
- ලග්න රැසකට මංගල යෝග
- මකරයට ආ සිකුරු ඔබට බලපාන්නේ කෙසේද?
මාර්තු මාසයේ ග්‍රහ යුද්ධ රැසක් සිදුවෙයි. එය සුබවාදී මෙන් ම අසුබවාදී පැත්තක් ද නියෝජනය වන්නකි. සාමාන්‍යයෙන් ග්‍රහයකු හා තවත් ග්‍රහයකු අතර සිදුවන යුද්ධයකදී ඊට දින තුනක් ඇතුළතත් ඉන් දින තුනක් පසුවන තුරුත් විශ්වයට විෂම බලපෑමක් ගෙන දෙන බව ජ්‍යොතිෂ නියමයයි. අනතුරුව ජය ගන්නා ග්‍රහයාගේ ස්වභාවය අනුව හොඳ නරක මෙහිදී තීරණය කරගත හැකිය.
මේ අනුව මාර්තු මස 02 වැනි දින රාත්‍රි 10.04 ට බුධ - ශනි යුද වැදී ඉන් ශනිට ජය අත්වේ. ශනි සුබ ග්‍රහයකු නොවන අතර පීඩිත ජනතාව නියෝජනය කරන ග්‍රහයා ද වෙයි. මේ අනුව බුධ නම් ඥානකාරක බුද්ධි කාරක ග්‍රහයා පරාජය වී පීඩිත ජනතාව නියෝජනය කරන ශනි හෙවත් සෙනසුරු ජය ගැනීම එක් අතකින් සුබවාදී පැත්තට වඩා අසුබවාදී වනු ඇත. එය වෙසෙසින් ම පීඩිත ජනතාව තව තවත් පීඩාවට පත් කරන්නක් බව නොකියාම බැරි ය. ලෙඩ රෝග ව්‍යාප්ත වීම, ජනතාව තුළ දරිද්‍රතාව තව තවත් ලියලා වැඩීම මහජන උද්ඝෝෂණ විරෝධතා ඇතිවීම මෙම ග්‍රහ තත්ත්වය උග්‍ර කිරීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් මකර රැසෙහි ගමන් ගන්නා සෙනසුරු මේ වනවිට ලංකා කේන්ද්‍රයේ 12 වැන්නේ බැවින් විටින් විට විදේශ රටවල අණසකට නතුවීමට අපට සිදුවීමට ද ඉඩ ඇත. කෙසේ හෝ ඉන්ධන අර්බුදය - ඩොලර් අර්බුදය වැනි අංශ තව තවත් උග්‍ර අතට හැරීමට ද බැරි නැත.
මාර්තු 06 වැනිදා දහවල් 12.44 ට සිකුරු කුජ අතර සිදුවන යුද්ධයෙන් සිකුරුට ජය හිමි වීම එක් අතකින් සතුටුදායක විය හැකි අතර, කාමයට ආලයට අධිපති සිකුරු එක අතකින් තරුණ තරුණියන් අතර විවිධ සහ සබඳතා හා නොමනා හැසිරීම් රටා උද්දීපනය වීම තුළ කාම රැල්ලක් ගොඩ නැඟීමට ද බැරි නැත. තත්ත්වය එසේ වුව ද ජනතාවගේ පැත්තෙන් මෙය සුබවාදීව සිතතොත් එම රැල්ල අසුබ අතට නොව සුබ අතට හරවා ගැනීමට බැරි නැත. ඒ කෙසේද යත් කලාකාමී බව සෞන්දර්යවාදී බව හා සිකුරුගෙන් විදහා දැක්වෙන ආදරය, ආලය, අනුකම්පාව, හෘදයාංගම බැඳීම හරි අතට හරවා ගතහොත් සුබවාදී වනවා මෙන් ම කලාව, අභිවෘද්ධිය සෞන්දර්ය හා සමානාත්මතාව වැඩි දියුණු කර ගැනීම තුළ සමාජ හරි දැක්මකට යොමුකර ගැනීමට පුළුවන් වනු ඇත. එසේම මාර්තු මස 21 වැනි දින පෙ.ව. 11.38 ට සිදුවන බුධ - ගුරු යුද්ධයෙන් ගුරුට ජය හිමිවීම තවත් පැත්තකින් සුබවාදී වෙයි. ගුරුගෙන් නියෝජනය වන පූජ්‍ය පක්ෂය උපදේශකත්වය මෙන්ම සමාජයේ හරි දැක්ම කෙරේ යොමුවීමට මෙම ගුරුගේ ජයග්‍රහණය ඉවහල් වනු නොඅනුමාන ය. තවත් විටෙක මාර්තු 23 දින ප.ව. 11.15 ට සිදුවන බුධ, නැප්චූන් යුද්ධයෙන් නැප්චූන් ජය ගැනීම තවත් විටෙක බුද්ධිමතුනට අභියෝගයක් මෙන් ම ජනතා ආකල්ප වැරදි මං ඔස්සේ ගමන් කිරීමට ද හේතුවීමට පුළුවන. මෙහිදී විශේෂයෙන් කොයි කවුරුත් සමාජ කටයුතුවලදී බුද්ධි ගෝචරව කටයුතු කිරීම අසුබ සුබ කර ගැනීමට හැකිවනු ඇත.
මාර්තු මාසයේ අවසන් ග්‍රහ යුද්ධය ලෙස මාර්තු 29 වැනි දින රාත්‍රි 12.59 ට සිදුවන සිකුරු - ශනි යුද්ධය ද සුවිශේෂ අවස්ථාවක් වන අතර ඉන් ජයගන්නා සිකුරු නිසා මාර්තුව අවසානයේ මිනිස් සිතුම් පැතුම් යහ මාර්ගයකට ගැනීමට හැකි වන බව මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයකි. සිකුරු, කලාව, පිළිවෙළ සෞන්දර්ය සහ පරිසරය නියෝජනය කරන ග්‍රහයා නිසා සමාජය තුළ පරිසරය තුළ යහ පැවැත්ම රජයන බවට කදිම නිදසුනක් මේ තත්ත්වය මැද මාර්තු මස 06 වැනි දින පෙ.ව. 11.22 ට බුධ ග්‍රහයා කුම්භ රාශි ගත වීම ද මාර්තු මස 15 දින රාත්‍රි 12.16 ට රාජ්‍යකාරක රවි මීන රාශි ගතවීම ද දැනට අපට රටට හා රජයට තිබෙන අභියෝගවලින් ජය ලැබීමට හේතුවන තත්ත්වයක් බව නොකියා ම බැරිය.
මේ බලපෑම් සියල්ලක් ම වෙන් වෙන් වශයෙන් ඒ ඒ ලග්නය අනුව ඔබට බලපාන අයුරු සලකා බලමු.
මේෂ ලග්නය - පිටරට ගමන් බිමන්
මේෂ ලග්නයට අනුව මෙම වකවානුව සුබයි. විශේෂයෙන් විදෙස් ගමන් බිමන් යෙදෙනු ඇත. ඥානකාරක බුධගේ හැසිරීම් රටාව අනුව ආර්ථික මට්ටම උසස් කරගත හැකි අතර, ගුරු වෘත්තිය හා මුල්‍ය ආයතනවල කටයුතු කරන අයට සුබවාදී වෙයි. නිවසේ පින් දහම් බහුල වන කාලයකි. සමාජයේ කැපී පෙනෙනසුලු වෙයි. නව ව්‍යාපාරයකට අත ගැසීමට සිත යොමුවන අතර බොහෝ පිරිසකගේ ඇප උපකාර ඒ සඳහා යොමුවනු පෙනේ. තුනටිය ආශ්‍රිත උවදුරු, උගුරේ ආපදා සහිත වෙයි.
•අය - 08, වැය - 06, ජය අංකය 04, ජය වර්ණය - රෝස, සුබ දිනය - සිකුරාදා
වෘෂභ ලග්නය - රාජ්‍යතාන්ත්‍රික උපකාර
වෘෂභ ලග්නයට අනුව ඔබට මෙම කාලය ඉතා ප්‍රවේශම් විය යුතුය. නිතර සිත්තැවුල්, කම්කටොලු මතුවේ. හදිසි කෝපය ඇතිවේ. කිසිම වරදක් නොකළ ද සමාජයේ දෝෂ දර්ශනයට ලක්වේ. විවාහ ස්ථානගත මත ගැටුම් නිසා පසුතැවිලි මතු කෙරේ. රාජ්‍ය තාන්ත්‍රික රැකියා සපලවීමකට හේතුයි. ඒ අනුව දුර බැහැර රැකියා මතු කෙරේ. හදිසි ධනහානි, පෙන්වන අතර කාර්ය බහුලත්වය නිසා ශරීර වෙහෙසකාරී බව මතු කෙරේ.
•අය - 04, වැය - 06, ජය අංකය - 04, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බ්‍රහස්පතින්දා
මිථුන ලග්නය - විවාහ පල
මිථුන ලග්නයට අනුව මෙම වකවානුව ඔබ ජීවිතයේ සුවිශේෂී වෙයි. කාලයක් බලාපොරොත්තු වී සිටි විවාහ පල උදා කෙරේ. ආගමික සිතිවිලි පහළ වන අතර නිවසේ පුණ්‍යකර්ම කීපයක් ද සිදු කෙරෙනු ඇත. දුර බැහැර ගමන් නිසා තම ගෘහ ජීවිතයේ කටයුතුවලට බාධා පැමිණේ. තමාට කලකට පසු හමුවන මිතුරකු නිසා ජීවිතයේ නව මාර්ගයකට යොමුවිය හැකිවෙයි. තමා අධ්‍යාපන කටයුතුවල නිරත අයෙක් නම් පොතපත පරිශීලනයට වැඩිපුර යොමුවන කාලයකි.
•අය - 06, වැය - 08, ජය අංකය - 09, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා
කටක ලග්නය - උත්සාහය සපල වේ
කටක ලග්නයට අනුව මෙම වකවානුව ඔබට තම සිතිවිලි ව්‍යාකුලතාව නිසා කටයුතු අවුල් සහගත වන බවක් පෙනෙන්නට තිබේ. රවිගේ බලය තම 3 වැන්නට යොමුවීම තුළ නීතිමය ගැටලු මතු කෙරෙන අතර ඉඩකඩම් සඳහා නොසිතූ උවදුරු පැමිණෙනු ඇත. එහෙත් උත්සාහය ජය ගන්නා අතර කම්කටොලු පසෙක දමා පෙරට යාමේ සිතිවිලි පහළවනු ඇත. පිටරට යෝග බලයක් පවතින නිසා එබඳු දේකට උනන්දු වන්න. කිසියම් ව්‍යාපාරයකට වුවද සුබ කාලයකි.
•අය - 04, වැය - 05, ජය අංකය - 03, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා
සිංහ ලග්නය - ව්‍යාපාර පල
සිංහ ලග්නයට අනුව යහපත් ආර්ථික තත්ත්වයකට පසුබිම වැටේ. විවාහ ස්ථානගත යහපත උදා කෙරෙන අතර අවිවාහක අයට යහපත් සබඳතා ගොඩනැඟෙන කාලයකි. දරු සම්පත් අපේක්ෂා කරන අයට යහපත් වාසනාවන්ත දියණි ඵල මතු කෙරේ. එසේ ම නවතා දමා තිබූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සිතන කාලයකි. දණහිසට අපල, පපුවේ රෝග මතු කෙරෙන නිසා ගමන් බිමන්වලදී පරෙස්සම් වන්න. ගින්දර, විදුලිය ආශ්‍රිත උවදුරු පෙන්වන නිසා කල්පනාකාරී වන්න.
•අය - 03, වැය - 05, ජය අංකය - 07, ජය වර්ණය - ළා නිල්, සුබ දිනය -සඳුදා
කන්‍යා ලග්නය - වාහන නිවාස ලාභ
කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා යහපත් ලැබීම් මතු කෙරේ. වාහන නිවාස ලාභ සහිතයි. රැකියාවේ නව සුබවාදී වෙනසක් පෙන්වයි. විවාහ ස්ථානගත අභිවෘද්ධිය සමානාත්මතාව මතු කෙරේ. තම දේපළවලට තිබූ බාධා හිරිහැර දුරු වනු ඇත. ඒ අතර දේපළවලට තිබූ නීති ගැටලු සතුරු බලවේග අවම වනු ඇත. කලකට පසු මුණගැසෙන කල්‍යාණ මිත්‍රයකු නිසා ආර්ථික වාසියක් ද පෙන්වයි.
•අය - 07, වැය - 05, ජය අංකය - 09, ජය වර්ණය - දුඹුරු, සුබ දිනය - බ්‍රහස්පතින්දා
තුලා ලග්නය - ඉඩම් ලාභ
තුලා ලග්නයට අනුව ඔබට මෙම වකවානුව යහපත්ය. නවතා දමා තිබූ ව්‍යාපාර ආරම්භයට නව ආයෝජන සිදු කිරීම හා රැකියාගත නව මුහුණුවරකට පත්වීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණ අතර වෙයි. තමාට හිමි වන්නට තිබී අන් සතුවූ ඉඩමක් නිවසක් කලකට පසු තමාට උරුම වන ලකුණු පෙනෙන්නට තිබේ. යහපත් දූ දරු සබඳතා මතු කෙරේ. ඒ නිසාම ඔබට සතුට මතු කෙරෙනු ඇත. තවද දූ පුතුන්ගේ ජයග්‍රහණ නිසා සැහැල්ලුවෙන් කටයුතු කිරීමට හැකිවනු ඇත.
•අය - 07, වැය - 08, ජය අංකය - 06, ජය වර්ණය - දුඹුරු, සුබ දවස - අඟහරුවාදා
වෘශ්චික ලග්නය - නව සංකල්ප ක්‍රියාත්මක වේ
වෘශ්චික ලග්නයට අනුව ඔබට මෙම වකවානුව කිසියම් පසුතැවීමට හේතුවන කරුණු උදාවනු ඇත. වාහන ලාභ සහිතයි. යහපත් දරු පල සමඟ නව ආර්ථික වාසි රැකියා පල උදාකෙරේ. විවාහගත මත භේද මතු කෙරෙනු ඇති. යම් යම් බාහිර පුද්ගලයන්ගේ බාධා කිරීම් නිසා සිතට වධ දෙන කරුණු යෙදේ. තම අභිවෘද්ධිය උදෙසා නව සංකල්ප ක්‍රියාත්මක කෙරෙනු ඇත. මුත්‍රාගත දෝෂ සහ සැර උෂ්ණ ආහාරපාන නිසා කුස ආශ්‍රිත උවදුරු පෙන්වනු ඇත. හදිසි ධන සම්පතකට ද වාසනාව ඇත.
• අය - 06, වැය - -03, ජය අංකය - 08, ජය වර්ණය - ළා රෝස, සුබ දිනය - ඉරිදා
ධනු ලග්නය - විරුද්ධ බලවේග දුර්වල වේ
ධනු ලග්නයට අනුව ඔබට ඉතා සුබයි. නව සිතුම් පැතුම් ක්‍රියාත්මක වේ. බොහෝ දෙනෙකුගේ ඇප උපකාර මත ආර්ථිකය සරුපල ගන්වා ගැනීමට අවස්ථාව උදාවේ. තමාට විරුද්ධව තිබූ බොහෝ බලවේග පරාජය වී තමාට ජයග්‍රහණය හිමි වනු ඇත. රැකියාගත යහපත මතු කෙරෙන අතර තමාට නොලැබෙමින් කල්ගත වූ තනතුරු උසස් වීමක් පිළිබඳ සුබවාදී ආරංචි මතු කෙරෙනු ඇත. යටි බඩේ රෝග, පාදයේ වළලුකර ආශ්‍රිත හදිසි අනතුරු පෙන්වයි.
• අය - 07, වැය - 06, ජය අංකය - 07, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා
මකර ලග්නය - ඥාති සබඳතා ශක්තිමත් වේ
මකර ලග්නයට අනුව මෙම වකවානුව ඔබට සිය රාජකාරි අතපසු වන නමුත් ව්‍යාපාර ඵල උදාවන ලකුණු පෙනෙන්නට තිබේ. හදිසියේ තම වාසස්ථානයෙන් දුරස්ථව යාමට සිදුවනු ඇත. නව ආර්ථික ක්‍රමෝපාය පිළිබඳ අධ්‍යයනය කරන අතර හදිසි තීන්දු තීරණ මත ගන්නා වාහනයක් නිසා ප්‍රතිලාභ හිමිවේ. තම ඥාති හිතෛෂී අය වෙතින් ලැබෙන සහයෝගය ද උසස් වන අතර, සිතේ සතුටින් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත.
• අය - 08, වැය - 07 ජය අංකය - 06, ජය වර්ණය - දුඹුරු, සුබ දවස - ඉරිදා
මකර ලග්නය - ඥාති සබඳතා ශක්තිමත් වේ
මකර ලග්නයට අනුව මෙම වකවානුව ඔබට සිය රාජකාරි අතපසු වන නමුත් ව්‍යාපාර ඵල උදාවන ලකුණු පෙනෙන්නට තිබේ. හදිසියේ තම වාසස්ථානයෙන් දුරස්ථව යාමට සිදුවනු ඇත. නව ආර්ථික ක්‍රමෝපාය පිළිබඳ අධ්‍යයනය කරන අතර හදිසි තීන්දු තීරණ මත ගන්නා වාහනයක් නිසා ප්‍රතිලාභ හිමිවේ. තම ඥාති හිතෛෂී අය වෙතින් ලැබෙන සහයෝගය ද උසස් වන අතර, සිතේ සතුටින් එදිනෙදා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත.
• අය - 08, වැය - 07 ජය අංකය - 06, ජය වර්ණය - දුඹුරු, සුබ දවස - ඉරිදා
කුම්භ ලග්නය - නිර්මාණ කරුවන්ට සුබයි
කුම්භ ලග්නයට අනුව මෙම වකවානුව සිතේ සතුට, අභිවෘද්ධිය මතු කෙරේ. ඒ නිසාම අනාගතයේ යහපත් ආයෝජන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවේ. කලාකාමී අදහස් උදහස් ඇති අයට සිය නිර්මාණ එළි දැක්වීමට සුදුසුම කාලයයි. හදිසි ධන ලාභ ද හිමිවෙයි. ආලය, ආදරය ජයග්‍රහණය කෙරෙනු ඇත. තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු වාතාවරණය සැකසේ. පපුවේ සෙම, හතිය, දණහිස් ආපදා මතුවීමට පුළුවන.
• අය - 04, වැය - 06, ජය අංකය - 08, ජය වර්ණය - කොළ, සුබ දිනය - සෙනසුරාදා
මීන ලග්නය - සතුරු බාධක දුරුවේ
මීන ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. සිතට තිබෙන ශක්තිය නිසා අභියෝග ජයගත හැක. ඉඩම් ලාභ - නිවාස ලාභ සහිතයි. රැකියා වාසනාව මෙන්ම කරන රැකියාවේ උසස්වීම් පෙන්වයි. ආගමික සහජීවනය සිතට දැනේ. සමාජ සේවා කටයුතු පොදු කටයුතු කෙරේ සිත යොමු කිරීම නිසා කාගෙන් වුව ද ප්‍රසාදය හිමිවේ. තමාට මෙතෙක් තිබූ සතුරු අවහිරතා සිදී බිදී යනු ඇත. ඇස් රෝග බහුල වනු ඇත.
• අය - 07, වැය - 08, ජය අංකය - 09, ජය වර්ණය - රතු, සුබ දවස - ඉරිදා