2022 අලුත් අවුරුදු පලාපල | සිළුමිණ

2022 අලුත් අවුරුදු පලාපල

  • සූර්යයා මේෂ රාශියේ උච්ච වෙයි
  • ආගමික පුනරුදයක්
  • වසර දොළහකට පසු ගුරු මීනයට
  • වසංගත රෝග නිමා වෙයි
  • ධන සම්පත් ලැබීම ඉහළට
  • කාන්තා හිංසනය අවම වේ
  • අවිවාහකයන්ට මංගල යෝග
  • කාන්තාවන්ට, කලාකරුවන්ට දූ දරුවන්ට ඉතා සුබයි

බක් මාසේ ස්වාභාව සෞන්දර්ය ඉතා ප්‍රසන්න වෙයි. මිනිසා කොතෙකුත් ආවේගකාරි වුවද මිනිසාට කොතෙකුත් ප්‍රශ්න ගැටලු වුවද සිංහල අලුත් අවුරුදු සමය වන විට නව සිතුවිලි නව අදහස් උදහස් අතින් පොහොසත්ව නිවාස නවීකරණය කොට අලුත් ඇඳුම් අලුත් ආහාරපාන හා අලුත් වූ සියලු දේ සමඟ සමාජගතවෙයි. එයයි සොබා දහමේ රීතිය. සූර්යයා මීන රාශියේ සිට නව ගමන් මඟක් උදෙසා මේෂ රාශියට සපැමිණ අරඹන නව ගමන ඉරහඳ තාරකා මුල්කොටගත් ජ්‍යොතිෂ නියමයනට අනුව නව හිරුගේ නව අලෝකයත් සමඟ අපි අපේ සිතුවිලි නැවුම් කරගත් තරමට අනාගතය සුබවාදි වන නිසා අප එසේ සිතමු. ඒ අනුව වැඩ කටයුතු කරමු. එකිනෙකාට ආදරය කරුණාව දක්වමු. අනුකම්පාව පාමු. කිසියම් ආකාරයක කෙනෙකු විපතට පත්වී ඇත්නම් ඇය හෝ ඔහුට පිහිට වෙමු. සමාජයට ළෙන්ගතු වෙමු. වෛරී අදහස් උද්ඝෝෂණ අදහස් කලකෝලාහල එදිරිවාදිකම් නොපනත්කම් අමතක කොට නව හිරුගේ ගමනට සමගාමීව ඊට සරිලන ලෙස ඇවිද නව ගමනකට අවතීර්ණ වෙමු. ඒ තුළින් අපිට අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුබවාදිව බලාපොරොත්තු රැසක් සමඟ මුහුණ දීමට කාලය එළඹෙනු ඇත. වසර 12 කට පසු 13 වැනිදා සවස 3.50 ගුරු ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර රාශිය නැතහොත් තමාගේ ම වාස භවන වන මීනයට සපැමිණයි. එය වෙසෙසින්ම අපිට වධ දුන් අපි ආර්ථිකයෙන් බිමටම ඇද දැමූ වසංගත රෝගය නිමාවක පෙර ලකුණු දැයි සිතීමට පුළුවන. වසරකට පසු අප්‍රේල් 14 දා උදේ 8.41 ට රවි සිය උච්ච රාශිය වන මේෂයට සපැමිණීම සැබැවින් ම රජය නව ජවයකින් නව අමාත්‍ය මණ්ඩලයකින් හා වගකිව යුතු පිරිසක් ලෙසින් කරළියට ඒම හා ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන තත්ත්වයකට ම පත්වෙයි. කෙනෙකු තුළ තිබුණු පටු ආකල්ප - එදිරිවාදිකම් - අස්ලීලකම් සියල්ලටම මෙය තුළින් ඉවත් වනු නිසැක ය. ඒ අතර රට රටවලින් අප ලක්බිමට ඇප උපකාර හා අවශ්‍ය ඖෂධ වර්ග හිඟයක් නැතිව ලැබීම යනු කරුණු කාරණාවලට හේතුවන අතර විවිධ රටවලින් ප්‍රශංසා ආශිර්වාද ගලා එන තත්ත්වයකට රට පත්වනු ඇත. ඊටත් අමතරව වසර 18 කට පසු අප්‍රේල් 12 දා දහවල් 01.56 ට රාහු මේෂ රාශි ගත වීම ද කේතු තුලා රාශිගත වීම ද නිසා මෙතෙක් රට පුරා පැවැති පෝලිම් හා භාණ්ඩවල හිඟකම ඉවත්ව ඉතා පැහැදිලි සුබවාදී පරිසරයක් ගොඩ නැඟීමට ද හේතු වනවාට කිසිදු සැකයක් නැත. ජනතාව රස්තියාදු කරන රාහු වසර එකකුත් මාස හයක කාලයක් කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 04 වැන්නේ ද කේතු 10 වැන්නේ ද අපිට බොහෝ දේ එනම් වාසස්ථාන රැකියා දේපළ අහිමි කළ අතර සිංහ ලග්න ජනරජ කේන්ද්‍රයට අනුව කේතු 04 හි හා රාහු 10 හි එවැනි ම උවදුරු තත්ත්වයක් අපට උරුම කර දුන්නේ ඉතා අවාසනාවක් ද ලෙසිනි. මේ තත්ත්වය තුළ මේෂ ලග්න ලෝකායතන කේන්ද්‍රයට අනුව කේතු 08 ට රාහු 2 ක ඉතා අවිනිශ්චිත ලෙස රට රටවල සටන් යුද ගැටුම් ඇති කරමින් ඉන් අපට ද දැඩි තර්ජන එල්ල වන තරමට තත්ත්වය බරපතළ විය. එහෙත් මෙවර රාහු - කේතු උදාවන රාශියට සතුරුකම් පෑවද එය ශ්‍රී ලංකාවට රජයට මෙන්ම ලෝකයට නව හිරු කිරණ උදාවන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ නිසා අපි අපගේ රට ගැන මීටත් වඩා හොඳින් නෙත් හෙළා බලා සිටිමු.

සිංහල අලුත් අවුරුද්දෙන් පසු අපේ රටට තිබු පෝලිම් සංස්කෘතිය අහෝසි වී අපිට තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය අහෝසි වෙමින් ඉතා සුබවාදී අනාගතයකට පා තැබීමට නව ග්‍රහ සංයෝග සමඟ අවස්ථාව උදාවෙයි. කාන්තාවන්ට තිබු වධ හිංසන අහෝසි වීම දරුවන් කෙරේ තිබූ අපචාර ක්‍රියා අවසන් වී කලාකරුවන් බුද්ධිමතුන්ට තිබූ ගැටලු අවම වී පූජ්‍ය පක්ෂයට තිබූ තාඩන පීඩන අහෝසි වී ගිහි පැවිදි සැමදෙනා එකට එක්වී පන්සලෙන් පල්ලියෙන්, කෝවිලෙන් ඈත්වී සිටි අපට සිංහල අලුත් අවුරුද්දේ උදාවන නව හිරුගේ කිරණත් සමඟ උදාවනු නො අනුමානය.

ඒ තත්ත්වය වෙන් වෙන් ලෙස අප ලග්න අනුව බලපාන්නේ කෙසේ දැයි බලමු.


මේෂ ලග්නය

හදිසි ධන සම්පත්

මේෂ ලග්නයට අනුව අලුත් අවුරුද්දේ ඔබට ඉතා සුබවෙයි. අප්‍රේල් මස 14 දින රවි මේෂ රාශිය වන ලග්නගත වීමෙන් ඔබට සුවිශේෂි ජයග්‍රහණ රැසකි. ඉන් එකක් අලංකාර නිවාස නවීන වාහනවල හා රැකියා යහපත්කම් ලෙසිනි. ඒ සමඟ හදිසි ධන සම්පත් ව්‍යාපාරවල මෙන් ම නව ආයෝජනයන් සඳහා ඉඩ සැලසෙන අතර විදෙස් රටවල් සමඟ සහ සම්බන්ධතා මතු කරමින් ද තම වෘත්තීයට අදාළ පහසුකම් වේතනයේ උසස්වීම් සමඟ කාලය සුබවාදි වෙයි. ගෘහ ජීවිතයේ කටයුතු අඩාළවීමට බලන අතර තම කාර්යය බහුලතාව නිසා විවාහ ස්ථානගත වුවද විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණදීමට සිදුවෙයි. ඉවසීම ප්‍රගුණ කළ යුතු අතර තම සිතේ යහපත්කම් රඳවාගෙන ජීවිකාව ගත කිරීම යහපත පිණිස වෙයි. නැතහොත් ඔබට විවිධ ආකාරයේ සමාජයෙන් මතුවන තර්ජනවලට මුහුණදීමට ද සිදුවිය හැකි නිසා ය. තම ඥාති හිතෛෂී අයගෙන් ඇප උපකාර ලැබෙන අතර කලක් තිස්සේ සිත තබාගෙන සිට අනාගත බලාපොරොත්තුවක් සපල වන ලකුණු පෙනේ. ශරීර සෞඛ්‍යය අතින් මුත්‍ර දෝෂ හිසේ අමාරු හා දණ හිසෙන් පහළ හදිසි අනතුරු පෙන්වනු ඇත.

අය - 07, වැය 06, ජය අංකය - 04, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා


වෘෂභ ලග්නය

දේපළ හිමිකම්

වෘෂභ ලග්නයට අනුව ‍ඔබට තම එදිනෙදා කටයුතු සඳහා යම් යම් බාධා එල්ලවීම් පෙනෙන්නට තිබේ. හදිසි ධන වැයවීම් පෙන්නුව ද ඊට සරිලන ප්‍රමාණයට ලැබීම් ද පවතී. රැකියා ස්ථානගත සතුරු කරදර හා විවිධ බාධා කිරීම් අනෙක් පාර්ශ්ව තුළින් එළඹුණ ද තමා සිය වෘත්තීය වෙනුවෙන් ගෙන යන සටන් හා ක්‍රියාමාර්ගවලින් ජය හිමිවෙයි. ගෘහ ජීවිතයේ එදිනෙදා ගැටලු ජය ගැනීමට අපොහොසත් වීම තුළ ඔබට මානසික වශයෙන් පීඩාකාරී වනු ඇත. තම යුග ජීවිතයේ විවිධ ගැටලුවලට හේතුවෙයි. අධ්‍යාපනය හදාරන අයෙක් නම් ඒ සඳහා සුදුසු වටපිටාව සැකසේ. තම වෘත්තියට අදාළ පාඨමාලා හා ඉගෙනුම් කටයුතුවලින් ජයග්‍රහණ හිමිවේ. නව ව්‍යාපාරයකට අත ගැසීමට අවස්ථාව උදාවන අතර දේපළක් පිළිබඳව තිබූ ගැටලුවකට විසඳුම් ලැබේ. ඒ අතර තමාට හිමිවන්නට තිබී අන් සතුවූ නිවසක උරුමකම ඔබ සතුවෙයි. තම මවු පාර්ශ්වයේ කෙනෙකු වෙතින් ඔබට සිය අනාගතය වෙනුවෙන් ආදායම් මාර්ගයකට හේතුවන කරුණු යෙදේ. ශරීර සෞඛ්‍යය අතින් යටි බඩ ආශ්‍රිත රෝග උවදුරු සැර උෂ්ණ නිසා කුස ගෑස් මතුවීමට ඉඩ ඇත. සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න.

අය - 04, වැය - 04, ජය අංකය - 07, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා


මිථුන ලග්නය

ලොතරැයි ජය

මිථුන ලග්නයට අනුව ඔබට හදිසි ධන උරුමයකට වාසනාව ඇත. ලොතරැයි ජය හා විවිධ තරගවලින් ජයග්‍රහණ හිමිවෙයි. රැකී රක්ෂා අතින් ඉතා සුබවාදී වෙයි. කලක් යටපත්වී තිබූ උසස් වීමක් මෙන් ම ආර්ථික ප්‍රගතියක් පෙන්වන කරුණකට හේතුවෙයි. තම ආගමානුකූල කටයුතු රැසක නියැළෙන අතර ව්‍යාපාර කටයුතු කෙරෙන් ද විවිධ ලැබීම් අත්පත් කර ගනී. තම සිතුම් පැතුම් යහපත් කෙරෙන අන්දමේ ආගමික කටයුතු රැසක නියැළීමට අවස්ථාව උදාවන අතර තමා මීට පෙර මුහුණදුන් විභාගයකින් උසස් ප්‍රතිඵල ලැබීමකට හේතුයි. වෘත්තියක් හැටියට තමාට විවිධ රැකියා මට්ටමේ ජයග්‍රහණ අත්වේ. තමා කෙනෙකුට මීට පෙර දී තිබූ ණය මුදලක් නැවත හිමිවීම නිසා කල් දැමූ ව්‍යාපාර කටයුතු කීපයක් යළි ආරම්භ කිරීමට අවස්ථාව උදාවේ. ගෘහ ජීවිතය ඉතා සාමකාමීව ගත වන අතර තම නිවසක අලංකාරය වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීමට සිදුවේ. මඟතොට ගමන්වලදී පැසසුම් සහගත ක්‍රියා කීපයක නියැළීමට සිදුවේ. ශරීර සෞඛ්‍යය අතින් ආමාශගත රෝග උෂ්ණ සැර නිසා හටගන්නා රෝග මතුවේ. නිතර පුරුද්දක් හැටියට කරගෙන ආ මත්පැන් පානය නිසා අක්මාගත රෝග උත්සන්න වන ලකුණු පෙනේ.

අය - 07, වැය - 05, ජය අංකය - 08, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා


තුලා ලග්නය

විභාග ජය

තුලා ලග්නයට අනුව ඔබට මෙම සිංහල අලුත් අවුරුදු සමයත් සමඟ ජීවිතයට නව එළියක් ගෙන දෙන කරුණු රැසක් උදාවේ. රැකියා සපලතාව උසස්වීම් හදිසි ආර්ථික සපලතා සහිතවෙයි. තමාට පිටරටක සිට පැමිණි අයකුගේ අතදීම නිසා ඉදිරි සැලසුම් කීපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව උදාවේ. තම කාර්ය ශූර බව හා අන්‍යයන් සමඟ ඇති කරගන්නා ශක්තිමත් සහ සබඳතාව නිසා සමාජයේ කැපී පෙනෙන බවක් දක්නට ලැබේ. ශරීර සෞඛ්‍යය අතින් හිසට අගුණ පළ කරන අතර හදිසි කෝපය නිසා නොසන්සුන්තා හා කලකිරීම් මතු කෙරේ.

යුග දිවියේ විවිධ ගැටලු බලපාන නමුත් සමීපතමයකුගේ ඉදිරිපත්වීම නිසා එය සමනය කරගැනීමට හැකියාව උදාවේ. සමාජ සේවා කටයුතුවල නිරත අයකු නම් විවිධ දෝෂාරෝපණවලට මුහුණදීමට සිදුවන නමුත් තම ඥානය තැනට සුදුසු නුවණ නිසා ඒවායෙන් මිදීමට හැකියාව උදාවේ. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට හදිසි ආදායම් උදා කෙරෙන අතර වාසස්ථානයෙන් දුරස්ථ ගමන් බිමන් නිසා වියපැහැදම් ඉහළ යාමට ද පුළුවන. සකසුරුවම හුරුවන්න. කිසියම් මුදලක් බලාපොරොත්තුවෙන් පැමිණෙන පිටස්තරයකු නිසා පාඩු එළඹීමට පුළුවන.

අය - 08, වැය - 08, ජය අංකය - 06, ජය වර්ණය - දුඹුරු, සුබ දවස - ඉරිදා


වෘශ්චික ලග්නය

චෝදනාවලට හේතුවේ

වෘශ්චික ලග්නයට අනුව ඔබට ධනය අතින් අඩුවක් නොවන නමුත් වියදම අතින් සැලකිලිමත් විය යුතු කාලයකි. එය නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් ගැටලු මතු කෙරේ. අධ්‍යාපනය හදාරන හෝ රැකියාවක් කරන ගමන් වෙනත් බාහිර පාඨමාලාවක් හදාරන අයකු නම් එය තම අනාගත වෘත්තියට මහත් පිටුවහලක් වෙයි. දරු සම්පත් බලාපොරොත්තු වන විවාහකයකු නම් වාසනාවන්ත දරුපල ඔබට උදාවෙයි. එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලතාව නිසා වෘත්තීය ස්ථානගත චෝදනා අසන්නට ලැබෙනු ඇත. ජීවිතයේ සමබරතාව සකසුරුවම ඉතා අත්‍යවශ්‍ය වනු ඇත. යුග ජීවිතයේ ස්වාමියා - බිරිය අතර හොඳ හිත ආරක්ෂාවනු ඇත. කොතෙක් තමාට විරුද්ධව චෝදනා එල්ල වුණ ද ඒ කිසිවකට ඔබට බලපෑම් කළ නොහැකිවේ. සමාජයෙන් එල්ලවන චෝදනා තරමටම තමා මානසික ශක්තිය දැඩිවීම නිසා ජය හිමිවේ. තම දූ දරුවන්ගේ කටයුතු තුළින් සිතන සහනය ද සෙසු අයගෙන් ප්‍රශංසා ද අත්වන ලකුණු පෙනේ. සිංහල අලුත් අවුරුද්දෙන් පසු නව ව්‍යාපාර නව ආයෝජන සඳහා අතපොවනු ඇත. ශරීර සෞඛ්‍යය අතින් පපුවේ නගරගත ආපදා හා ඇස් රෝග ආපදා බහුල වීමට පුළුවන.

