
විහාරස්ථාන ලෞකික ඉදිකිරීම් සඳහා භාවිත කරන සියලු ක්‍රමවේදයන් අනුව නිර්මාණය කර තිබීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව වාස්තු විද්‍යාව ගැඹුරින් අධ්‍යයනය කරන්නකුට මැනවින් වටහා ගත හැකිය.
මේ සඳහා අප විසින් නූතන වාස්තු ශාස්ත්‍රයේ භාවිත කරනු ලබන ශක්තීන් පිළිබඳ කෙරෙන විග්‍රහය ද අධ්‍යයනයට ලක් කළ යුතුව තිබේ. ඒ අනුව අන්තරීක්ෂ ශක්තිය, භූ ශක්තිය හා චුම්භක ශක්තිය පිළිබඳ යම් අධ්‍යයනයක් තිබිය යුතුය. මෙහිදී අන්තරීක්ෂ ශක්තිය යනුවෙන් අදහස් වන්නේ අවකාශයෙන් අප වෙත ලැබෙන ශක්ති විශේෂයක් වන අතර එය පොළොවේ ගබඩා වී දරාගත හැකි ශක්ති ප්‍රමාණය ඉක්මවූ පසු පොළොවෙන් අවකාශයට මුක්ත වන ශක්ති ධාරාව අන්තරීක්ෂ ශක්තියේම තවත් ස්වරූපයක් වන භූ ශක්තිය ලෙස හඳුන්වා දිය හැකියි.
මේ ශක්තීන් ජෛව ශක්ති ක්ෂේත්‍රයට ඇතිකරන බලපෑම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේදී මේවායේ උපයෝගීතාව හා භාවිතය පිළිබඳව සැලසුම් කිරීමකට අපට අවකාශ සැළසෙයි. ඒ අනුව අපගේ ශක්ති ශරීරයේ ඉහළ කොටස්වල බලවත් වීමට අන්තරීක්ෂ ශක්තිය ප්‍රමුඛවත්, පහළ කොටස්වල බලවත් වීමට භූ ශක්තිය ප්‍රමුඛවත් බලපාන බව පැහැදිලි කර ගත හැකිය. භූ ශක්තිය බලවත් වන්නේ මැනැවින් අන්තරීක්ෂ ශක්තිය උරාගන්නා හා මුක්ත කරන්නා වූ භූමි ස්වභාවයක් ඇති ස්ථානවලදීය. එසේ වුවත් බරපතළ ශක්තිමත් ගල් පර්වත ආදියෙන් ආවරණය වූ භූමි තලයන්හිදී මෙකී භූ ශක්තිය මුක්ත වන්නේ ඉතා අඩුවෙනි. එවැනි අවස්ථාවකදී භූ ශක්තියෙන් යම් කොටසක් පමණක් මුක්ත විය හැකි අතර සමහර සුවිශේෂ දෘඪ පාෂාණ පද්ධතියකින් යුතු පොළොව මත යමකු සිටින විට ඔහුගේ ශක්ති ශරීරයේ පහළ කොටස් වෙත භූ ශක්තිය පහසුවෙන් නොපැමිණීම නිසා යම් දුර්වල වීමක් සිදුවිය හැකියි. එසේම ඉහළ කඳු ප්‍රාන්තවලදී අන්තරීක්ෂ ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන බව අපට වටහා ගත හැකියි.
එසේ වුවත් නිවෙසක් ලෞකික වාසයක් බැවින් කිසිලෙසකින් එවැනි වූ භූ ශක්තියෙන් දුර්වල ස්ථානයක් හා අන්තරීක්ෂ ශක්තිය පමණක් බලවත් වූ ආකාරයට ගොඩනැගීම් සිදු කළ යුතු නොවේ.
නිවෙසක පොළොවට ස්වභාවිකව ගල් පර්වතවලින් තනා ගන්නා ලද පුවරු බිම් උළු ලෙස භාවිතයට ගැනීම ඒ අනුව උචිත වන්නක් නොවෙයි. ග්‍රැනයිට් නමින් බොහෝ දෙනා හඳුන්වන මෙවැනි බිම් උළු අතුරන ලද නිවෙසක භූ ශක්තිය එතරම් හොඳින් නොලැබෙන බව වටහාගන්නා ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් කළ යුත්තේ නිවෙස් සඳහා එවැනි ද්‍රව්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතයට නොගැනීමයි. ඒ වෙනුවට ඔවුන් විසින් කළ යුත්තේ ශක්තිය විනිවිද යා හැකි ද්‍රව්‍යයන්ගෙන් පොළොව සකස් කිරීමයි. එවිට අපට ඉතාම හොඳින් භූ ශක්තිය ලබා ගත හැකි නිවෙසක් ඉදිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම ආධ්‍යාත්මික සුවය අපේක්ෂා කරන්නන් සඳහා ඊටම ගැළපෙන අන්තරීක්ෂ ශක්තියෙන් බලවත් භූ ශක්තිය අඩු ස්ථානයක් යොදා ගැනීමට අවකාශ සැලසීමෙන් ඉතා කෙටි කාලයකින් පරිසරයෙන් ආධ්‍යාත්මික සහාය ද ලබා ගනිමින් ගැඹුරු ලෝකෝත්තර තත්ත්වයකට පත්වීමට හැකියාව සැලසෙනු ඇත.
ප්‍රියන්ත දයාරත්න
සිවිල් ඉංජිනේරු
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක