
මේෂ - චිත්ත ශක්තිය වර්ධනය වේ
සඳු ගමන් කරනුයේ 8, 9, 10, 11 සහ 12 වැන්න මතිනි. ගෘහ ජීවිතයේ සාර්ථකත්වය ඇතිවෙන සතියක් වුවත් මුල් දින සුබපල අඩුය. දෙවැනි, තුන්වැනි දිනවලදී රැකියා, ආදායම් තත්ත්වය සතුටුදායක වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවනට සහනදායී ලෙස සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් නොපෙන්වයි. පවුලේ වියදම් වැඩිවේ. කලවාවල වේදනා, අජීර්ණ රෝග ඇතිවිය හැකිය. දිනපතා උදෑසන මෝර පිරිත කීම හෝ ශ්‍රවණය කරන්න.
අය 8, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා
වෘෂභ - පුණ්‍යවන්ත සතියකි
මුල් දින එතරම් සතුටුදායක නොවූවත් දෙවැනි, තුන්වැනි දිනවල ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. තම සිතැඟි ඉටු කර ගැනීමට විශ්ව ශක්තිය උපකාරී වෙයි. දුවා දරුවනට ඉගෙනීමේ කටයුතු සඳහා සුළු සහනදායී වාතාවරණයක් පෙන්වයි. රැකී රක්ෂා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවේ. එබලාපොරොත්තු නොවූ මුදල් ලාභයක් හෝ අන්‍ය උපකාරයක් ද හිමිවේ. මුත්‍රා ආසාදන, පාදවල වේදනා මතු කරයි. බෝධිපූජා ඇතුළත් පොතක් දරුවකුට පූජා කරන්න. අපල අවම වේ.
අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්පාට, සුබ දවස - සිකුරාදා
මිථුන - ආදායම් තත්ත්වය සුබදායකයි
සතුරු කරදර දුරු වී මානසික සුවතාව වර්ධනය වේ. පුණ්‍ය කටයුතුවල නියැළෙන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද බාධාවකින් තොරව කරගෙන යෑමට හැකිවේ. පවුලේ ආර්ථිකය හොඳින් පවත්වාගෙන යෑමට හැකි ආදායමක් ලබයි. ගෘහ ජීවිතය සාමයෙන් ගතවේ. ස්නායු ආබාධ, මළබද්ධය වැනි රෝග මතුවිය හැකියි. හැකි අයුරින් අසනීපයෙන් පෙළෙන අයකුට උපකාර කරන්න. සතියේ අපල මගහැරී යයි.
අය 8, වැය 6, සුබ අංකය 3, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා
කටක - ආදර සබඳතා වර්ධනය වේ
සඳු ගමන් කරනුයේ 5, 6, 7, 8 සහ 9 වැන්න මතින්ය. ඔබගේ ආදර සබඳතා වැඩි දියුණු වේ. මවුපියන් සමඟ මතභේද ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. සතියේ අග වන විට ගැටලු මගහැරී ආදායම් සරුවී දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු ද සඵල වන වාතාවරණයක් උදාවනු ඇත. තුනටියේ වේදනා, වකුගඩු ආශ්‍රිත ගැටලු පැන නැඟිය හැකියි. කහ, සුදු මල් රැගෙන සතිය ආරම්භයේ චෛත්‍යයක් අබියස පහන් සහ සුවඳ දුම් දල්වන්න. අපල අවම වේ.
අය 7, වැය 4, සුබ අංකය 7, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා
සිංහ - යහපත් වූ සතියකි
සඳු ගමන් කරනුයේ 5, 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය යහපත්ව පවත්වාගෙන යන අතර ගනුදෙනුවලින් ලාභ අත්වේ. විරුද්ධ පක්ෂයේ පිටස්තර අය සමඟ ළඟ ඇසුරෙන් වළකින්න. අනවශ්‍ය බැඳීම් නිසා ගැටලු මතුවිය හැකිය. ළඟම හිතවතකුගේ දුකක් අසනීපයක් ආරංචි විය හැකිය. අධ්‍යාපනය ලබන දරුවනට තවදුරටත් බාධක මැද ඉගෙනුම් කටයුතු කරන්නට සිදුවේ. සෙම් රෝග, අක්මා හා මුත්‍රා ආසාදනවලට ඉඩ ඇත. ළඟම සිටින වයසක දුර්වල කෙනකුට උදේ ආහාරයක් පිරිනමන්න.
අය 5, වැය 3, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා
කන්‍යා - පිය පාර්ශ්වයෙන් උපකාර
සතිය ආරම්භය ඉතා යහපත් වේ. පිය පාර්ශ්වයෙන් උදවු උපකාර හිමිවේ. ක්‍රීඩා කරන අයගේ දක්ෂතා වර්ධනය වන අතර ගෘහ ජීවිතය ද සාමකාමීව ගත කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් පවුලේ යැපීම් කටයුතු සඳහා ප්‍රමාණවත් මුදල් ලාභ පෙන්වයි. ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් දරුවන්ට තිබෙන බාධක ක්‍රමයෙන් ඉවත්ව යයි. පිත් රෝග මෙන්ම සතුන්ගෙන්, සර්පයන්ගෙන් හිරිහැර ඇතිවිය හැකි නිසා පරෙස්සම් වන්න. හැකි අයුරින් උදේ හෝ සවස ඛන්ධ පිරිත කියන්න.
අය 7, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා
තුලා - ප්‍රීතිමත් සතියක්
සමීප ඥාති හිතවතුන් නිවෙසට එන යන යහපත් සමාජ සබඳතා පවත්වාගෙන යන්නාවූ දින කිහිපයකි. දරුවන්ගේ සුබ කරුණු හමුවේ සතුටු වන අතර විනෝදකාමී ලෙස ගතකරයි. මිල මුදල් අඩු වැඩි වශයෙන් දෝලනය වෙමින් පවතී. පාසල් කාලය අඩු වුවත් දරුවන් උනන්දුවෙන් සිය පොත පත පරිහරණය කරයි.. ඇස්, දත්, උරහිස් ආදියේ මෙන්ම අජීර්ණ ද ඇතිවිය හැකියි. උදේ සවස ජය පිරිත සඡ්ඡායනා කරන්න. සහනය ගෙනදෙයි.
අය 11, වැය 8, සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සිකුරාදා
වෘශ්චික - කථා විලාසය අන්‍යයන්ගේ සිත් දිනයි
අන්‍යයන්ගෙන් උදවු උපකාර හිමි කර ගැනීමට ඔබගේ වචනයම උපකාරී වෙයි. ගමන් බිමන් යෙදේ. ගෘහ ජීවිතයේ සතුට රඳා පවතින අතර ලියකියවිලිවලින් සුබ ඵල හිමිවෙයි. ධනය මෙන්ම අනෙකුත් ආහාර පාන රිසි සේ ලැබෙනු ඇත. ඉගෙනුම් කටයුතු සඳහා දුවා දරුවන්ගේ ග්‍රහ ගෝචර රටා දැනුම වර්ධනය කරයි. කාලය නිකරුණේ වැයවේ. හිසරදය, සෙම් රෝග, උරහිස් ආබාධ මතුවීමට පුළුවන. සතියේ අපල අවම කර ගැනීමට රතුපැහැති මල් පූජා කර කතරගම දෙවිඳුන්ට පින් දෙන්න.
අය 7, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා
ධනු - විවාහ යෝජනා ස්ථිර වෙයි
මුල් දින එතරම් සතුටුදායක නොවුණත් අනෙක් දිනවල යහපත් ගෘහ ජීවිතය, මිල මුදල් ඉපයීමේ වාසනාව, මවුපියන් සමඟ ආදරණීය බැඳීම් දැඩි වේ. අවිවාහකයන්ට මංගල යෝග උදාවේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන් ප්‍රබල දස්කම් මතු කරගෙන ප්‍රසිද්ධියට පත්වේ. ඇස්, දත්, කන් ආදි මුහුණ අවට ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා මතුවීමට ඉඩ ඇත. හැකියාව ඇතොත් වස් කාලයේ බෝධි පූජාවලට සහභාගි වන්න.
අය 11, වැ 8, සුබ අංකය 5, සුබ වර්ණය - කහ, සුබ දවස - බදාදා
මකර - යහගුණ වර්ධනය වේ
සඳු ගමන් කරනුයේ 11, 12, 1, 2 සහ තෙවැන්න මතිනි. ආදායම් තත්ත්වය යහපත් වන අතර, මානුෂීය ගුණධර්ම වර්ධනය වේ. අන්‍යයන්ගේ පැසසුමට ලක්වේ. ගෘහ ජීවිතය සතුටින් ගත කරන අතර දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙයි. උගුර, ඇස්, කන් ආදී අවයවවල අපහසුතා පැන නැඟීමට ඉඩ ඇති බැවින් විමසිලිමත් වන්න. වස් වසන ස්වාමීන් වහන්සේලාට ගිලන්පස පූජා කරන්න.
අය 10, වැය 8, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා
කුම්භ - ලෞකික සැප සම්පත් වර්ධනය වේ
සඳු ගමන් කරන්නේ 10, 11, 12, 1 සහ දෙවැන්න මතිනි. ගෘහ ජීවිතය සාමයෙන් ගෙවිය හැකි අතර දරුඵල ප්‍රමාද අයට ඒ සඳහා සුබදායී වාතාවරණයක් උදාවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැඩි වෙහෙසක් දරන්නට සිදුවේ. එහෙත් ප්‍රතිඵල සතුටුදායක වන ලෙස ඔවුන් පොතපත දැනුම වර්ධනය කර ගනී. ආදායම් තත්ත්වය වෙනදාට වැඩියෙන් දක්නට ලැබෙයි. රැකියා කරන ස්ථානයේ සැලකිලි හිමිවේ. සතුරු කරදර බාධා පැමිණිය හැකිය. උදේ සවස මෝර පිරිත, චන්ද පිරිත කීමෙන් අපල අවම වේ.
අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය - තදනිල්, සුබ දවස - සිකුරාදා
මීන - රැකියා, තනතුරු ලාභ
ඉල්ලුම් කර තිබුණ ණය මුදලක් ලැබීමට හැකි අතර අතමිට මිල මුදල් ගැවසේ. රැකියා අංශවල දියුණුව ද පෙන්වයි. කුටුම්භය තුළ සමගිය ඇතත් ආවේගශීලී වචන භාවිතය නිසා අන්‍යයන්ගේ සිත් රිදීම් ඇතිවේ. ඒ ගැන කල්පනාකාරී වන්න. පෞද්ගලික වැඩකටයුතු වුවමනාවෙන් කරගැනීමේ ශක්තිය මතුවේ. පුණ්‍ය කටයුතු සඳහා ද උනන්දුවේ. හිසරදය, කලවා, පා ඇඟිලිවල වේදනා මතු කරයි. වෙල් මාළුන්ට පොරි වැනි ආහාරයක් දෙන්න.
අය 5, වැය 3, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා