
රටේ දැනට පවතින අරගලය තුළ 2015 යහපාලන පාලන රජය ගෙන ඒමට ක්‍රියාත්මක වූ රටට හතුරු දෙස් විදෙස් සියලු බලවේග මේ තුළ ක්‍රියාත්මකවෙයි. මේ පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා මතුවූ දුර්වලතා හේතුවෙන් ජනතාවට දුක්ගැහැට විඳීමට සිදුවිය. මේ ආණ්ඩුවේ අසාර්ථක වීම් මේ බලවේගවල ක්‍රියාත්මක වීමට සුදුසු පසුබිම සකස් කෙරිණි.
වර්තමානය වනවිට ඇතිවූ මේ ආර්ථීක අහේනිය නිසා ජනතාවට සිදුවූ පීඩාවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ම ඇති කරන ලද්දක් නොවෙයි. නමුත් මිනිසුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මෙතෙක් පැවැති එම ක්‍රමවේදයේ යම් වෙනසක් අපේක්ෂා කෙරිණි. එය කිරීමට ආණ්ඩුව අසමත් විමට බලපෑ යම් හේතු කාරණා රැසක් විය. කොවිඩ් වසංගතය එක් හේතුවක් විය. කෙසේ වෙතත් ගතයුතු නොවන අවස්ථාවක පොහොර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව නිසා ගොවීන් ඇතුළු යම් යම් පාර්ශ්වයන්ගේ අරගලයන් මතු විය.
මේවනවිට ආණ්ඩුව අරාජික තත්ත්වය පත්වී ඇති අතර ජනතාව අපේක්ෂිත විනය රට තුළ ඇති නොවිණි. මුල්කාලීනව මතුවූ සීනි, සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව නෑසු කන්වීම ජනතාවගේ අප්‍රසාදයට හේතු විය. ගෑස් හිඟය මෙන්ම ගෑස් පිපිරීම්වලින් ජනතාව මියයන විට ඒ සඳහා වගකිව යුත්තන් කිසිදු පියවරක් නොගැනීමද තවත් හේතුවකි. ගතයුතු පියවර අවශ්‍ය අවස්ථාවේදී නොගැනීම ජනතාවගේ මේ පුපුරා යාමට හේතුවිය. මේ වනවිට ආණ්ඩුව පිළිබඳ කලකිරීමට පත් ජනතාව විසින් උද්ඝෝෂණවල ‘ගෝඨා ගෝ හෝම්’යන පාඨය යටතේ උද්ඝෝෂණවල නිරත වෙයි.
මෙතැනදී කවුරුත් තේරුම් ගත යුතු කාරණා කිහිපයක් වෙයි. ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ඉල්ලීම් කිහිපයක් කර ඇත. එසේ ම මෙවැනි අවස්ථාවකදී ජනාධිපති ඉල්ලා අස්වීමක් සිදුවුවහොත්; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40වන වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති මන්ත්‍රීවරයා මාසයක කාලයකදී ජනාධිපති ලෙස පත් කරයි. එහිදී අගමැති වැඩබලන ජනාධිපති ලෙස පත්වෙයි. ජනාධිපති අස්වූ දවසේ සිට වැඩබලන ජනාධිපති ලෙස අගමැති හෝ කතානායක දෙදෙනාගෙන් එක් අයෙක් ජනාධිපති තනතුරේ වැඩ බලයි. ඉන්පසු පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් රහස් ඡන්දයකින් තෝරා පත් කරගනු ලබයි.
ඡන්ද 113 ක් ලබා ගැනීමට අවශ්‍යයයි. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම ඉවත් විය යුතු බව විරෝධතාකරුවන්ගේ අදහසයි. තවද ජනතාවගේ යෝජනාව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පිරිස ඉවත් වීමයි. එය අපහසු කාර්යයකි. මක් නිසාදයත් ජාතික ලැයිස්තුව ද යම් බෙදීමක් වෙයි. ජාතික ලැයිස්තුව අනුව පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 17 යි.
මන්ත්‍රීවරුන් සජබෙට 7යි. ජවිප එකයි. දෙමළ ජාතික සන්ධානයට එකයි. එක්සත් ජාතික පක්ෂයට එකයි. ගජේන්ද්‍ර කුමාර් කණ්ඩායමට එකක් ද අතුරලියේ රතන හිමිට එකයි. වශයෙන් බෙදීමක් වෙයි. මේ කණ්ඩායම ඉවත් විය යුතුය බව සඳහන් කරයි.
ආණ්ඩුවේ පිරිස ඉවත් වුවද අනෙක් පක්ෂවල පිරිස ඉවත් කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. මේ බල කිරීමට ආණ්ඩුවේ පිරිස ඉල්ලා අස්වුවත්; ඒ වෙනුවට පත් කරන බුද්ධිමතුන් පිරිසට රටේ පාලනය පිළිබඳව තිබෙන සවිඥානික බව පිළිබඳව ගැටලුවක් වෙයි. ජනතාවට ඒ අය පිළිබඳව විශ්වාස තැබීමට ඇති නිර්ණායක කුමක්ද?
මෙහිදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති ඕනෑම මන්ත්‍රී කෙනෙකුට ජනාධිපතිවරයෙක් පත් කිරීමට හැකිවෙයි. ජනතා ඡන්දයෙන් පත්වූ කෙනෙක් විය යුතු නැත. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිධූරය යම් කුමන්ත්‍රණකාරී ලෙස පත් කර ගැනීමේ අවස්ථාවකට යම් අවකාශය මෙයින් හිමිවෙයි.
මෙය එක්තරා කුමන්ත්‍රණයක් ලෙස විග්‍රහ කළ හැකිය.මෙය රට හදන වැඩ පිළිවෙළක් නොවන බව පැහැදිලි කරුණකි. මේ විරෝධතාව තුළ රටට එරෙහි කුමන්ත්‍රණකාරී බලවේග ක්‍රියාත්මක වෙයි. නව ජනාධිපතිවරයා වසර දෙකහාමාරක් සඳහා පත් කිරීමක් සිදුවුවහොත් එය ඡන්දයෙන් පත්වීමක් නොවෙයි. මෙහිදී ජනතා පරමාධිපත්‍ය පැත්තකට විසිවෙන බව ඉතා පැහැදිලිය.
තවද මේ අවස්ථාවේදී ආණ්ඩුව වෙනස් වුවත් ජනාධිපතිධූර කාලය අවසන් වනතුරු ජනාධිපතිවරයා ඉවත් කිරීම පහසු ක්‍රියාදාමයක් නොවෙයි. ජනාධිපතිවරයකු ඉවත් කිරීම එතරම් පහසු කාර්යයක් නොවෙයි.
ජනාධිපතිවරයකු ඉවත් කිරීමට ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන කිහිපයක් වෙයි. එහිදී දෝෂාභියෝගය ප්‍රමුඛ කරුණ වෙයි. දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පෙර පියවර ගණනාවක් ගතයුතු වෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව
ජනාධිපතිවරයා ඉවත් කිරීමට නම්; ඔහු සිය ධූරයේ රාජකාරි ඉටු කිරීමට නොහැකි ලෙස කායිකව හා මානසිකව දුබලව පත්ව සිටීම, චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, රාජ්‍ය ද්‍රෝහී වීම, අල්ලස් පිළිබඳව වරදක් කිරීම, ස්වකිය ධූරයේ බලය අයුතු අන්දමින් පාවිච්චි කරමින් යම් විෂමාචාර හෝ දුෂණ ක්‍රියාවලට සම්බන්ධ වීම, චරිත දුෂණය සම්බන්ධයෙන් වරදකරු වීම යන චෝදනා සහිතව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ ඉදිරිපත් කරන විට අවම වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 113කගේ ඡන්දය අවශ්‍ය වෙයි. ඒ පිළිබඳව කථානායක සෑහීමකට පත්වීමට අවශ්‍ය වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට තරම් බරපතළ වරදක් වන්නේද යන්න කථානායකවරයා තීන්දු කිරීමට අවශ්‍යයි.
එමෙන්ම අවශ්‍ය අත්සන් සංඛ්‍යා පූර්ණය වී තිබේද යන්න බැලිය යුතුයි. ඉන්පසුව කතානායක එය පාර්ලිමේන්තුවට විවාදය සඳහා ඉදිරිපත් කරයි. ඒ විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත විය යුතුයි. එසේ සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කළ යුතුයි.
ඉන් අනතුරුව චෝදනා ආකාරයට වරදක් කර තිබේද යන්න විමර්ශනයක් කරයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළොත් අදාළ වරද කර ඇති බව, නැවත වතාවක් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහිදී දෙවැනි වතාවටත් 2/3 ඡන්දයෙන් සම්මත කළ යුතුයි. මේ ක්‍රියාදාමයට වසරක් පමණ ගතවෙයි.
විපක්ෂයට මේ වන විට පවතින්නේ ආසන 54 යි. පොදුජන පෙරමුණට ආසන 152කි. යම් ස්වාධීන මන්ත්‍රීවරු පිරිසක් වෙතත් ඔවුන්ට ඡන්දය නොදී සිටීමට හැකිය. පැහැදිලිවම 151ක් ඡන්ද මේ සඳහා ලැබිය යුතුයි.
පාර්ලිමේන්තුවේ පක්ෂවල දැන් ශක්තිය ගත් විට පොදුජන පෙරමුණට සම්බන්ධ කණ්ඩායම්වලට 61% ක්ද, සජබෙට 23.9% ක් ද, ජවිපෙ ට 3.84 % ක් ද වෙයි.ටිඑන්ඒ 2.81% ක් හා එජාප 2.15% ක් ද 2020 අගෝස්තු මැතිවරණයෙදී ලබාගෙන ඇත. පොදු ජන පෙරමුණට 61.9% වෙයි. 2/3 වැඩිඡන්ද ප්‍රමාණයක් ඡන්දෙනුත් හිමිවී ඇත. විපක්ෂයට රටේ ජනතා ප්‍රසාදය සියල්ල එකතු කළද සියයට 35ක් නැත. අපි ව්‍යවස්ථානුකුලව බැලුවත් මහජන කැමැත්ත වඩා වැදගත් වෙයි. ව්‍යවස්ථාව අනුව හදිසියේ මහමැතිවරණයක් පැවැත්විය නොහැකියි. රටේ ප්‍රමුඛතාව හිමිවන්නේ ව්‍යවස්ථාවටයි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් වසර හතරක් යනතුරු ද පාර්ලිමේන්තු මැතිවරණයක් අවුරුදු දෙකහමාරක් ගතවනතුරු පැවැත්විය නොහැකිය. ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.
මේ අවස්ථාවේදී සමඟි ජනබලවේගය විසින් ජනාධිපතිවරයා ඉවත් කිරීමට දෝශාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළ ද එය පහසු කාර්යයක් නොවෙයි. මෙලෙස ආණ්ඩුවට විරුද්ධව සහ ජනාධිපතිවරයාට විරුද්ධව යම් ක්‍රියාමාර්ග ගැනීමට පෙර මේ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට සහ මේ රටේ දැනට පවතින ආර්ථික අර්බුද විසඳීමට විපක්ෂයට යම් පැහැදිලි පියවරක් තිබිය යුතුයි. එවැනි කිසිදු නියත වැඩපිළිවෙළක් විපක්ෂයට නොවෙයි.
දැනට පවතින අර්බුදයට විශ්වාසභංගයක් ගෙන ඒම පෙර සිදුවිය යුත්තේ යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමයි. එසේ නියත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ආණ්ඩුව විපක්ෂය බාර ගත්තේ නම් දැනට පවතින ආණ්ඩුවේ සහය ලබාගත හැකිය. ජවිපේ තත්ත්වයද සජබ තත්ත්වයට සමාන වෙයි. ජවිපෙද පක්ෂයක් ලෙස උද්ඝෝෂණ පමණක් නොව රට වෙනුවෙන් ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි.
එසේම පවතින අර්බුදයට තිර විසඳුමක් ආණ්ඩුවේ පාර්ශ්වයෙනුත් දක්නට නොලැබෙයි. ආණ්ඩුව ඉදිරිපත් කළ සෞභ්‍ය දැක්ම ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් නොවන අතර එය අදහස් මාලාවක් පමණයි. ඒ අදහස් ක්‍රියාත්මක කරන ආකාරය පෙන්නුම් කළ යුතුයි.
කෙසේ වෙතත් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයට වගකීම් රැසක් වෙයි. නව කැබිනට් මණ්ඩලය කලින් වූ වැරදි නිවැරදි කළ යුතුයි. ආණ්ඩුව පිළිබඳ කළකිරීමට හේතු හඳුනාගත යුතුයි. ජනතා විශ්වාසය දිනා ගැනීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. පත්වූ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුන්ට ජනාධිපවරයා තම වරප්‍රසාද නොලබන්නා සේම සියලුදෙනාම වරප්‍රසාද නොලැබිය යුතු බවට නියෝග කළ යුතුයි.
ඉතිහාසය ආදර්ශයට ගත යුතුය. මෙරට 1977 පෙර මන්ත්‍රීවරුන්ට බස් සහ දුම්රිය වාර්ෂික නිදහස් ගමන් බලපත්‍රය පමණක් විය. යාපනයේ සහ අනුරාධපුරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරයා ද පැමිණෙන්නේ පොදු ප්‍රවාහන සේවයකය.
1977පසුව හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගෙන් පසුව මේ තත්ත්වය වෙනස් විය. එතෙක් වැටුප රු 600කි. නැවත එවැනි ක්‍රමයක් පැමිණියහොත් ජනතාවට විශ්වාසයක් ඇතිවිය හැකිය. නිල නිවාස කාර්ය මණ්ඩල සීමා කළ යුතුයි. විශ්‍රාම වැටුප වසර දහයකට දිර්ඝ කළ යුතුයි වැනි යෝජනාවන් ගෙන ආ යුතුයි.
වතුකරයේ වැඩකරන මිනිස්සුන් සහ කර්මාන්ත ශාලාවල වැඩකරන මිනිස්සුන් විසින් උපයන විදෙස් විනිමය මඟින් ලැබෙන මුදලින් වාහන ගැනීම සධාචාරාත්මක අයිතියක් නැත. නව කැබිනෙට්ටුවට එම ආදර්ශය ලබාදිය හැකියි.
පහුගිය කාලය පුරා මේ ආණ්ඩුව සිදුවූ බදු සහන ලබාදීමෙන් එය මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට හැර ආණ්ඩුව බදු සහන සමාන්‍ය මිනිසුන්ට හිමි නොවිණි. බදු අඩු කිරීම නොකළ යුතු කාර්යයකි. එහි වාසිය පොදු මහජනතාව නොලැබිණි. එවැනි වරප්‍රසාද මහජනතාවට ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් ජනතාවගේ ජිවන තත්ත්වය නඟා සිටුවීමට මේ මහා පරිමාණ සංවර්ධන වැඩපිළිවෙලවල නතර කළයුතුයි.
ප්‍රාථමික ක්‍රම මඟින් බඩු ප්‍රවාහනය කරන ගමට පාරක් නොමැතිව ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිය යුතුයි. රටක මංතීරූ සෑඳීම සුදුසු ක්‍රියාදාමයක් නොවෙයි. මිනිස්සුන්ගේ ජන ජීවිතය නඟාසිටුවන වැඩපිළිවෙළක් අවශ්‍ය වන අතර සංවර්ධන ප්‍රමුඛතා සම්පුර්ණයෙන්ම වෙනස් කළ යුතුයි. සංවර්ධන ප්‍රමුඛතා මේ රටේ බහුතර ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම ඉලක්ක කරගත් සැලසුම් විය යුතුයි.
රට මීට වඩා ප්‍රපාතයකට නොවැටී බේරා ගැනීමේ වගකීම සමස්ත ජනතාව සතු වෙයි. එය අප තේරුම් ගත යුතුයි. ඇතැම් විට ඉරාකය හා ලිබියාව සිදුකළ විනාශ කිරීමේ අවශ්‍යතා ඇති බලවේග මේ ක්‍රියාවලිය තුළ විය හැකිය. එය අප අමතක නොකළ යුතුයි. මේ අරගලය ලංකාවේ පිහිටීමත් සමඟ ඇතිවූවක් විය හැකියි. මේ කිසිදු කාරණාවක් පිළිබඳව දේශපාලන තත්ත්වයෙන් වෙන්කර සිතීමට නොහැකිය.
ලංකාව තමන්ගේ බල අරගලයේ කොටසක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇති විදේශ බලවේග වෙයි. ඒවා යමකුට මතුපිටින් බැලුවිට නොපෙනුණද එහි සැගවුණු යම් අරමුණු විය හැකියි. ඉතාම යහපත් මට්ටමින් පැවැති ලිබියාව ඉරාකය වැනි රටවල් පාලකයා හා ජනතාව බිඳවීම තුළ එම රටවල රාජ්‍ය තන්ත්‍රය සූක්ෂමව පෙරළා දැමීම් සිදුවිය. ලිබියාව ඉතාම ඉහළ සුබ සාධන රාජ්‍යයකි. ජීවත්වීමට අවශ්‍ය සියලු දේ නොමිලේ ලබාදීම සිදු විය. එමෙන්ම ඉරාකය ඉතාම ඉහළ සුබසාධන රාජ්‍යයකි. ඉරාකය සම්පුර්ණයෙන් නිදහස් රාජ්‍යයකි. ඉරාකයේ කිසිවෙකු මුස්ලිම් අන්තවාදීන් නොවුණි. එම රටවල සෑම තරුණයෙක්ම විවාහ වීමේදී එරට මුදල් වන ඩිනාර් 10000 ක් ආණ්ඩුවෙන් ලබාදෙන මට්ටමක සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. එම රටවලවල තිබූ සුබසාධන තත්ත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි.
සදාම් හුසේන් සතුව සමූහ ඝාතන අවි ඇති බවට ඇමරිකාව හා එංගලන්තය විසින් නිර්මාණය කරන ලද අසත්‍ය නිසා ඇතිවූ භීතිය මගින් ඒ රටවල් ගිනි ගෙන දැවිණි. අද සම්පුර්ණයෙන්ම ලිබියාව සටන් බිමකි. ක්‍රමවත් ආණ්ඩුවක් හෝ පාලනයක් නැත. ඉරාකයද එසේමය. ඉරාකයේ රාජ්‍ය පාලනය ෂියා ෂුන්නි වන අතර ෂියා ආණ්ඩුව තුළ ද බෙදීම් වෙයි. මේ හැම රටකම ජනතාව අන්ත දුක් විඳින තත්ත්වයකට පත්ව ඇත. ලෝක ඉතිහාසයේ මෙවැනි කුමන්ත්‍රණ පිළිබඳව අපි විචාර බුද්ධියෙන් යුතුව සවිඥානික විය යුතුයි.
මේ රටේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුයි. ඒ ජනතාව සතු පරමාධිපත්‍ය බලය අනුව රටේ විධායක බලය බහුතර ඡන්දයෙන් පත් කරන ජනාධිපතිවරයා සතුවන අතර ව්‍යවස්ථාදායක බලයද ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්ද බලයෙන් පත් කරන පාර්ලිමේන්තුව සතු වෙයි. අධිකරණ බලය පර්ලිමේන්තුව මඟින් සම්මත කරන නීති රීති අනුව අධිකරණය මගින් ක්‍රියාත්මක වෙයි. කෙටිකාලීන සහ දිගුකාලීව හානි කර දේ සිදු කිරීමේ අවකාශය පාලකයන්ට නැත. පරමාධිපත්‍ය බලය ජනතාවට හිමිවන අතර පාලකයන් බදුකරුවන් පමණක් වන බව කිසිදු පාලකයෙක් නොසිතීම අහිතකර තත්ත්වයකි. පාලකයන් යනු බදුකරුවන් ලෙස නොසිතන අතර හිමිකරුවන් වන ජනතාව සම්පූර්ණ නොසලකා හැරීම මේ අරගලවලට මූලික හේතුවයි.