෝෂණ සහ වැඩවර්ජන කියන්නේ වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සහ ඉල්ලීම් දිනාගැනීමේ මූලික පදනමක්. නමුත් අපි හිතනවා මේ වෙලාවේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතුද කියලා ගැටලුවක් මතු වෙනවා. ජනතාව ආර්ථිකමය ඇතුළු සියලු ආකාරයේ ප්‍රශ්න රාශියකට මුහුණ දීලා ඉන්නේ. ජනතාව අප්‍රසාදයට ලක්නොවන ආකාරයේ මේ අවස්ථාවේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ වර්ජනවලට පෙනී සිටිය යුතු වෙනවා. එය වඩා යහපත් සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙසයි අපි සලකන්නේ. සෑම ක්ෂේත්‍රයේම සෑම වෘත්තිය සමිතියකට ම ඉඩක් තියෙනවා ඒ අයගේ සාමාජිකයන්ගේ වෘත්තිය අයිති වෙනුවෙන් තීරණ ගැනීම් සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට.

ඒ අයිතිවාසිකමට අපි බාධා කරන්නේ නැහැ. නමුත් අපේ මතවාද ගරුකරන, අපේ වෘත්තිය සමිති ජනතාව ගැන හිතලා ජනතාව මුහුණපාලා ඉන්න ප්‍රශ්නකාරී තත්ත්ව සලකා බලා මේ අවස්ථාවේ යම් කැපවීමක් කරනවා හොඳයි කියලා මම විස්වාස කරනවා. ජනතාව මත තවත් බරක් නොවන ආකාරයට වෘත්තිය අරගලවල පෙනී සිටින්න අවශ්‍යයි කියන ස්ථාවරයේ අපි පක්ෂයක් ලෙස ඉන්නවා. නමුත් එවැනි කැපවීම් කරද්දී ඒ කැපකිරීම් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගෙන වෘත්තිය අරගලවලට ඇහුම්කන් නොදීම සහ බාධා කිරීම සාධාරණ නැහැ. ඒ වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙනවා.

වෘත්තීය ව්‍යාපාරවල තියන සදාචාරය පාවිච්චි කරමින් ආණ්ඩුව වෘත්තීය සමිතිවලට පහර දීමට සූදානම් වුවහොත් අපි එයට අනිවාර්යෙන්ම විරෝධය දක්වනවා. කාටවත් අපි වෘත්තිය අරගලවල නිරත වීම සම්බන්ධයෙන් බාධා කිරීම් නොකළත්; අපි හිතනවා මේ වෙලාවේ ජනතාවගේ ගැටලු සලකා අපි වෘත්තිය අරගලවල නිරත නොවී ඉන්නවා නම් හොඳයි කියලා. අපි අපේ ස්ථාවරයේ ඉන්නවා. නමුත් අපි හිතෙනවා; මේ නිශ්චිත මොහොතේ අර්බුද රාශියකට ජනතාව මුහුණ දෙන නිසා ඒවා යම් සමනයකට පත්වෙනතුරු අපි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ කියලා.

 

2ප්ලාස්ටික් වෙනුවට මේ වනවිට මුළු ලෝකයම විකල්ප සොයමින් යන යුගයක්. ප්ලාස්ටික් පරිසරයට, ශරිර සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. ඒ නිසා ගෝලීය විද්‍යාත්මක දැනුම සහ අවබෝධය ලබාගෙන මේ දේවල් කළ යුතුයි. විකල්පවලට අපි ක්‍රමානුකූලව යා යුතුයි. ලංකාවේ ප්ලාස්ටික් වෙනුවට ස්වභාවික විකල්පයන් යොදා ගැනීමට වඩා අවකාශය ඇති රටක්. ඒ නිසා අපි විකල්ප ක්‍රමවේදවලට යොමු විය යුතුයි. ඒ සඳහා සැලැසුමක් තිබිය යුතුයි. රටක් ලෙස අපිට පහසුවෙන් එය කරන්න පුළුවන් විකල්ප තියෙනවා. ඒ නිසා කිසිදු විකල්පයක් නැතිව එක පාරට මෙය තහනම් කරලා ජනතාව අපහාසුතාවට පත් කරන්න හොඳ නැහැ.දවසින් දෙකින් මෙය නවත්වන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ සඳහා පැහැදිලි යම් විකල්පයක් සොයාගෙන කළ යුතුයි.

 

3 මෙය ඉතා විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය පමණක් නොවෙයි; සිමෙන්ති ආශ්‍රිතව කර්මාන්ත කරන සියලු දෙනා මේවනවිට දැඩි අපහාසුතාවකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන් ඉදිකිරීම් කරන සාමාන්‍ය ජනතාව ඒ ආශ්‍රිතව කටයුතු කරන සියලුදෙනාට ජීවිකාව ගෙන යාම අපහසුතාවකට පත්වෙලා තියෙනවා. මුල්‍ය පක්ෂයෙන් බැලූවිට ඉතා විශාල පිරිවැයක් දරන්න වෙලා තියෙනවා. මෙය එක් අතකින් ඉදිකිරීම් වැඩවලට ලොකු බාධාවක් මෙන්ම මේ හරහා ජීවන උපාය මාර්ග කරන අයට විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙලා. ආරම්භ කරන්න සුදානම් වී තිබුණ සහ කරගෙන යන ඉදිකිරීම් නතර කරන්න සිදුවෙලා. ඒ තුළ රැකියා විශාල සංඛ්‍යාවක් අහිමි වෙලා. ප්‍රශ්න රාශියක් ජනතාවට මතුවෙලා තියෙනවා. සංවර්ධන වෙනුවෙන් කෙරෙන කොන්ක්‍රීට් මහ පරිමාණ ඉදිකිරීම් සමාන කරන්න බැහැ කුඩා ඉදිකිරීම්වලින් ජීවත් වෙන ජනතාවගේ ජීවන උපාය මාර්ගය අහිමි වීමට.

 

4 එක් ආකාරයට ඇතැමුන්ට මේ සම්බන්ධයෙන් තර්කයක් ගේන්න පුළුවන්; මේ ගැසට් නිවේදනය මඟින් පුද්ගල නිදහසට බාධාවක් වෙනවා කියලා. එන්නත නොගැනීමට කෙනකුට තර්ක කරන්න පුළුවන් සහ අයිතියක් තියෙනවා. ඒවගේ තර්කයක් තිබුණත් එන්නත නොගැනීමේ අතුරු විපාක තමන්ට මෙන්ම අනෙකුත් අයටත් විඳින්න වෙනවා. එය රෝග ව්‍යාප්ත කිරීමට ඉවහල් වෙනවා. තමන්ගේ මතය කුමක් වුවත් වෙනත් අයගේ මතයට ගරුකළ යුතුයි. ඒ නිසා පොදු ස්ථානවල යම් කිසි සීමා පැනවීමට අපිට විරුද්ධ වෙන්න බැහැ. ඒ නිසා යම්කිසි වගකීමක් තියෙනවා සියලුදෙනාටම මෙය ව්‍යාප්ත වීම වළක්වා ගන්න. එන්නත නොගැනීමට අයිතියක් තියෙනවා වගේම සමාජ වගකීම කියන කාරණා දෙකම මේ ගැටලුවේදී තියෙනවා. මෙවැනි රෝගයක් වැළැක්වීමට නම් යම්කිසි සීමාවන්ට යටත් වෙන්න වෙනවා. ඒ කියන කාරණාව ඒ පිළිබඳ සියලුදෙනාම දැනුම්වත් වී සිටිය යුතුයි.

 

5 සියලු ක්ෂේත්‍රයන්ට බලශක්තිය අවශ්‍යයි; රටක ඉදිරි පැවැත්මට එය අත්‍යවශ්‍ය සාධකයක්. ඉන්ධන මිල පාලනයකින් තොරව වැඩි වෙනවා. දැනට ඇති බලශක්ති මත සීමා තියෙනවා. මේ අර්බුදයන් නිර්මාණය වෙනවා කියලා වසර ගණනාවක් සිට අපි දැනුම්වත් වී තියෙනවා. එසේ නම් විකල්ප බලශක්තිවලට අප යා යුතුයි. මෙවැනි ගැටලුවලදී මින්පෙර අඛණ්ඩව විද්‍යාත්මක තොරතුරු මත සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණා. ආණ්ඩුවට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු ලබාගෙන අදාළ ක්ෂේත්‍රයන්ගේ විද්වතුන්ගෙන් මේ සඳහා තොරතුරු රැස් කරගත යුතුයි. එක් එක්කෙනාගේ පුද්ගලික න්‍යායපත්‍රයන්ට හිස නමන්නේ නැතුව රටක් ලෙස නැඟීසිටීමට හැකි ආකාරයට අප කටයුතු කළ යුතුයි. ප්‍රශ්නය කට ළඟට ආවාට පස්සේ පිළිතුරු සොයන්න ගියාට වැඩක් නැහැ. ඒවගේ අවස්ථාවට විකල්ප සෙවීමට යෑමෙන් හොඳම විසඳුම නොවෙයි ලැබෙන්නේ. සමහර වෙලාවට යෝජනා වන විසඳුම් ප්‍රශ්නයට වඩා බරපතළයි. ජාතික සැලැසුමක් ඇතිව සියලු ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. එක එක අයට හිතෙන හිතෙන විදිහට වැඩ කරලා හරියන්නේ නැහැ. පෞද්ගලික න්‍යාය පත්‍රයන් අනුව තීරණ ගන්න පාලකයන් ඉන්න කොට ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ලැබෙන්නේ බැහැ.

Comments