
රටෙහි පවත්නා බොහෝ ආර්ථික අර්බුදවලට මූලික හේතුව ඩොලර් සංචිත හිඟවීමයි. රුපියල අවප්‍රමාණය වීමත් සමඟ වෙළදපොළ තුළ විශාල අවිනිශ්චිතභාවයක් ඇතිවී තිබේ. අර්බුදයන් හමුවේ ඉන්දියාවෙන් ණය පහසුකමක් ලබාගැනීම සිදුවිය. මේ අර්බුදයට කෙටි, මාධ්‍ය හා දිගුකාලීන පියවරයන් ගැනීම ඉතා වැදගත්ය.
කෙටිකාලීන පියවරක් විදියට සලකා බැලිය හැකි අංශයක් ලෙස විනිමය ලබා ගැනීමේ මාර්ග පුළුල් කළ යුතුය. රජය ඒ සඳහා යම් පියවරක් ගෙන තිබේ. විශේෂයෙන්ම බැංකු නොවන විනිමය හුවමාරු කරන පුද්ගලයන්ට එම බැංකුවල මුදලට වඩා ඉහළ මුදලක් ගෙවීම තහනම් කිරීම හරහා යම් ආකාරයකට නිත්‍යානුකූල නොවන මාර්ගවලින් විනිමය ගලා ගෙන ඒම සිදු වෙයි. එසේම විදෙස් විනිමය සඳහා කළු කඩයට විශාල ඉල්ලුමක් පැවතීම නිසා; තවදුරටත් විනිමය අවප්‍රමාණය වීමට ඇති ඉඩකඩ වැඩි වෙයි. රජය දැනට ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලෙස ආනයන සීමා පැනවීමක් කර ඇත.
කෙසේවෙතත් රජය මේ ඩොලර් උපායගත යුතු උපාය මාර්ගයන් පිළිබඳ වඩා සැලකිලිමත්විය යුතුයි. මේ අවස්ථාවේදී කෙටිකාලීනව ඩොලර් උපයාගැනීම ගැනීම වැදගත් වෙයි. විදේශගත ශ්‍රමිකයින්ගෙන්; එනම් වෘත්තිකයන් සහ ශ්‍රමිකයන් අරබයා නිවාස යෝජනා ක්‍රමයක් ඇති කර යම් ඩොලර් ප්‍රමාණයක් කෙටි කාලයකදී ලබා ගැනීමට ක්‍රමවේදයන් සකස් කළ යුතුයි. එසේම අතහැර දමා ඇති සමහර ව්‍යාපෘති; එනම් විදේශ ආධාර වැඩසටහන් යටතේ පැවති ව්‍යාපෘති වැනි ක්‍රමවේදයන් පිළිබඳව නැවත කියවීමක් එසේම සමාලෝචනයක් කිරීම වැදගත් වෙයි.
තවද සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, විශේෂයෙන් කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘති පිළිබඳව නැවත සලකා බැලීමක් කළ යුතු වෙයි. අඩු අදායම්ලාභීන්ට ලබා දෙන සුබසාධන ව්‍යපෘති වෙනුවට; ඔවුන්ට යම් ජිවනෝපාය සංවර්ධන වැඩසටහන් සඳහා ලෝකයේ විවිධ සංවිධාන හරහා එනම් ; යුරෝපා යුනියන් සහ රාජ්‍ය නොවන ඇතැම් සංවිධාන, ආයතන හරහා එවැනි උපකාරයන් ලබාගත හැකිය. කොරෝන වසංගතයත් සමඟ ලෝකයේ ඇතැම් රටවල සේවකයින් ඉලක්ක කරගනිමින්, එනම් රැකියා අහිමිවූවන් ඉලක්ක කරගෙන විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. මේ පිළිබඳව රජය අවධානය යොමු කළ යුතුයි; එක් පැත්තකින් ආනයන සීමා කිරීම, අනිත් පැත්තෙන් නිත්‍යානුකුල මාර්ගයෙන් විනිමය ගලාගෙන ඒමට සැලැස්වීමක් අවශ්‍ය වෙයි, විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ දැනට ලැබෙන මට්ටමට වඩා ඉහළ මට්ටමක් දක්වා ගෙන ඒමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ආයෝජනයට අදාළව යම් මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණහොත්, විදෙස් විනිමයේ සැලකිය යුතු වෙනසක් වෙයි. මේ ක්‍රමවේදයන් කෙටිකාලීනව භාවිතා කළ හැකි ක්‍රමෝපායන්ය.
කඩිනම් විසඳුම් ලෙස රජය යම් ආනයන සීමා පැනවීමක් කර ඇත; ආනයනික භාණ්ඩ මත කරන වියදම් හැකිතාක් දුරට අවම කිරීම වැදගත් වෙයි. මේ දක්වා රජය වක්‍රාකාරව ආනයන පාලනය කිරීමට උත්සාහ කළ ද එය ප්‍රබල ඉල්ලීමක් ලෙස කළ යුතුයි. ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් කරනු ලබන වියදම අවම කළ යුතුයි
මධ්‍යකාලීන හා දිගුකාලීනව විනිමය උපයා ගැනීමට අදාළව යම් පියවරක් ලෙස අපනයන අංශයට ඍජුවම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙයි. දේශපාලඥයන් සහන මලු බෙදීම වැනි සිල්ලර ගණයේ වැඩසටහන්වලින් ඉවත්ව ඒ වෙනුවට තමන්ගේ ඡන්ද කොට්ඨාසයේ අපනයන වෙළෙඳපොළට භාණ්ඩ සැපයීය හැකි නිෂ්පාදකයන් ව්‍යවසායකයන් හඳුනා ගෙන; ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීම සඳහා ඊට අදාළ ඉලක්ක ලබාදීමට රජය මැදිහත් විය යුතුයි. සෑම දේශපාලඥයෙක්ටම ඉලක්ක ලබාදීම ඉතා වැදගත්ය. අපනයන දශකයක් ඇති කිරීමට පියවරයන් ගැනීමද ඒ දේශපාලන යාන්ත්‍රණය හා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක විමද කාලෝචිතය. භාණ්ඩ අපනයනය කිරීමේදී යුරෝපය පමණක් නොව තමිල්නාඩුව, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවලට භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කිරීම සඳහා යොමු විය යුතුයි.
පෝට් සිටි වැනි ආයෝජන ව්‍යාපෘති සඳහා රජය යම් සහන ලබාදීමද ඊට අදාළ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජය මුල් වීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීම, වංචා, දුෂණ හා නාස්තිය පිටු දකින රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිඳභාවය, නීති පද්ධතියක් පැවතීම ඉතා වැදගත් වෙයි.
ආර්ථික උපදේශක සභාවකට ව්‍යාපාරිකයන් යොදා ගැනීම ලෝකයේ සිදු කෙරෙන්නේ කලාතුරකිනි. රජය මේ මිත්‍යාවෙන් ඉවත් වී දක්ෂ දේශීය හෝ විදේශීය ආර්ථික විශේෂඥයන් පත් කිරීම මේ අර්බුදයන්ට සැබෑ විසඳුම්ය.
කෙටිකාලීනව මෙන්ම මේ අර්බුදය කළමනාකරණයට මධ්‍යකාලීනව හා දිගු කාලීනව අවශ්‍ය පදනම නොදැම්මොත් නැවත වරක් අද පවතින තත්ත්වයට රට පත්විය හැකියි. මේ ආර්ථිකය නැවත අවුරුදු හතරකින් හෝ පහකින් මේ හා සමාන තත්වයක් ඇතිවීම වැළැක්විය යුතුයි. ඒ සඳහා සියලුම දේශපාලන යාන්ත්‍රණයන් දේශපාලන පක්‍ෂ, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහජනතාව යන සියලු පාර්ශ්ව පෙළගැසිය යුතුයි. මේ අවස්ථාවේදී දේශපාලනය කිරීම නොව ජාතික එකඟතාවකින් යුතුව මේ අර්බුදයෙන් මිදීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම වඩා වැදගත් වෙයි.
දිගුකාලීනව රජය අපනයන සංවර්ධනය සඳහා විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අනිවාර්යෙන්ම යොමු විය යුතුයි. ඒ සඳහා රටේ යහපත් පරිසරයක් සකස් කිරීම වැදගත් වෙයි. රටේ සාමාන්‍ය මිනිසුන් පත් වී ඇති අගතිය පිළිබඳ සිතිය යුතුය. ආණ්ඩු පෙරළා දැමීම නොව; මේ අවස්ථාවේදී වැදගත් වන්නේ සාමුහික වගකීමකින් කටයුතු කිරීමයි. නිවැරදිව සුදුසු පුද්ගලයන් තනතුරුවල පිහිටුවිය යුතුයි. පසුගිය රජයන් ජපාන ආධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම, කැලණිවැලි නතර කිරීම, Mcc නතර කිරීම වැනි පියවරයන් සුදුසු නොවන බව අපි පැහැදිලි කර ඇත.
කෘෂිකර්මාන්තය වෙළෙඳ ප්‍රතිපත්තිය සහ අපනයන ප්‍රතිපත්ති රටේ ප්‍රධානම අංශ අත්තනෝමතික ලෙස වෙනස් කිරීම දරුණු තැනකට රට ඇද වැටීමට හේතු වෙයි. ඩොලර් හා සංචිත වැඩිකර ගැනීමට පැහැදිලිවම පෙර සඳහන් කළ ක්‍රම හැරුණු විට වෙනත් කිසිදු විකල්පයක් නොවෙයි. කෙටිකාලීනව ක්ෂණිකව පියවරයන් ගත යුතුයි. දිගුකාලීන පියවරයන් ලෙස අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි.
රජයට කෙටිකාලීන ණය ප්‍රතිව්‍යුගත කර කෙසේ හෝ අවම ප්‍රමාණයක් ගෙවීමේ තත්වයකට ප්‍රතිව්‍යුහගත කරගැනීම වැදගත් වෙයි. එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. දේශීය ණය ප්‍රමාණයත් මේ අවස්ථාවේදී රජය අඩුකරගත යුතුයි. විදෙස් සංචිත ප්‍රමාණය වැටීමෙන් අවසාන ජාත්‍යන්තර මුල්‍ය වෙළෙඳපොළේ දොරටුව වැසිණි. රටවල් වර්ග කිරීමේදී C ගණයට මෙරට ඇද වැටිණි. සංඛ්‍යාතවලින් C වලට පැමිණි විට අපිට ජාත්‍යන්තර වෙළඳපොළට යෑමට නොහැකිය. අපිට ජාතික එකඟතාවකින් යුතු ගමනක් මිස දේශපාලන වශයෙන් ගැටුම් ඇති කර උද්ඝෝෂණවලින් මෙය විසඳිය නොහැකිය. ඉන් අරාජිකත්වයකට රට ගමන් කර අද පවතිනවාටත් වඩා විශාල දේශපාලනික ආර්ථික අර්බුදයකට යාමක් සිදුවෙයි. විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ බදු ඉවත් කිරීම තුළ බදු ආදායම බොහෝ දුරට අඩු විය.
මේ පවතින අර්බුදය හමුවේ විසඳුම් සොයාගැනීමේ ප්‍රමුඛ කාර්යය බවට IMF වෙත යොමුවීම පැහැදිලිවම කළ යුතුව තිබුණි. පසුකාලීනව හෝ ඒ වෙත යොමුවීම වැදගත්ය. එහිදී ඩොලර් බිලියන 3 හෝ 4 ණය පහසුකම් සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන ලද අතර IMF එක ඒ සඳහා එකඟතාවක් නොදැක්වීය. එහිදී IMF එක පෙන්වා දෙන ලද කරුණක් නම් ණය ගෙවීම් සම්බන්ධව තිරසාරභාවයක් නොමැති අතර ඒ තිරසාර භාවය ඇති කරන්නේ කෙසේද යන්න වැඩසටහනක්ද ඉදිරිපත්වී නැති බවයි. ඒ නිසා IMFඑක ඒ පහසුකම ලංකාවට ලබාදීමට නොහැකි බව පෙන්වා දෙන ලදී. එහෙත් ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇති බව සඳහන් කර ඇත. එය වසර තුනක පමණ කාලසීමාවකට අදාළව IMF එකඟතාවක් ඇතිවෙයි. ඩොලර් බිලියන 2 සිට 4 දක්වා එය ලබාදීම සිදු කරන අවස්ථාව වනවිට; ලංකාව විසින් කළ යුතු වන්නා වූ මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් පෙන්වා දී ඇත. එහිදී IMF විසින් ඩොලර් නිදහස් කිරීම කොටස් ආකාරයට සිදු වෙයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කළයුතු කුමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවේ පැහැදිලිව ම දක්වා ඇත. ඒ අනුව ආර්ථිකයේ තිරසාරභාවය ආර්ථික වර්ධනය ඇති කිරීමට ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිසංස්කරණ කුමක්ද යන්න පැහැදිලි කළ යුතුයි. එහිදි මූලික වශයෙන් අවධානය යොමුකර ඇති කරුණු නම් වක්‍රබදු ඍජුබදු ප්‍රමාණය ඉහළ දැමීමයි. බදු පදනම මත ගෙවන පිරිස වැඩි කරගැනීම මෙන්ම බදු පදනම පුළුල් කරගත යුතු ද වෙයි.
එසේම රජයේ වියදම් කළමනාකරණය කළ යුතුයි. එහිදී නාස්තිය අවම කිරීම ප්‍රමුඛතාගත නැති වියදම් කපාහැරීම්, පාඩු ලබන රාජ්‍ය ආයතනයන් ඒ තත්ත්වයෙන් මුදවා ගැනීම, රජයේ සුබසාධන යටතේ වන සේවාවන් හෝ භාණ්ඩවල මිල ගණන් නියම වෙළෙඳපොළ වටිනාකම නිරූපණය වන ආකාරයට සකස් කිරීම කළ යුතුය. ඒ හා සමඟාමීව කළමනාකරණය ශක්තිමත් කර පාඩු ලබන රාජ්‍ය ආයතන ඉන් මුදවා ගැනීම අවධානය යොමු කළ යුතුය. වෙළෙඳපොළ අනුව විනිමය අනුපාතයේ අගය තිරණය වන ආකාරයට ක්‍රමානුකූලව විනිමය අනුපාතය අවප්‍රමාණය කළ යුතුයි. රුපියල පාවෙන්නට ඉඩ හැරිම පිළිබඳව IMF සඳහන් කළේ පෙළගැස්මක් ඇතිව ක්‍රමානුකූලව රුපියල මුදාහැරීම කළයුතු වෙයි. ඊට අදාළ අනිකුත් ප්‍රතිපත්ති ඇතිව මුදාහැරීම කළ යුතුය. ආරක්ෂිත දැලක් නොමැතිව එවැනි දේ කිරීම වරදකි. පොළි අනුපාතය ඒ අවස්ථාවේදීම පහළ දැමීම සිදුවීම සාමාන්‍ය ක්‍රමවේදයයි. IMF අවධාරණය කර තිබූ ආකාරයට විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේගවලට අනුව ඉඩ සලසා දිය යුතුසේම ආනයනයන් පාලනය කිරිම්වලින් ක්‍රමානුකූලව මිදිය යුතු වෙයි. එසේම සහනාධාරවලට අදාළව සමාජ ආරක්ෂණ වැඩ සටහන් ශක්තිමත් කළ යුතු වෙයි. සහනාධාර ලබාදිය යුතු පාර්ශ්වයන්ට ලබාදීම සඳහා ඉලක්කගත පිරිසක් තෝරාගැනීම සුදුසු ක්‍රියාමාර්ගයකි.
IMF මුල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම අවධාරණය කරන අතර රජය මහ බැංකුවෙන් ණය ලබාදීම වැළැක්විය යුතුයි. රජයට ලබාදී ඇති මුදල් ණය ආපසු ලබාගැනීමට කටයුතු කළ යුතුය. එසේ ම පොළි අනුපාතය ඉහළ දැමීමද වැදගත් වෙයි. ව්‍යාපාරිකයන්ගේ මුදල් රජයට සහ බැංකුවලට ඇදී යාම සිදුවන අතරම ඒ නිසා මිල ගණන් ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය ඉහළයාම සිදුවෙයි. මේ නිසා ජනතාවට මිලදී ගැනිමේ හැකියාව අඩුවෙයි. ප්‍රවාහනය විදුලි බලය දුම්රිය ගාස්තුවලට අදාළ සහනාධාර අඩු කළ යුතු වෙයි. සුබසාධන අරමුණින් රජය පවත්වා ගෙන යන වැඩසටහන් හකුළා ගැනීමට රජයට සිදුවෙයි. මේ අර්බුදය තුළ IMF යෝජනා කරනු ලබන වැඩසටහන් ක්‍රියාත්මක නොකර ඉදිරියට යෑම කළ නොහැකිය. ආදායමට වඩා වියදමට මේ වනවිට අපි හුරුවී ඇති නිසා ආදායම වැඩි කිරීම සහ වියදම අඩුකර ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වීම වැදගත්ය.
ජනතාවගේ වියදමට සාපේක්ෂව ආදායම වැඩිවීමක් සිදුවී නැති අතර 2012 වසරේ සිට ආර්ථික වර්ධනය ඉතාමත් සිමින් ක්‍රමක්‍රමයෙන් 2019 දක්වා අඩුවිමක් සිදුවූ අතර 2020 සිට ඍණ 3.03 විය. එක් පැත්තකින් ආදායම වර්ධනය නොවූ අතර අනෙක් පැත්තෙන් රැකියා අවස්ථා සහ ආදායම් උත්පාදන අවස්ථා සිදුවී නැත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පහතටම වැටී ඇත. විශාල ආර්ථීක පීඩාවක් ඇති අවස්ථාවක තවදුරටත් පීඩාවක් ලබාදෙන ආකාරයේ ආර්ථීක ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වෙයි. පහළ ජිවන උපාය ශක්තිමත් කිරිමට සම්පත් සොයා ගැනීම කළ යුතුයි. රජයට මේ අවස්ථාවේදී සහන ලබාදීමට නොහැකිය. ආර්ථීක ප්‍රතිසංස්කරණවලදී එහි බලපෑමට ලක්වන්නේ කුමන පාර්ශ්වද යන්න හඳුණාගත යුතුය. ඒපාර්ශ්ව සඳහා වුවමනා කුමන වැඩසටහන්ද හඳුනාගත යුතු සේම ණය ලබාදුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළකට යාමටයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන ආකාරයට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අදාළව ජාතික එකඟතාවක් තිබිය යුතුයි. ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පිහිටුවීම වැදගත් වෙයි. රාජ්‍ය සේවකයන් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කොමිටියක් හරහා ගැටලු පිළිබඳව අවධානය යොමු කර ඒවා විසඳීමට අවශ්‍ය සම්පත් සොයා ගැනීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. දේශපාලඥයන් බලය හුවමාරු කරගත්තද ඔලුගෙඩි මාරුවුව ද මේ ගැටලුවලට විසදුම් නොලැබෙයි.
ජාත්‍යන්තරිකව මුදල් ආධාර වැයවන ආකාරය පිළිබඳව විනිවිඳභාවය තිබිය යුතු සේම, වියදම පියවා ගැනීමටවත් ආදායම සොයාගැනීමට කටයුතු කිරීම අතිශයින් කාලෝචිතය. අප හමුවේ ඇති අර්බුද අතර ඩොලරය පාවීමත් සමඟ විදෙස් ණය ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩිවීම ප්‍රමුඛ වෙයි. දේශීය ණය ප්‍රමාණය පොළී ප්‍රමාණය රුපියල්වලින් හෝ අඩුකර ගැනීමෙන් යම් රුපියල් ප්‍රමාණයක් ඉතිරි වෙයි. රුපියල් ප්‍රමාණයට වඩා අච්චු ගැසීමෙන් ආර්ථිකය එක්තරා ප්‍රමාණයකට පිච්චීමකට ලක්විය. විදෙස් ණය ප්‍රමාණය රුපියල්වලින් දෙගුණය වී ඇති අවස්ථාවකදී දේශීයව ගෙවීමට ඇති ණය ප්‍රමාණය අඩු කරගත හැකි වුවහොත්; බදු ආකාරයට ජනතාවගෙන් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අඩුකර ගත හැකි වෙයි.
ආර්ථික උද්ධමනය නිසා ජනතාව පිඩා විඳින අවස්ථාවක රජය ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ අර්බුදයට මූලික වශයෙන්ම හේතුව අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපි උපයා ගැනීමට අසමත් වීමයි. එය අපි පාඩමකට ගත යුතුයි. අනාගතය අවිනිශ්චිත වී ඇත. 2020 සහ 2030 දක්වා කාලය මෙරට තරුණයන්ගෙන් උදුරා ගත් වසර දහයක් බව වැඩිහිටියෝ අවබෝධ කරගත යුතුය. තරුණ පරපුරේ අධ්‍යාපන අවස්ථා, රැකියාවන් හෝ ආදායමක් ලබාගැනීමේ අවකාශය ඇහිරී ඇත. තරුණයන්ගේ අසහනය පුපුරා යාමට පෙර මේ ආර්ථිකය හා බැඳුණු සියලු අර්බුද නිරාකරණය කිරීමට නම් අපි අවධානය යොමු කළ යුත්තේ ආර්ථිකය නිවැරදි දිශානතියට හැරවීම කළ හැකි වන්නේ කුමක්ද යන සංකීර්ණ කරුණ පිළිබඳවය.