දේශීය කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ට (SME) සහාය දැක්වීමේ අරමුණින් Cargills සමාගම, ශ්‍රී ලංකා මහබැංකුව සමඟ එක්ව SME පුහුණු වැඩමුළු මාලාවක් පැවැත්වීම කටයුතු කරයි. පළමු වැඩමුළුව මාර්තු මස 03 වැනිදින රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මහබැංකු විදුපියස’ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර එහි සමාරම්භක සැසිය ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍යආයතන, විදේශ තානාපති කාර්යාල, ජාත්‍යන්තරසංවිධාන සහ විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්සහභාගීවිය.මෙම පුහුණු වැඩමුළුවට කුඩා හා මාධ්‍යපරිමාණ ව්‍යවසායකයින් 100කට අධික පිරිසක් සහභාගී විය.
මෙම පුහුණු වැඩමුළුවක් Cargills Village to Home’’වැඩසටහනේ තවත් එක් දිගුවක් වන අතර එමඟින් Cargills FoodCity පරිශ්‍ර වල කුටි ලබා දෙමින් රටේ කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ට විශාල පාරිභෝගික ජාලයක් සමඟ සම්බන්ධවීමට වේදිකාවක් සලසාදෙයි. අද වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100 කට අධික සංඛ්‍යාවක් මෙම කාගිල්ස්‘ගමෙන් ගෙදරට’ වැඩසටහනට සහභාගී වී ඇත.
කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් තම නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමේ දී මුහුණදෙන අභියෝග, එනම් මූල්‍ය සාක්ෂරතාව අඩුකම සහ වෙළෙඳපොළ ප්‍රමිතීන් සහ තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වැනිඅභියෝග හඳුනා ගනිමින්,ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍යසාක්ෂරතා පුහුණුවැඩසටහන සමඟ එක්ව කුඩා ව්‍යාපාරහිමියන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට Cargills සමාගම කටයුතු කරයි.