පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කෘතිය- දූවිලි
කර්තෘ- ශාන්ති දිසා­නා­යක
ප්‍රකා­ශක- ඇම්.ඩී.ගුණ­සේන සහ සමා­ගම
මිල- රුපි­යල් 650 ⁄ = පිටු ගණන- 222
විම­සීම්- 0719 943 989

නිර­න්තර ජීවන අර­ග­ල­යක යෙදෙන මිනි­සුන්ගේ හද­වතේ රිද්මය තම නිර්මා­ණ­වල වස්තු­බී­ජය කර­ගත් ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසා­නා­ය­කගේ නව­තම කෘති­යයි මේ. නව­කතා, කෙටි­කතා, යොවුන් නව­කතා ඇතුළු කෘති රාශි­යක් ලියා ප්‍රකා­ශ­යට පත්කර ඇති කතු­ව­රිය මේ නව­ක­තාව තුළින් ද පසක් කරන්නේ යාච­කයා ද මැර­යාද දේශ­පා­ල­ඥයා ද මේ සමාජ ක්‍රම­යේම දායා­ද­යන් මිස අනෙ­කක් නොවන බවයි. දරි­ද්‍ර­තා­වය, සමාජ අසා­ධ­ර­ණ­කම් සහ ජීවි­තයේ දුක්ඛිත බව අත­රින් පැන නඟින ප්‍රේමයේ සහ මිනි­ස­ත්කමේ අලෝක ධාරා­වක් ද මේ නව­ක­තාවේ ප්‍රධාන චරිත වන දුලානි, ටිරන්, සමිතා සහ සුරම්‍යා මඟින් පාඨ­ක­යාගේ හද­වතේ අතු­රා­ල­න්නට කතු­ව­රිය සමත් වී ඇත.
 

කෘතිය- කිමද නොස­තුට
කර්තෘ- මාකෙ­හෙ­ල්වල හේරත්
ප්‍රකා­ශක- ඇස්.ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල- රුපි­යල් 850 ⁄ = පිටු ගණන- 158
විම­සීම්- 0112 685 369

කතු­ව­ර­යාගේ සිවු­වැනි කෘතිය වන මේ කෘතිය නූතන සිංහල ප්‍රබන්ධ කතා­වෙහි නව්‍ය ප්‍රව­ණතා ප්‍රකට කෙරෙන සාහිත්‍ය නිර්මා­ණ­යකි. සිංහල සාහි­ත්‍ය­යෙහි ප්‍රච­ලිත කතා පුව­තක් වන ගුත්තිල ජාත­කය පසු­බිම් කර­ග­නි­මින් අද්‍ය­තන සමා­ජය පිළි­බඳ පුළුල් දේශ­පා­ල­නික විග්‍ර­හ­යක නියැ­ළී­මට කතු­ව­රයා විසින් උත්සාහ දරා ඇත. අධි­ක­ර­ණ­යක් තුළ සිදු­වන නඩු විභා­ග­යක් නව­ක­තා­වෙහි ආකෘ­තිය වශ­යෙන් භාවිත කර ඇති ආකා­රය සිත්ග­න්නා­සු­ලුය.

කෘතිය- ඇගිට්ටා සහ ඇබි­ත්තයා
කර්තෘ- ඩබ්ලිව්.එම්.බී.කරු­ණා­රත්න
කර්තෘ ප්‍රකා­ශ­න­යකි
මිල- රුපි­යල් 250⁄= පිටු ගණන- 100
විම­සීම්- 0714 477 889

ගැමි ජීවන අත්දැ­කීම් පාදක කර­ගත් ප්‍රබ­න්ධ­යක් වන මේ කෙටි­කතා සංග්‍ර­හය ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ල­යෙන් පුස්ත­කාල සඳහා නිර්දේ­ශිත කෘති­යකි. කතු­ව­ර­යාගේ දෙවැනි කෘතිය වන මෙහි දශක අට­කට පෙර උතුරු පළාතේ ඉතා පිටි­සර සුන්දර ගම්මා­න­යක සංස්කෘ­තික පසු­බිම කේන්ද්‍ර කර­ග­නි­මින් විකා­ශ­නය වන කතා එක­තු­වක් අන්ත­ර්ගත වේ. උතුරු පළා­තට ආවේ­ණික වූ ගැමි සංකල්ප, ආකල්ප, බස්ව­හර සහ උපමා රූපක භාවිත කර­මින් සරල ලේඛන ශෛලි­ය­කින් ලියැවී ඇති මේ කෘතිය පාඨ­ක­යාට අලුත් අත්දැ­කී­මක් ගෙන­ඒ­මට සමත්ය.

කෘතිය- උම්මග්ග ජාත­කය
සංස්ක­ර­ණය- කුමා­ර­තුංග මුනි­දාස
ප්‍රකා­ශක- ඇම්.ඩී. ගුණ්සේන සහ සමා­ගම
මිල- රුපි­යල් 500/= පිටු ගණන- 280
විම­සීම්- 0112 323 981
 

උම්මග්ග ජාත­කය නම් මේ කෘතිය, අගනා කතා වස්තු සංග්‍ර­හ­යක් ලෙස සැල­කෙන පන්සිය පනස් ජාතක කතා පොතේ එන උම්මග්ග ජාත­කය පරි­ච්ඡේද 49කට කැටි­ක­ර­මින් සකස් කර ඇත. පාඨ­කයා තුළ කතා රසය වැඩි­දි­යුණු කිරීම සඳහා එක් එක් පරි­ච්ඡේද සඳහා අදාළ වන සිතු­ව­ම­කින් ද සම­න්විත වේ. පරි­හ­ර­ණය කර­න්නන්ගේ පහ­සුව වෙනු­වෙන් ඉතාම අවශ්‍ය ස්ථාන සඳහා ටිප්පණි මාලා­වක් ද මීට ඇතු­ළත් කර ඇත.

කෘතිය- නවා­තැන් අඩ­විය
කර්තෘ- සුමිත් නානා­ය­ක්කාර
ප්‍රකා­ශක- දයා­වංශ ජය­කොඩි සහ සමා­ගම
මිල- රුපි­යල් 600 ⁄= පිටු ගණන- 184
විම­සීම්-0777 164 760

2009 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන දෙවැනි වටය සඳහා නිර්දේ­ශිත ‘මාගම් සෝලි’ නව­ක­තාව සහ චෞර උන්මා­දය, බල­පු­ළු­ව­න්කා­රයෝ, යකඩ යක්කු, යකඩ ඉටි­ප­න්දම් ආදි නව­කතා රැසක් රචනා කළ ලේඛක සුමිත් නානා­ය­ක්කා­රගේ අලුත්ම නව­ක­තාව මෙයයි. භෞතික ලෝකය අත­හැර යන ගම­නේදී කෙනකු සිදු­ක­රන පාපෝ­ච්චා­ර­ණ­යක් ඉදි­රි­පත් කර­මින් කතු­ව­රයා උත්සාහ දරා ඇත්තේ මෙලොව මෙන්ම එලොව ද මිනි­සුන් සහ ගැහැ­නුන් මුහුණ දෙන දුක, සැප ආදී අෂ්ට ලෝක ධර්ම­යන් සියුම්ව ස්පර්ශ කිරී­ම­ටය. ඔබ මොහො­ත­කට මිය­ගොස් ඇතැයි සිතා ඔබේ ආත්මය සමඟ උමඟ දිගේ ඒ අසි­රි­මත් ලෝක­යට පිවි­සෙන ලෙස කතු­ව­රයා පාඨ­ක­යාට ඇර­යුම් කර සිටී.

කෘතිය- සිතං­ගම
කර්තෘ- උත්‍රා කුමාරි රණ­සිංහ
ප්‍රකා­ශක- ඇස්. ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල- රුපි­යල් 350⁄= පිටු ගණන- 68
විම­සීම්-0716 622 840

කාව්‍ය කෘති කිහි­ප­යක කතු­ව­රි­යක වන උත්‍රා කුමාරි රණ­සිංහ ගේ පළමු කෙටි­කතා සංග්‍ර­හය මේ කෘති­යයි. ජීවිත ගමනේ විවිධ අභි­යෝ­ග­යන්ට මුහුණ දෙන මිනි­සුන් සහ ගැහැ­නුන්ගේ දුක්ඛ දෝම­න­ස්ස­යන්, ජය පරා­ජ­යන්,නැති­බැ­රි­කම් සහ අත­ප­සු­වීම් ද ඒවා හමුවේ අර­ගල කරන ඔවුන්ගේ අත්දැ­කීම් ද කෙටි­කතා ලෙස ඉදි­රි­පත් කිරී­මට ඇය මේ කෘතිය තුළින් උත්සාහ දරා ඇත. එවැනි කෙටි­කතා 09ක් මේ කෘති­යට ඇතු­ළත්ය.

Comments