
SLT-MOBITEL, අඛණ්ඩව තුන්වැනි වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla® Speed Test ඇගයීම හිමිකර ගැනීමට සමත් විය.ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම ජාල පරීක්ෂණ යෙදවුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන Ookla® විසින් මෙම ඇගැයීම ලබා දීමට ප්‍රධානම හේතුව වූයේ, SLT-MOBITEL Mobile විසින් දිවයින පුරා සිය ආවරණය ව්‍යාප්ත කරමින් විශිෂ්ට සේවාවක් ලබා දීමටත්, වාර්තාගත වේගයක් පවත්වා ගැනීමට සමත් වීමත් නිසාය.
ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් වේගයන් අනුව සිදුකරන ලකුණු ලබාදීමක් මගින් The Speedtest Awards සඳහා තෝරා ගැනීම් සිදු කරන අතර, තම පාරිභෝගිකයන්ට දුරකථන ක්‍රීඩා වල යෙදීම, HD වීඩියෝ නැරැඹීම සහ සමාජ මාධ්‍ය භාවිත කිරීම වැනි බොහෝ දේ සිදුකළ හැකි ආකාරයට උසස් තත්වයේ හා වේගවත් සන්නිවේදන පහසුකම් ලබාදීම සමත් වීම මෙම ඇගැයීම ලබා දීමට සලකා බැලෙයි.
Ookla Speedtest සම්මාන ඇගැයීම වසරකට දෙවරක් පැවැත්වෙන අතර, Speedtest® භාවිත කරන පාරිභෝගිකයන් සිදුකරන පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව සම්මානලාභීන් තීරණය කෙරේ.