කතරගම දෙවියන්ගේ අප්‍රමාණ පිහිට ලැබෙන බලගතු ස්තෝත්‍ර දැහැනක් | සිළුමිණ

කතරගම දෙවියන්ගේ අප්‍රමාණ පිහිට ලැබෙන බලගතු ස්තෝත්‍ර දැහැනක්

 

 අගස්ති ප්‍රනාන්දු

පෙර අත්භවයන් හිඳී කරන ලද පාපකර්ම හේතුවෙන් මේ ජීවිතයේදී ඔබට ඇතිවන දුක්කම්කටොලු සහ එම පාපයන් නිසා ඔබගේ ඒරාෂ්ටක කාලයන්හිදී එයින් ඇතිවන බලපෑම්ද අවම කරගෙන ජීවිතය ජයගන්නට ඔබට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගැනීමට හැකිවන තවත් අවස්ථාවක් මෙසේ සඳහන් කිරීමට අදහස් කළෙමි.

ප්‍රථමයෙන් දක්ෂ, විශ්වාසවන්ත දෛවඥයකු ලවා ඔබගේ කේන්ද්‍ර පිටපත පරික්ෂාකරවා ගෙන එහි සඳහන්ව ඇති ඔබගේ ජීවිතයට මේ වකවානුවේ බලපා ඇති තත්ත්වයන් පිළිබඳව විමසා දැනගන්න. ඉන්පසු දෙවියන් දැකීමට පේවී පිරිසුදු වී පැමිණෙන්න.

පළමුව ඔබ සුපුරුදු පරිදි බුදුන් වැඳ කිරිවෙහෙර වන්දනාමාන කොට මහ දෙවොලේ උත්සවය සඳහා පැමිණෙන්න. එසේ පැමිණෙන විට ඔබට පුළුවන් ප්‍රමාණයට මල් ( සුදුමල්, කහ මල්, රතු, නිල්) රැගෙන එන්න. එය පන් වට්ටියක වැනි දෙයක අසුරාගෙන පෙරහැරට සහභාගි වන්න. එම පෙරහැර අවසන් එනතෙක් ඔබට එහි ගමන් කිරීමට හැකි නම් එය ඉතා වටිනා දෙයක් බව සිහි තබාගන්න. ඔබට එම ගමන සම්පූර්ණ කිරීමට නොහැකි නම් එම පෙරහරේ මඳ ප්‍රමාණයක් හෝ ගමන් කර ඔබට නිදහසේ සිටීමට පුළුවන් ස්ථානයකදී නවතින්න. එහි සිට ඔබ පහත දක්වන දැහැන් නැවත පෙරහැර දේවාභරණ දෙවොලට වැඩම වන තෙක් ගායනා කරමින් දෙවොල කරා ළඟා වන්න. එසේ ඔබ එම ස්තෝත්‍ර දැහැන් ගායනා කරන විට ඔබගේ චින්තය සහ මනස එක්තැන් කරගෙන පිරිසුදු සිතින් සිදු කරන්න.

මේ ස්තෝත්‍ර දැහැන් ආදියේ සිටම කතරගම දෙවියන්ගේ කටයුතු කාරණාවලට යොදා ගනු ලබන අතර මෙය ඉතාමත්ම බලගතු ස්තෝත්‍ර දැහැනක් වන අතර බොහෝ අය හොඳින්ම දන්නා කතරගම වැඩ සිටි කන්දේ වාසය කළ රත්මලානේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් බොහෝම බලගතු කටයුතුවලදී යොදා ගත් බව මම හොඳින් දනිමි. මෙම දැහැන්වලින් ජීවම් කරන ලද තෙල් අඩංගු රන්සුරය පලඳාගත් බොහෝ අයට විස්මිත ප්‍රතිඵල ලබා ගත් බව ද ඉතාමත් හොඳින් දනිමි.

මෙම පුෂ්ප පුජා කිරීමෙන් ඉතා මහඟු කුසලයක් ඔබට එක්රැස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී තමන්ගේ සිත්හී දෙවියන් කෙරෙහි විශ්වාසයක් භක්තියක් ඉතාමත්ම ඉහළින් පවත්වා ගැනීමට මතක තබා ගන්න. බාහිර දේ ගැන නොසිතා තමන්ගේ ඇතිවන, ඇති වී තිබෙන සියලුම දුක් කම්කටොලු, අපල උපද්‍රවයන්ට සහනයක් ලැබේවා යන්න පමණක් මෙනෙහි කරන්න. ඔබ මේ සඳහා තනිවම සහභාගි වන්නේ නම් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ඔබට ලබාගත හැකිවනු ඇති බවට අත්දුටු විශ්වාසයකි.

මෙම ස්තෝත්‍ර දැහැන මේ දිනවල යාපනය සහ නුවරඑළිය සාමිමලේ සිට පැමිණෙන හින්දු බැතිමතුන් පවා රාත්‍රී කාලයට නවාතැන් ගත් පසු ඉතා බැතියෙන් භජන් ගායනාවලින් පසුව ගායනා කර දෙවියන්ට පින් දීම සිදු කරයි. ඒ ඔවුන්ට මෙම පාද යාත්‍රා වන්දනාව අවසන් වන තෙක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා ගැනීමේ අදහසිනි.

ඔබ මෙම ස්තෝත්‍ර ගායනා සිදු කරමින් නැවත දෙවොල වෙත පැමිණ දේවාභරණ පෙරහැර නැවත ගෙවදින විට මෙම ජීවම් කළ පුෂ්පයන් එම දේවාභරණ වෙතට ඉසින්න. එසේ කරනවිට නැවත තමන්ගේ ප්‍රාර්ථනාව සිත්හී තබාගෙන එම කාරණා සියල්ල ඉෂ්ට වී සියලු අපල ග්‍රහදොස් මෙන්ම අනවින කරදර නිමා වේවායි ප්‍රාර්ථනා කරන්න.

