
මේ වන විට ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඉවත් වී විද්වතුන් සහ වෘත්තිකයන් රට පාලනය කළ යුතුයි යන්නයි. මේ හේතු කාරණාව අරබයා කැබිනට් ඇමැති මණ්ඩලයම ඉල්ලා අස්වීමක් සිදු විය. ජනාධිපතිවරයා පත් කළ අමාත්‍යධුර පහකට පමණක් කැබිනට් මණ්ඩලය සීමා වී ඇත. නමුත් ඔවුන්ද පෙර ඇමැතිවරන් අතුරින්ම අමත්‍යධූරවල සිටි පිරිසම වීම නිසා ජනතා අපේක්ෂා ඉටු නොවිණි. මෙවැනි අවස්ථාවක කළ යුතු වන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකතුවීමෙන් අන්තර්කාලීන සුළු සංශෝධනයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමයි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි. ඒ නිසා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් 2/3ක බහුතරයක් එකඟ වුවහොත් සුළු සංශෝධනයක් ගෙන ඒමට හැකියාව ඇත. එනම් විශේෂයෙන්ම රට මූල්‍යමය අපහසුතාවකට පත්වී ඇති අවස්ථාවකදී, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නොවන විශේෂඥ දැනුමක් ඇති අයගෙන් සංයුක්ත කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවසර ලබාගත හැකියි. එතැනදී අවධානම වන්නේ ජනාධිපතිවරයාට ඔහු දන්නා හඳුණන අය පත් කිරීමේ හැකියාව ඇතැයි යන තර්කයත් ගෙන ඒමයි.
ඒ නිසා ජනාධිපතිවරයා යෝජනා කරන ඒ විශේෂඥයන් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව එනම් ජනාධිපති යෝජනා කරන පිරිස පාර්ලිමේන්තුව විසින් අනුමත කළොත් පත් කළ හැකිය. ඒ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් සුවිශේෂ කාල සීමාවක් සඳහා අනුමත කළ හැකියි. මේ සුවිශේෂී අපහසු කාල සීමාවේදී රට පාලනය කිරීම සඳහා ඒ ඒ විෂය සම්බන්ධව පත් කිරීම් කළ හැකිය. උදාහරණයක් ලෙස මූල්‍ය කටයුතු පිළිබඳ වාණිජ කටයුතු පිළිබඳ විශේෂඥයෙක් සෞඛ්‍ය විශේෂඥයෙක් ආදී වශයෙනි. ඒ ආකාරයට විශේෂඥයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් තාවකාලිකව වසරක කාල සීමාවක් සඳහා පත් කිරීමට හැකියි. එය පාර්ලිමේන්තුවේ අනුමැතිය මත තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයාට අවකාශය ඇති ආකාරයට; සංශෝධනයක් ගෙන ඒමට හැකියාව ඇත. ඒ අනුව ජනතාවගේ ඉල්ලීමට කටයුතු කිරීමට හැකිවෙයි. එවැනි සංශෝධනයක් ගෙන ඒමට හැක්කේ ව්‍යවස්ථාව සංශෝධනයකිනි. එසේ නොමැතිව බාහිර පාර්ශ්වයන් පත් කිරීම කළ නොහැකියි.
ව්‍යවස්ථාව යටතේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකඟ වුවහොත් එය සාමූහිකව කළ හැකියි.
එසේම මෙවැනි අවස්ථාවකදී විපක්ෂයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 113ක් දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබුණහොත් එහිදී විය හැකි කරුණු කිහිපයක් වෙයි. ඒ අනුව ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට හැකියාව ඇත. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49/2 වගන්තිය යටතේ විශ්වාස භංගය ජයග්‍රහණය කළොත්; ජනාධිපතිවරයාට අලුත් අගමැති කෙනෙක් පත් කිරීමට හැකියාවක් ඇත. ඉන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට බහුතර කැමැත්ත ඇති අගමැති වරයෙක් පත් කළ හැකියි.
මේ වනවිට ඇතැම් පිරිසක් අත්තනෝමතිකව ජනාධිපතිවරයා ඉවත් කළ යුතු යැයි සඳහන් කළද ජනාධිපතිවරයා ඉවත් කිරීමට හැකියාව ඇත්තේ එකම අවස්ථාවකදී පමණි. එනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් දෝෂාභියෝගයක් ගෙන ඒම සහ එය සම්මත කර ගැනීමෙන් පමණයි. එය පහසුවෙන් කළ නොහැකි කාර්යයකි. ඉන් අනතුරුව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යා යුතු විශාල ක්‍රියාවලියක් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නම් විශාල ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙයි.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව එහි 38 වන වගන්තියේ (2) වැනි උප වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා නායකවරයා වෙත ජනාධිපතිවරයාට විරුද්ධව දෝශාභියෝගයක් යොමු කිරීමට හැකියාවක් ඇත. තවද ජනාධිපතිවරයෙකුගේ ධූර වෙනස් වන හෝ හිස්වන වෙනත් ක්‍රමවේදයන් කිහිපයක්ද වෙයි. 38(1) වැනි වගන්තිය අනුව ජනාධිපතිධූරය හිස්වන ආකාර කිහිපයකි.