අය - 07, වැය - 08, ජය අංකය - 04, ජය වර්ණය - ළා දම්, සුබ දවස - අඟහරුවාදා


ධනු ලග්නය

නීති ගැටලු ලිහිල්වේ

ධනු ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. ධනය හිමිවේ. රැකියා උසස්වේ. වාසනාවන්ත ආර්ථික හිමිකම් ද සහිතයි. නව නිවසක පදිංචියට යයි. අඩුම තරමින් තම නිවස අලුත්වැඩියාවකට හෝ හේතුවේ. දේපළක් පිළිබඳ තිබූ ගැටලු විසඳෙන අතර නීති ප්‍රශ්න ලිහිල්වේ. තම ගෘහ ජීවිතයේ කටයුතු අඩාළ වන අතර කාර්ය බහුලතාව නිසා ඒවා නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිවේ. තමාට යම් යම් පිරිස් ගෙන ආ විරෝධතා සමනය වන අතර යටපත්වූ මුදලක් යළි තමා අතට පත්වේ. පාරේ තොටේ හමුවූ අයකු තම ඇසුරට වැටීම නිසා විවිධ චෝදනා අසන්නට ලැබුණත් පිය පාර්ශ්වයේ අයකුගේ මැදිහත්වීම තුළ එවැනි දේවලින් මිදීමට අවස්ථාව උදාවේ. මවට අපල ගෙන දෙන අතර තම යුග දිවියේ විවිධ අතීත සැමරුම් නිසා සිතට වධදෙන ස්වභාවයකින් කාලය ගත කිරීමට සිදුවේ. තමා අතින් සිදුවූ පෙර වැරදිවල අමිහිරි අත්දැකීම් විඳීම හා පසුතැවීමට හේතුවෙයි. තමාට කොතෙක් පරිභව කළ අයකු වුවද අවසානයේ තමාටම පිහිටට පැමිණෙන්නකු නිසා අභිවෘද්ධිය උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් තුනටියේ ආපදා කුස උෂ්ණ ගති මෙන්ම දණ හිසින් පහළ පාදයේ අපහසුතා හදිසි අනතුරු සහිතයි.

අය - 04, වැය - 06, ජය අංකය - 03, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා


කටක ලග්නය

සිතේ සතුට‍

කටක ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ සිතේ සතුට සැනසුම ‍උදාවෙයි. තමා කලක් කරගෙන ආ වෘත්තීය සටනකින් ජය හිමිවේ. රැකියා ස්ථානගත වගකිවයුතු පාර්ශ්වයේ පැසසුමට ලක්වේ. සිතේ සතුට සමාදානය නිසා නව නිර්මාණකරණය පිළිබඳ සුබවාදී වෙයි. කලා කටයුතුවල නිරත අයෙක් නම් ඒවා නැවුම් බවකින් කරගෙන යාමටත් ඒවා ජන ගත කිරීම තුළ වැඩි ඇගයීමක් ද ලැබෙන වකවානුවකි. තමාගේ පාඩු ලබමින් තිබූ ව්‍යාපාරයක් යළි ලාභ ලබන තත්ත්වයකට පත්වේ. අසල්වාසී පිරිස් සමඟ එකමුතුව කිසියම් සමාජ කටයුත්තකට අත ගැසීමෙන් කා අතරත් ජනාදරයට පාත්‍ර වේ. ගෘහ ජීවිතය කාර්ය බහුලවීම තුළ ශරීර වෙහෙසකාරී බව මතුවන කාලයකි. නව නිපැයුම් තම ව්‍යාපාරයට එක්කර ගනී. එසේ ම තම අභිමතය පරිදි ගන්නා තීන්දු තීරණ සාර්ථක බවට පත්වේ. අවිවාහක අයට මංගල යෝග ද තරුණ තරුණියන් අතර ආදර සබඳතා තරවීම ද පෙනෙන්නට තිබේ. ශරීර සෞඛ්‍ය අතින් එතරම් බිය විය යුතු නැතත් පපුවේ තුනටියේ යම් යම් අපහසුතා වේදනා මතු වීමට පටන් ගනී.

