
දැනට අප රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය කළමනාකරණය සඳහා පසුගිය මාසය තුළ ගෙන ඇති කෙටිකාලීන පියවර මගින් තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවට විශ්වාසයක් ඇති වී තිබේ. ඉතා ප්‍රවේසම් සහගතව දිගුකාලීන විසඳුම් සඳහා ගමන් කරමින් අභියෝග ජය ගැනීමටද ප්‍රමාණවත් ඉඩකඩ එමඟින් ලබා ගත හැකිය. මේ වසරේ ඉදිරි කාලයේදී අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට පෙර එළැඹ ඇති අන්තර් කාලයේදී ගෙවීම් පිළිබඳව දැනට ඇති වී තිබෙන ගැටලු විසඳා ගනිමින් මුල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට හැකියාව ලැබෙන ආරක්ෂිත පදනමක් දැමීමට හැකියාව ලැබී තිබේ. මේ අතර මධ්‍යකාලීන සහ කෙටිකාලීන සාර්ව ආර්ථීක ප්‍රතිපත්ති තහවුරු කිරීම මගින් ස්ථාවරත්වය සහිත තිරසාර ආර්ථික වර්ධනයක් රට තුළ ඇති කිරීමට ඉඩකඩ සලසන ආර්ථික වැඩසටහනක් ද සම්පාදනය කර තිබේ.
අමතරව වර්තමාන ගැටලු සහගත ආර්ථීක තත්ත්වය ජය ගැනීම සඳහා කඩිනම් මූල්‍ය ආධාරක මෙන්ම අතිරේක ණය පහසුකම් කෙරෙහිද අවධානය යොමු වී තිබේ. මෙය අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ අනුග්‍රහය යටතේ සලකා බැලෙන අතර රටට ඉක්මන් මුල්‍ය සහනයක්ද අපේක්ෂා කෙරේ.
මුදල් ඇමති අලි සබ්‍රි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අන්තර්ජාතික මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග පසුගිය මාසයේදී ආරම්භක සාකච්ඡා පැවැත්වීමෙන් පසුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ එකඟතාවකට එළඹීම සඳහා ඉදිරි රජකාරී මට්ටමේ සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්ම හදිසි මිලදී ගැනීම් සඳහා ණය සීමා දීර්ඝ කර ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද එකඟතාව පළ කර තිබේ.
මේ වන විට ඉන්දියාව ලබා දුන් ඩොලර් බිලියන එකක ණය පහසුකම මුදල් අමාත්‍යංශයේ ඉන්දීය ණය පහසුකම් සම්බන්ධීකරණ ඒකකය යටතේ ආනයනකරුවන්ට විවෘත අතර, මේ ණය පහසුකම යටතේ කටයුතු කිරීමට ලියාපදිංචි වන ලෙස අමාත්‍යංශය ආනයනකරුවන් කැඳවා තිබේ. අතිරේකව තවත් ඩෙලර් මිලියන 500ක් ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති අතර ඒ ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙනි. අමතරව ලංකාව විසින් ඒශියා ක්ලියරිං යූනියන් වෙත ගෙවීමට ඇති තවත් ඩොලර් බිලියන 1.5ක මුදලක් කල් දැමීමට සඳහාද නව දිල්ලියෙන් එකඟතාව ලැබී තිබේ.
ශ්‍රී ලංකාව දැනට ලබාගෙන ඇති ණය කන්දරාව සඳහා වර්තමාර රජය වගකිව යුතු බවට ඇතැම් පාර්ශ්වයන් වැරදි තොරතුරු සමාජ ගත කරමින් සිටී.
එහෙත් වැදගත්ම කරුණ වන්නේ 2020, 2021 සහ 2022 යන වසරවලදී ශ්‍රී ලංකාව එකද විදේශ ණයක් හෝ ලබා ගෙන නොතිබීමයි. පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක විදේශ ණය ගෙවීමට නියමිතව තිබූ අතර, එම ණය නොගෙවන්නේ නම් රට බංකොළොත් බව ප්‍රකාශ කළා වනු ඇති බවට ඇතැම් ආර්ථීක විද්‍යාඥයන් සහ දේශපාලනඥයන් පැවසූහ. එමෙන්ම විදේශ ණය දර්ශක රට පහළ ශ්‍රේණිගත කිරීම්වලට එක් කරණු ඇති බවද ඔවුන් පවසා සිටියහ. සැබවින්ම එය එසේදැයි විමසීමට සුදුසු පැණයකි.
අමතරව බැඳුම්කර සිදුවීමේද සබඳකම් පවතී. මහ බැංකුව තහවුරු කර ඇති පරිදි ඒ සිදුවී ඇත්තේ පසුගිය රජය යටතේය. 2016 වසරේ ජූලි 18වැනිදා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක් අන්තර්ජාතික බැඳුම්කර නිකුත් කර ඇති අතර එය ගෙවීමට නියමිත වූයේ 2022 ජනවාරි 18වැනිදාය. මෙහිදී ලබා ඇති පොලී අනුපාතය සියයට 5.75කි.
අන්තර්ජාතික බැඳුම්කර මහ බැංකුව විසින් නිකුත් කරන්නේ සංචිත වර්ධණය සහ ඩොලර් හිඟය පාලනය කිරීම අරමුණු කර ගනිමිනි. අංක එක දර්ශකය ගනිමු. එහි දැක්වෙන්නේ පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති අන්තර්ජාතික බැඳුම්කර පිළිබඳ වාර්තාවයි. මේ බැඳුම්කර් පසුගිය 2009 – 2014 කාලයේදී අටේ සංවර්ධනයට මෙන්ම ආර්ථික වර්ධන වේගය වැඩිකිරීමටද, දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමටද දායක විය. රටේ දළ දේශීය නිෂ්පාදිතය 2009 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 42.1ක් වූ අතර 2014 වන විට එය එක්සත් ජනපද ඩොලර් බිලියන 79.4ක් දක්වා වර්ධනය වී තිබිණි. ඒක පුද්ගල ආදායම 2009 දී එක්සත් ජනපද ඩොලර් 2054ක් වූ අතර 2014 වන විට එය එක්සත් ජනපද ඩොලර් 3821 දක්වා වර්ධනය වී තිබිණි.
2015 – 2019 වසරවලදී එක්සත් ජනපද ඩොලර් මිලියන 12,050ක අන්තර්ජාතික බැඳුම්කර නිකුතුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබැස්මට ලක් විය. එම වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉතා සුළු වශයෙන් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 79.4ක සිට බිලියන 84ක් දක්වා වර්ධනය වූ අතර එක් පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 31කින් එනම්, එක්සත් ජනපද ඩොලර් 3821 සිට 3852 දක්වා වර්ධනය විය. ඒ අන්දමින් ඩොලර් මිලියන 8,208ක් ව තිබූ විදේශ සංචිත ප්‍රමාණය, එම වසර පහක කාලය තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 12,050 එක් වීමෙන් පසුව, වර්ධනය නොවීම විශේෂයෙන් සැලකිල්ලට ලක් කළ යුතුය.
අංක 3 දර්ශකයට අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 13,050ක අන්තර්ජාතික බැඳුම්කර ගෙවීමට තිබුණමුත් 2015 පෙබරවාරි සිට 2019 ඔක්තෝබර් දක්වා ඩොලර් මිලියන 12,050ක් ගෙවිය යුත්ව තිබුණේ වැඩිම පොලියකටය. අංක දෙක දර්ශකයේ අන්තර්ජාතික බැඳුම්කර පිළිබඳව දත්ත සලකා බලන විට පසුගිය වසර පහක කාලය තුළ මහ බැංකුව ඩොලර් මිලියන 12,050ක බැඳුම්කර නිකුත් කර ඇති බව පෙනේ.