ජනාධිපතිවරයා මිය ගියොත්, එසේ නොමැති නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත්, ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය අහිමි වුවහොත් (ලංකාවේ පුරවැසි භාවය ) එසේම ජනාධිපතිවරයා ලෙසින් තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා ධූරය බාර ගැනීම පැහැර හැරියහොත්, ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් ( මැතිවරණ පෙත්සමකින් වැනි දෙයකින්) කිරීම ආදිය වේ. දෙවැනි ක්‍රමය ජනාධිපතිවරයාට ශාරීරික හා මානසික අබලතාවක් හේතුවෙන් ධූරයේ කාර්ය ඉටු කිරීමට නියතව නොහැකි බවට චෝදනා කරන එනම් චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට කරන චෝදනාව මත නැත්නම් රාජද්‍රෝහී වරදක් කිරීම, අල්ලස් ගැනීම, ස්වකිය ධූරය බරපතළ ලෙස අයුතු අන්දමින් පාවිච්චි කිරීමෙන්, විෂමචාරයට හෝ දුෂණයට වරදකරු වීම වැනි චෝදනා ඉදිරිපත් කිරීමෙන් එසේ සිදුවිය හැකිය. එහිදී ඒ චෝදනාවල විස්තර සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරික්ෂා කර බලා වාර්තා කරන ලෙස ඉල්ලා යෝජනා සම්මතයක් සම්මත කරගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් කථානායකවරයාට ඉල්ලීමක් කිරීමට හැකියි. එවැනි යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු මන්ත්‍රී සංඛ්‍යාවක් අත්සන් කොට ඇත්නම් පමණක් කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් කිරීමට බාරදිය හැකියි. එසේ නොමැති නම් එම යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට නොඅඩු සංඛ්‍යාවක් අත්සන් කළ යුතු වෙයි. එනම් එම චෝදනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ පරික්ෂා කොට වාර්තා කිරීමට තරම් වන බවට කථානායකවරයා සැහීමකට පත් විය හැකියි. තුනෙන් දෙකක සංඛ්‍යාවක් වේ නම් කථානායකවරයා සෑහීමකට පත් නොවුව ද; එය බාර ගත යුතුයි.
එවැනි යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ නොපැමිණි සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොවැඩි මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත කරගනු ලැබූ අවස්ථාවක එම යෝජනා සම්මතය ඇතුළත් චෝදනා පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා එය කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකි වෙයි. 2/3 ලබාගතහොත් එසේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීරණය හේතු කොටගෙන වාර්තාවක් පාර්ලිමේන්තුවට යැවීමට හැකියි. ඒඅනුව වැරදිකරු නිවැරදිකරු ද යන්න තීරණය කරයි. මේ ක්‍රියාවලිය විශාල බරපතළ ක්‍රියාවලියකි.
ජනතාව උද්ඝෝෂණ කළ පමණින් ජනාධිපතිවරුන් ඉවත් කිරීම අපහසුයි. අනෙක් කාරණාව එය බරපතළ භයානක තත්ත්වයකට රට ඇද වැටෙන ක්‍රියාවලියකි. ජනතාව සිටින මේ ස්ථාවරය ප්‍රජාතන්ත්‍ර විරෝධි වෙයි; මුළු ජනගහනයෙන් ඉතා සුළුතරයක් මේ උද්ඝෝෂණවල නිරත වෙයි. ජනාධිපතිවරයා ඉවත් කිරීමට බලකිරීමට කිරීමට කිසිදු හැකියාවක් ඔවුන්ට ව්‍යවස්ථානුකූලව හිමි නොවෙයි. මිනිසුන්ට රටේ ආණ්ඩු පෙරළීමට හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙනි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගත් විට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් පාර්ලිමේන්තුවෙන් 225ක අතුරින් ජනාධිපතිවරයකු පත් කරගැනීම සිදුවෙයි. පාර්ලිමේන්තු බහුතරයකින් එය සිදු කර ගත හැකියි. ඒ තැනැත්තා කිසිම ජනතා අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා වෙයි.
මිනිස්සු මඟට බැසීමෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට සහ රටේ ආණ්ඩුව පෙරළීමට හැකි නොවෙයි. එය සම්පුර්ණයෙන්ම නීති විරෝධියි ක්‍රියාවලියකි. ව්‍යවස්ථාව අනුව එසේ ඉවත් කළ නොහැකියි.
අද රටේ සැබෑ ආර්ථික ප්‍රශ්නයක් වෙයි. ඒ ප්‍රශ්නයට විසඳුම ජනාධිපතිවරයා ඉවත් කිරීම නෙවෙයි. ආණ්ඩුව වෙනස් කළ හැක්කේද 20වැනි ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර 2 ½ පසුවයි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විස්වාස භංග යෝජනා සම්මතයක් ගෙන ඒමට හැකියාවක් ඇත. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පැහැදිලිවම ව්‍යවස්ථාදායක සහ විධායකය අතර පැහැදිලිව බෙදීමක් වෙයි. ජනාධිපතිවරයා විධායක බලය පාවිච්චි කරනුයේ අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය සේවය හරහායි. එහිදි පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්මත කිරීමට සහ මුදල් සම්මත කිරීම සිදුකරයි. නමුත් කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනි. ජනාධිපතිවරයා එක් පක්ෂයකිනුත් විපක්ෂයේ සාමාජිකයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් සකස් වුවහොත් රජයට විරුද්ධව විස්වාස භංගයක් ගෙනවිත් එය ජයග්‍රහණය කළහොත් අනිවාර්යෙන්ම ඒ බහුතර කැමැත්ත මත ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති වරයෙක් පත් කිරීමට හැකියාව ඇත. අගමැතිවරයා සහයෝගයෙන් කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ධූර කාලයේ සිදුවූයේ එයයි.
පාර්ලිමේන්තු බහුතරයක් ඇති පිරිසෙන් කැබිනට් මණ්ඩලයද ජනාධීපතිවරයා වෙනත් පක්ෂයකින්ද රට පාලනය කළ හැකියි. මේ අවස්ථාවේදි වර්තමාන අමාත්‍යවරුන් පිළිබඳව විස්වාසයක් නොමැති බවට ජනමතයක් ප්‍රකාශයට පත්වී ඇත. ඒ නිසා ඇමැතිවරුන් එය අවබෝධ කරගෙන ඉල්ලා අස්වීමක් සිදුවිය. ඇමැති මණ්ඩලයක විශාල ප්‍රමාණයක් එක් වරම ඉල්ලා අස්වීමක් සිදුවූ ඉතිහාසයේ පළමු වතාව මෙයයි. ජනතාවට විශ්වාසයක් නැති බව අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වීම තුළ වක්‍රකාරයෙන් පිළිගෙන තිබීමක් පෙනෙයි. ජනතාවට විශ්වාසයක් නැති බව ඒ ඇමැතිවරුන්ම පිළිගෙන ඇති බව කිවයුතුයි. එවැනි තත්ත්වයක් යටතේ මේ පාර්ලිමේන්තුවෙන් අමාත්‍ය මණ්ඩලයක් පත්කර මේ ප්‍රශ්නයට හෝ රටට සාමයක් ඇති කරගත හැකිවෙතැයි සිතිය නොහැකිය. ආණ්ඩු පක්ෂය තුනෙන් දෙකක ඡන්දයකින් සුළු සංශෝධනයක් ගෙන ඒමෙන් තාවකාලික විධිවිධානයක් ඇති කර ගත හැකියි. ඒමඟින් මේ අර්බුදයන්ට යම් විසඳුමක් ඇතිවිය හැකිය. පළමුවටයේ වසරක කාල සීමාවකට ඉන්පසුව එය දීර්ඝ කළ හැකියි. විද්වත් වෘත්තිකයන් පත් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සිදු කළ යුතුයි. බලශක්ති ඇමැතිවරයා ලෙස බලශක්තිය පිළිබඳව දැනුමක් ඇති විද්වතකු පත් කළ යුතුයි. මුල්‍ය පක්ෂයට විශේෂඥයන් ම පත් කළ යුතුයි. දක්ෂ ආර්ථික විශේෂඥයන් පත් කළ යුතුයි. පක්ෂ විපක්ෂ ගෞරවයට පාත්‍ර වූ අය ජනාධිපතිවරයාට මේ යෝජනාව කළ හැකියි. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දෙන් ඒ අයගේ නම් අනුමත කර තාවකාලික කැබිනට් මණ්ඩලයක් විද්වතුන්ගෙන් පත් කළ යුතුයි. මේ රට ගොඩගැනීමට යම් නිශ්චිතයකට පැමිණිය යුතුයි. ඇත්තටම මිනිසුන්ට අර්බුදයක් ඇතිබව පිළිගත යුතුයි. රට සම්පූර්ණයෙන් ආරාජික වී තියෙන අවස්ථාවක ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකතුවී සුළු ව්‍යාවස්ථා සංශෝධනයක් කළ යුතුයි. මේ පිළිබඳව විශේෂඥ දැනුම ඇති අය පත් කළ යුතුයි. ඉදිරි වර්ෂය සඳහාවත් සංශෝධනය කළ යුතුයි.
