රටේ අභ්‍ය­න්තර ගැට­ලු­ව­ලට මැදි­හත් වීමට මානව හිමි­කම් කවු­න්සි­ල­යට අයි­ති­යක් නැහැ | Page 3 | සිළුමිණ

රටේ අභ්‍ය­න්තර ගැට­ලු­ව­ලට මැදි­හත් වීමට මානව හිමි­කම් කවු­න්සි­ල­යට අයි­ති­යක් නැහැ

 

මෙවර ජිනී­වාහි පව­ත්වන්නේ මානව හිමි­කම් කවු­සි­ලයේ 51වැනි සැසි­වා­ර­යයි. ශ්‍රී ලංකාව පිළි­බඳ නිකුත් කළ නිර්දේශ ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර ඇත. ඒ නිර්දේශ ක්‍රියා­ත්මක කිරී­මට මානව හිමි­කම් කවු­න්සි­ලය උප­කාර කරන බව ද එහි සඳ­හන් වෙයි. විශේ­ෂ­යෙන් සමාජ, ආර්ථික අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරී­මට අවශ්‍ය සියලු පිය­ව­ර ­ගත යුතු බවද එහි සඳ­හන්ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කාර්යා­ල­යක් මෙරට පිහි­ටු­වීම ඔවුන්ගේ දැඩි ප්‍රය­ත්න­යකි.

පව­තින ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය කළ යුතු බව ද එම ව්‍යවස්ථා සංශෝ­ධන තුළින් උතුරු නැඟෙ­න­හිර බලය බෙදා හැරී­මක් කළ යුතු බව ද අව­ධා­ර­ණය කරයි. ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නයේ ස්වාධී­න­ත්වය තහ­වුරු කිරීම පුළුල් සාක­ච්ඡා­ව­කින් හා එක­ඟ­තා­ව­කින් කළ යුතු බව සඳ­හන් කරයි. එහිදී අදාළ පාර්ශ්ව­යන් සහ කණ්ඩා­යම් සමඟ පුළුල් සාක­ච්ඡා­ව­කින් එක­ඟ­තා­ව­කට පැමි­ණිය යුතු බව ද සඳ­හන් කරයි. එසේම සංක්‍රාන්ති යුක්තිය සහ වග­වීම පිළි­බඳ ද සඳ­හන් වෙයි. යුද සමයේ මානව හිමි­කම් කඩ කළ හමුදා නිල­ධා­රීන්ට දඬු­වම් කළ යුතු බව ද සංක්‍රා­­න්තික යුක්තිය ඉටු කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ අධි­ක­ර­ණ­යක් ඇති කර­මින් නඩු පැව­රී­මත් සහ නඩු ඇසී­මත් සිදු කළ යුතු බවත් හමු­දාව වෙනු­වෙන් මුදල් වෙන් කිරීම ඉවත් කළ යුතු බවත් පව­සයි. එසේම යුද සමයේ අසා­ධා­ර­ණ­යට ලක්වූ­වන් උදෙසා වන්දි ගෙවීමේ කාර්යා­ලය නැවත බලා­ත්මක කළ යුතු බව ද එහි සඳ­හන් කර ඇත. අසා­ධා­ර­ණ­යන්ට ලක් වූ පිරිස් පිළි­බඳ තොර­තුරු සම්පා­ද­නය කළ යුතු සේම එම තොර­තුරු රැස් කිරී­මේදී පොලි­සිය විසින් පරි­ක්ෂණ නොකළ යුතු බව ද සඳ­හන් කරයි.

