සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

මධුෂ නිලු­පුල් මඩ­පාත

කෘතිය - මුමු­ණන පන්හිඳ 
කර්තෘ - මධුෂ නිලු­පුල් මඩ­පාත 
මිල රුපි­යල් - 350 පිටු 80 
විම­සීම් - 0712 630 349 
කර්තෘ ප්‍රකා­ශ­න­යකි


මුමු­ණන පන්හිඳ අපේ කවි පොත් අත­රට එක් වූ අලුත්ම කාව්‍ය සංග්‍ර­හ­යකි. එය රචනා කරන්නේ නව­ප­ර­පුරේ කවි­යකු වන මධුෂ නිලු­පුල් මඩ­පාත කවි­යාය. උසස් අධ්‍යා­පන කට­යුතු වල නියැළෙන ඔහු බාල වියේ සිටම කවි­යට යොමූ වු අයෙකි. නමුදු පන්ති­කා­ම­රයේ පැවැ­රු­ම­කට කවි­යක් ලියූ ඔහු එද­වස නම් කිසි­සේත්ම කවි එක­තු­වක් කිරී­මට සිත් දරා ගත්තකු නොවීය. ප්‍රේමය හැම විටම හැම හිත­කම සාර්ථක වන්නේ නැත.

අද බැඳෙන අය හෙට දවසේ වෙන්වී යන්නේ ඇතැම් විට හේතූ කාරණා නොමැ­ති­ව­මය. කිරි­ල්ලි­යක් කූඩුවේ දමා ඇති දැඩි කළ ද ඇය අව­ස්ථා­වක් ලද සැණින් එයින් ඉගිළී යන්නේ කිසි­වෙක්ට නොද­න්වාය. නමුදු ඇය රැක බලා­ගත් ඔහු තැවෙන්නේ කුඩු­වෙන් බැහැ­රව ගිය ඇයගේ ආර­ක්ෂාව කෙබඳු වේදැයි සිතාය. මේ කවිය පිටු පස එන අර්ථය ද එසේ­මය. අද එදා මෙන් නොව සමා­ජය විෂ­මය. මේ තනි­මඟ සැරි­මේදී ගැහැ­නි­ය­කට විවිධ දේට ගොදුරු වන්නට සිදුවේ. කූඩුව හැර­ගිය ඇය ගැන ඔහු තැවෙන්නේ එනි­සා­මය. ඔහුගේ සිත සොරා­ගත් ඇය දැන් යන්නට ගොසින්ය.

ඇගේ හැර යාම ගැන තැවෙන ඔහු ඇගේ සුබ සිද්ධිය පතන ඔහුගේ පැතු­මය මේ. ‘කිරි­ල්ලියේ‘ නිර්මා­ණය ද එවන් අත්දැ­කී­මක් මුල්කොට ගෙන ලියැ­වුණ කවි­යකි.

“ගියත් පියඹා මගෙන් දුර ඈතට
ලොවක් ඇත නුඹට දිනෙක දින­න්නට
නොසි­තු­වොත් පෙර යමක් කර­න්නට
රාජා­ලියො එයි නුඹව නස­න්නට...
නුඹයි මා හද මුල්ම කිරි­ල්ලිය
අද වන­තු­රුත් නුඹයි එකම ලිය
නැතත් කර ගන්න මගෙම මනා­ලිය
පතමි නුඹට සතු­ටම සුකු­මා­ලිය...“

ගොවි­යාගේ එකම පැතුම කලට වැසි ලැබී­මය. නමුදු යල මහ දෙක­න්න­ය­ටම නිසි කලට වැස්ස නොලැ­බුණ විට ගොවි­යාට සිදු­වන්නේ ඉම­හත් පාඩු­වකි. එය ගොවි­යාට පම­ණක් නොව වී අස්වැන්න පම­ණක් නොව වෙනත් වගා­වෙන්ද පල­දාව නැති කළ කාටත් දුක විදි­න්නට සිදුවේ. මේ යොවුන් කවියා ලියන්නේ ගොවි­යාගේ දුක ගැනය.

ගොවියා තම දුක අහ­සට කියන්නේ මහා දුක්ගැ­න­වි­ල්ලක් ලෙසිනි. ගොවි­තැ­නින් ජීවත් වන ගොවි­යෙකු කලට වැසි නැති නිසා තැවෙන දැවෙන හැටි දන්නේ ඒ දුක විඳි අයෙ­කුම පමණි. මඳ­කට හෝ ඔහුට සැන­සීම ගෙනෙන්නේ තම බිරි­න්දෑගෙ වද­නක් පමණි. “ එන්න මහ වැස්සක්“ නමින් මධුෂ පැවි­ල්ලට හසුවු ගොවි දුක කියන්නේ මෙලෙ­සිනි.

“අස්වනු නෙළන්න කාලය ඇති තව
වැහි දෙවි­යනි එන්නකො හනිකේ
මේ යායෙ­නුයි පවු­ලම හදන්නේ
දෙන්නෙපා නිය­ඟය ආයේ“

සුරිය මල් පිපෙන්නේ උදෑ­ස­න­ටය. එනම් හිරු උදා­වත් සමඟ පිපෙන සූරි­ය­කාන්තා මල හිරුත් සමඟ හිරු යන අතට බරව පිපි හිනැ­හෙයි.
සූරි­ය­කාන්තා මලගේ ප්‍රේම­ව­න්තයා වන්නේ හිරුය. ඇය සැන­සෙන්නේ හිරු පෑයූ විටය.

හිරු­ගේත් සුරි­ය­කාන්තා මලේත් ප්‍රේමය ගැන ලියන්නේ මෙසේය. මේ යට සැඟ­වුණ තවත් ප්‍රේම කතා­වක් අතැයි කවිය කියවා අව­සා­න­යේදී අපට හැඟේ. ‘සූරිය මල‘ මාතෘ­කාව කොට ගෙන ලියැ­වුණ කවි­යයි මේ

සමු­ග­ත්තත් ඈ තනි­කර සව­සක
හමු­වන වද­නින් හිමි­දි­රියේ
සමු­ගත් නුඹ යළි පායන හෙට දින
හමු­වෙයි ස්නේහය ඇගේ හදේ...
පමා කිමද තව ඈ වෙත එන්නට
සමා රැස් අරන් ඈ සිප ගනු මැන
අමා හැඳුම් සහ­සක් පිබි­දෙයි අද
නිමා නොවන කවි­යකි ඇගෙ ප්‍රේමය...

කවි­යකු නම් කවිය නිර­න්ත­ර­වම අධ්‍ය­යනය කළ යුතුය. තමන්ගේ කවිය මණක් නොව දෙස් විදෙස් කවි කිවි­ඳි­යන්ගේ නිර්මාණ රස­වි­දිය යුතුය. එවි­ටය අපේ කවි බස, පම­ණක් නොව කවියේ පරා­ස­යන් වෙනස් වන්නේ. මධුෂ මඩ­පාත කවියා නව­ප­ර­පුරේ කවි­යෙකි. “මුමු­ණන පන්හිඳ“ කාව්‍ය සංග්‍ර­හය කිය­වි­මේදී අපට බොහෝ හොඳ නිර්මාණ හමුවේ. හෙට දව­සේදී කවි­යකු ලෙස දිගු ගම­නක් යන්නට නම් කවිය ගැන අධ්‍ය­ය­නය කළ­යු­තුව ඇත.

Comments