
ඉන්ධන අර්බුදයෙන් මුළු රටම මේ වන විට පීඩාවට පත්ව අවසානය. තෙල් පොදක් බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම් හල් අසල පෝලිමේ ඇති වාහන සංඛ්‍යාවද අති විශාලය.
ඉන්ධන අර්බුදයේ මෑත කොටස ආරම්භ වන්නේ ජුනි මාසයේ 16 දා සිටය. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණි අවසාන ඉන්ධන නෞකාවේ අවසන් තෙල් පොදද බලාපොරොත්තුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල තම රථවාහන දිගු පෝලිම්වල තබාගෙන එක දිගට දින ගණනක් ගතකළ මහජනතාව තවතවත් පීඩාවට පත් වුයේ එලෙස පැමිණි ඉන්දීය අවසන් තෙල් නැවෙන්ද තෙල් පොදක් ලබා ගත නොහැකි වූ නිසාය.
මේ තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරුණේ දිගු ඉන්ධන පෝලිම් වලින් නැඟුණු මහජන විරෝධතාව නිසාය. රටේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පෝලිම්වල ඇති වූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් වැළැක්වීම සඳහා යුද හමුදාවට අහසට වෙඩි තැබීමට පවා සිදුවූ අතර මේ සිදුවීම්වලින් පුද්ලයන් හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලැබුහ.
රට පුරා ඇතැම් ඉන්ධන පෝලිම්වල සිදුවුණු කලහකාරී ක්‍රියා සංඛ්‍යාව දෙසියකට ආසන්නය. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව තිහකට වැඩිය.
ඉන්ධන පෝලිම්වල සිදුවු ගහ මරා ගැනීම් පිහිවලින් ඇනීම් වාහන සහ ඉන්ධන හල්වලට සිදු කරන ලද අලාභ හානිද සුළු පටු නොවේ.
16 වැනිදා ඉන්දීය අවසන් ඉන්ධන නැවෙන් අනතුරුව 23 වැනිදාම පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් එහෙත් හරියටම ආසන්න දිනය 23 වැනිදා ආසන්න වෙද්දි දැන ගත හැකි බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරන්නේ ඔය අතරය. එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද? ඒ කිසිවකුට පාලනය කරන්නට බැරි සිදුවීමකි.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගෙන 23 වැනිදා මෙරටට ළඟා වීමට නියමිතව තිබුණු නෞකාව චැම්පියන් පුලා නමැති එකකි. එය රුසියාවේ ටාමන් වරායෙන් පිට වී මෙරටට ළඟා වීමට නියමිතව තිබුණත් අන්තිමේදී සිදු වුයේ කිසිවකු බලාපොරොත්තු නොවුණු දෙයකි.
අදාළ පෙට්‍රල් නෞකාවට මහජන බැංකුවෙන් නිකුත් කළ ණයවර ලිපි ප්‍රතික්ෂේප විය. ඉන් අනතුරුව ඉන්දීය බැංකු දෙකක් විසින් නිකුත් කරන ලද ණය වර ලිපිවලටද අත්වූයේ එම ඉරණමමයි.
![]() |
ගුවන් හමුදාවෙන් වාහනයටම ටෝකන් |
ඉන්පසු මේ වගකීම බාරගන්නේ සිංගප්පූරු සමාගමකි. අදාළ සිංගප්පූරු සමාගමේ එම වෑයමද නිශ්ඵල වන්නේ නෞකාව අයත් සමාගම එයද ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඉන් අනතුරුව එම ඉන්ධන නෞකාව පිළිබඳ අදහස අතහැර ගැනීමට බලශක්ති අමාත්‍යාංශයට සිදු විය.
මීට ප්‍රධාන හේතුව වූයේ අදාළ ඉන්දියන් නෞකාව මෙරටට පැමිණිමට පෙර ඉන්ධන සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටීමයි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව එසේ කළ නොහැකි නිසා අදාළ සමාගමට රජය ඒ බව දන්වන්නේ මේ ගැන නියම තත්ත්වය ඔවුනට පහදා දෙමිනි. ශ්‍රී ලංකාවේ වරායෙන්ම හෝ ශ්‍රී ලංකා මුහුදු සීමාවට මේ නෞකාව
පැමිණීමෙන් අනතුරුව ඊට මුදල් ගෙවිය හැකි බව අදාළ සමාගමට රජය දැනුම් දුන්නත් ඉන්ධන සමාගමට ඊට
ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.