එසේම කාදි­න­ල්තු­මාට සහ ඔවුන්ගේ නියෝ­ජි­ත­යන්ට සහ ජාත්‍ය­න්තර නියෝ­ජි­ත­යන්ට එම බලය ලබා දිය යුතුය. යුක්තිය සහ සත්‍ය ගවේ­ෂණ කොමි­ස­මක් පිහි­ටු­වීම පිළි­බඳ ද අව­ධා­ර­ණය කරයි. සංක්‍රා­න්තික යුක්තිය ඉටු කළ යුතු බව ද සඳ­හන් කරයි. තවද උතුරේ සහ නැඟෙ­න­හිර හමුදා කඳ­වුරු ඉවත් කළ යුතු බව ද උතුරු නැඟෙ­න­හිර ඇති පුරා­වස්තු හිමි­කා­රී­ත්වයට සර්ව ආග­මික කණ්ඩා­ය­ම්ව­ලට පත් කළ යුතුය. තවද ත්‍රස්ත­වාදී මර්දන පනත අහෝසි කළ යුතුය. මේ කරුණු එකි­නෙක පෙළ­ගස්වා මේ පිළි­බඳ විචා­රා­ත්මක විම­ර්ශ­න­යක් කළ යුතුය. මේ සියලු කරුණු විම­ර්ශ­නය කිරී­මේදී පැහැ­දිලි වන කරු­ණක් නම් අන්ත­වා­දීගේ අර­මුණු ඉටු කිරී­මයි. මානව හිමි­කම් කාර්යා­ල­යක් එම ප්‍රදේ­ශ­වල පිහි­ටු­වීමේ යෝජ­නාව පිළි­බ­ඳව සලකා බැලී­මේදී එහි ඉතා පැහැ­දිලි අර­මුණ වන්නේ, හමු­දාව සහ පොලි­සි­යට රාජ්‍ය ආය­ත­න­යන්ට බල­පෑම් කිරී­මට අව­කාශ ලබා­ගැ­නීම සහ වැරදි තොර­තුරු රැස්කර ගැනී­මට ඉඩ ප්‍රස්ථා ලබා ගැනී­මයි.

මෙවර පැවැ­ත්වෙන සැසි­යේදී ද ශ්‍රී ලංකාව සම්බ­න්ධ­යෙන් චෝදනා රැසක් ගොනු කර ඇති බව පෙනෙයි. එම චෝදනා පිළි­බඳ අව­ධා­නය යොමු කිරී­මේදී පැහැ­දිලි වන ප්‍රධාන කරුණු කිහි­ප­යක් වෙයි. එනම්, එම වාර්තාවේ ඉදි­රි­පත් කරන චෝදනා ලෙස අව­ධා­නය යොමු කිරී­මේදී සම්පූ­ර්ණ­යෙන්ම මානව හිමි­කම් කොම­සා­රි­ස්ව­රිය එක්සත් ජාතින්ගේ සංවි­ධා­නයේ ප්‍රඥ­ප්තිය කඩ කර­මින් මෙරට අභ්‍ය­න්තර කට­යු­තු­ව­ලට ඇඟිලි ගැසී­මක් සිදු කරනු ලබන බව ඉතා පැහැ­දිලි කරු­ණකි. එලෙස කිරී­මට බල­යක් ඔවුන්ට කිසි­සේත් නැත. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ප්‍රඥ­ප්තිය අනුව සෑම රට­ක­ටම සමාන අයි­ති­වා­සි­කම් හිමි­වෙයි. ඒ අනුව සමා­නා­ත්ම­තාව තිබිය යුතුයි. වෙනත් රටක අභ්‍ය­න්ත­රික දේශ­පා­ලන හෝ වෙනත් අර්බු­ද­ය­න්ව­ලට ඇඟිලි ගැසී­මට ඔවුන්ට අයි­ති­යක් නැත.

මානව හිමි­කම් කවු­න්සි­ලයේ 2012 වසරේ සිට ඉදි­රි­පත් කළ වාර්තා­වල දිග­ටම මේ රටේ අභ්‍ය­න්ත­රික දේශ­පා­ල­නික සහ ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළට කරන ලද බල­පෑම් දක්නට ලැබෙයි. එසේම යුද සමයේ සේවය කළ ඇතැම් හමුදා නිල­ධා­රීන්ට දඬු­වම් ලබා දීමට ඉල්ලීම් කරයි. එසේම හමු­දාව වෙනු­වෙන් විය­දම් කරන මුදල් අවම කිරීම පිළි­බඳ ද කරුණු ඉදි­රි­පත් කරයි.

තවද මෙරට ත්‍රස්ත­වාදී මර්දන පනත අහෝසි කිරීම පිළි­බඳ යෝජනා ඉදි­රි­පත් කරයි. ලංකාවේ පව­තින නීති­යට වඩා බල­ස­ම්පන්න සහ දළ­දඬු නීති රැසක් සිංග­ප්පු­රුව, මැලේ­සි­යාව, තායි­ල­න්තය, කොරි­යාව සහ පිලි­පී­නය වැනි රට­වල පවතී. එම රට­වල නීතිය මෙරටේ ත්‍රස්ත­වාදී මර්දන නීති­යට වඩා බල­ග­තුයි. එහෙත් ඒ පිළි­බඳ සංවා­ද­යක් ඇති නොක­රන්නේ එම රට­වල් බල­ස­ම්පන්න රට­වල් නිසයි. අන්ත­වාදී කණ්ඩා­ය­ම්වල අව­ශ්‍ය­තාව වෙනු­වෙන් මොවුන් ක්‍රියා­ත්මක වන අතර, දෙමළ ඩය­ස්පෝ­රාවේ දේශ­පා­ලන බල­පෑ­මක් මෙහිදී ඇති බව ඉතා පැහැ­දිලි වෙයි. අන්ත­වාදී කණ්ඩා­යම් එකඟ කර ගැනී­මට හැකි ක්‍රමය ඔවුන්ගේ අර­මුණු ඉටු කිරීම එක් අර­මු­ණකි.

වර්ත­මා­නයේ පව­තින තත්ත්වය පිළි­බඳ ද යම් කරුණු කිහි­ප­යක් මෙවර ඇතු­ළත් කර ඇත. එනම්, පව­තින අර්බු­දය නිසා අව­දා­නම් සහ­ගත පුද්ග­ල­යන්ට සමාජ ආර­ක්ෂාව සැල­සිය යුතු බව ප්‍රකාශ කරයි. එහිදී ආර්ථික අර්බු­ද­යෙන් පීඩා­වට ලක්වූ පිරි­ස්ව­ලට මුදල් ආධාර ලබා­දී­මට යෝජනා කිරීම සහ ජන­තා­වගේ අවශ්‍ය සැපි­රීම පිළි­බඳ මෙරට රජ­යට යෝජනා කිරීම, දුෂ­ණය පිටු­දැ­කීම, සොර­කම් කරන ලද දේපළ සොයා ගැනීම වැනි යෝජනා ඇතු­ළත් කර ඇත. බඩු මිල ඉහළ යෑම පිළි­බඳ ද අව­ධා­නය යොමු කර තිබේ. අපේ රට විදේ­ශීය රට­වල සහ­භා­ගී­ත්වය ඇතිව ආර්ථි­කය මංකො­ල්ල­යට ලක්වී ඇත. බට­හිර රට­වල විවෘත ආර්ථී­කය ක්‍රමා­නු­කූ­ලව ගොඩ­නැ­ඟු­ණත් මේ රටට එය ඕප­පා­ති­කව හිමි වූවකි. මොවුන්ගේ අව­ශ්‍ය­තාව වන්නේ මෙර­ට­ව­ලින් ඔවුන්ට අවශ්‍ය නිෂ්පා­දන ගෙන්වා ගැනී­ම සහ ඔවුන්ගේ. ඒ අයගේ නිෂ්පා­දන මෙර­ටට ආන­ය­නය කරවීමයි. ශ්‍රී ලංකාව වැනි රට­වල් ආර්ථි­ක­මය වශ­යෙන් අඩු තැනක සිටීම ඔවුන්ට වාසි­දා­ය­කය.