අය - 04, වැය - 06, ජය අංකය - 05, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ ලග්නය

වියදම් අධිකවේ‍

සිංහ ලග්නයට අනුව සිංහල අලුත් අවුරුදු සමයේ ඔබට විශේෂ කාර්යන් බහුලතාවක් මතු කෙරේ. වියදම් පැත්ත ඉහළ යයි. නිවසේ අලංකාර කටයුත්තක් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. තමාට හිමි වන්නට තිබූ දේපළක් අන්සතු වන ලකුණු පෙනෙන්නට ඇති අතර තමාට සොර සතුරු ‍උවදුරු පවා එළඹීමට තිබේ. තම ඥාති හිතෛෂී අය නිසා වන්නට තිබූ ඉතා විශාල අලාභ හානියක් වැළකෙනු ඇත. ගෘහ ජීවිතය පිළිබඳ කල්පනා කිරීමට ඇති කාලය සීමා වනු ඇත. ඒ නිසා ම යුග ජීවිතයේ විවිධ පීඩාකාරී අවස්ථාවකට මුහුණදීමට සිදුවේ. කොයිදේත් සමබරව කරගෙන යාමට ඔබට සිදුවේ. කොයි හැටි වෙතත් ඔබට කලක් තිස්සේ පැවති සතුරු උවදුරක් දුරුවන ලකුණු පෙනේ. පිටරටකට යාමට තිබූ බලාපොරොත්තුවක් සිංහල අලුත් අවුරුද්ද අවසන් වනවාත් සමඟම ඉටුවේ. තම විවාහ දිවියට තුන් වැන්නකුගේ අතපෙවීමක් නිසා ගැටලු රැසකට මුහුණදීමට සිදුවේ. විශ්වාසය පළ කරමින් තමාට ළංවන අය පිළිබඳ සැලකිලිමත් වන්න. ශරීර සෞඛ්‍යය අතින් මුත්‍ර දෝෂ - උරහිසේ දෝෂ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න තමා කලක සිට ගන්නා ප්‍රතිකාරයක් නොකඩවා කරගෙන යාමට උනන්දු වන්න.

අය - 04, වැය - 08, ජය අංකය - 06, ජය වර්ණය - ළා දම්, සුබ දවස - අඟහරුවාදා


කන්‍යා ලග්නය

පිටරට ආයෝජන

කන්‍යා ලග්නයට අනුව ඔබට හදිසි ධන සම්පත් සහිතයි. නව ව්‍යාපාර ප්‍රතිලාභ පෙන්වයි. තමා කරගෙන ආ ව්‍යාපාරයක් නව මුහුණුවරකින් ඉදිරියටත් කරගෙන යාමට බොහෝ අයගෙන් ශක්තිය ලැබේ. පිටරට ආයෝජන කටයුත්තකට වුව ද ඔබට අත ගැසීමට වාසනාව පවතී. ගෘහ ජීවිතය කොතෙක් කාර්ය බහුල වුව ද එහි කටයුතු සාර්ථකව පිළිවෙළකට කරගෙන යාමට දිරිය ශක්තිය ලැබේ. යුග දිවියේ ස්වාමියා බිරිය අතර හොඳ හිත දිනාගත හැකි කටයුතු රැසක් එළඹෙනු ඇත. තරුණ තරුණියන්ගේ අදහස් මල්පල ගැන්වෙනු ඇත. වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ අතර රැකියා උසස්වීමක් වේතනයේ ඉහළ යාමක් පෙනෙන්නට තිබේ. තම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු සාර්ථකවේ. විභාගවලට පෙනී සිටි අයට උසස් ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාව උදාවේ. තමා මීට පෙර මුහුණ දී සිටි සම්මුඛ පරීක්ෂණයකින් ජයග්‍රහණය හිමිවී ඇති බව අසන්නට ලැබේ. ඒ අනුව තම වාසස්ථානයෙන් පවා කලකට දුරස්ථව සේවය කිරීමට සිදුවේ. ඒ තුළින් තම ඇසුරට පත්වන කීප දෙනෙකු නිසා අනාගත සැලසුම් කීපයකට අඩිතාලම දැමීමට හැකිවේ. ශරීර සෞඛ්‍යය අතින් වකුගඩු ආශ්‍රිත රෝග ද කාන්තාවක් නම් ගර්භාෂගත රෝග ද මතු කෙරෙන නිසා ප්‍රවේශම් වන්න.

අය - 06, වැය - 07, ජය අංකය - 03, ජය වර්ණය - දම්, සුබ දවස - සෙනසුරාදා


ධනු ලග්නය

නීති ගැටලු ලිහිල්වේ

ධනු ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. ධනය හිමිවේ. රැකියා උසස්වේ. වාසනාවන්ත ආර්ථික හිමිකම් ද සහිතයි. නව නිවසක පදිංචියට යයි. අඩුම තරමින් තම නිවස අලුත්වැඩියාවකට හෝ හේතුවේ. දේපළක් පිළිබඳ තිබූ ගැටලු විසඳෙන අතර නීති ප්‍රශ්න ලිහිල්වේ. තම ගෘහ ජීවිතයේ කටයුතු අඩාළ වන අතර කාර්ය බහුලතාව නිසා ඒවා නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිවේ. තමාට යම් යම් පිරිස් ගෙන ආ විරෝධතා සමනය වන අතර යටපත්වූ මුදලක් යළි තමා අතට පත්වේ. පාරේ තොටේ හමුවූ අයකු තම ඇසුරට වැටීම නිසා විවිධ චෝදනා අසන්නට ලැබුණත් පිය පාර්ශ්වයේ අයකුගේ මැදිහත්වීම තුළ එවැනි දේවලින් මිදීමට අවස්ථාව උදාවේ. මවට අපල ගෙන දෙන අතර තම යුග දිවියේ විවිධ අතීත සැමරුම් නිසා සිතට වධදෙන ස්වභාවයකින් කාලය ගත කිරීමට සිදුවේ. තමා අතින් සිදුවූ පෙර වැරදිවල අමිහිරි අත්දැකීම් විඳීම හා පසුතැවීමට හේතුවෙයි. තමාට කොතෙක් පරිභව කළ අයකු වුවද අවසානයේ තමාටම පිහිටට පැමිණෙන්නකු නිසා අභිවෘද්ධිය උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් තුනටියේ ආපදා කුස උෂ්ණ ගති මෙන්ම දණ හිසින් පහළ පාදයේ අපහසුතා හදිසි අනතුරු සහිතයි.

අය - 04, වැය - 06, ජය අංකය - 03, ජය වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා


මකර ලග්නය

මංගල සීනු හැඬවේ

ධනු ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ඉතා සුබයි. ධනය හමකර ලග්නයට අනුව ධනය අතින් සුබවෙයි. තමාට තම විවාහ පාර්ශ්වයෙන් අධික ධනයක් හෝ හිමි වෙන්නට තිබී ප්‍රමාද වූ ආර්ථික ප්‍රතිලාභයක් හිමිකර ගැනීමට ඔබට පුළුවන් වෙයි. අවිවාහක අයට මංගල යෝග ද තරුණ තරුණියන්ගේ ආදර සබඳතා පුළුල් වීමට ද මේ වකවානුව හේතුවෙයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙනෙන්නට ඇති අතර නව ඉගෙනුම් ක්‍රමවේද අත්හදා බැලීමට ද අවස්ථාව උදාවේ. කලාකාමී අදහස් දරණ අයට යහපත් ආකල්පමය වෙනසක් සිදුවීමෙන් කාගේත් පැසුසුමට ඇගයුමට ලක්වන ආකාරයේ නිර්මාණ බිහිවේ. නව නිවාස නව වාහන ප්‍රතිලාභ සහිතවෙයි. ගෘහ ජීවිතය සතුටුදායක අයුරින් පවත්වා ගැනීමට හා සුදුසු ලෙස එය හැසිරවීමට ඔබට හැකිවේ. තම නිවසට - ව්‍යාපාරික ස්ථානයට සහාය වන කීප දෙනෙකු නිසා සිතට ශක්තියක් වෙමින් සුහදත්වයෙන් ඒවා පවත්වාගෙන යාමට හැකිවේ. තමා තම වෘත්තීය ජයග්‍රහණයක් වෙනුවෙන් කරගෙන ආ අරගලයක යහපත් ප්‍රතිඵල ජයග්‍රහණය භුක්ති විඳීමට හැකිවේ. තම සහෝදර නෑසිය - හිතවතුන් තමාට ළංවන අතර කාගේත් හිත සුව පිණිස කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. ශරීර සෞඛ්‍යය අතින් උ‍ගුරේ ආපදා - පපුවේ අමාරු, දණ හිස ආශ්‍රිත ආපදා පෙන්වයි. උඩ නැඟීම් - බිම පැනීම් - ආදියෙන් ප්‍රවේශම් වන්න.

අය - 04, වැය - 05, ජය අංකය - 07, ජය වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා


කුම්භ ලග්නය

හදිසි ධනලාභ

කුම්භ ලග්නයට අනුව හදිසි ධන හිමිකම් සහිතයි. දේපළ උරුමකම් සහිතයි. වෘත්තීය ජයග්‍රහණ රැසක් ද ඒ අතර වෙයි. පිටරට ගමන් බහුල වන අතර නව ආයෝජනයකට සුදුසු පරිසරය ගොඩනැගේ. ඉංජිනේරු අංශ නියෝජනය කරන අයට සුබවාදී වන අතර බැංකු ක්ෂේත්‍රයේ අය සඳහා ද සුබවෙයි. තමා මීට පෙර කිසියම් අයිතිවාසිකමක් වෙනුවෙන් කළ අරගලයක ප්‍රතිඵල සුබවාදී වන අතර එහි ජයග්‍රාහී තත්ත්වයක් පෙනෙන්නට තිබේ. අධ්‍යාපන කටයුතු කෙරේ යොමුවන අයට යහපත් ප්‍රතිඵල ද තම අභිවෘද්ධිය උදෙසා ගන්නා තීන්දු තීරණ ජයග්‍රහණයට පත්වන බව ද කිව යුතුයි.

විවාහ සහකරු හෝ සහකාරියට උදාවන සමාජ විරෝධතාවක් නිසා සිතට අසහනය ළංවන අතර තම දූ දරුවන්ගේ කටයුතුවල කාර්ය බහුලතාවක් නිසා රැකියා ගැටලු බලපෑම ද තමාගේ ම කියා කරගෙන යන ව්‍යාපාරයක ප්‍රතිලාභ ලැබීමට පටන් ගනී. සිතේ උදාසීන බව මතු කෙරෙන අතර තවත් කෙනෙකු වෙනුවෙන් තමාට කැපවීමට නොහැකි තරමේ කාර්ය බහුලතාවයක් නිසා ඥාති හිතෛෂී අයකුගේ සිත් තැවුලකට හේතු වෙයි. ශරීර සෞඛ්‍යය අතින් හිසට අපලයි. යටි බඩ ආශ්‍රිත රෝග ආහාරපාන නිසා අජීර්ණ ද මතු කෙරෙනු ඇත.

අය - 08, වැය - 06, ජය අංකය - 07, ජය වර්ණය - රන්වන්, සුබ දවස - බ්‍රහස්පතින්දා


මීන ලග්නය

විදේශගත ආයෝජනයක්

මීන ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ඉතා සුබයි. ආර්ථික ප්‍රතිලාභ හිමිවේ. ව්‍යාපාර ලාභ මෙන් ම නව ආයෝජනවලට ඉඩ සැලසේ. පූජ්‍ය පක්ෂයේ ඇප උපකාර ‍උපදෙස් මත නිවසේ ආගමික උත්සවයකට කටයුතු සැලසේ. ඒ වෙනුවෙන් නිවාස අලංකාරය වතුපිටි අලංකාරය සඳහා වැඩි කැපවීමක් දැරීමට සිදුවේ. තම මවු පාර්ශ්වයේ උරුමකම් හිමිකම් ද ඇත. විදේශගත මිතුරකුගේ ඇමතුමක් නිසා සිතේ සතුටුදායක තත්ත්වයක් උසුලන අතර නව විදේශ ආයෝජනයකට හේතුවෙයි. අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශගත වීමකට ද වාසනාව පවතී. තමා අත්හැර දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාවේ. තමාට තම එදිනෙදා කටයුතු පහසුකර ගැනීමට නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට විශ්වාසවන්ත පිරිසකගේ සහාය ලබාගැනීමට හැකියාව ලැබෙන අතර තම සහෝදරයකුගේ නීති කටයුත්තක් අවසන් කර ගැනීමට තමාගේ සහාය දීම නිසා ඒ අයගෙන් ද වඩාත් ඉහළ පැසසුම් වරප්‍රසාද හිමිවනු ඇත. තම දූ දරුවන් ලද ජයග්‍රහණ කීපයක් නිසා තමාගේ සිතේ සතුට අභිවෘද්ධිය උදාවනු ඇත. තමාට අය කරගැනීමට තිබූ මුදලක් කෙනෙකු වෙතින් කලකට පසු හිමිවීම නිසා නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔබට හැකියාව උදාවනු ඇත. ශරීර සෞඛ්‍යය අතින් පාදයේ වළලුකරට අගුණයි. තුනටියේ ආපදා මතු කරයි.

අය - 04, වැය - 05, ජය අංකය - 09, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - සෙනසුරාදා

 

 

Comments