ප්‍රථමයෙන් ඔබ මෙම දැහැන් හත සඤ්ඡායනා කරන්න.

1.ඕං ශ්‍රි බුද්ධලෝක නාථ නාරායනෙ ස්වාමී සර්දිවාය නමඃ.

2.ඕං නමඃ ශිවාය හරහර කන්දස්වාමි දරන ගිනි දරන පේෂලාඩි නමඃ.

3.ඔං ප්‍රලයේරු කදිර නාරායනේ වල්ලි අම්මා ස්වාමි හරහරාය නමඃ

4.ඕං ආදේශ් හරහර බහුලෝක නාථ නාරායනේ නමෝ නමඃ.

5.ඕං සංක්‍රාඩි ක්‍රලාඩි බහුලාඩි ද්‍ෙහෝ උර්ලාඩි හේහේ පුර කදිර තම්බි රානේ නමඃ.

6.ඕං බ්‍රසලාහේ බ්‍රසලාහේ සංක්‍රාඩි දේස් ක්‍රලාඩි හරහර කන්දස්වාමි නමඃ.

7.ඕං බිස්මාකී ජාහේස් ආජෝලාති කුඩාදේස්පුර කදිරතම්බිරානේ නමොනමඃ.

මීළඟට සඳහන් කරන දැහැන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් නිතර භාවිත කර විස්මිත ප්‍රතිඵල ලබාගත් දැහැනක් වන අතර මෙය ද පුෂ්පයන් ඉසිමින් ගායනා කරන්න. එසේම මෙම දැහැන්වලින් ඔබ කිසිම ආකාරයක ජීවම් කටයුත්තක් සඳහා භාවිත නොකරන මෙන් ද ඉල්ලා සිටිමි. එයට හේතුව මෙම දැහැන් ජීවම් සඳහා විශේෂිත පූජාවිධි නියම කර ඇති බැවින් නොදන්නා අයකු එම ක්‍රියාවලින් වැළකී සිටින ලෙස ද ඉල්ලා සිටිමි.

 

ඕම් ගණපතයේ සරණම්.

ඕම් සුබ්‍රමන්‍යායේ සරණම්.

හරි ශ්‍රි ගණපතයේ සරණම්.

ඕම් ශක්ති ගණපතයේ සරණම්.

ඕම් වොටෝඩෝක්කුම්.

ඕම් හ්‍රීං ක්ලියුම් සෞව්වුම් සෘෂියේ නමඃ ශිවාය ගුරුවේ නමඃ.

සුදර්ශනාය සරනම්,

විෂ්ණු සරණම් ,

ශක්ති ගණපතයේ සරණම්,

නයන සුබ්‍රමනයාරේ සරණම්,

ඕම් සුබ්‍රමනියායේ සරණම්,

⁣වේරුම් මාස ප්‍රාණ ප්‍රතිෂ්ඨායේ සරණම්,

ශිවාය ප්‍රතිශ්ඨායේ සරණම්,

ඕම් නමෝ භගවතේ ආදිමූල පරම ශිවම්,

කන්නිමාර කයියේන්ඩි මාරනින්ද අවර්කන්නිග මාරුකුම්,

ගර්හ පචිත්ත අවර් කන්නිග මාරුම්,

පුසවිච්චාර තාත්සාල් පිඩි පිඩිත්ත තිරුමෝලප්පාල්

කොඩුත්තුම්,

ආරුමුඛ ආරුමුඛම් පෙරුමාලේ එට්ටුප්පේර් කුඩත්ත මහාවාල්,

ඔරුකයියේල් වේල්,

ඔරු කයියේල් වේලායුදම්,

ඔරු කයියේල් සූලම්,

ඔරු කයියේල් චාපම්,

ඔරු කයියේල් චක්‍රම්,

ඔරු කයියේල් ගදා,

ඔරු කයියේල් මඩක්කු,

ඔරු කයියේල් චිල්කට්ට,

ඔරු කයියේල් සුලායුදම්,

ඔරු කයියේල් පෙරුම්බෝ,

ඔරු කයියේල් නිරන්ද කාලිවාල්,

ඔරු කයියේල් වාලි,

නාලවෙට්ටි වෙට්ටි තුළත් තාලේ,

කුත්ති කුත්ති ආනායුම් රාජායුම්,

ආනුම් පෙන්නුම් නන්ජුම් කුන්ජුම්,

ඛ්‍යායුදම් මෝහර්තියුම් දේවතායුම්,

නාලඉරිත්ති නානුත්ති නාප්පත්ති රෙන්ඩු මන්ත්‍ර මුර්තියුම්,

එලුවත්ති රෙන්ඩු චාමුඩියම් පත්තේ,

කුර්ක කුච්චි කුට්ටි වාතම් මාරුම් යමරුම් යම භෛහිරවම් මාරුම්,පදනාරු කුර්කයුම්,

පදනෙට්ටු මොයි ලියුම් ස්වාමි පල්ලි වාලාල වෙට්ටි වේට්ටි සලත්තාලෙ,

කුත්ති කුත්ති අරු අරු කුඩි කුඩි වේලායුදනානේ,

ඉඩම්බන් කරුප්ප නානේ,

වීරභද්‍රසාමි නායගනානේ,

මෙයියන මුර්තියානේ,

ස්වමියින් ගරු විනානේ ස්වවාහා.

මෙම දැහැන් පිටපත් කර තබාගන්න. ඔබ කතරගම දෙවියන්ගේ කිසියම්ම හෝ පූජාවකදී ගායනා කර විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න.

Comments