එසේම පසු­ගිය දින­වල රටේ ඇතිවූ තත්ත්වය මැඬ­පැ­වැ­ත්වී­මට හමුදා නිල­ධා­රින් යෙද­වීම, හදිසි නීතිය පැන­වීම වැරදි සහ­ගත බව සඳ­හන් වේ. රටේ රාජ්‍ය දේප­ළ­ව­ලට, ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට, අග­මැති කාර්යා­ල­යට කඩා වදින විට එය බල­හ­ත්කා­ර­යෙන් අව­හිර කිරීම, පාර්ලි­මේ­න්තුව අව­හිර කිරීම, ජන­තා­වට මාර්ග අව­හිර වන විට ඒවා වැළැ­ක්වී­මට රාජ්‍ය ආර­ක්ෂාව සඳහා හමු­දා­වක් මැදි­හත් වීම අනී­තික දෙයක් නොවෙයි. රට ආරක්ෂා කිරී­මට ආණ්ඩු­ව­කට වග­කී­මක් ඇත.

මේ සියලු කරුණු පිළි­බ­ඳව විචා­රා­ත්ම­කව විම­ර්ශ­නය කිරී­මේදී පැහැ­දිලි වන කරු­ණක් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­සි­ලය තම විෂය පථ­යෙන් පිට­තට ගොස් රට අභ්‍ය­න්ත­රයේ ඇති ගැටලු පිළි­බඳ සාකච්ඡා කරන බවයි. රට බට­හිර යුද ආධි­ප­ත්‍ය­කට ගෙන ඒම සහ වර්ග­වාදී ඉල්ලීම් ශක්ති­මත් කිරීම සඳහා යුද සමයේ කට­යුතු කළ නිල­ධා­රීන්ට දඬු­වම් කිරීම මොවුන්ගේ ප්‍රමුඛ අර­මු­ණයි. මෙවැනි තත්ත්ව­යන් නැවත ඇති­වීම වැළැ­ක්වී­මට සහ වග­වීම අන්ත­වාදී ඉල්ලීම් ඉෂ්ට කිරීම සහ ව්‍යවස්ථා සංශෝ­ධ­නය පිළි­බඳ සඳ­හන් කර­නුයේ ඒ අර­මුණු අනු­වයි. එනම්, උතුරු නැඟෙ­න­හිර නිජ­බිම සංක­ල්පය ප්‍රධාන ඉල­ක්ක­යයි. මේ සඳහා දේශ­පා­ලන විස­ඳුම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය කිරීම බව සඳ­හන් කරනු ලබන්නේ ඒ අනු­වය. මෙහි දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක වන බව ඉතා පැහැ­දි­ලිය. විශේ­ෂ­යෙන් රටක අභ්‍ය­න්තර ප්‍රශ්න­ව­ලට අව­තීර්ණ වීමට මානව හිමි­කම් කවු­න්සි­ල­යට අයි­ති­යක් නැත. එසේම ඔවුන්ගේ දේශ­පා­ලන ඉලක්ක දිනා ගැනී­මට මානව හිමි­කම් කවු­න්සි­ලය පාවිච්චි කිරීම කළ නොහැ­කිය. එසේම අපේ රටේ යුද අප­රාධ සිදුවී ඇත්නම් ඒ අයගේ නිද­හ­සට කරුණු ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව ලබා දිය යුතුය.

වසර 20ක් යන­තුරු චෝදනා ඉදි­රි­පත් කළ පාර්ශ්ව­යන් හෙළි­ද­රව් කිරී­මට හැකි­යා­වක් නැති බව ඔවුන් සඳ­හන් කිරීම තුළින්ම මේ චෝද­නා­වල පද­නම් විර­හිත භාවය මනාව පැහැ­දිලි වෙයි. ඕනෑම අප­රාධ නඩු­වක වැර­දි­ක­රු­වන් සහ නිවැ­ර­දි­ක­රු­වන් පිළි­බඳ සාක්ෂි ලබාදී ඔප්පු කිරී­මට නම් ඒ චෝදනා ඉදි­රි­පත් කළ පාර්ශ්ව­යන් දැන­ගැ­නීමේ අයි­ති­යක් ඇත. තමන්ට විරු­ද්ධව සාක්ෂි දෙන්නේ කුමන පාර්ශ්ව­යක්ද දැන­ගැ­නී­මට අයි­තිය ඇත. ඒ කිසිදු අව­ස්ථා­වක් ලබා නොදී අප­රාධ නීතීයේ මූල­ධ­ර්ම­ව­ලට සම්පූ­ර්ණ­යෙන් පට­හැනි එනම්, ස්වභා­වික යුක්ති මූල­ධ­ර්ම­ව­ලට සම්පූ­ර්ණ­යෙන් පට­හැනිව ක්‍රියා­වක නිරත වෙයි. ඒ සම්බ­න්ධ­යෙන් කරුණු ඉදි­රි­පත් කිරී­මට රටක් ලෙස අපට හැකි­යාව ඇත. මේ චෝද­නාව අතර ත්‍රස්ත­වාදි මර්දන පනත යටතේ අත්අ­ඩං­ගු­වට ගත් 47දෙනකු වන අතර, 22ක් දඬු­වම් ලබන පිරිස් වන බව මොවුන් සඳ­හන් කරයි. ඒ අය නිද­හස් කළ යුතු බව පව­සයි. අත්අ­ඩං­ගු­වට ගෙන වර­ද­කරු බවට ඔප්පු වූ පිරිස් දඬු­වම් ලබයි. එසේ නොමැ­තිව වර­දක් නොකර දඬු­වම් නොලැ­බිය යුතුය. එය රටේ නීති­යයි. එසේ තිබි­යදී මේ නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් ඉල්ලීම නීති­යට පට­හැ­නියි.

එසේ අසා­ධා­ර­ණ­යක් සිදුවී ඇත්නම් සාධා­ර­ණය සහ නීතිය ඉටු­කර ගැනී­මට මහා­ධි­ක­ර­ණය, ඇපැල් උසා­විය සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය දක්වා උසාවි වෙයි.

2015දී යහ­පා­ලන රජය යටතේ සම අනු­ග්‍ර­හ­ක­ත්වය දැක්වූ­වා­යින් පසුව ඇතැම් යෝජනා ක්‍රියා­ත්මක කිරී­මට රජය පිය­වර ගනු ලැබිණි. අතු­රු­දන් වූවන්ගේ කාර්යාල පිහි­ටු­වීම, අතු­රු­දන් වුවන්ගේ පන­තක් පැන­වීම සිදු කරනු ලැබිණි. බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ප්‍රඥ­ප්තිය අත්සන් තැබී­මත් වන්දි ගෙවීම් කාර්යා­ල­යක් සහ සංහි­ඳියා කාර්යා­ල­යක් පිහි­ටු­වී­මත් සිදු විය. එම අව­ස්ථා­වේදී කාරණා දෙකක් ඉටු කිරී­මට නොහැකි විය. එනම්, යුක්තිය සහ සත්‍ය ගවේ­ෂණ කොමි­ස­මක් පත් කිරීම සහ දේශ­පා­ලන විස­ඳු­මක් ලබා­දී­මයි. එම කරුණු දෙක ඉටු­කර ගැනී­මට මේ මානව හිමි­කම් කොමි­සම මේ වන­විට උත්සා­හ­යක යෙදෙයි.

මොවුන් හුවා දක්වන කරුණු අතර, රට හමු­දා­ක­ර­ණ­ය­කට ලක්ව ඇති බවත් යම් යම් සිදු­වීම් සම්බ­න්ධ­යෙන් හමු­දාවේ සහාය ලබා­ගැ­නීම, හමු­දාව යෙද­වීම වැරදි සහ­ගත බවත් සඳ­හන් කරයි. රටේ ජාතික ආර­ක්ෂාව තහ­වුරු කිරීම ත්‍රිවිධ හමු­දාවේ සහ පොලී­සියේ වග­කී­මකි. පසු­ගිය දින­වල පැවැති වාතා­ව­ර­ණය හමුවේ ආණ්ඩුව පෙර­ළී­මට යම් ප්‍රච­ණ්ඩ­ත්ව­යක් උප­යෝගි කර ගනි­මින් සිටි බවක් පෙනෙයි. රටේ ජාතික ආර­ක්ෂාව වෙනු­වෙන් හමු­දාවේ සහාය ලබා ගැනීම නීති­යට පට­හැනි ක්‍රියා­වක් නොවෙයි. තවද උතුරේ අසී­මා­න්තික ලෙස හමු­දාව යොදවා ඇති අතර, ජන­තාව භීති­යෙන් සිටින බවත් ඔවුන්ගේ තවත් චෝද­නා­වකි. එය පිළි­ගත හැකි දෙයක් නොවෙයි. යුද සමයේ භාරවූ එල්.ටී.ටී. ඊ කාන්තා­වන් දූෂ­ණය කිරී­මත් යුද ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව එල්.ටී.ටී.ඊ කාන්තා­වන් බිය වැද්දීම, මුදල් මංකො­ල්ල­කෑම් සිදුවූ බව පව­සයි. මේ චෝදනා තහ­වුරු කළ හැකි ඒවා නොවෙයි. උතුරු නැඟෙ­න­හිර නියෝ­ජ­නය කරන ලද මන්ත්‍රී­ව­රුන් පාර්ලි­මේ­න්තුවේ වන අතර මානව හිමි­කම් පිළි­බඳ කොමි­ෂන් සභා­වක් ද විය. 2015 වසර සිට 2019 දක්වා ආණ්ඩුව තුළ විශාල බල­වේ­ග­යක් ලෙස එම පළා­ත්වල නියෝ­ජි­ත­යන් පාර්ලි­මේ­න්තුවේ බලය හිමි­ක­ර­ගෙන සිටින ලදී. මෙවැනි අප­රා­ධ­යක් සිදුවී ඇති නම් ඒ සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තුවේ හඬ­ නැ­ඟී­මට තිබිණි. එය අස­ත්‍ය­යක් බව අද තහ­වුරු වීමට මෙය ප්‍රධාන සාධ­ක­යකි. අපේ රටේ මානව හිමි­කම් පිළි­බඳ ආය­තන ගණ­නා­වක් ඇත. මානව හිමි­කම් ගැන කතා කරන පිරිස් විශාල ලෙස වෙයි. මානව හිමි­කම් කොමි­සමේ කාර්යාල විශාල සංඛ්‍යා­වක් වෙයි. මෙවැනි අර්බු­ද­යක් තිබුණා නම් ඒ අයට පැමි­ණිලි කිරී­මට වඩා අව­කා­ශ­යක් තිබිණි. මෙවැනි දේ සිදුවී ඇති නම් ඒ සම්බ­න්ධ­යෙන් කරුණු ඉදි­රි­පත් කිරී­මක් කළ හැකියි. එසේ කරුණු ඉදි­රි­පත් වී නැත. මේ රටේ සිටින ආණ්ඩු විරෝධි බල­වේග විසින් රටේ ඇති තත්ත්වය පිළි­බඳ විකෘති අද­හස් ලබා­දී­මක් සිදු­කර ඇති බව පැහැ­දිලි කරු­ණකි. ආණ්ඩුව මෙවැනි චෝදනා ප්‍රති­ක්ෂේප කළ යුතු අතර, පිළි­තුරු දීම සහ ඔවුන්ට අවශ්‍ය දේවල් කිරී­මත් නොකළ යුතුය. අප කළ යුත්තේ මේ පද­නම් විර­හිත චෝදනා අසත්‍ය බව හුවා දැක්වී­මයි. මේ චෝදනා රට­ව­ල්ව­ලට බල­පෑම් කිරී­මට පාවිච්චි කරන ආයුධ මිස මානව හිමි­කම් රැකී­මට කරන ලද්දක් නොවේ. මෙවැනි චෝදනා දේශ­පා­ලන ආයුධ වශ­යෙන් සහ රට­ව­ල්ව­ලට බල­පෑම් කිරී­මට පාවිච්චි කරයි. මේ සියලු චෝදනා ප්‍රති­ක්ෂේප කර සත්‍යය සහ­තික කර ඔප්පු කිරීමේ වාර­යක් හිමි­කර ගැනීම රටක් ලෙස අප විසින් කළ යුතු ජාතික වග­කී­මකි.

 

Comments