කේවල ක්‍රමය වහාම ලංකාවට හඳුන්වා දිය යුතුයි. කේවල ක්‍රමය තිබුණා නම් සාමාන්‍ය ගමේ සිටින උගත් බුද්ධිමත් පිළිගැනීමක් ඇති පිරිසක් පත්කළ හැකියි. 70 දශකයේ එවැනි මන්ත්‍රීවරුන් පත්කිරීම් සිදුවිය. මන්ත්‍රී කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙක් පත්කළ හැකියි. ප්‍රධාන දේශපාලන පක්ෂ ඡන්දයට ඉදිරිපත් වුවත් ස්වාධීනව ජනතාව කැමැති පාලකයන් පත් කර ගැනීමේ අවකාශය එයින් ඇතිවෙයි. ඉතාමත් ගෞරවයට පත් කෙෙනකුට ඡන්දයට ඉදිරිපත් වීමේ හැකියාව ලැබෙන්නේද කේවල ක්‍රමය අනුවයි. ඒ නිසා සමානුපාතික ඡන්ද ක්‍රමයක් පවතින්නේ නම් දේශපාලන පක්ෂවල නායකත්වයට ගැතිකම් කරන ඔවුන්ගේ වන්දි භට්ටයන්ට පමණයි. සමානුපාතික ක්‍රමය වහාම නැතිකර කේවල ක්‍රමයට නොගියහොත් අපිට පාර්ලිමේන්තුවට විද්වතුන් ගෙන්වා ගැනීමට නොහැකියි. ස්වාධීනව හිතන ස්වාධීනව තරග කිරීමට වාතාවරණයක් සෑදිය යුතුයි. ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් එකතු වී කේවල ක්‍රමය හඳුන්වා දුන්නොත් ගමේ ජනතාව විද්වතාට, ගමේ මහචාර්යවරයාට, උගත් වෛද්‍යවරයාට ගමේ මිනිසුන් ඡන්දය ලබා දෙයි. ඒ සඳහා කේවල ඡන්ද ක්‍රමය ඇති කළ යුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ විවේචනයේදී ජනාධිපතිවරයාගේ ඉවත් වීම ගැන කතා කරයි. ජනතාවගේ සටන් පාඨය පාර්ලිමේන්තුවේ සියලු දෙනා යායුතුබවයි. ජනාධිපතිවරයා ඉවත් වුවහොත් ඒ අයගේ කෙනෙක් පත්වෙයි. අන්තවාදි අදහස් ඇති පක්ෂවලින්, මුදල්වලට යටවෙන පක්ෂවලින්, කවුරු මේ රටේ ජනාධිපතිවරයා වෙයිද යන්න අර්බුදයක් වෙයි. ඒ නිසා අන්තවාදීන් රජ කරවන පක්ෂ සහ මුදල් වැය කර කවුරු මේ රටේ ජනාධිපතිවරයා වෙයිද කියලා ගැටලුවක් මතු වෙයි. කුමන්ත්‍රණයන් නොකර යම් යහපත් තැනකට මේ රට තල්ලු විය යුතුයි. ඒ නිසා අන්තවාදීන් රජකරවන උපක්‍රමයකට මේ උත්සාහයක්ද යන්න ගැටලුවකි. එය වහාම වැළැක්විය යුතුයි.
ආණ්ඩු පක්ෂය එකතුවී කේවල ඡන්ද ක්‍රමය හඳුන්වා දිය යුතුයි. සමානුපාතික ක්‍රමය සම්පූර්ණයෙන් නැතිකර විද්වතුන්ට පාර්ලිමේන්තුවට ඒමට ඉඩ සලසා දිය යුතුයි. එතෙක් විද්වතුන් බාහිරෙන් හෝ කැඳවා කැබිනට් මණ්ඩලයක් සැකසිය යුතුයි. කේවල ක්‍රමයට අනුව ජනතාවගේ විශ්වාසය දිනූ විද්වතුන්ට පමණක් ඡන්දය ලබාදිය යුතුයි. ඒ සඳහා ඉහත සඳහන් කළ ව්‍යවස්ථා යම් සංශෝධන දෙකක් ගෙන ආ යුතුයි. මැතිවරණ ක්‍රමය කේවල ඡන්ද ක්‍රමයට ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කළ යුතුයි. සමානුපාතික ක්‍රමය සම්බන්ධයෙන් ඇති සියලුම වගන්ති ඉවත් කර ඒ වෙනුවට කේවල ඡන්ද ක්‍රමය ඇතුළත් කළ යුතුයි.