AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහයෝගය ලබා දෙයි | Page 2 | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහයෝගය ලබා දෙයි

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුළ ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පිළිකා සංගමය සමඟින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්‍රකාශ කර සිටියි. මෙය AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ අලෙවි කරන සෑම ජීවිත රක්ෂණයක් වෙනුවෙන්ම රු.100/- ක මුදලක් පරිත්‍යාංග කරන 4 වන වසරයි. මේ පිළිබඳ අවබෝධතා ගිවිසුම නොබෝදා AIA ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිං සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න සමඟින් අත්සන් කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස්, පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරන ලද අරමුදල් විශේෂයෙන් භාවිතා කරන ලද්දේ ගිලන්ව, අසරණව සිටින පිළිකා රෝගීන්හට ප්‍රතිකාර සේවා සැපයීමට සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රධානතම ගැටලුුවක්ව පවතින පිළිකා රෝගය වැළැක්වීම මෙන්ම ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව ජනතාව ජනතාව දැනුවත් කිරීම සඳහායි. බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය ප්‍රධානතම ගැටලුවක්ව පවතින අතර මෙරට සිදුවන මරණ වලින් 80% ක්ම පිළිකා ආශ්‍රීත මරණ බවට වාර්තා වෙන අතර මෙය ලෝක මට්ටමින් වෙන මරණ ප්‍රතිශතය වන 74% ටත් වඩා වැඩි අගයක්.

Comments