එහිදී යම් හේතු මත ඔවුන් ගෙවීමට එකඟ වී ඇති පොළී අනුපාතය සියයට 7.85කි. එවැනි අධික පොලී අනුපාතයක් ඩොලර්වලින් ගෙවීමට සිදුවීම රටට බෙහෙවින් අනර්ථදායක වේ. බංග්ලාදේශය සමඟ ගනුදෙනු කිරීමේදී සියයට 2 -3 ත් අතර පොලී අනුපාතයකට එකඟ වීම සම්බන්ධව ඇතැම් දෙනා විවේචන ඉදිරිපත් කළද ඔවුන්ට මේ සියයට 7.85ක පොලීය නොපෙනීම පුදුමයට කරුණකි. එමෙන්ම 2021 සහ 2022 වසරවලදී ශ්‍රී ලංකා මහ බැංකුව එකද අන්තර්ජාතික බැඳුම්කරයක් හෝ නිකුත් නොකිරීමද සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණකි.
මේ අතරට කොවිඩ් වසංගතය පැමිණීමෙන් රට වසා දැමීමට සිදුවීමෙන් නිෂ්පාදන අඩාළ වී, සංචාරක කර්මාන්තය බිඳ වැටී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවුණු හානියද සලකා බැලිය යුතුය.
පාස්කු ප්‍රහාරය සිදුවුණු 2018 වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.3ක්ව තිබූ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6ක් දක්වා බිඳ වැටිණි. 2020 වන විට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 0.6 දක්වා පහත වැටීමද රටේ විදේශ සංචිත පහත වැටීමට ප්‍රබල හේතුවක් විය.
ආර්ථිකයට අනෙක් පහර එල්ල වූයේ කොවිඩ් 19 වසංගතයෙනි. කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අමතර විශාල පහරක් එල්ල කර සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමතර බරක් පැටවීමත් සමගිනි.
විදේශ විනිමය සංචිත ඉතා අනතුරුදායක ලෙස පහළ ගියේ ඉහත කී සාධක ද සමඟිනි. එයට වසර පහකට පෙර එක්සත් ජනපද ඩොලර් බිලියන 12.050ක් ශ්‍රී ලංකා ආර්ථිකයට එක් වූයේ අන්තර්ජාතික බැඳුම්කර වශයෙනි. මීට මාස දෙකකට පෙර ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පාලනය කිරීම අත්හැර දැමූයෙන් මේ වන විට ශ්‍රී ලංකා රුපියල කඩා වැටෙමින් තිබේ. මේ වන විට එය පවතින්නේ ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 362ක් වශයෙනි.
මේ අතර වැඩිවෙමින් පවතින විනිමය අනුපාත ශ්‍රීලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට මෙන්ම තේ අපනයන ක්ෂේත්‍රයටද අනපේක්ෂිත ලාභයක් අත් කර දෙමින් තිබේ. එහෙත් උද්ධමනයද වේගවත් වෙමින් තිබේ. එය 2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව බලන විට සියයට 29ක මිල ඉහළ යෑමකි. එමෙන්ම උද්ධමනය මැනීම සඳහා වඩා ශක්තිමත් මිනුම්දඬු අවශ්‍ය කර තිබේ.
මේ කෙසේ වුවද ලබා ගත් ණය යළි ගෙවීමට රජය බැඳී සිටියි. එහෙත් පැහැදිලි දත්ත වාර්තා අනුව පෙනී යන්නේ මේ අර්බුදයට වගකිවයුතු වන්නේ වර්තමාන ආණ්ඩුව නොව අති විශාල විදේශ ණය සමඟ මේ ආණ්ඩුවට රට බාර දුන් පෙර පැවති ආණ්ඩු බවයි.
මැයි මස 4දා ‘ඩේලි නිව්ස්’ පත්‍රයේ පළ වූ ලිපියක පරිවර්තනයකි.