- සිංහ ලග්න හිමියන්ට ඉතා තීරණාත්මක කාලයක්
- අසනීප, අනතුරු සහ රැවටිලිවලට හසුවීමේ අවදානමක්
ඉදිරි කාල සීමාව තුළ සමස්ත ග්‍රහගෝචරයන් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ කටක, සිංහ සහ කුම්භ යන ලග්න හිමියන්ට පීඩාකාරී තත්ත්ව මධ්‍යයේ වුවද ජයග්‍රහණ ලබන්නට ඉඩකඩ ඇති බවය. මෙලෙසින් කුජ ග්‍රහයා තවදුරටත් මීන රාශිය තුළ චලිත වීමට අනුව සිංහ ලග්න හිමියන්ට 2022 වසරේ ජුනි 27 වැනිදා දක්වා ඉදිරියට පවතින කාල සීමාව වඩාත් තීරණාත්මක වෙයි.
සැබවින්ම සිංහ ලග්න හිමියන්ට 2022 වසරේ මැයි 16 වැනිදා පමණ සිට විවිධ වෙනස්කම් සිදුවීමට පටන් ගන්නට ඇති අතර එහි අවසාන කාල සීමාව දැන් උදාවී ඇත. අභ්‍යන්තර මානසික තත්ත්වය ආශ්‍රිත ප්‍රබල වෙනස්කම්, දෙගිඩියාව රජ කිරීම, අතිරේක ආදායම් මාර්ගයක් අහිමිවීම වැනි පීඩාකාරී තත්ත්ව සිංහ ලග්න හිමියන්ට 2022 වසරේ මැයි 16 වැනිදාත් 2022 වසරේ ජුනි 27 වැනිදාත් අතර කාල සීමාව තුළ බලපාන්නට ඉඩ ඇත. අලුත් ආදායම් මාර්ගයක් නිර්මාණය වීම, රැකියා ස්ථානයේ ස්ථාන මාරුවීම් සාර්ථක වීම, අලුත් රැකියා ලැබීම වැනි බලාපොරොත්තු ඉෂ්ට වීමට ද ඉඩකඩ ඇත. කෙසේ වෙතත් 2022 වසරේ ජුනි 28 ආශ්‍රිත දිනවල සිංහ ලග්න හිමියෝ වඩාත් පරෙස්සම් වීම නුවණට හුරුය.
ශනි ග්‍රහයාගේ කුම්භ රාශි ගෝචරයට අනුව කටක සහ කුම්භ යන ලග්න හිමියන්ට ද 2022 වසරෙහි අප්‍රේල් 29 වැනිදා පමණ සිට බලාපොරොත්තු රහිත පීඩාකාරී තත්ත්ව දැනෙන්නට ඉඩ තිබී ඇති අතර, මෙම තත්ත්වය 2022 වසරේ ජූලි 12 වැනිදා පමණ වන තෙක්ම අඩුවැඩි වශයෙන් බලපාන්නට ඉඩ ඇත. මෙම පීඩාකාරී තත්ත්ව මධ්‍යයේ වුවද ඔවුන්ට 2022 වසරේ අප්‍රේල් 29 වැනිදාත් 2022 වසරෙහි ජූලි 12 වනදාත් අතර සීමාව තුළ විශේෂ ජයග්‍රහණයකට ද ඉඩකඩ ඇත. එම ජයග්‍රහණය බොහෝවිට ලැබෙන්නේ කිසියම් ආකාරයක අඩුපාඩුවක් ද සහිතව විය හැකිය. කෙසේ වෙතත් ඉහත කාලය මුළුල්ලේම පාහේ කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් අසනීප පිළිබඳ ද, අනතුරු පිළිබඳ ද, රැවටිලිවලට හසුවීම පිළිබඳව ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එයට හේතුව ඉහත කාලසීමාව තුළ ඇති වන අසනීපවලින් සමහරක් ඒවා මතු වන්නේ ඉහත කාල සීමාව නිම වීමෙන් පසුව විය හැකි වීම සහ ඉහත කාලසීමාව තුළ හසුවන රැවටිලිවලට හසුවීම් හෙළි වන්නේ ද ඉහත කාල වකවානුව නිම වීමෙන් පසුව විය හැකි නිසාය. විශේෂයෙන් කටක ලග්න හිමියන් සහ කුම්භ ලග්න හිමියන් 2022 වසරෙහි ජූලි 12 ආශ්‍රිත දිනවල වඩාත් පරීක්ෂාකාරීව කාලය ගත කිරීම නුවණට හුරුය. ඉහත සඳහන් කළ කාරණා කටක ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට පමණක්ම නොවුණ ද මිථුන ලග්න හිමියන්ට සහ මකර ලග්න හිමියන්ට ද යම් පමණකට අදාළ වන බැවින් ඔවුන් ද ඉහත දින වකවානු සහ ඉහත සිදුවීම් පිළිබඳව යම් පමණකට හෝ විමසිලිමත් වීම නුවණට හුරුය.
විශේෂයෙන් ඉහත කී ලග්න හිමියන් අතුරින්, කටක, මකර සහ කුම්භ යන ලග්න හිමියන්ට, සෙනසුරාදා දිනවල නිර්මාංශව සිටිමින් අපල දුරු වේවා! යැයි ප්‍රාර්ථනා කිරීම තුළින් ද සෙනසුරාදා දිනවල උදෑසන 6.00ත් 10.00ත් අතර කාල සීමාව උපවාසයේ යෙදෙමින්, එම අධිෂ්ඨාන ශක්තිය මඟින් අපල දුරුවේවා යැයි ප්‍රාර්ථනා කිරීම තුළින්ද, එම උපවාසය නිම වීමට ආසන්නයේ නොහොත් කුසගින්න උපරිම වූ පසු මිදුලේ හෝ වත්තේ සිටින කළු කූඹින්ට සීනි වැනි උන් කැමති ආහාර දමා උන් රස කර කර කනවා කුසගින්නේ බලා සිට එමඟින් අපල දුරුවේවා යැයි ප්‍රාර්ථනා කිරීම තුළින් ද සෑම සෙනසුරාදා දිනකම තෝරා ගත් අසරණ, වයසක, කකුලක් කොරගසන අයෙකුට මුදලක් පරිත්‍යාග කර එමඟින් අපල දුරුවේවා යැයි ප්‍රාර්ථනා කිරීම තුළින් ද හැකි සෑම විටම තම මවුපියන්ගේ දෑස්වල සතුටු කඳුළු උනන දේවල් සිදු කිරීමෙන් ද පීඩාකාරී මානසික තත්ත්වයෙන් මිදී යම් සහනයක් අපේක්ෂා කළ හැකි වනු ඇත.
සැබවින්ම සිතට ඇති වන පීඩාකාරී තත්ත්ව ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යෑමට ලැබුණු වෙස් වළා ගත් ආශිර්වාදයක් වේ. පීඩාකාරී තත්ත්වය වැඩි වූ තරමට ඒ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික පණිවුඩයේ ගුණාත්මක බව ද වැඩි වනු ඇත. ඒ නිසා මනසට පීඩාකාරී තත්ත්ව ඇති වූ විට අප විසින් කළ යුතු වන්නේ පීඩාකාරී තත්ත්ව ඇති කළා යැයි අප විශ්වාස කරන ප්‍රභවය හෝ ප්‍රභව දෙසට නොව, අප දෙසට ඊතලය යොමු කරමින් එම පීඩාකාරී තත්ත්වය විශ්ලේෂණය කිරීමය. එවිට ලැබෙන ආධ්‍යාත්මික පණිවිඩය තුළින් පීඩාකාරී තත්ත්වය දිය වීමට ඉඩ ඇත.
පාරින්ද්‍ර සුගතදාස
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී