
තරුණ ප්‍රජාවට නියෝජනයක් සහ අවස්ථාවක් අවශ්‍යයි
1 මෙය ඉතා හොඳ යෝජනාවක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් නියෝජනයක් අවශ්‍ය බවට පුළුල් සාකච්ඡාවක් දිගින් දිගටම මතු වුණා. විශේෂයෙන් පසුගිය 1989 තරුණ කැරුල්ලෙන් පසුව මේ කථිකාවන් සමාජ ගතවුණා.
ඒ අවස්ථාවේදී තරුණ කැරුල්ලට හේතුව සෙවීමේ කමිටු එනම්, එම කාරක සභාව විසින් යෝජනා කර ඇත්තේ තරුණයන්ට ලබා දෙන අවස්ථා වැඩි කිරීමටයි. අපේ රටේ සමහර තරුණයන්ගේ දැනට ඇති අභියෝගය සහ සාකච්ඡා වන්නේ ඒ අයට අවස්ථා ලබාදීමයි.
ඒ අයට අවස්ථා ලබාදීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා රටේ ඉහළ තීන්දු තීරණ ගනු ලබන තැන්වල තරුණයන්ගේ දායකත්වය වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මම ඉතාමත් පක්ෂයි.
2 මම හිතන්නේ එය හොඳයි, නමුත් 19 වැනි සංශෝධනයේ යම් ගැටලුකාරී තැන් එම යෝජනාව තුළ තිබුණා. ඒ ගැටලු මඟ හරවා ගත යුතුයි.
එහිදී ජනාධිපතිවරයා එක් පැත්තකටත් අගමැති තව පැත්තකටත් පාර්ලිමේන්තුව තවත් පැත්තකටත් ඇඳීමෙන් රට තුන් පැත්තකට ඇඳී ගිය තත්ත්වයක් තිබුණා. ඒවා සමහන් කරමින් ජනාධිපතිවරයා අගමැතිවරයාත් සහ පාර්ලිමේන්තුවත් තුනම එකතු වූ කාරක සභා ක්‍රමයක් සැකසීම කාලීනයි කියලා මම විශ්වාස කරනවා.
ඒ වගේම සිවිල් සමාජයෙන් එන කණ්ඩායම්වල යම් කිසි ප්‍රමිතියක් අවශ්‍යයි. එසේ නොමැති වූ කල්හි ඒ ඒ ආණ්ඩු පත්වන කාලවලදී සිටින දේශපාලන පක්ෂවල ආණ්ඩුව කරවන අයගේ හිතවතුන් ඒ කමිටුවලට යෝජනා වීම සාමාන්‍ය දෙයක්. එය හොඳ දෙයක් නොවෙයි, එය වෙනස් විය යුතුයි.
3 මගේ ස්ථාවරය නම් විධායක ජනාධිපති ක්‍රමය එක් කාලයකට වෙනස් කරන්න තව කාලයක සංශෝධනය කළ යුතු දෙයක් නොවෙයි. මෙය ඉතාමත් තීරණාමත්මක කොටසක්. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ විධායක ක්‍රමය ඇතුළත් කර ඇත්තේ ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලෙසයි. අප පළල් අර්ථයෙන් ගත යුතු සත්‍යය එයයි.
1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාව පත් කළේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයකටයි. වෙනම ක්‍රමවේදක් අනුවයි පත්වීම සිදුවන්නේ. එමෙන්ම ව්‍යවස්ථාදායකය පත් කරන්නේද වෙනම ක්‍රමවේදයක් අනුවයි. ඒ නිසා ක්‍රමවේදයන් දෙකක් අනුව තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන රටක් ලංකාව කියන්නේ. මෙය බහුතරයකට තේරුම් ගන්න බැහැ.
ඒ නිසා හුඟාක් අය කල්පනා කරනවා, අනෙක් බලය වහන්න පුළුවන් කියලා පාර්ලිමේන්තු පත්කළ බලයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයත් එය බැහැ කියලා තිබෙනවා. ඒ නිසා ජනමත විචාරණයක් නැතුව මේ විධායක ක්‍රමය අහෝසි කරන්න බැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් 13 වැනි ව්‍යස්ථා සංශෝධනය එනම්, පළාත් සභා මැතිවරණ ක්‍රමය යන දෙකම එකට වෙනස් විය යුතුයි.
මක්නිසාද මේ දෙක එකට ගැටගැසී තියෙන්නේ. එය කොතරම් දුරට පැහැදිලිද කියනවා නම්, පළාත් සභා ක්‍රමය ගෙන එන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කළා පළාත් සභා නවයක් හදන කොට රටේ පරමාධිපත්‍ය කැඩෙනවා නේද කියලා.
එවිට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයක් නම්, මුළු රටම එකම ඡන්දදායක කොට්ඨාසයක් ලෙස තිබෙන නිසා ජනාධිපති තනතුර විසින් තමන්ගේ නියෝජිතයන් නව දෙනෙක් ආණ්ඩුකාරවරුන් ලෙස මේ පළාත් සභාවට යොදන නිසා පළාත් සභා නවය හැඳීමෙන් පරමාධිපත්‍ය කැඩෙන්නේ නැති බවයි.
ඒ කියන්නේ ජනාධිපති ධූරය පළාත් සභාව නොකැඩී තිබීමට කොන්දේසියක් ලෙස තිබෙනවා, ඒ නිසා පළාත් සභා ක්‍රමය තියෙනවා නම්, ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් තීරණ ගැනීම් අසීරුයි.
පළාත් සභා ක්‍රමයයි, මැතිවරණ ක්‍රමයයි, ජනාධිපති ක්‍රමයයි තුනම එකටයි තියෙන්නේ. මේ තුනම වෙනස් කරනවා හැර මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු නැහැ. නමුත් විධායක ජනාධිපති ක්‍රමයේ බලතලවල යම් එහා මෙහා කිරීමේ කිරීමේ වරදක් නැහැ.
4 කාරක සභාවක් යටතේ හෝ ජාතික සභාවක් යටතේ ජනාධිපතිවරයා ඉන්නෙත් නැහැ. ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි යන කරුණ ව්‍යවස්ථාවේ තිබෙනවා.
ඒ නිසා විධායක බලය යටතේ ජනාධිපතිවරයාගේ බලයත් කැබිනට් මණ්ඩලයත් රාජ්‍ය සේවයත් යන තුනම තිබෙනවා. එය ව්‍යවස්ථාව යටතේ ඉහළින්ම තිබෙනවා. ඒ නිසා මම කියන්නේ විධායක බලය ඒ ආකාරයට ආරක්ෂා කරගන්නා අතර අනෙක් කටයුතු සිදු කිරීම සුදුසුයි කියලා.
5 විගණනය පිළිබඳ ගැටලුවක් දැනට තියනවා. විශේෂයෙන්ම විගණන පනතේ තියන කොන්දේසි වෙනස් කළාට ගැටලුවක් නැහැ. ජාතික විගණන පනත පනතක් ලෙස ඉදිරියට ගෙන ඒම වැදගත් කියලා මම හිතනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි
1 තරුණ නියෝජිතයන් විතරක් නොවෙයි, රටේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන පිරිසක් නියෝජනය විය යුතුයි. රාජ්‍ය සභාව කියන එක 20 දෙනකු සමන්විත විය යුතුයි කියලා අපි යෝජනා කර තිබෙනවා. ඒ 20 දෙනාට අගමැති, කථානායක, විපක්ෂනායක මුදල් ඇමැති විදෙස් ඇමැති නීතිපති ඒ වගේම විපක්ෂ නායකයා සහ අගමැති නියෝජනය නොකරන පක්ෂ වලින් තව මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු සහ විවිධ ක්ෂේත්‍රයන් වලින් ප්‍රවිණත්වයක් ඇති තරුණයන් ඇතුළු 12ක් පත් කළ යුතු බව අපි යෝජනා කර තියෙනවා. ඒවා උපදේශන සභාවක් ලෙස උපදේශන මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක විය හැකියි.
2 මම හිතන්නේ කාලීනව හොඳ යෝජනවක්. මේ යෝජනාව හොඳයි. දැනට පාර්ලිමේන්තු සභාව කියලා එකක් තියෙනවා. එහි ජනාධිපතිවරයා විසින් පත් කරන තනි බලයක් තියෙන්නේ.
3 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා අපි දිගින් දිගටම අපි කියන්නේ. මේ රටේ ජනතාව ඉල්ලන්නෙත් විධායක ජනාධිපතිවරයාට ඉවත් වෙන්න කියලයි. ඒ වගේම මැතිවරණ කිහිපයකින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනතාව බලය දීලා තියෙනවා.
ඒ වගේම අනුමැතිය දීලා තියෙනවා. අනිත් කාරණය තමයි විධායක ජනාධිපති ක්‍රමය අත්තනෝමකික ලෙස යොදා ගැනීම නිසා අද රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. එයින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න කියලා අපි විතරක් නෙවෙයි, මේ රටේ පක්‍ෂ කිහිපයක් ඉල්ලනවා.
නීතිඥ සංගමය ඉල්ලීම් කර තියෙනවා. අපි කියන්නේ 21 වෙනි සංශෝධනය ගේන්න. අපි යෝජනා කරලා තියෙනවා, අධිකරණ ඇමතිතුමාට හා අගමැතිතුමාට අපිට කාලයක් අවශ්‍යයි කියලා. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන යෝජනාව සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට අපිට කාලයක් අවශ්‍යයි.
විධායක ක්‍රමය අහෝසි කිරීමෙන් අපි අදහස් කරන්නේ බලතල අඩු කිරිමයි. බලතල අඩුකර නාමික ජනාධිපතිවරයෙක් පත් කරන්න කියලයි අපි කියන්නේ.
වර්තමානයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත් කළ හැකියි. නැවත ජනාධිපතිවරණයක් අවශ්‍ය නැහැ. ඒ එක්කම අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළ යුතුයි. ඉන්පසු අගමැතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් පළාත් සභාවලට පත්කර ඒ ආණ්ඩුකාරවරුන් අගමැතිතුමාගේ උපදෙස් පරිදි පළාත් සභාවල නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා ද සිටිය යුතුයි.
4 අපි දන්නවා ලෝකේ දියුණු රටවල් එසේ දියුණු වී ඇති ප්‍රධාන කාරණාවන් වන්නේ විගණනය හා ප්‍රසම්පාදනයයි. සිංගප්පුරුව වගේ රටවල් ප්‍රසම්පාදනය හා විගණනය සාර්ථක වෙලා තියෙන නිසා තමයි ඒ රට දුෂණය අවම රටක් වෙලා තියෙන්නේ.
දූෂණ අඩු කිරීමට නම් විගණනය සහ ප්‍රසම්පාදනය තව තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම තව කරුණක් නම් පාර්ලිමේන්තුවේ තියෙන කාරක සභා දෙකේ ගන්න තීන්දු නිත්‍යානුකුලව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕන. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ මේ කාරක සභා දෙකෙන් ගන්න තීන්දු සම්බන්ධයෙන් නීතිපතිවරයා මාර්ගයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුයි.
5 අනිවාර්යෙන් පිහිටවිය යුතුයි. එයින් හුඟාක් හොර මැරකම් ගැන හෙළි වෙනවා. නමුත් එතනින් එහාට ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. එවැනි ක්‍රියාමාර්ගයන් ගැනීමට නිතිමය පියවර ගැනීමට යම් නීති ප්‍රතිසංස්කරණයක් ද විය යුතුයි.
මූලිකව කළයුත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමයි
1 අපේ රටේ රාජ්‍ය පාලනයේ සහ පරිපාලනයේ තරුණයින්ට සහ කාන්තාවන්ට නියෝජනයක් ලබාදෙන්න අවශ්‍යයි; කියන ස්ථාවරයේ අපි ඉන්නවා. එය ඉතාමත් වැදගත්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ විශ්‍රාමික වයසෙන් පස්සෙත් අගමැතිකම් ජනාධිපතිකම් බදාගෙන ඉන්න කට්ටියයි කාරක ගැන කතා කරන්නේ. දේශපාලනයෙන් ඉවත්වෙලා ඒ අය ඉස්සෙල්ලම ආදර්ශයක් දෙන්න ඕන. තරුණයින්ට අවස්ථාව ලැබෙන්නේ එවිටයි. ආණ්ඩුවේ රාජ්‍යයේ ප්‍රධාන තනතුරු ටික අතේ තියාගෙන තරුණයින්ට තැන දෙන්න කතා කරනවා. පොඩි විහිළුකාරී ගතියක් තියෙන්නේ. ඒ නිසා පක්ෂයක් ලෙස අපි ඉතාමත් පැහැදිලිවම ස්ථාවරයක ඉන්නවා; අපේ රටේ තරුණයන්ට රාජ්‍ය පාලනයේත් පරිපලනයේත් දේශපාලනයේ අවස්ථා දෙන්න අවශ්‍යයි. ඒ වගේම කාන්තාවන්ටත් අවස්ථාව දෙන්න ඕන. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය මේ දැන් ඉන්න අය දේශපාලනයෙන් විශ්‍රාම යන්න ඕන. මේ ආණ්ඩුව ජනතාව පිළිගන්න ආණ්ඩුවක් නෙවෙයි; තාවකාලික ආණ්ඩුවක්. ඒ නිසා ස්ථාවර ස්ථිර කමිටු හදමින් දිගින් දිගටම බලය ඉන්න නොවෙයි, ජනතාවගේ මතයට ඉඩ දෙන්න අවශ්‍යයි. මේ අවුරුදු දෙකහමාරක් ඇඳගෙන යන්න උත්සාහයක මේ යෙදෙන්නේ. ඉතා කෙටි කාලයකින් ජනතාවට ජනවරමක් හදා ගන්න අවස්ථාව දෙන්න අවශ්‍යයි. එයට පහසුකම් සපයන එක තමයි කළ යුතුව තිබෙන්නේ කියලා අපි හිතනවා.
2 ප්‍රධාන කරුණ තමයි තවමත් අපිට පැහැදිලි නැහැ; රටේ දැවෙන ප්‍රශ්න තියෙද්දි මේ අය මේ මොනවද කරන්න හදන්නේ කියලා. කාරක සභා ප්‍රශ්නය ගැනත් අපිට පැහැදිලි නැහැ. දැන් රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය ඕක නෙවෙයි. හැමදාම මේ අය බලයට පත් වුණාම මේ වගේ දේවල් කරනවා බලය රැඳිලා ඉන්න. දැන් මේ හදන්නේ තාවකාලිකව හම්බ වුණ අගමැතිකමින් මේ ආණ්ඩුවයි ස්ථිර කර ගන්නයි. එක්කෙනෙක්වත් මන්ත්‍රීධූර නැතිව, එජාපක්ෂයේ පාර්ලිමේන්තුවේ නායකයා මන්ත්‍රී කමකුත් නැතිව තමන්ගේ පක්ෂයේ කට්ටියට පරිපාලනයට සම්බන්ධ කරගන්නයි මේ ක්‍රමවේදයක් හොයාගන්නේ. මෙය තාවකාලික ආණ්ඩුවක්. අනිවාර්යෙන්ම ජනතාවට කැමති ජනවරමකින් ආණ්ඩුවක් හදාගන්න කඩිනමින් ඉදිරි මැතිවරණයකින් අවස්ථාව දිය යුතුයි. ඒ පත්වන ආණ්ඩුව තමයි ස්ථාවර තීන්දු තීරණ ගත යුත්තේ. මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක්. ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි ප්‍රමුඛ වෙන්නේ. මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු පාලනයක් මේ තියෙන්නේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු අගමැති ජනාධිපති සහ සියලු දෙනා මිනිසුන් ප්‍රතික්ෂේප කරනවා .ඒ නිසා ඒගොල්ලන්ට කළ යුතුව තියෙන්නේ මේ තාවකාලිකව මේ මොහොතේ ජනතාව මුහුණ පාන මුල්‍ය ආර්ථික කරුණුවලට යම් සහනයක් ලබාදීලා 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ජනාධිපති බලතල ටිකක් අඩුකරලා අලුත් ජනවරමකට යෑමයි. ජනතාව ඉල්ලන්නෙත් නැති කාරක සභාවන් පත් කරන්න යනවා. මේ වෙලාවේ මේ දේවල් කතා කිරීම ප්‍රයෝගික නැහැ. ජනතාව ඉන්නේ විශාල ආර්ථික අර්බුදයකට ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමයි කළ යුතුව තියෙන්නේ.
3 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍යයි යන ස්ථාවරයේ අපි මුල ඉදලම ඉන්නවා. නමුත් අපි දන්නවා විධායක ක්‍රමය අහෝසි කිරීම ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සඳහා අපිට නව ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යයි. ඒ නව ව්‍යවස්ථාව තුළ විධායක ක්‍රමය අහෝසි කළ යුතුයි. ඊට අමතරව තව හුඟාක් දේවල් එයට සම්බන්ධ කළ යුතුයි. ඒවගේ ම ව්‍යවස්ථාවේදී අපි ජනමත විචාරණයකට යායුතුයි. විධායක ක්‍රමය අහෝසි කිරීම වැනි දේවල් කරන්න හැකි වෙන්නේ නව ජනවරමක් ගත් විටයි. 21වැනි සංශෝධනය නිවැරදි ලෙස ගෙන එමින් එය සම්මත කර ජනතාවාදී ලෙස යම් වෙනසකට ලක් කළ හැකියි. නමුත් ඉක්මනින්ම ජනතාවට පවතින අර්බුදයන්ගෙන් සහන සලසන්න කටයුතු කිරිම කළයුතුයි. එසේම ජනවරමකට යාමයි කළ යුතු වන්නේ.
4 මේ ව්‍යවස්ථාව ඉතාමත්ම පැටලිලි සහගතයි අද වනවිට. මේ ව්‍යවස්ථාවට කප කප කොට කෑලි කෑලි අණ්ඩ දමමින් පැළැස්තර දාලා වැඩක් නැහැ. කෑලි කෑලි මූට්ටු කරලා ප්‍රශ්න විසඳන්න බැහැ. රටක ජනතාවගෙන් අදහස් විමසලා රටට අවශ්‍ය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අධ්‍යයනයන් කරන ලද විද්වතුන්ගේ සහ ව්‍යවස්ථා පිළිබඳ අධ්‍යයනයන් කර අත්දැකීම් ගෙන ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන මානව හිමිකම් රැකෙන සමාජ සධාරණත්වයක් තහවුරු වන අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ කාරක සභා පිළිබඳව සාකච්ඡාවට ගතයුත්තේ ව්‍යවස්ථාව ගොඩනැඟීමේදීයි. ඒ ව්‍යවස්ථාව ජනතා හිතවාදි ව්‍යවස්ථාවක් විය යුතුයි. ව්‍යවස්ථාවේදී ජනතාවගේ අදහස් කැමැත්ත නියෝජනය කළයුතුයි. ජනතා ප්‍රසාදය විමසීම කළ යුතුයි. එක එක දේශපාඥයන් තමන්ගේ දේශපාලන ව්‍යපෘති ව්‍යවස්ථාවේ දාගන්න උත්සහා කිරිම සාර්ථක වෙන්නේ නැහැ. ජනතාව අද ඉන්නේ අවදියෙන්. තමන්ගේ මතවාදයන් මේ පාලනය ඇතුළේ තහවුරු කිරීම නොවෙයි කළ යුතු වන්නේ. මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වෙන්නේ සහන මිසක ව්‍යවස්ථා සංශෝධන නොවෙයි. මිනිසුන්ට අවස්ථාව දිය යුතුමයි තමන්ගේ කැමැති පිරිසක් බලයට ගෙන ඒමට. ඒ නව ව්‍යවස්ථාව යටතේ මේ පවතින දෝෂ දුබලතා සියල්ල ඉවත් කර ජනතාව වාදී ව්‍යවස්ථාවක් ගොඩනැඟීම අත්‍යවශ්‍යයි.
5 රාජ්‍ය විගණනයක් තිබිය යුතුයි. පාලකයන් විසින් මේ කොමිෂන් වලට සමාජිකයන් පත් කරන තත්ත්වයක් තුළ කිසිම කොමිෂමක් බලවත් හෝ ස්වාධීන වෙන්නේ නැහැ. ඒ නිසා විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල තියෙද්දි කොමිෂන් ස්වාධීන වෙන්නේ නැහැ. අපි පිළිගන්නවා ස්වාධීන විගණන කොමිෂන් එකක් තිබිය යුතුයි.