පසුව වෙනත් ක්‍රමයකට එම පෙට්‍රල් නෞකාව ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය උත්සාහ කළත් ඒ වනවිටත් එම නෞකාව ඉන්දියාවේ බැංගලෝර්හි ක්‍රිෂ්ණ පට්නම් වරායට සේන්දු වී තිබිණි.
මෙරට මේ වන විට පත්ව සිටින මුල්‍ය අර්බුදය සහ බැංකු ශ්‍රේණිගත කිරීම පහත හෙළිම නිසාත් පැරණි ගැණුම්කරුවනට පසුගිය මාර්තු මාසයේ සිට අප්‍රේල් දක්වා
ලබාගත් ඉන්ධන සඳහා ඩොලර් කෝටි 70කට අධික මුදලක් ගෙවීමට ඇති නිසාත් ඉන්ධන සැපයුම් කරුවන් කිසිවකු ඉදිරිපත් නොවීම ඉන්ධන ලබා ගැනීමට බරපතළම හේතුවක් වී තිබිණි.
ඉන්ධන සපයා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳව්වද කිසිම සැපයුම්කරුවකු ඉදිරිපත් නොවීම නිසා වෙනස් ක්‍රමයකින් ඉන්ධන ලබා ගැනීම බලශක්ති අමාත්‍යාංශය සැලසුම වී තිබිණි.
මේ අතර අයි.ඕ.සී. සහ සිපෙට්කෝ ඩීසල් පෙට්‍රල් මිල ගණන් නැවත වරක් වැඩි කරන්නේ 26 වැනිදා අලුයම 2 සිටය. මාස 6ක් ඇතුළතදී ඉන්ධන මිල හය වතාවක් වැඩිවීම සුවිශේෂි කාරණාවකි.
26 වැනිදා බලශක්ති අමාත්‍යාංශයේදී පුවත්පත් සාකච්ඡාවක් කැඳවු අමාත්‍ය කාංචන විජේසේකර ඒ වන විට රට මුහුණ පා ඇති ඉන්ධන අර්බුදය ගැන නියම තතු රටට හෙළි කළේය.
මෙරට බැංකු ණයවර ලිපි විදේශීය සමාගම්
පිළිනොගැනීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් මේ ඉන්ධන අර්බුදයට මුල්වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇති තතු රටම දැන ගත යුතු නිසාය.
26 වැනිදා සිට පාසල් සති දෙකක් වසා දැමීම ඉන්ධන ගෙන්වීම මාස 6 කට හෝ වර්ෂයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල කටයුතු විදේශ සමාගම්වලට
පැවැරීමටද අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය. ඉන්ධන පිරවුම්හල් 1190 මෙලෙස ඉන්ධන නිෂ්පාදනය කරන සමාගම්වලට ලබා දීමෙන් පසු ඔවුන් සමාගම්වලින් ණයට ඉන්ධන ලබාගෙන බෙදා හැරිය යුතුය.
භූමිතෙල් සැපයුම මුළුමනින්ම ඇණ හිටින තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ ගැන මුළු රටේම මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. පැරණි ඉන්ධන සැපයුම් කරුවන් ඉන්ධන සැපයීමට ඉදිරිපත් නොවීම නිසා නව සැපයුම්කරුවන් වෙත යාමට සිදු වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉන්ධන ආනයනය අර්බුදයකට පත්ව ඇති බවද ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට රැඳී සිටීමෙන් පෝලිම්වල සිටීමෙන් පලක් නොවන නිසා එසේ සිටීමෙන් වළකින ලෙසද ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කාරුණිකවය. එලෙස රැඳී සිටින ජනතාව උද්ඝෝෂණවල නිරත නොවන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය. වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව දින නියම කරමින් සිදු කරන සුවිශේෂි ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා දීමට මේ සතියේ සිට සැලසුම් කළත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නොහැකි වු නිසා දිස්ත්‍රික් ලේකම්වරු ඔස්සේ සෑම ග්‍රාම නිලධාරි වසමකම පදිංචි වාහනයක් සන්තකයේ ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමට උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පෙරදින රැස්වූ ආරක්ෂක මණ්ඩලය කළ සාකච්ඡාවේදී තෙල් පෝලිම් ගැන සාකච්ඡා වී ඇති බවද එහිදී තෙල් පෝලිම්වල සිටින පුද්ගලයන්ට ත්‍රිවිධ හමුදාව මඟින් නිකුත් කරන ටෝගන් පතක් ලබා
![]() |
ටෝකන් බෙදද්දි මාතර උණුසුම් |
දීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ටෝකන් පත හිමි පුද්ගලයාගේ නම, ගම, ලිපිනය, දුරකත අංකය, අවශ්‍ය ඉන්ධන වර්ගය, ප්‍රමාණය පිළිබඳ තොරතුරු ත්‍රිවිධ හමුදාව මඟින් ලබා ගන්නා අතර ඔවුන්ට අදාළ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබුණු විගස ඒ පිළිබඳව දුරකතන මඟින් දැනුම් දෙනු ලැබීමෙන් පසු පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එම ක්‍රමවේදය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ 27 වැනි සඳුදා සිටය.
අමාත්‍ය විජේසේකර සඳහන් කළ ආකාරයට 27 වැනි සඳුදා සිට ත්‍රිවිධ හමුදා නිලධාරින් තෙල් පෝලිම්වල සිටින අයට ටෝකන් නිකුත් කිරීම ආරම්භ කරන්නේ එදින උදෑසන පමණ සිටය.
අදාළ ටෝකන් පත් ලබා ගැනීමට යාමේදීද ප්‍රදේශ රැසක උණුසුම් තත්ත්වයක් ඇති විය. ඇතැමුන් මේ ක්‍රමයට විරෝධය දැක්වුයේ ද උද්ඝෝෂණවල නිරත වෙමිනි.
මාතර මැද්දවත්ත ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන බලාපොරොත්තුව සිටි පොලිස් බන්ධනාගාර ඇතැම් පොලිස් නිලධාරීන් හයසිය දෙනෙකුට පමණ හමුදාව ඉන්ධන ටෝකන් පත් බෙදාදෙනු දක්නට ලැබිණි. මේ අතර ටෝකන් පත් ලබා දීමේදී මාතලේ, ඇලහැර, දඹුල්ල ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වල උණුසුම් තත්ත්වයක් ඇති විය. මාතලේ ඉන්ධන පෝලිමක සිටි පිරිසක් පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබුණේ 28 වැනිදා ය. ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාදීමේ ටෝකන් පත් ක්‍රමවේදයට දැඩි ලෙස විරෝධය දක්වන බවත් මෙම ටෝකන් ක්‍රමය අසාර්ථක ක්‍රමයක් බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නා ඔටුන්න සඳහන් කළේ මේ අතරය. මෙම ටෝකන් සැබැ ඉන්ධන අවශ්‍යතාව ඇති ජනතාවට නොලැබෙන බවක නාඔටුන්න පෝලිම්වල
![]() |
යාපනයේ ප්‍රවාහන කටයුතු සඳහා අශ්ව කරත්ත යොදාගෙන ඇති අයුරු |
කාලය ගත කර ඉන්ධන ලබා ගැනීම පුරුද්දක් කරගත් පිරිසකට පමණක් ලැබෙන අවස්ථාවක් බවද සඳහන් කළේය. පෝලිම්වල සිටින පුද්ගලයන්ට කිසිම සොයා බැලීමකින් තොරව ටෝකන් පතක් දුන් පසු ඔවුනට තවත් පිරවුම්හලකට ගොස් ටෝකන් පතක් ලබාගත හැකියි. ඉන්ධන පිරවුම්හල්වල අණසක පතුරා ගෙන සිටින මැර කණ්ඩායම් එම ටෝකන් ලබාගෙන ඇති බව කපිල නා ඔටුන්න පෙන්වා දුන්නේය.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය නසිර් අහමඩ් කටාර් රාජයේ නිල සංචාරයක නිරත වන්නේ මේ අතරය. මෙරට මුහුණ පා සිටින ඉන්ධන අර්බුදයට
පිළියම් සොයා ගැනීම සඳහා කටාර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම අමාත්‍යවරයාගේ අරමුණ විය. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ රුසියාවේ හිටපු මෙරට තානාපති සමන් විජේසිංහ රුසියාවේ සංචාරයේ නිරත වන්නේ මේ අතරය.
ඉන්ධන අර්බුධය මෙසේ ඔඩු දුවද්දි සිඳුවු සුවිශේෂි සිද්ධියක් වූයේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා බලශක්ති අමාත්‍යාංශ භූමියේ ඔහුගේ වාහනය ඇතුළේ පැයක පමණ කාලයක් වෘත්තිය සමිති නියෝජිත පිරිසකගේ ග්‍රහණයේ පසු වීමයි.
සිපෙට්කෝ සතු ඉන්ධන පිරවුම්හල් විදේශීය ඉන්ධන සමාගම්වලට මාස 6ක් අවුරුද්දක් අතර කාලයකට බදු දීමට අමාත්‍ය කාංචන විජේසේකර කළ යෝජනාවට විරෝධය දැක්වීමට සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඒ ගැන සාකච්ඡාවකට පැමිණි පිරිසක් සාකච්ඡාවෙන් අනතුරුව ලේකම්වරයා පිටවී යාමට පැමිණි මොහොතේ ඔහුගේ වාහනය ඇතුළේ පැයක පමණ කාලයක් හිරකරගෙන සිටි අතර එතැනට පැමිණි පොලිස් නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස් ආරක්ෂාව යටතේ අමාත්‍යාංශය ඇතුළට නැවත කැඳවාගෙන යාමෙන් පසු ලේකම්වරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර නැවත සාකච්ඡාවක් පැවැතියද ඉන් අනතුරුව පිටතට පැමිණි වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කළේ එම සාකච්ඡාවද අසාර්ථක වූ බවයි.
27 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජුලි මාසයේ 10 වැනිදා දක්වා සිපෙට්කෝවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිදහස් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව රජය නිවේදනය කරන්නේ මේ අතරය. සියලු පෞද්ගලික වාහනවලට මේ කාලය ඇතුළතදී ඉන්ධන නිකුත් නොකරන බවද එම නිවේදනයේ සඳහන් විය. පළාත් අතර මගී බස් ධාවනයටද සීමා පැනවෙන්නේ 27 වැනිදා රාත්‍රි සිටය. වරාය නාවික කටයුතු ආරක්ෂක, කෘෂිකර්ම, විදුලිබල, අපනයන සහ සෞඛ්‍ය සහ කර්මාන්ත යන පොදු ප්‍රවාහන යන ක්ෂේත්‍රවලට පමණක් මේ කාලය ඇතුළත ඉන්ධන නිදහස් කරන බව සඳහන් විය.
නගරාශ්‍රිත පාසල්ද ඉන්ධන හිඟය නිසා තව දුරටත් වසා දැමෙන්නේ මේ සමඟය. රෝහල්වල කටයුතුවලටද එල්ල වූයේ සුළු පටු බලපෑමක් නොවේ. සියඹලාණ්ඩුව රෝහලද වසා දැමෙන්නේ ඉන්ධන හිඟය නිසා ඇති වූ ප්‍රශ්න මතය. පෞද්ගලික බස් රථ ධාවනයටද නියමිත පරිදි ඉන්ධන නොලැබුණු බව බස් හිමියෝ සඳහන් කළේ මේ අතරය. ඉන්ධන හිඟය පෞද්ගලික බස් ධාවනයටද බරපතළ බලපෑමක් එල්ල කර තිබිණි.
ඉන්ධන එකතු කර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දිගින් දිගටම මෙහෙයුම් සිදු කරන අතර පසුගිය දිනවල කළ මෙහෙයුම්වලදී ඉන්ධන ලීටර් 66198 ක් සඟවාගෙන සිටි පුද්ගලයන් 675ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. යාපනයේ ජනතාව සිය ගමන් අවශ්‍යතාව සඳහා අශ්ව කරත්ත භාවිත කරනු ද දක්නට ලැබිණි.
![]() |
බිබිල මැදගම පාසලක දරුවක් ගොන් කරත්තයකින් පාසලට |