අද රටම අරාජිකව ඇත්තේ පක්ෂ දේශපාලනය වගේම බල තණ්හාව නිසායැයි කීවොත් නිවැරැදිය. විදුලිබල මණ්ඩලය - සෞඛ්‍ය සේවාව වගේම රාජ්‍ය - පෞද්ගලික අංශ රට ගැන අනාගත පරපුර ගැන කිසිදු තැකීමක් නොකර කරන කියන වර්ජන හා තර්ජන පිළිකුලෙන් හෙළා දකිමු. මෙවැනි අවස්ථාවක සිදුකරන වර්ජන, වෘත්තිය ක්‍රියාමාර්ගවලින් සිදු වන්නේ රට තව තවත් අගාධයට ඇදගෙන යාමයි. විදුලි කප්පාදුව නිසා වයසක අසරණ මිනිසුන්ට කලට වේලාවට බෙහෙතක් හේතක් වගේම ආහාර ගැනීමක් හෝ කරගැනීමට නොහැකි වී තත්ත්වයක් උදාවී ඇත. ඒ නිසාවෙන් රටේ වැඩිහිටි පරපුර තව තවත් රෝගීන් බවට පත් වේ.
අසරණ ජනතාව මෙලෙස බිල්ලට ගන්නා සමිති නායකයින් හා විවිධ සංවිධාන වහාම අහෝසිකර රටේ සිදුවන ව්‍යසනකාරි සිද්ධීන් පිටුපස සිටිනා ඊනියා නායකයින්ට නිසි දඬුවම් ලබාදීම රජය සේම ජනතාවාදී සමස්ත රටවැසියාගේම යුතුකමයි.
ලයනල් ජයලත්
පාණදුර